ලෝකලයිසින් ගැන ඒ තරම් විධිමත් අදහසක් මට නැතත් මේ පාර ඒ ලෙවල් කරන කීප දෙනෙක්ට ICT සම්බන්ධව කතා කරන්න ලැබුණු අවස්ථාව ලෝකලයිසින් ගැන ටිකක් හිතන්න මට අවස්ථාවක් දුන්නා.
සිම්පල් විධියම කිව්වොත් සමහර ලෝකලයිස් කිරීම් මට පේන්නෙ විකාර වගේ. අළුත් දැනුමක් ලෝකලයිස් වෙද්දි ඒ දැනුම සංක්‍රමණය වුණ භාෂාවෙන්ම දේශීයව භාවිතා වෙනව ඒක නම් ලොකු පහසුවක් වෙනව කියලයි මට හිතෙන්නෙ. උදාහරණයක් විධියට අපි පරිගණක තාක්ෂණයම ගත්තොත් ඒක ලෝකලයිස් වෙන්නෙ පට්ට අමාරු විධියට. පරිගණක තාක්ෂණය සිංහලෙන් ඉගෙනගන්න උත්සාහ කරපු කෙනෙක් ඒක දන්නව ඇති. එතනදි වැඩේ තවත් සංකීර්ණ වෙලා මිසක් ලේසි වෙලා නෑ.
ඉස්සර ඉඳන්ම අළුත් දැනුම ලෝකලයිස් කිරීමේ ව්‍යාපෘති තිබිල තියෙනවා. අනුර සී පෙරේරා, එස්. එම්. බන්දුසීල, ඊ.ඩබ්ලිව්. අදිකාරම් වගේ වියතුන් සිංහල භාෂාවෙන් විද්‍යාත්මක දේවල් ගැන ලියපු ලේඛකයො. ඒ අය ඔය විද්‍යාභිවර්ධන සංගමය වගේ ඒව එක්ක එකතු වෙලා වෙනත් භාෂාවලින් ආපු විද්‍යා දැණුම සිංහලෙන් කියන්න සිංහල වචන හැදුවා. ඊට පස්සෙ බිහි වුණ පරම්පරාවල් විද්‍යාව ඉගෙනගත්තෙ ඒ වචනවලින්. ඒක නිසා හැත්තෑව අසූව දශකවලින් පස්සෙ අපට විද්‍යාව ඉගෙනගනිද්දි ඒක ලෝකලයිස් වුණ දැණුමක් විධියට දැණුණෙ නෑ. විස්තාපනය, ත්වරණය, ප්‍රවේගය වගේ වචනවල තේරුම අපි දන්නෙ නැතිව වුණත් ඒව ඉගෙනගනිද්දි වෙන භාෂාවකින් නිපදවුණ දැණුම කියන වගක්වත් අපට දැණුණෙ නැත්තෙ ඒ නිසයි.
කොහොමත් විද්‍යාවෙන් ඉගෙනගත්ත දේවල් අපේ ප්‍රායෝගික ජීවිතේ එක්ක ඒ තරමට සම්බන්ධ වුණේ නෑ. පස්සෙ කාලෙකදි ඒ සම්බන්ධ විෂයන්වල වැඩ කරන්න ලැබුණ කෙනෙකුට මිසක් අනිත් කාටවත් ඒ දැණුමින් වැඩක් වෙලා නෑ. නිකංම දැණුමක් විධියට ඉගෙනගත්ත මිස ඒව ප්‍රායෝගික නොවුණ නිසා ගිරව් වගේ කටපාඩම් කරන්න කිසි බාධාවක් වුණේ නෑ.
නමුත් පරිගණක තාක්ෂණය ලෝකලයිස් වෙන්නෙ දැන්. ඒ තාක්ෂණය ගැන විධිමත් විධියට දැණුවත් වෙන්න කලින්ම පරිගණක තාක්ෂණය අපේ ගෙවල්වලට ඇවිත් ඉවරයි. ඔය ටෙක් ශ්‍රී ලංකා වගේ ආරම්භක අවදියෙ ආයතනවලින් පරිගණක දැණුම ව්‍යාපාරික මට්ටමින් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න කලින්ම ඒ දැණුම අවශ්‍ය අයට ළං වෙලා තිබුණ.
හැබැයි ඒ ලෝකලයිස් වෙලා නෙවෙයි. අමු ඉංග්‍රීසියෙන්. පරිගණක තාක්ෂණය පැත්තට යොමු වුණ ලාංකික මුල් පරම්පරා කීපයම ඒකට යොමු වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. තවමත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පරිගණකය ගැන උගන්වන්නෙ ඉංග්‍රීසියෙන්. මේක මහ ලොකුවට සිංහල කරන්න ඕන වෙලා තියෙන්නෙ රාජ්‍ය අංශයට. පාසල් විෂය මාලා වල සම්පාදකයන්ට. හැබැයි ඒක පට්ට එපාකරවන සුළුයි. ඉස්කෝලවල තොරතුරු තාක්ෂණ විෂය ළමයින්ට කොහොම දැණෙනවද කියල හොයල බලන්න පුළුවන් නම් මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.
මට හිතෙන දේ නම් දැණුම සංක්‍රමණය වෙන භාෂාව ලෝකලයිස් වෙන එක වැඩක් නැති දෙයක් කියල. විශේෂයෙන්ම ලෝකලයිස් වෙනකොටත් මිනිස්සුන්ට අමුතුවෙන් දෙයක් ඉගෙනගන්න වෙනවනම් ඒ ලෝකලයිස් වීමට වඩා මුල් භාෂාවෙන්ම ඉගෙනගන්න එක වඩා පහසුයි.
මෙතනදි ගැටළුවක් වෙන්නෙ වෙන භාෂාවකින් කියවෙන දැණුමක තියෙන පාරිභාෂික වචන ලෝකලයිස් වෙන්නෙ කොහොමද කියන එක. විශේෂයෙන්ම වෙනත් භාෂාවක වචන ඒ විධියටම පාවිච්චි කළොත් ලෝකල් භාෂාව හසුරුවද්දි තියෙන ආවේණික ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි උපකරණ සිංහලට ලෝකලයිස් වීමේදි පාවිච්චි වෙන 'එක' කියන වචනෙ සෑහෙන්න පාවිච්චි කරන්න වෙනවා. 'සීපීයූ එක', 'මව්ස් එක', 'කී බෝඩ් එක' වගේ. 'මොනිටර් එක' මේ වෙද්දි 'මොනිටරය' විධියට පාවිච්චි වෙනවා. නමුත් හැම වචනයක්ම එහෙම සුමටව සිංහලීකරණය කරන්න අමාරුයි.
ලෝකලයිස් වීම අවශ්‍යයි කියන අයට තියෙන ප්‍රධාන තර්කයක් විධියටත් ඒක මතුවෙනවා. භාෂාවේ සුමට බව විනාශ වීම. නමුත් ඒක ඒක ඒ තරම් ප්‍රශ්ණයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. දැනටමත් අපිට ගාණක් නැතිව සුමට වෙලා විශේෂත්වයක් නැතිව මුල් වදනයෙන්ම ලෝකලයිස් වුණ වචන කොයි තරමි තියෙනවද? අපි පාවිච්චි කරන සමහර පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි වචන වෙන භාෂාවකින් ආව බවක් අපි දන්නෙවත් නෑ. මොකද වචනවල තියෙන නුහුරු වීම කාලයක් යද්දි සාමාන්‍ය වෙනවා. අනික මවුස් එකට මූෂිකය කියල කොච්චර පොත්පත්වල ලිව්වත් ප්‍රැක්ටිකලි නොකියවෙන දෙයක්. එහෙම වුණා කියල අමුතුවෙන් භාෂාව දියුණු වෙන ඉලව්වක් වෙන්නෙත් නෑ. තව සංකීර්ණ වෙනව මිස.
නමුත් ලෝකලයිස් වීම ව්‍යාපාරික අගයක් ලැබෙන දෙයක් බවට පත්වීගෙන යද්දි මිනිස්සු කැමති වුණත් නැතත් ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක් වෙයි. ඒ වගේම දේශීයත්වය ප්‍රමෝට් කිරීමෙන් ලකුණු දමාගැනීම වගේ මේ කාලෙ ලේසියෙන් පොර වෙන්න පුළුවන් අවස්ථා මගඅරින්න කට්ටිය ලෑස්ති වෙන එකකුත් නෑ.
Showing posts with label technical. Show all posts
Showing posts with label technical. Show all posts
Saturday, 10 August 2013
Tuesday, 4 June 2013
ඔළුව ඇතුලෙ චිත්‍රපටි
ක්රූඩ්ස් බලල ඒකෙ ත්‍රිමාණ අත්දැකීම ගැන බලන්න සෙට්වුණ උං එක්ක සංවාදෙක ඉන්න ගමන් කල්පනාවට මුල පුරපු දේවල් ටිකක් ලියන්න හිතුණා නිකමට. චිත්‍රපටි බැලීම වගේම චිත්‍රපටිවලින් ගොඩනැගෙන අතුරු අවකාශය ගැනත් විමසිල්ලෙන් ඉන්න එක සාමාන්‍යයෙන් පිස්සු රසිකයන්ට තියෙන උවමනාවක්. ඒ පසුබිම ගැන කලින් මෙතන සහ මෙතන ලියවිලා තියෙනවා. ඒ එක්කම ඕනම කෙනෙක්ට අනාගතේදි චිත්‍රපටි නළුවෙක් වෙන්න අවස්ථාව සලසන විද්‍යාත්මක සොයාගැනීම ගැන මෙතන තියෙනවා. හැබැයි දිග චිත්‍රපටි බලන්න අකමැති අය මේ සටහනටත් කොහොමත් කැමති වෙන එකක් නෑ.
අපි පොඩි කාලෙ හෝ දැණෙන්න චිත්‍රපටි බලන්න පටන්ගත්තු කාලෙ කවදාවත් ලබන්න නොහිතපු අත්දැකීමක් ත්‍රිමාණ චලන රූප තාක්ෂණය ඔස්සේ අපට විඳින්න ලැබිල තියෙනව. ඒ හැකියාව චිත්‍රපටියක සජීවී බව තීවෘ කරන ප්‍රබල සාධකයක්. සාමාන්‍ය විධියට දෘෂ්‍ය රූප සහ හඬ විතරක් ආශ්‍රය කරගෙන චිත්‍රපටිය විඳිනවට අමතරව ත්‍රිමාණය ඔස්සේ අපට එක්තරා විධියකට විත්‍රපටියෙ තල දෘෂ්‍ය පරාසය තුල ගැඹුර ගැන අත්දැකීම විඳගන්න පුළුවන්. ඒක ඇත්තටම අපේ ඇස් රවට්ටනවා. ත්‍රිමාණය තලීය දර්ශන මාධ්‍යකින් පෙන්නන තාක්ෂණික පැහැදිලිකිරීම වීඩියෝ කතා කියන සම්පත් මෙතන කියල තියෙනවා.
ජුරාසික් පාක් චිත්‍රපටිය ප්‍රදර්ශණය වුණ කාලෙදි චිත්‍රපටි ශාලාවේ පුටුව යට ස්පීකර් හයි කරල ශබ්දයෙන් අමතර වින්දනයක් දෙන විධියෙ වැඩක් ක්‍රියාත්මක වුණා. ඒක ගැන ඊට පස්සෙ වැඩිය ඇහුණෙ නැත්තෙ සාමාන්‍ය දෙයක් වුණ නිසාද?
වෙනත් රටවල සිනමා ශාලාවේ පුටුව මෝටර්වලින් චලනය කරමින් චිත්‍රපටියෙ අවස්ථාවට අදාල කම්පනයන් ප්‍රේක්ෂකයට දැනෙන්න සලස්වන ක්‍රමයක් තියෙන බව කියවල තියෙනව. ලංකාවෙ එහෙම ශාලාවක් තියෙනවද මන්දා.
ඉස්සර රූපවාහිනියෙ ගිය beyond 2000 වැඩසටහනේ පෙන්නුව චිත්‍රපටියට අදාල එක එක සුවඳ වර්ග ඒ ඒ අවස්ථාවලදි නිකුත් කරන ක්‍රමයක් ගැන. මට මතක විධියට ඒක ජපානෙදි අත්හදා බලපු ව්‍යාපෘතියක්. ඒක අනුව සුවඳ වර්ග කීපයක් කාට්‍රිජ් විධියට පුටුවෙම තැනක රඳවන්න පුළුවන්. ඒ ඒ සුවඳ නිකුත් කරන්න ඕන වෙලාවල් චිත්‍රපටියෙ සේයා පටලය අනුව කලින් සැලසුම් කලාම චිත්‍රපටිය පෙන්වන අතරෙ අදාල අවස්ථාවලදි ඒ සුවඳ නිකුත් වෙනවා. ඒක වාණිජ මට්ටමින් ක්‍රියාත්මක වෙනවද කියන එක ෂුවර් නෑ. හැබැයි වෙනවනං ඒක වෙනම විධියෙ මාකට් එකකට දොර අරිනවා.
උදාහරණෙකට අපි හිතමු චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා පොල් සම්බල්, කුම්බලා කරවල බැදුම එක්ක කැකුළු හාලෙ බත් කන දර්ශනයක් තියෙනව කියලා. ඒක යද්දි කුම්බලා කරවල, පොල් සම්බල් සහ උණු බත්වල සුවඳ ශාලාව පුරා විහිදෙනවා. ඊට පස්සෙ ඉන්ටවල් දෙනවා. ඉන්ටවල් එකේදි සිනමා ශාලාවෙ කැන්ටිමේ තියෙනවා කුම්බලා කරවල, පොල් සම්බල් එක්ක උණු බත් පැකට්! බඩු විකිණෙන්නෙ නැති වෙයිද? (උදාහරණෙට පේස්ට්‍රිවලට වඩා බත් ෂේප් නේ)
මේ විධියෙ අමුතු අමුතු අතුරු ගැජට් කෑලි අටවපු පුටුවල ඉඳන් චිත්‍රපටි බලන්න දැනටත් අවස්ථාවක් තියෙනවා. හැබැයි සාමාන්‍ය චිත්‍රපටි ශාලාවකට ඒ වගේ දේවල් වියදම් වැඩි නිසා මේව තියෙන්නෙ ඔය ඩිස්නිලන්තෙ වගේ 'තීම් පාක්' සංකල්පයේ තැන්වල තියෙන සිනමා ශාලාවල කියල තමයි කියවන්න ලැබුණේ. ඒවට කියන්නෙ 4D චිත්‍රපටි ශාලා කියල.
ඒ කිව්වෙ අතුරු කතා ටිකක්. මම මේක ලියන්න හිතුවෙ අනාගතේදි චිත්‍රපටි වින්දනය කරන්න අපට මොන මොන විධියෙ තාක්ෂණයන් ලැබෙයිද කියන එක ගැන ටිකක් කතා කරන්නයි.
දැනට ගෙදරදි චිත්‍රපටියක් බලනවනං කෙනෙක්ට සිද්ධවෙනව තමන්ගෙ රූපවාහිනී හෝ පරිගණක තිරයේ සීමාවේ රැඳෙන්න. ටිකක් සල්ලි තියෙනවනං වීඩියෝ ප්‍රොජෙක්ටරයක් ගන්න පුළුවන්. ඒත් ඒවයෙ බල්බ් එක පිච්චුනාම දාගන්න එක මාර වාතයක්. ජංගම දුරකථනයේ ප්‍රොජෙක්ටරයක් ඇතුලත් වෙන කතාවක් ටික කාලෙකට කලින් කියෙව්වට ඒක තවම මාකට් වෙලා නෑ. Samsung galaxy beam කියල එකක් ගිය අවුරුද්දෙ ආවත් ඒ ගැන ඒ තරං හොඳ ප්‍රතිචාර ලැබිල නැද්ද මන්දා. මට හිතෙන්නෙ ඒකට හේතුව ප්‍රොජෙක්ටර් යාන්ත්‍රණය විසින් සෑහෙන්න විදුලියක් පාවිච්චි කිරීම වෙන්න ඕන. ඒක ජංගම දුරකථනයේ බැටරියට දරාගන්න අමාරුයි. නමුත් ඒකෙන් කියන්නෙ නෑ ප්‍රොජෙක්ටරේ ජංගම දුරකථනෙකට එන්නෙ නෑ කියල. වැඩේට ප්‍රමාණවත් බල සැපයුමක් හැදුණු දවසක ෆෝන් එක බිත්තියකට එල්ල කරලා අඩි තුන හතරක ප්‍රමාණයට චිත්‍රපටි බලන්න අපිට පුළුවන් වෙයි.
සිනමා ශාලා අතින් ගත්තොත් අපේ දෘෂ්‍ය පරාසය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ පුළුල් තිර සිනමා ශාලාවල හැදෙන්න ඉඩ තියෙනවා. දැනටමත් එහෙම ඒව තියෙනව කියල මම කියවල තියෙනවා. ඒකෙන් වෙන්නෙ සාමාන්‍යයෙන් අපට ඇස් දෙකෙන්ම ආවරණය වෙන අංශක 170ක විතර කෝණයක පරාසය තිරයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය වීමයි. ඒ කියන්නෙ ඒක ලොකු තිරයක්. ඒකෙන් චිත්‍රපටියක් නරඹද්දි අපිට තිරයේ සීමාව දැණෙන එකක් නෑ.
චිත්‍රපටිය රස විඳින එක ඊට වඩා පුද්ගලික මට්ටමට යද්දි අපට ලැබෙන්න පුළුවන් ගොගල්ස් දෙකක්. ඒ කියන්නෙ ඇස් සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ කණ්නාඩි යුවලක්. ඒකෙන් ආයෙමත් අපේ ඇස්වලට විතරක් පෞද්ගලික දෘෂ්‍ය පරාසයක දර්ශණ අපිට ලබා දෙනවා. මේක දැනටමත් වීඩියෝ ක්‍රීඩාවල තියෙන තාක්ෂණයක්. ඇත්තටම කිව්වොත් ඒ තාක්ෂණේ තවත් දියුණුයි. නිකංම නිකං චලන රූප පෙන්නනවට වඩා ඒකට පුළුවන් අපේ ක්‍රියාකාරකම් ඒ වෙලාවෙදිම සැකසුම් කරල වීඩියෝ ක්‍රීඩාවට යොමු කරවන්න. හැබැයි ඒ හැකියාව තනිකරම ගොගල්ස්වල හැකියාවක් නෙවෙයි. virtual reality හෙවත් අතථ්‍ය යථාර්ථය, augmented reality හෙවත් වර්ධිත යථාර්ථය වගේ තාක්ෂණයන් වීඩියෝ ක්‍රීඩාවලට ටිකෙන් ටික පැමිණෙමින් තියෙනව.
සමහර විට ඒ තාක්ෂණය චිත්‍රපටි කර්මාන්තයටත් ආවොත් අපි චිත්‍රපටි බලන විධිය සහමුලින්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට පැත්තක ඉඳන් චිත්‍රපටිය නරඹනව වෙනුවට අපට යම් යම් විධිවලින් චිත්‍රපටිය එක්ක ගණු දෙනු කරන්න පුළුවන් වෙයි. චිත්‍රපටිය විවිධ කැමරා කෝණ වලින් බලන්න පුළුවන් වෙයි. චිත්‍රපටියෙ දර්ශණ තල ඔස්සේ දුවගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම වෙන්න නං ඒ චිත්‍රපටිය තව දුරටත් සාමාන්‍ය විධියට හදපු චිත්‍රපටියක් වෙන එකක් නෑ. චිත්‍රපටි නිෂ්පාදන තාක්ෂණයත් ඒ එක්කම අළුත් වෙයි. කවුද දන්නේ.
ඔය ක්‍රමය තවත් දියුණු වෙද්දි අපට පුළුවන් වෙයි චිත්‍රපටියෙ චරිතයක් වෙන්න. ඒ කියන්නෙ කලින් කියපු අථත්‍ය යථාර්ථය හෙවත් සිංහලෙන් වර්චුවල් රියැරිටි වගේ තාක්ෂණේකින්. ඒ වෙද්දි චිත්‍රපටි ඇතුලෙ ප්‍රේක්ෂකයට ආදේශ වෙන්න පුළුවන් විධියෙ විවෘත වුණ චරිත නිර්මාණය වෙයි. තවත් ඉදිරියට යද්දි විත්‍රපටිය විවිධ විකල්ප අවසානයන් කීපයක් තියෙන විධියට නිර්මාණය වෙයි. එක්කෝ දුෂ්ධයා මැරෙයි. නැත්තං කෙල්ල තනි වෙයි. අවශ්‍ය අවසානය තීරණය කිරීම ප්‍රේක්ෂකයට ලැබෙයි. හරියට වීඩියෝ ගේම් එකකදි වගේම චිත්‍රපටියෙ ඇතුලෙදි අපට චිත්‍රපටිය වෙනස් කරන්න අවස්ථාවක් ලැබෙයි. වීඩියෝ ගේම් එකක් ඇතුලෙ වර්චුවල් චරිත රඟපානව වගේ චිත්‍රපටියක් ඇතුලෙත් කීප දෙනෙක්ට වර්චුවල් විධියට රඟපාන්න ලැබෙයි. එහෙම වුණොත් යාළුවො එකතු වුණාම චිත්‍රපටියක සජීවීව රඟපාන්න සෙට් වෙයි. තුන් හතර දෙනෙක් චිත්‍රපටියෙ චරිතවලට ඇතුල් වෙලා චිත්‍රපටියෙ ඇතුලෙ ජීවත් වෙමින් චිත්‍රපටිය රස විඳියි.
මේක මෙහෙම වෙන්නෙ නෑ කියල ඕන තරම් තර්ක ගේන්න පුළුවන්. නමුත් වර්තමානයෙදි ලෝකය ගමන් කරන්නෙ පෞද්ගලික රසවින්දනය පැත්තට. යම් දෙයක වින්දනය හැකි තරම් පෞද්ගලික වෙන විධියට ලබා දෙන්නයි මේ වෙද්දි කටයුතු වෙන්නෙ. මූඩ් එකට ගැලපෙන්න කැමතිම සින්දුව ඉල්ලනව වගේ අනාතගේදි මූඩ් එකට ගැලපෙන්න චිත්‍රපටියත් වෙනස් කරල ඉල්ලුවොත් දෙන්න බඩු තියෙන්න එපැයි ;-)
මෙතනදි මතක් වෙන්නෙ ක්ලාක් මහත්තයගෙ 3001 වීර චාරිකාවෙදි කියවෙන මොළ වැස්ම කියන උපකරණය. මේක තාක්ෂණිකව සහ ජෛව විද්‍යාත්මකව සැබෑ වෙන්න තව සෑහෙන කාලයක් යයි. තාක්ෂණය ගමන් කරන විධිය අනුව අනිවාර්යයයෙන් සැබෑ වෙන්න හැකියාව තියෙනවා. මේකෙ සංකල්පය ගොඩක් සරළයි.
අපි දන්නව අපිට සංවේදන කියල තේරෙන්නෙ මොළය විසින් තේරුම්ගන්න සංඥාවන් කියල. ඇස් වලින්, කන්, නාසය, දිව, ස්පර්ශය කියන භෞතික සංවේදකවලින් ලැබෙන සංඥා ඔස්සේ මොළය තේරුම්ගන්නව ඒ මොකක්ද කියල. මේ සංවේදන අපට විද්‍යුත් පරිපථයකින් ඉලෙක්ට්‍රොනික සංඥා බවට හරවගන්න පුළුවන් නම් අපට ඒකෙන් සෑහෙන්න දෙවල් ටිකක් කරන්න පුළුවන්. මොළ වැස්ම කියල කියන්නෙ මේ වැඩේ කරන උපකරණය. ඒක 3001 වගේ කාලෙ වෙද්දි හැමෝගෙම හිසේ හමට යටින් හිස් කබල මත තැන්පත් කරන පරිපථ ගොඩක් තියෙන තුනී හෙල්මට් එකක් වගේ එකක් කියල හිතමු. ඒකෙන් විහිදෙන ඉලෙක්ට්‍රෝඩ මොළයේ සංවේදන තේරුම්ගන්න සෛල දක්වා දිවෙනවා. ඒකෙන් මොළයෙන් නිකුත් කරන සංඥා විද්‍යුත් තරංග බවටත්, විද්‍යුත් තරංග මොළයෙන් තේරුම්ගන්න පුළුවන් සංඥා බවටත් පත් කරනව. ඒ වගේම ඒ සංඥා වෙනත් ග්‍රාහකයකට යවන්න පුළුවන් ගුවන් විදුලි පරිපථයකුත් මොළ වැස්මෙ තියෙනවා. සරළවම කිව්වොත් මොළේට කොම්පියුටරයක් හයි කලා වගේ වැඩක්. මේක නිකංම නිකං විද්‍යා ප්‍රබන්ධයක කතාවක් විතරක් නෙවෙයි. මේ දේවල් වර්තමානයෙදි පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනව.
මේකෙදි අපි හිතන දේවල් ලියනව හෝ කියනව වෙනුවට ඒව ඉලෙක්ට්‍රොනිකව වෙන තැනකට යවන්න පුළුවන්. ඒ වගේම අපට කියවන්න අවශ්‍ය දෙයක් දෑහින් කියවන්නෙ නැතිව කෙලින්ම මොළයට ඉන්පුට් කරන්න පුළුවන්. ඔයාල මේට්‍රික්ස් චිත්‍රපටිය බලල තියෙනවනං තේරෙයි මේ කියන්නෙ ඒකෙ කියන ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් ලෝඩ් කරන එක නේද කියලා.
චිත්‍රපටි බැලිල්ල මෙතනට සම්බන්ධ වෙන්නෙ එහෙම. ඒ කියන්නෙ තව දුරටත් චිත්‍රපටියට පිටින් ඉඳන් ඒක බලනව වෙනුවට මොළ වැස්ම ඔස්සේ අපට පුළුවන් චිත්‍රපටිය අපේ ඔළුව ඇතුලෙ විකාශය කරවන්න. මෙතනදි වෙන්නෙ අපේ මොළේට චිත්‍රපටියෙ රූප මාලාව පේන්න සලස්වන එක. ඒකට හරියන උපකරණයකුත් එයි. අපට අවශ්‍ය චිත්‍රපටිය අර උපකරණය මගින් ගුවන්විදුලි තරංග ඔස්සේ මොළ වැස්මට ලැබෙන්න සලස්වනවා. මොළ වැස්මෙන් ඒ රූප අපේ මොළයේ තියෙන දෘෂ්‍ය රූප තේරුම්ගන්න සෛල වලට ලබා දෙනවා.
නමුත් මට හිතෙන්නෙ ඒක ඊට වඩා දියුණු වෙයි. අර කලින් කියපු චිත්‍රපටියක් ඇතුලෙ චරිතයකට ආදේශ වෙලා චිත්‍රපටිය විඳින එක මොළ වැස්ම නිසා තවත් ඉදිරියට යයි. ඔන්ලයින් වීඩියෝ ගේම් සෙල්ලං කරනව වගේ අපි යාළුවො එක්ක චිත්‍රපටියෙ චරිතවලට ආදේශ වෙලා චිත්‍රපටි බලයි. ඒක වෙනකල් අපි වගේ උන් (මේ වෙනකල් මේක කියවන උන්) නොහිටියොත් හොඳා නැත්තං අර මත් වෙන ඒව පාවිච්චි කරනව වගේ දවස් ගණන් චිත්‍රපටි අස්සෙ ජීවත් වෙන්න ගනියි. ආර්ථිකේට කොයි තරං පාඩුවක්ද ;-)
_______________________________________________
බෝනස්
All Time 10s කියන යූ ටියුබ් චැනල් එකෙන් ලෝකෙ කාටවත් තවමත් පැහැදිලි උත්තර දීගන්න බැරි වුණ ගැටළු 10ක් ගැන විද්‍යාත්මක පදනමින් කතාකරන්න අවස්ථාවක් අරගෙන. අඩුගානෙ උන්ට ඒ ගැන කතාකරන්න තරං දියුණු කැපෑසිටියක් තිබීම ගැන ඉරිසියාවෙන් මාත් බැලුවා. කැමැත්තෝ ඒක ගිහින් බලත්වා.
Thursday, 26 March 2009
Lage Raho Munna Bhai බාගෙන බැලීම
Lage Raho Munna Bhai කියන්නෙ මම බලපු හොඳම හින්දි චිත්‍රපටි අතරිනුත් හොඳම එකක්. මේක ආවෙ 2006දි. මේකට කලින් Munna Bhai MBBS කියල එකකුත් ආව. ඒකත් මරු. ඒකටත් කලින් කමල් හසන් ඉන්න ඒකෙ දෙමළ පිටපත ඇවිත් තිබුණ. ඒකත් මරේ මරු.
මම Munna Bhai MBBS ගැන කියන්නෙ නෑ. ඒත් Lage Raho Munna Bhai ගැන නම් කියන්නම ඕන කියල හිතුණ. මේක මම මුලින් බැලුවෙ 2007දි විතර. ඒ දවස් වල ඒක තුන්පාරක් විතර බැලුවා එක එක යාළුවො එක්ක. චිත්තර පටි බාන්න අවස්ථාව ලැබීමත් එක්ක ආයෙත් මේක බැලීමේ උවමනාව ඇතිවුණා. පිළිවෙලින් බලන්න ඕන නිසා මුලින් Munna Bhai MBBS බැලුවා. ඒක torrent එකක තිබිලා දවස් එකහමාරක් තිස්සෙ මම බෑවා.
ඒ වුණාට Lage Raho Munna Bhai බාන්න torrent නෑ. තිබුණ එකත් දවස් දෙකක් විතර බෑවිලා 60% විතර නතර වෙලා තියෙනවා දැකලා මගේ හිත දුක් වෙන්න ගත්තා. හොයන්න පුළුවන් හැම තැනම හෙව්වත් හම්බ වුණේ නෑ torrents. තිබුණ ඒවයෙත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කලේ නැති නිසා ඊට පස්සෙ direct links හොයන්න ගත්තා.
Direct links තිබුණෙත් Rapid Share ඒවයි. ඒ ගැන හැමෝම දන්නව ඇතිනේ. මම නම් ආසම නැති වෙලයි හිටියෙ RS වලට. නමුත් Lage Raho Munna Bhai බාන්න වෙන විකල්පයක් තිබුණෙත් නැති නිසා මම වෙන ක්‍රමයක් බැලුවා. පස්සෙ ගුගල් දෙයියන්ගෙ උදව්වෙන් මෙන්න මේ මෘදුකාංගය හොයාගත්තා. මේකෙ නම Rapidshare Auto Downloader. හරිම ප්‍රයෝජනවත් උපාංගයක් වෙනව මට ඉදිරියෙදි. ඔයාලටත් වැදගත් වෙයි. අපට අවශ්‍ය ගොනු වල RS ලිපින මේකට ඇතුල් කලාම මේකෙන් පිළිවෙලින් එක එක බානව. waiting time එකේදි මෙයා වරින් වර request යවල waiting time එක ඉවර වුණ ගමන් ඊළඟ ගොනුව බාන්න ගන්නව. දාගෙන බලන්න. සමහර විට torrents වල seeds නැති චිත්‍රපටි බාද්දි RS links තිබුණොත් මේක වැදගත් වෙයි.
ලගේ රහෝ මුන්නා භායි එකේ කතාව තිර රචනය සංස්කරණය සහ රඟපෑම් ඉතාම ඉහලයි. සංජේ දත්ගෙ රඟපෑමටත් වඩා මම එයාගෙ සගයා සර්කිට්ගෙ රඟපෑමට ආසයි. දෙන්න පොඩි එවුන් වගේ විහිළු කතා කියද්දි පණ යනකන් හිනා වෙන්න පුළුවන්.
මෙතනින් බලන්න ලගේ රහෝ මුන්නා භායි එකේ විස්තර.
මෙන්න මෙතන හොඳ avi පිටපතක් තියෙනව.
මෙතන තියෙන්නෙ mkv පිටපතක්. හැබැයි ඒකෙ ඉංග්‍රීසි උපසිරැසි embedded.
මෙන්න සින්දුවක්.
Pal Pal Har Pal - Lage Raho Munna Bhai

Monday, 9 March 2009
උළුපුව රත් වූ නිසා...
දවසක් දෙකක් මුළු රැයක් පුරා චිත්‍රපටි බාද්දි මගේ උළුපුව හොඳටම රත්වෙනව කියල මට තේරුණ. ඒකට කරන්න තිබුණෙ රත්වීම වලක්වන ක්‍රමයක් හොයාගන්න එකයි. නමුත් heat sink එකක් වගේ දෙයක් හොයාගන්න තිබුණෙ නෑ. මට මතකයි කවුදෝ බ්ලොග් මිතුරෙක් හොඳ ඇලුමිනියම් heat sink එකක් හයි කරල වැඩේ කරගෙන තියෙනව ලියල තිබුණ. ඒ යාළුවව දැන් මට මතක නෑ. මේක කියෙව්වොත් අදාල සටහනට link එකක් දෙන්න comment එකක් විධියට.
කොහොම හරි මට එහෙම එකක් හොයාගන්න ලැබුණෙ නෑ.
කුස්සිය පැත්තෙ යවුමක් දාද්දි තිබුණ ඇළුමිනියම් කෝප්පයක්. ඒක ගෙනත් උළුපුව උඩ තිබ්බා. එතකොට වැඩේ හරි ගියාට කෝප්පෙත් එකසිය ගානට රත් වෙනව. ඉතිං මොකද කලේ. දැම්ම කාලක් විතර පිරෙන්න වතුර. ඊට පස්සෙ ඔන්න නියමෙට වැඩ. උළුපුවත් රත් වුණාට දැන් සෑහෙන්න අඩුයි.
ඉතිං වැඩේ හරි. වතුර ටික වාෂ්ප වෙද්දි තව ටිකක් දාන්න විතරයි තියෙන්නේ. හැබැයි වතුර දාන්න ගිහිල්ල හලාගත්තොත් නාන්නයි වෙන්නේ.

TCP View - කලාට කමක් නෑ කෙලවගන්න එපා...
සාමාන්‍යයෙන් තාක්ෂණික දේවල් ගැන කියන්න තරම් මම ඒ ගැන දන්නෙ නෑ. මම හිර වෙන වෙලාවලදි කොහෙන් හරි හොයාගෙන ගැලවෙනව මිස ඒ දේවල් මට මතක තියෙන්නෙ නෑ. ඒ නිසා එකම දේ දෙපාරක් කරද්දි මම එක වගේම නාන්න පුළුවන්.
කොහොම වුණත් අද මට හම්බ වුණ TCP View කියන පුංචි මෘදුකාංගය මගේ පරිගණකයේ ඇති කරපු වෙනස නිසා මේක බෙදාගන්න හිතුවා. සමහර විට මේ ගැන ඔයාල දන්නව ඇති. පුළුවන් නම් වැඩි විස්තර කියල දෙන්න.
මගේ ජාල සම්බන්ධයේ වේගය එන්න එන්නම දුර්වල වුණ හින්ද මම එක එක ඒව කල්පනා කලා ඒකට හේතුව හොයන්න. මට හිතුණ මගේ පරිගණකයෙන් ඇති කරගන්න සම්බන්ධතා ප්‍රමාණය යම් විධියකට බලපානව ඇති කියල. රවුටරෙත් හැමවෙලේම රත් වෙන්නෙ නෑනේ. ඒ නිසා මම නිකං google දෙයියගෙ කණට මෙහෙම කෙඳිරුව
view list of network connections
මේක මුමුණන්න කලින් එක එක ඒව කියල බැලුව. හරි ගියේ මේක විතරයි.
කොහොම හරි ඒකෙදි ලැබුණ ප්‍රතිචාර ඔස්සේ ගියාම මට TCP view බාගන්න සබැඳිය හම්බ වුණා. මේක පුංචි zip ගොනුවක එන exe ගොනුවක්. ඒක දුවද්දි දැනට පරිගණකයෙන් ජාලයට සම්බන්ධ වෙලා තියෙන සේරම සම්බන්ධ පෙන්නනවා. මම ඉතිං ආතක් පාතක් නැති කීපයක් select කරලා right click කරලා delete කලා. අවුලක් නැ. තව ටිකක් කලා. හ්ම්... වැඩ. අන්තිමේ අර svchost කට්ටියගෙ ටිකකුත් මැකුවා. එතකොට නම් යන්තරේ හරිම කාරුණිකව restart වෙන බව කියල මිනිත්තුවකින් restart වුණා.
ඊට පස්සෙ ඉඳන් මාර speed නෙ අනේ.....
(ඒ කිව්වෙ අපට පෙන්නන උපරිමය වෙන 50KBps තමයි)
මේ ගැන දන්න කෙනෙක් මේක පොඩ්ඩක් බලල අයින් කල යුතු නැති system connections ගැන ටිකක් කිව්වොත් නියමයි.

Subscribe to:
Posts (Atom)