Showing posts with label duty. Show all posts
Showing posts with label duty. Show all posts
Thursday, 26 May 2011
පින්තූරේ...
ආරියපාල මහත්තය විසි අටවෙනිද පෙන්ෂන් ගන්නව. ඒ ගැන කාටත් තිබුණෙ පුංචි දුකක්. කාර්යාලෙ වැඩ කරපු බොහොම සුහදශීලී මනුස්සයෙක්. අපට වඩා ලොක්කෙක් වුණාට හිටියෙම පොඩි මිනිස්සු එක්ක. රාජකාරියට පණ ඇරලා. වැඩක් කරගන්න ආපු මනුස්සයෙක්ව වැඩේ කරල දෙන්න බැරි වුණත් පුළුවන් තරම් සතුටින් පිටත් කරන්න හැකියාව තිබුණ නිලධාරියෙක්.
පුද්ගලිකවම මට බොහොම දැනමුතුකම් දීපු ගුරුවරයෙක්. කාර්යාලයේ රාජකාරිවලදි වගේම මගේ පුද්ගලික සහ වෙනත් ආර්ථික ගැටළු වලදිත් හොඳ යාළුවෙක් වගේ උදව් කලේ ආරියපාල මහත්තයා.
සමහර විට ඒ මිතුරුකම ඇතිවුණේ එයාටත් මගේ වයසෙම වගේ පුතාල දෙන්නෙක් හිටපු නිසා වෙන්න පුළුවන්.
පෙන්ෂන් යද්දි එයාට මොනවද දෙන්නේ...? ඒක හැමෝටම තිබුණ ගැටළුවක්.
මට තදින්ම දැණුන ගැටළුවක්.
හිතල හිතල අන්තිමේ මම තීරණය කලේ සමරුවක් විධියට එයාගෙ පින්තූරයක් රාමු කරල දෙන්න.
කාර්යාලෙන් අවුරුදු දෙකකට කලින් ත්‍රිකුණාමලේ ට්‍රිප් එක ගිය වෙලේ ගත්තු පින්තූර වගයක් මගෙ ළඟ තිබුණා. ඒ අතර ආරියපාල මහත්තයව බොහොම සුන්දර කෝණ කීපයකින් අරගත්තු ලස්සන පින්තූරය කීපයක්ම තිබුණා.
මම ඉන් එකක් අරන් කොම්පියුටරෙන් කපලා කොටල ඇද හදල ලස්සන මතුකරල ගත්තා. ඒක පින්තූර ස්ටුඩියෝවකින් ප්‍රින්ට් කරලා පෙනුම තියෙන රාමුවකුත් දැම්මෙව්වා. අපරාදෙ කියන්න බෑ බැලූ බැල්මට නියම පින්තූරයක්. මම ඒක ආරියපාල මහත්තයට හොරෙන් කාර්යාලෙ අනිත් යාළුවන්ට පෙන්නුවා. කට්ටියම ඒක බැලුවෙ ලොකු පෙරේතකමකින්. උපරිම වර්ණනාවකින් මගේ හිතේ ආඩම්බරයක් ඇති කරමින්.
කට්ටිය බැලුවට පස්සෙ අදාල දවස වෙනකල් මම ඒක ඔතල අරන් තිබ්බා.
විසි අටවෙනිද උදා වුණා. දවසම ගෙවුණෙ ටිකක් පාළු මූසල බවක් එක්ක. බොහොම තදින් අපේ දුක සැප බෙදාගත්තු සහෝදරයෙක් වගේ වැඩිහිටියෙක් අදින් පස්සෙ අපෙන් සමුගන්නවා. ඒ ගැන තිබුණ දුක නොකිව්වට කාටත් තදින් දැණිල තිබුණා. ආරියපාල මහත්තයා සුපුරුදු හිනාවෙන් වෙනදටත් වඩා ලෙන්ගතුකමින් දවස ගෙවන්න ලොකු උත්සාහයක යෙදුණත් එයාගෙ හිතේ තිබුණ දුකත් හැමෝටම තේරුණා.
හවස තේ වෙලාවත් එක්ක පුංචි සාදයක් පිලියෙල වුණා. ගුණ කථන, ගුණ වැයුම්, සින්දු, කවි, කතා එක්ක බටර් පාරවල් කීපයක්ම අවකාශයට එකතු වුණා. සේරම ලොක්කොයි සොක්කොයි කතා කරල ඉවර වුණාම කවුරුත් තම තමන්ගෙ තෑගි ආරියපාල මහත්තයට දුන්නා. ඊට පස්සෙ තමයි එයාගෙ කතාව පටන්ගත්තේ...
සාම්ප්‍රදායික ස්තූතියකින් පටන් අරන් කාර්යාලෙ හැමෝගෙම හොඳ කියපු ආරියපාල මහත්තයා තමන්ගෙ ඉතිහාසය ගැනත් රාජකාරි ජීවිතය ගැනත් දිගට කතා කලා. රාජකාරියේ නොයෙක් දුක් විඳල කැපීම්, ඇදීම්, නොසැලකීම් ගොඩකට මූණ දීල හොඳ ස්ථාවරයකට ආපු ගමන්මග ගැන දැණෙන්න කියන්න එයාට පුළුවන් වුණා. රාජකාරියට තිබුණ ආදරයත් රාජකාරියෙන් තෘප්තිමත් වීමත් ඒක ජීවිතේටම විහිදුවීමත් වගේ දාර්ශණික දේවල් ගැනත් කතා කලා.
අපට තේරුණේ එයා රාජකාරියට තදින් ඇලිල හිටපු නිලධාරියෙක් කියලයි. ජීවිතේ අවුරුදු හතලිහක්ම රාජකාරියේ නියැලිලා හිටපු නිලධාරියෙක් විධියට එයාගෙ ජීවිතේම වෙලා තිබුණෙ රාජකාරිය. ඒකෙන් ගැලවීම ජීවිතේ නෙවෙයි වගේ කියල එයා හිතන බව අපට තේරුණා.
කතාව අවසානයේ එයාට ඇඬුම් ආවා. ලේන්සුවෙන් ඇස් දෙක පිහින ගමන් එයා කතාව නතර කරල ඉඳගත්තා. කාටත් තිබුණෙ දැඩි දුකක්. ඒත් වන්දනා කිරීම්, වැළඳගැනීම් ගොඩකට පස්සෙ එයාට සමුදෙන්න අපට සිද්ධ වුණා. වාහනේට තෑගි ටික පටවල දීපු කිට්ටුවෙන්ම හිටිය අපි කීප දෙනෙක්ව ආයෙත් වැළඳගෙන ආරියපාල මහත්තයා ගෙදර යන්න පිටත් වුණා.
********************
පහුවදා උදේ වැඩට යද්දි හැමෝම කලබල වෙලා හිටිය හේතුව දැනගත්තම මට උන් හිටි තැන් අමතක වුණා. විජිතවත් ඇදගෙන එවෙලෙම පිටත්වෙන්න මට උවමනා වුණත් කාර්යාලෙම පොදු වාහනයකින් කට්ටියක්ම පිටත් වෙන්න සූදානමින් හිටියා.
ආරියපාල මහත්තය දුක වැඩිකමටද කොහෙද කලින්දා හොඳටම බීල වාහනේ හප්පගෙන.
අපි යද්දි බොඩිය ගෙදරට ගෙනල්ලත් ඉවරයි. ගෙදරට යන පාරෙ දිගටම වාහන නතර කරල නිසා අපේ වාහනේ ඈතින් නතර කරල අපි පයින් ගේ දිහාවට පිටත් වුණා. ආරියපාල මහත්තයගෙ පොඩි පුතා ඇස් රතු කරගෙන අපිව පිළිගත්තා.
කලින්දා රාජකාරියෙන් සමුගත්තු ආරියපාල මහත්තය අද ජීවිතයෙනුත් සමු අරන් තිබුණා. එයාගෙ නිසල දේහය ගේ මැදක නිහඬව තිබුණා. අනතුරක් වුණ බවක් පේන්න නැහැ. මිය ගිහින් වුණත් තේජාන්විත මුහුණ ඒ වගේමයි.
මගේ ඇස් වලට සීරුවෙන් කඳුළු ගලාගෙන ආවා.
මට පේන දර්ශනය ටිකෙන් ටික බොඳ වුණා. ඒ අතරින් මට පෙණුනා...
මම දුන්නු පින්තූරෙ ආරියපාල මහත්තයගෙ ඉහ අද්දරින් තියලා....
ඒකට මල් මාලයකුත් දාලා...
පින්තූරයේ ඉන්නේ Wilfrid Brambell නම් අයර්ලන්ත ජාතික නළුවෙකි.
Monday, 11 October 2010
චන්ද්‍රයන් තුනක් එක්ක බෝගහකුඹුරට...
මම මගේ රාජකාරියට කැමති එක හේතුවක් තමයි ඒක නිසා මට රාජකාරි ගමන් විධියට දිස්ත්‍රික්කයේ එක එක පැති වල ගමන් බිමන් යන්න ලැබීම. ඒක ඇරුනම රාජකාරියෙන් තෘප්තිමත් වෙන්න තවත් බොහොම සුළු දේවල් ටිකක් තියෙනව. කොහොමත් කාර්යාලය තුල හිර වෙලාම ඉඳල වෙනත් තැනක රාජකාරියක් යෙදුණම ඒක එක වගේ ගෙවෙන ජීවිතේට ලොකු වෙනසක් ගේනව.
මේ වතාවෙ මට යන්න පුළුවන් වුණා රාජකාරියක් වෙනුවෙන් බෝගහකුඹුරට. යන්න වුණේ හඳවල් තුනක් එක්ක. ලොක්ක තමයි 'චන්ද්‍ර', අනිත් දෙන්නා 'චන්ද්‍රිකා' සහ 'චන්ද්‍රානි'. තුන් දෙනාම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරින්. මම විතරක් මුකුත් දන්නැති බබා වගේ ගියා. හැබැයි රාජකාරිමය දේවල් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගන්න මේක අවස්ථාවක් වුණා මට. 2010 සැප්තැම්බර් මාසෙ 22 සහ 23 දිනවල සහ 2010 ඔක්තෝබර් 9 සහ 10 විධියට අවස්ථා දෙකකදි අපි බෝගහකුඹුරට ගිහින් 22 සහ 09 රාත්‍රීන් දෙකත් නැවතිල අපේ රාජකාරිය අවසන් කලා...
බෝගහකුඹුර කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඳන් නුවර එළිය පැත්තට ටික දුරක් යද්දි තියෙන කැප්පෙටිපොල නගරයෙන් හැරිල හපුතල පැත්තට එද්දි හමුවෙන පුංචි නගරයක්. එහෙම නැත්තං හපුතලේ ඉඳන් බොරලන්න පහුකරලා බෝගහකුඹුරට එන්න පුළුවන්. බදුල්ලෙ ඉඳන් වැලිමඩට කිලෝමීටර් 23ක් විතර තියෙනව. එතන ඉඳන් බෝගහකුඹුරටත් කිලෝමීටර් 17ක් වගේ තියෙනව. මේ හරියෙ ඉඳන් හෝර්ටන් තැන්නට තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ බලපෑම දැණෙන දුරක්. බෝගහකුඹුරෙ ඉඳන් බොරලන්දට කිලෝමීටර් 7ක් වගේ සහ බොරලන්දෙ ඉඳන් හෝර්ටන් වලට කිලෝමීටර් 22ක් විතර තියෙනවලු. ඒ කියන්නෙ බදුල්ල නුවර එලිය සීමාව ආසන්නව නිසා බෝගහකුඹුර නගරය මුහුදු මට්ටමෙන් සැලකිය යුතු තරමින් උසකින් තමයි පිහිටල තියෙන්නේ. මගේ දැණුම අනුව වැලිමඩ සානුවේ හෝ ඒ ආසන්නවයි පිහිටීම තියෙන්නේ. ඒ නිසාම හෝර්ටන් තැන්න හරහා හමාගෙන එන හුළඟ බොහොම සැරට මේ පැත්තෙදි දැණෙනවා...
ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.
අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.
මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.
ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...
හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.
වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....
පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.
බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්

| නුගතලාව හන්දියෙ හෝටලෙන් උදේට පොල් රොටී |

![]() |
| බෝගහකුඹුර නගරයේ පිහිටීම |
ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.
![]() |
| මග දෙපස වගාව |
අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.
![]() |
| මීදුම් ගලා කන්දේ... |
මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.
| තේ වත්තක් පසු කරමින් |
ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...
| මේ ඈත පේන්නෙ වැලිමඩ සහ හැටන් පැත්ත වෙන්න ඕන |
හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.
| යන අතරමග හාලි ඇල - වැලිමඩ අතර තැනක් |
වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....
පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.
බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්
Subscribe to:
Posts (Atom)