Showing posts with label environment. Show all posts
Showing posts with label environment. Show all posts
Wednesday, 28 September 2011
පිස්සෙක්...!
පිස්සාව මා දන්නෙ සැලකිය යුතු කලක පටන්ය. වසර ගණනාවක්ම ඔහු එදිනෙදා මට හමුවී ඇත. ඒ බොහෝවිට අපි කතා කර ඇත. ලෝකයේ ඇති විවිධ දේ ගැන ඔහුගේම දෘෂ්ඨියකින් දකින ඔහුට ඇත්තෙන්ම ඇති පිස්සුවක් නැත. නමුත් ඔහුගේ දෘෂ්ඨිය පිහිටා ඇත්තේ මාත් ඔබත් අන් අයත් ඇතුලත් සාමාන්‍ය සිතීමේ අවකාශයට පරිබාහිරින්ය. අපට ඔහු දකින ලෙසින් දකින්නට හැකියාවක් නැත. නමුත් ඔහුට අප දකින දේත් ඉක්මවා දේවල් පෙනේ. එමෙන්ම ඒ ගැන විමසිලිමත් අයවලුන් හා තම අදහස් කියවයි.
සත්තකින්ම ඔහුට පිස්සෙක් යැයි කීමට මගේ දිව නැමෙන්නේ නැත.
එහෙත් අන් සියල්ලෝම ඔහුට පිස්සා යැයි අමතන නියාවෙන් මම ද ඔහු පිස්සෙක් කොට සැලකීමට පුරුදුව හිඳිමි.
මන්ද ඔහු හා එක්ව තවත් පිස්සෙක් වීමට මට උවමනා නැති බැවිණි. නැතහොත් මා කුහකයෙකු බැවිණි.
පිස්සා රැකියාවක් කරයි. ඒ පින්තූර වෙනස් කර දීමයි. ඔහු ජීවත් වන නගරයේ මුඩුක්කු පරිසරයේ වෙසෙන නීතියෙන් අවිවාහක, නොඑසේ නම් විවාහ ඡායාරූපයක් නොමැති යුවල සොයා මංගල ඡායාරූපය ඩිජිටල් ක්‍රමයට ඔවුනට සකස් කර දී පිස්සා මුදලක් ගනී. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වන්නේ පෙර කී යුවලගේ ඡායාරූප දෙකක් පමණි. ඒවාත් රැගෙන මා හමුවට එන ඔහු මා ලවා එම යුවලට පරිගණකයෙන් සාරි සහ කෝට් අන්දවා කොණ්ඩය කළු කොට, සෙවණැලි මකා, ඇහි බැම හදා, තොල් සායම් උලා තම පින්තූරය සකස් කරවාගනියි. පසුව එය මුදල්කර ගනී. ඒ ආකාරයෙන් පින්තූර සකසා දීමට අගනුවර ඇති විවිධ පරිසරයන්හි සැරිසරමින් නෛතිකව අවිවාහක හෝ මංගල ඡායාරූප නොමැති යුවල සොයයි. තම මවත් සමග නගරයේ මධ්‍යයේ කුඩා මුඩුක්කුවක තනිව වෙසෙන ඔහුට ඒ මගින් ලැබෙන ආදායම ප්‍රමාණවත්ය. මා සමග කියා ඇති පරිදි නගරයේ පන්සලේ පුස්ථකාලයේ කියවමින් ගෙවන දිනයක පන්සලේ දානයද ඔහුට ප්‍රමාණවත්ය. එසේම කීප වතාවක් මටද හමුවන්නට ඇරයුම් කර ඇති වෛශ්‍යාවන් කීප දෙනෙකු ඔහුගේ මෛථුන්‍ය අවශ්‍යතා පිරිමසයි.
නමුත් ඔහු පිස්සකු වීමෙන් වලකන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔහුව දන්නා, ඔහුගේ කීම් අසා ඇති කවුරුත් ඔහුට පිස්සා යැයි කියයි. ඔහු එය සිනාවෙන් පිලිගන්නා මුත් කණකට නොගනී.
තම පින්තූරය මා ලවා සාදාගන්නා පැය භාගයක, පැයක පමණ කාලය ඔහුට මා සමග තම දාර්ශනික කතා කීමට අවකාශ සලසයි. මා අති දක්ෂ සවන් දෙන්නකු බැවින් හා මට නොදැණෙන දෑ බොහෝමයකට මා අසංවේදී බැවින් ඔහු මා ප්‍රිය කරයි. මා ද කම්මැලිකමෙන් මිදීමට ඔහු කියවන ඕනෑම දෙයක් අසන්නට සූදානම් වෙයි. එහිදී ඔහු නගන විවිධ ප්‍රශ්ණ තුල අතරමං වන මා කරමින් සිටින රාජකාරිය කරන්නේ හුරුවෙනි. Photoshop මෘදුකාංගයේ පින්තූර සංස්කරණය කරන අතර බොහෝවිට මම ඊට විශාල අවධානයක් යොමු කරන්නේ නැත. එය මා හට පයිත්තියන් වී තිබූ බැවින් මම අනිච්ඡානුගවම එය කරන්නට හැකි වූවෙක් වීමි. එබැවින් පිස්සා ළඟ ඇති විට මා අවධානයෙන් කරන්නේ ඔහු නගන ගැටළු වලට පිලිතුරු සෙවීමයි.
පසුගිය දිනෙක පිස්සා මා වෙත එල්ල කලේ ප්‍රශ්නාවලියකි. ඒ අවසන තම ගැටයට ඔහු මා හසු කරගත්තේය.
"ජීවිතේ කියන්නෙ මොකක්ද පුතා?"
"ජීවිතේ...???"
මම කල්පනා කරමි. මා ඒ පිළිබඳව සිතා නැත. සිතා තිබුණත් ජීවිතය යන්න තනි වාක්‍යයකින් විග්‍රහ කල හැක්කක්ද?
"ඒක එහෙම මොකක්ද කියල කියන්න බෑනේ..."
මම ගැටළුවෙන් ලිස්සා යාමට තැත් කරමි.
"හරි... ජීවිතේ අරමුණ මොකක්ද?"
පිස්සා නැවත අසයි.
"ජීවත් වෙන එක තමයි..."
මම එකවරම පිලිතුරු දුනිමි. එය බොහෝ දුරට නිවැරදි විය යුතුය. ජීවත් වීමට වඩා අරමුණක් ජීවිතයට තිබිය නොහැක. මරණින් මතු ඇතැයි සිතන සංකල්පීය සුගතිය හෝ අගතිය වෙනුවෙන් වර්තමානය විනාශ කරගෙන ඇති ලෝකයක මා කිසිදු ආගමකට අයත් නොවූවෙක් බැවින් ආගමික පැහැදිලි කිරීම් මා දැන සිටියේ නැත.
"ඒ කියන්නෙ ඒක රවුමක් වගේ එකක් නේද පුතා.."
පිස්සා ඔහු කියන දේ පිලිබඳව සැලකිය යුතු තරමකින් සිතා ඇති බව මම දනිමි. ඔහු ක්‍රමයෙන් මතවාදය ගොඩනගන්නේ ඔහුට උවමනා තැනට මා ගෙන ඒමටය. නමුත් මා ඔහු තරම් ඒ පිළිබඳව සිතා නැත.
"ඒ කිව්වේ?"
මම අසමි.
"ඒ කියන්නෙ ජීවිතේ කියන එක නිර්වචනය කරන්න අපට ජීවිතේම ප්‍රයෝජනයට ගන්න වෙනවනේ. මුල කෝකද අග කෝකද කියල හොයන්න බැරි රවුමක් වගේ ජීවිතය ඒක වටේම කැරකෙනව."
"හ්ම්..."
මම කියමි. එය මට සහමුලින්ම වැටහුනේ නැත. නමුත් එය මා ඉගෙන ඇති if, then, else වැනි ලූපයක් එය තුලදී ම නැවත කැඳවීමක් වැන්නකි.
"ජීවිතේ අරමුණ තමයි ඒක පවත්වගැනීම. ඒකනේ පුතා මිනිස්සු ඇතුලත්ව ඔය ගහ කොල, සත්තු හැමදේම ජීවිතය පවත්වගන්න උත්සාහ කරන්නේ..."
පිස්සා පවසන දෙයට විරුද්ධ තර්කයක් ගොඩනැගීමට මට නොහැක. මෙහිදී ඔහුට සවන් දීම වඩා සුදුසු දෙයයි.
"විශ්වයේම තියෙන මූලධර්මයක් තමයි ඔය මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි කියන එක. විශ්වය සහ ජීවය ආරම්භ වෙන්නෙම ඒ මූලධර්මය මත. මොකද ඒව නැත්තං මුකුත් නෑනේ..."
පිස්සා හොඳ කියවන්නෙක් බව මම දැන සිටියෙමි. යම් හෙයකින් ඔහුගේ අධ්‍යාපන සහතික දුටුවේ නම් මා පුදුමයෙන් වික්ෂිප්ත වන්නට ඉඩ තිබෙන්නට හැකියාවක් ඇත. ඔහු ලෝකයේ බොහෝ දේවල් පිළිබඳව ලබා ඇති දැනුම සහතිකයකින් මිණිය නොහැකි බව මම සිතමි. නමුත් ඒ වෙනුවට ඔහුට 'පිස්සා' යන ගෞරව නාමය ලැබී තිබේ.
"හැමෝම ආසයි ජීවත් වෙන්න. මිනිස්සු, සත්තු වගේම ගහ කොලත් කැමතියි ජීවත් වෙන්න."
ඔහු නොනවත්වා කියවයි.
"ගහ කොල?"
මම අසමි. මා දන්නා ගහ කොල පණ නැති අජීවී වස්තූන්ය. ඒවාට ජීවිතය පිළිබඳ හැඟීමක් තිබිය නොහැක.
"ගහ කොල වලට පණ තියෙනවා. ඒවත් ජීවි කොටසක් කියල පාඩම් පොත් වලින් ඉගෙනගෙන නැද්ද?"
ඔහු අසයි. පින්තූරයේ මනාලියගේ මුහුණේ කුරුලෑ ලප stamp ටූලයෙන් මකන අතර මම මතකය අවදි කරමි. ශාකවලට පරිභවයෙන් සහ ආදරයෙන් අමතා ඉන් නිකුත් වන විද්‍යත් ආරෝපන වල වෙනස සෙවීම සම්බන්ධ පරීක්ෂණයක් කල විද්වතෙකු ගැන සටහනක් ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණා මතකය. එහි අවසානයේ ශාකවලට හැඟීමක් වැනි දෙයක් දැණෙන බවක් නිගමනය කර තිබුණි.
"හප්පා..."
මට කියවුණි. ඉහත තර්කය අනුව ගස්කොලන් වලට ප්‍රාණයක් තිබේ. එම ප්‍රාණය සහිත වූ ගහ කොල මා ආහාරයට ගනිමි. මා නිර්මාංශකයකු නොවූවත් මාංශය යන්න අර්ථකථනය කිරීමේදී මා අනුගමනය කර තිබුණේද සම්මත ක්‍රමයයි. එනම් මාංශය වනාහි දුවන පනින කෑ ගසන සත්ත්වයින්ගේ මාංශය ලෙසයි. නමුත් අද දින දහවල මා අනුභව කල පිපිඤ්ඤා පෙත්ත මාංශයකි. පරිප්පු ව්‍යංජනය මාංශයෙන් සැදී ඇත. නොකා ඉවත් කල කරපිංචා කොල කීපය මාංශයි. ඒවායේ යුෂ මා උරා බී ඇත. එකම වෙනස වන්නේ ඒවා සත්ත්ව මාංශ නොවීමයි. නමුත් ඒවාත් මාංශ ලෙස වර්ග කලහොත් නිර්මාංශකයන්.....?
"එහෙනම් ඔය නිර්මාංශ කට්ටියට කන්න දෙයක් නැති වෙනවනේ...?"
මා කීවේ ජයග්‍රාහී හැඟීමෙනි. අවසානයේ ඔහු ගොඩනගන තර්කය බිඳ දැමීමට සමත් අදහසක් මට පහල වී ඇත. ශාක සහ සත්ත්ව කොටස් වලින් සාදන සියළු ආහාර මාංශ ලෙස සලකන සන්ධර්භයේදී නිර්මාංශභක්ෂකයින් සියල්ලන්ටම හීන් දහදියක් දමනු නොඅනුමානය. එය එසේ විය නොහැකි බැවින් පිස්සාගේ තර්කය බිඳ වැටේ.
"එහෙම හිතන්න ඕන නෑ."
සිනාවෙන් පිලිතුරු දුන් පිස්සා සුපුරුදු පරිදි එයටද සාවධානව පිලිතුරු ගොනු කරන්නට විය.
"ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ... අපි හැමෝම එක එක විධියට ස්වභාව ධර්මයේ දේවල් පරිභෝජනය කරනවනේ... කෑමට ගහක කොලයක්, ගෙඩියක් නැත්තං සතෙක්ගෙ මසක් වුණත් අපි පරිභෝජනය කරනවනේ. ඒක අපිට වගේම සත්තු ගහකොල වගේ දේවල් වලටත් පොදුයි. සතෙක් බඩගින්න නිවාගන්න ගහක් කෑමට ගන්නවා. ඒ සතාව වෙනත් මාංශ භක්ෂක සතෙක් කෑමට ගන්නවා. ඒ සතා මැරුණම උගේ සාරයෙන් ගහක් වැඩෙනවා."
"මම ඒක දන්නවා. අර ලයන් කිං එකේ ඒක තිබුණා..."
"මම ඒව බලල නෑ... ඒ වුණාට ඔය සුද්දො ඕව කියල තියෙන්නෙත් නිකං වෙන්න බෑනෙ.... ඒවයින් හරි කමක් නෑ ඉගෙන ගන්නයි ඕන..."
"හැබැයි එතකොට අර පාපය කියන එකට අර්ථයක් නැති වෙනවනේ...."
"එතන තමයි ප්‍රශ්ණෙ. මොනව වුණත් ඔය ආගම් වලින් මිනිස්සුන්ව යම් යම් සීමා වලට කොටු කිරීමෙන් වෙලා තියෙන්නෙ හොඳ දෙයක්. නැත්තං මිනිස්සු කරන විනාශයේ කෙලවරක් නෑ. සේරම විනාස කරලයි නවතින්නේ. මොකද මිනිස්සුන්ට ඕන එකකට හේතු හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ... එතනදි පාපය කියන සංකල්පය සෑහෙන්න වැදගත්. ආ... පුතා ඔය මිනිහගේ රැවුල තරුණ කාලෙ ලොකුවට තිබුණලු. පොඩ්ඩක් හදමු.."
මම burn ටූලයෙන් මනාලයාගේ රැවුල මැද එය කළු කරමි. දැන් ඔහුගේ රැවුල වඩාත් රළු ය. ඒ අතර මට පසුගිය දිනවල ජනප්‍රිය වූ ප්‍රවෘත්තියක් සිහිවේ.
"ඇයි අර කෝවිලේ සත්තු මැරන්න ගියේ... ඒකත් එහෙම එකක් තමයි නේ... තේරුමක් නැති විනාශයක්..."
"ඔව්... ඒකත් එහෙම එකක් තමයි. සතෙක් කෑමට මරණ එකයි සංකල්ප මූලික කරගෙන මරන එකයි දෙකක්. ඔය දෙක බැලන්ස් කරගන්න බැරි වීම තමයි මිනිස්සුන්ගෙ අවුල."
"අර Gods must be crazy කියන film එකේ විධියට ඒ මිනිස්සු සතෙක්ව මරලා ඒ මළ කඳට ස්තූති කරනවා තමන්ගෙ කුසගින්න නිව්වට..."
මා උවමනා තරම් චිත්‍රපට බලා ඇති බැවින් මටද කීමට දේවල් හිඟ නොවේ.
"ඒ කතාව මමත් කියවල තියෙනවා. ඒක පැරණි මිනිස්සු අතර තිබුණ දෙයක්. එයාල ස්වභාව ධර්මයේ සමබරතාව ගැන දැනගෙන හිටියා. ඒ නිසාම එයාල මාංශ අනුභව කලා වුණත් වියරුවෙන් සත්තු මරන්න ගියේ නෑ. සත්තු විතරක් නෙවෙයි. ගහකොලට පවා ඒ මිනිස්සු ගෞරවය දුන්නා. ගහක්, සතෙක් නැතිව තමන්ට පැවැත්මක් නෑ කියල ඒ අය තේරුම් අරන් හිටියා."
"ඒ වුණාට ඔය දැන් මරන විධියට ආගමික අදහස් මත සත්තු මරන එක නම් හෙනම චාටර්..."
"ආගමික පදනම මත සත්තු මරන එක වගේමයි මල් පූජා කරන එකත්.... ඇයි ඒක හොඳයි කියලද හිතන්නේ?"
මම විශ්මයෙන් වික්ෂිප්තව පිස්සා දෙස බලුවෙමි. ඔහු සූදානම් වන්නේ කුමකටදැයි මට වැටහෙන්නේ නැත. මල් පූජාව පිළිබඳව මට කිසිදා නොසිතුණු අදහසක් ඔහු මතු කර ඇත. නමුත් එය විමසිය යුතු කාරණයකි. මම නැවත මොනිටරය වෙත දෑස් ඔබාගතිමි. නමුත් මගේ මනස තිබුණේ වෙනත් තැනකය.
ඇසිල්ලකින් මා අප දෙදෙනා කල සාකච්ඡාවේ හරය වෙත පැමිණියෙමි. මල් යනු ජීවී වස්තුවක කොටසකි. වඩාත් නිවැරදිව කිවහොත් ගසක බීජ හටගැනීමේ ක්‍රියාවලියට හෙවත් පරාගණයට මූලික වන්නේ ගසේ පුෂ්පයයි. පුෂ්පය ගසකින් වෙන් කිරීම ගසේ පැවැත්ම සහමුලින්ම උදුරා දමන ක්‍රියාවලියක ආරම්භයකි. එසේනම්....?
මම නැවත පිස්සා දෙස බැලීමි...
"ඒක ඒ තරම් සරල නෑ නේද?"
පිස්සා සිටින්නේ සිනාමුසුවය...
"අවුරුදු සිය දහස් ගානක් ආගමික සංකල්ප උඩ මල් කොයිතරම් ගස් වලින් කැඩිල නිකංම පරවෙලා ගිහින් ඇද්ද? ගහටවත් මලටවත් වැඩක් නැතිව?"
"ඒකත් හරි තමයි... "
මම කීවෙමි. පිස්සා මාගේ හිස මත ඇණයක් තබා මිටයකින් තඩිබාමින් සිටී. ලොව පවතින සියල්ල මිනිස් නිර්වචන මත වටහාගනු ලැබූ භූතාර්ථයන් පමණක්ද?
"ඔය මිනිස්සු ප්‍රාණය නිර්වචනය කරගෙන තියෙන හැටිනේ...,"
මම කියමි.
"ඔව්... ලෝකෙ තියෙන හැමදේම මිනිස් නිර්වචන. ඒව ඔප්පු කරන්න මිනිස්සුන්ට සාධකත් ඕන තරම් හොයාගන්න පුළුවන්..."
"මොන සාධකද?"
"ආගමික සාධකම ඕන තරම් තියෙනවා. ආගමික සාධක කියන ඒව ප්‍රශ්ණ කරන්න තහනම් ඒවනේ..."
මගේ මුවේ සිනාවක් මැවිණි... මා හට කියා ඇති පරිදි පිස්සා නගරයේ ප්‍රධාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මිතුරෙකි. එසේම පන්සලේ පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු කියවන තරමක් කියවා ඇත්තේ එහිදීය.
"හෙහ් හෙහ්... ඒක තමයි නේ..."
"ඒකනේ... දැන් මම මේ කියපු කතා ටික පන්සලේ හාමුදුරුවොත් එක්ක කිව්වොත් මට සෑහෙන්න පාඩුයිනේ..."
"ඔව් ඔව් ආයෙ කියවල ඉවරයි."
"ඇයි දානේ...? ඒකනේ අපට මේව හිතල මෙහෙම සන්තෝස වෙන්න පුළුවන්. කියන්න ගියොත් වැඩක් නෑ.... මේ එක නෙවෙයි... ඔය පින්තූරෙ දැන් ගානට තියෙනව. තව ටිකක් පොලිෂ් කරල ප්‍රින්ට් කරන්න දාන්න. මට දෙකට කෙනෙක්ව හම්බවෙන්න යන්න තියෙනව පන්සල ගාව කඩේට. හාමුදුරුවො ගැන කිව්වමයි මතක් වුණේ..."
පිස්සා අසුනෙන් නැගිට සිටගත්තේය... හමුවීමට නියමිත පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔහුගේ තවත් පින්තූර ගොදුරකි...
"ආ... රයිට්... මම ප්‍රින්ට් එක අවුට් කරල තියන්නම්..."
පිස්සා සමුගෙන ගියේය. මම මගුල් පින්තූරයේ ක්ෂුද්‍ර දෝෂ සොයමින් ඒවා පිලිසකර කරන්නට වීමි. මගේ පසෙක අනිත් පරිගණකයේ රාජකාරි කරන මිතුරා ගීත අසමින් සිටි ඉයර් ෆෝන් යුගල ඉවත් කරමින් මා වෙත ළං විය.
"මොනාද බං අරූ ඔච්චර කියෙව්වේ?"
මිතුරා උපහාසායෙන් විමසීය. මමද උපහාසයෙන් පිළිතුරු දුනිමි.
"දන්නැද්ද බං උගේ පිස්සු ටෝක්.... ඌ වගේම මෙලෝ රහක් නෑ..."
කාපුවා -
animals,
character,
comedy,
crazy,
culture,
death,
environment,
life,
movies,
people,
Ravi Wickramasinghe,
religion,
රවි වික්‍රමසිංහ
Thursday, 26 February 2009
ගෙ ගෙ ගෙ ගෙ ගෙම්බෝ
මේක සෑහෙන්න කාලයකට කලින් අපි කීප දෙනෙක් අතර ඇති වුණ කතාවක්. හරිම මුග්ධ සටහනක් වෙන්න පුළුවන්...
පාරෙ යද්දි වාහනේකට අහු වෙල බැගෙට තැලිල දඟලන ගෙම්බෙක් දැක්කොත්?
නොදැක්ක වගේ යන එක හොඳම විසඳුම වෙන්න පුළුවන්.
මොකද බාගෙට තැලුණම ගෙම්බ සාමාන්‍ය තත්ත්වෙට වඩා ආතල් එකේ ඉන්නවද කියල අපි දන්නෙ නෑනේ.
ඕන නම් ගෙම්බාව වේදනාවෙන් මුදවාගන්න හොඳට තියෙන ටිකත් පාගල ගෙම්බව මරලම දානවද?
මොකද කරන්නේ?

Thursday, 19 February 2009
සතුට සත්තු වත්තේ....
අපි සතුට ලබනව විවිධ ක්‍රමවලින්.
සත්තු වත්තෙදිත් අපි ලබන්නෙ සතුටක්ද?
මෑතකදි මම මගේ ඥාතියෙක් (මෙතැන් පටන් ප්‍රියන්ත කියල ගමු) එක්ක කරපු කතාවක් මගේ කලින් බ්ලොග් සටහන ලියද්දි මතක් වුණා. ඔහු වතාවක් මගේ නුගේගොඩ කාර්යාලයට ආපු වෙලේක ඔහුගේ බිරිඳට සත්තු වත්ත බලන්න යන්න ඕන වුණා. ඔවුන්ගේ පදිංචිය ටිකක් ඈත නිසා කොළම එන්නෙ කලාතුරකින්. කොහොම වුණත් ප්‍රියන්ත මේ ගමනට කැමති වුණේ බොහොම අකමැත්තෙන්. ඔහුට සත්තු වත්තට යන්න කිසිම උවමනාවක් තිබුණෙ නෑ.
සත්තුවත්තෙදි අපි ලබන්නෙ කාලකණ්නි සතුටක්. ඔහු කිව්වා.
ඇත්තටම අපි නොදැනුවත්වම සත්තුවත්තෙදි ලබන දේ සතුට හෝ මොකක් වුණත් ඒක හරිම අසාධාරණ සතුටක් නෙවෙයිද? නිකමට හිතන්න අපි කූඩුවක ඉද්දි සත්තු වත්තෙ සත්තු අප දිහා බලමින් විහිළු කරමින් නිදැල්ලේ හැසිරුණොත්?
සමහර විට සත්තුන්ට කන්න බොන්න දෙනව නම් ඉන්න තැන කෘතිම පුංචි එකක් වුණාට කමක් නැද්ද දන්නෙ නෑ. මට Madagaskar චිත්‍රපටිය මතක් වුණා. මේකෙ තියෙන සත්වෝද්‍යානයේ ඉන්න සිංහය මිනිස්සුන්ට පේන්න කෑගහල ෂේප් එකේ ඉන්න කෙනෙක්. තමන්ට වෙලාවට හම්බ වෙන මස් කුට්ටිය තමයි ඔහුගෙ එකම සිතිවිල්ල. ඉන්න පරිසරය ගැන ගානක් නෑ.
ඒ වුනාට ලංකාවෙ සත්වෝද්‍යාන වල නම් සත්තු ඉන්නෙ අතිශය සීමිත පරිසරයක. අපට වැඩිය ඇවිදින්න ඕන නෑ. ලේසියෙන් සත්තුන්ව බලල සතුටු වෙන්න පුළුවන්.
ඉතිං සතුටු වෙන්න....

Saturday, 14 February 2009
මගේ තනි විනෝද ගමන
කොස්ලන්ද කියන්නෙ පුංචි නගරයක්. තියෙන්නෙ බෙරගල නගරයෙන් කන්ද පහලට වැල්ලවාය දක්වා දිවෙන පාරෙ හරි මැදක. එහෙම කියන්නෙ කොස්ලන්ද නගරයෙ ඉඳන් බෙරගලටත් වැල්ලවායටත් අය කරන බස් ගාස්තුව එකක් වීම නිසයි.
අද උදේ මම බදුලු කොළඹ බස් එකක බෙරගලට ගිහින් එතනින් වැල්ලවාය බස් එකක් අරන් කොස්ලන්දට ගියා. බෙරගල කියන්නෙත් පුංචි හන්දියක්. එතනින් කන්ද ඉහලට යන පාර යන්නෙ හපුතලට. කන්ද පහලට යන පාරෙ තමයි කොස්ලන්ද තියෙන්නේ. හපුතලේ ඉඳන් කන්ද බැහැගෙන එද්දි පහලින් පෙනෙන ඈත ක්ෂිතිජය දක්වාම දිවෙන කඳු වැටි පිරුණ නිම්නය වෙතට තමයි බෙරගලින් ඇරඹෙන කොස්ලන්ද පාර ඇදෙන්නේ.
මේ පැත්ත හරිම ලස්සනයි. කඳු මුදුන් මීදුමෙන් වැහිලයි තියෙන්නේ. පරිසර දූෂණයක් නෑ. මධ්‍යස්ථ කාලගුණයක් තියෙන්නේ. මිනිස්සු වුණත් අහිංසක දිළිඳු අය.
කොස්ලන්ද දිසා රෝහල ඉදිරිපිට තියෙන පුංචි කඩෙන් උදේ ආහාරය විධියට මම පොල් රොටි දෙකයි පැටිස් එකයි ලැවරියයි ප්ලේන්ටියයි සේරම රුපියල් 65කට ගත්තා. ගාණ අදහන්න බැරි නිසා මම ආයෙත් ඇහුවම ගාණත් වැරදි නෑ. කොළඹදි ඔය ටික කන්න රුපියල් 150ක් වත් යනව.
මම මං ගිය වැඩේ කරගෙන ආයෙමත් කොස්ලන්දෙන් වැල්ලවාය බස් එක අරන් මම වැල්ලවායට ගියා. ආ පාරෙම නොගියෙ රට තොට බලන්න ඕන නිසයි. ඒ මගදි තමයි දියළුම දිය ඇල්ල තියෙන්නෙත්. ඒක මහ විශාල කන්දක් මුදුනෙ ඉඳන් පහලට වැටුණෙ මාව මා තුලම හකුලවමින්. මොකද ඒක වැටෙන්නෙ හරිම ඉහලකින්. හරියට දුරකථන කුළුණක් ගාව ඉඳන් ඒකෙ මුදුන බලනව වගේ එකක් තමයි ඒකත්.

මට මතකයි හයේ පන්තියෙද කොහෙද සිංහල පාඩම් පොතක දියළුම ගැන පාඩමක් තිබුණා. ඒ වුණාට කවදාවත් මට ඒක බලන්න යන්න වුණේ නෑ. ඔන්න අද ගියා. :D
කොහොම හරි වැල්ලවායට ගිහින් එතනින් ආයෙත් ඇල්ල නගරය හරහා බදුල්ලට යන බස් එකක මං ගෙදර ආවා. ඒ පාරට කවුරුත් කට වහරේ කියන්නේ ඇල්ල-වැල්ලවාය පාර කියලා. ඒ පාරෙ තමයි රාවණ ඇල්ල තියෙන්නේ. ඒක නම් මම කලින් දැකල තියෙනවා. ඒක ඒ තරම්ම උස නැතත් ගලා යන රටාවෙ ලතාවක් තිබුණ.

රාවණ රජ මහ විහාරයත් තියෙන්නෙ ඊට ටිකක් නුදුරින්. ඔය එකක්වත් මම බැලුවෙ බස් එකෙන් බැහැල නෙවෙයි. බස් එකේම කවුළුවෙන්. කොහොම වුණත් ආයෙ විශේෂ අවස්ථාවකදි මිස ඔය පලාතෙ යන්න නොවෙන නිසා ඕන වුණෙත් දැනගන්නත් එක්ක මම ගිය ඒ චාරිකාවෙන් මම ලොකු තෘප්තියක් ලැබුව.
සමහරවිට දවසක ආයෙත් වඩා හොඳින් ඒ දේවල් විඳින්න පුළුවන් වෙයි.
බලාගෙන ඉමු.

Subscribe to:
Posts (Atom)