Showing posts with label media. Show all posts
Showing posts with label media. Show all posts
Friday, 3 May 2013
ඔබේ නිවසට සිරිකත කැන්දන ගෙලුගන් ගල්
ඇය හිතුවෙ ඈ ඉන්නෙ තනියෙන් කියලා. ගෙවුණු දිනයේ හෙම්බත්කමින් මිරිකිලයි ඈ හිටියෙ. ඒ නිසාම ඈ සළු පිලි උනා දැම්මෙ නිදහසේ පැය කීපයක් වැතිරෙන්න... ඒත් ඇයට ඈ හිතපු නිදහස ලබන්න වුනේ නෑ... කවුළු තිර අතරින් අඳුරු පසුබිමේ ඈ දුටුවෙ දිලිසෙන ඇස් දෙකක්...
ලෝක රූප රාජිණියගේ අභිරහස් මරණය...
දැනගන්න නම් අද හවස 7ට මයිල් කෙලින් වෙන රාත්‍රිය සමග රැඳෙන්න...
චා... එෆ් එම්!
හොඳයි... අදත් හැම සතියෙම වගේ සතියේ කතා බහ විශේෂාංගය තුලින් අපි එකතු වෙන්නෙ ඔබ හොඳින් හඳුණන හිතවතෙක් එක්ක කතා කරන්න. රූපවාහිනියෙත්, ගුවන් විදුලියෙත්, මුද්‍රිත මාධ්‍යවලත් මෙතුමා ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම කොරියාවේ රන්පතකින් හෙලිවුණ ගෙලුගන් ගල් අපට හඳුන්වාදීමේ ගෞරවය හිමිවෙන්නෙ ඔහුටයි. ඔහු තමයි ලෝක පූජිත දේශමාමී දේශ ශක්ති දේශබන්ධු ආචාර්ය සම්පත් ඉසරුවර්ධන මහතා. ඔබත් යස ඉසුරින් පිරුණු ජීවිතයක් ගෙවනව නම් ඒ මෙතුමා හඳුන්වා දුන් ගෙලුගන් ගල්වල ආනුභාවයෙන් කියන එක අපට හොඳටම විශ්වාසයි. ඔබට දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඔබ හොඳින් දන්න අපේ දුරකථන අංකය ඔස්සේ. ඔබට තියෙන ගැටළුව කතා කරන්න අපි මේක අවස්ථාවක් කරගන්නව. අපි එහෙනම් කතාබහ පටන් ගමු. සුභ උදෑසනක් ඔබට ඉසුරුවර්ධන මහත්තයා.
සුභ උදෑසනක්...
මුලින්ම අපට කියන්න ඔබේ රසිකයින්ට දැනගන්න ඔබ මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල සෑහෙන්න කාර්ය බහුලයි. මම අළුතෙන් බැටික්ලෝවල අවුට්ලට් එකක් ඕපන් කලා පෙරේදා. කැන්ඩිවල 3 වෙනි ෂොප් එක කිංස්ට්‍රීට් එකේ ලබන සතියෙ ඕපන් කරනවා. ඒකටත් මහන්සි වෙනවා. ඊට අමතරව මගේ ප්‍රින්ටින් ෂොප් එකත් වැඩ කෙරීගෙන යනවා. හැමදාම උදේට මර්ණවාහිනියෙ සතියේ ගෙලුගන් ඵලාපල කියන වැඩෙත් කරනවා. අද හවස ගොරටීවී චැනල් එකේ බියුටි කන්ටෙස්ට් එකේ ජජ් බෝඩ් එකට යන්නත් ඕන. ඒ වගේ ඉවෙන්ට්ස් කීපයක්ම ඉස්සරහට තියෙනවා. මගේ මස්සිනා ලියපු ‘හිතපු තරම් ගඳ නෑ‘ පොතෙන් ෆිල්ම් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ඒකට ඩිරෙක්ටර් කෙනෙක් හොයනවා. ඒව තමයි මේ දවස්වල කරන්නේ. ඊට අමතරව ඉංග්ලිෂ් ක්ලාස් එකකට යනවා.
හොඳයි අපට කියන්න ගෙලුගන් ගල් කියන්නෙ මොනවද?
ඔව් බොහොම හොඳ ප්‍රශ්ණයක්. සරලවම කිව්වොත් ගෙලුගන් ගල් කියන්නෙ ඕන කෙනෙක්ගෙ නිවසට සිරිකත කැන්දන ගල් විශේෂයක්. මේව ගෙදර තියාගත්තම නිවසේ ශ්‍රියා කාන්තාව නිතර වැඩ ඉන්නවා.
ඔබ කොහොමද මේක හොයාගත්තේ?
මේක මම හොයාගත්ත දෙයක් නෙවෙයි.කොරියාවෙන් හම්බුණ රන්පත් කීපයක තමයි මේ ගැන සම්පූර්ණ විස්තර තිබිල තියෙන්නේ. ඒක අවුරුදු දහස් ගාණක් වැලලිලා තිබුණ ශාස්ත්‍රයක්.
ඔබට ඒ රන්පත් හම්බ වුණාද?
ඔව් ඔව්. මම කාලයක් කොරියාවෙ වැඩ කලා දැන් අවුරුදු කීපෙකට කලින්. ඒ කාලෙ මුණ ගැහුණ කොරියන් මනුස්සයෙක් තමයි ඒ ගැන මට කිව්වෙ. එයා ගාව තමයි ඒ රන්පත් තිබුණෙ. ඒ වුණාට කොරියාවෙත් ඒක ගැන දැනගෙන හිටියෙ නෑ කවුරුත්. මමත් ඒ දවස්වල ඒක ඒ තරං ගණන් ගත්තෙ නෑ. ලංකාවට ඇවිත් රස්සාවක් නැතිව එහෙ මෙහෙ ඇවිදිද්දි තමයි මට හිතුණෙ ගෙලුගන් ගල් වැඩේට බහින්න ඕන කියලා.
ඔබට කොහොමද ඒ පෙළඹවීම ආවෙ?
ඔය කන්න බොන්න නැති වුණාම මං මළ ගෙවල්වලට රිංගලා කෑම කාපු වෙලාවල් තිබුණා. ඒවයෙදි කවුරුවත් හොයන්නෙ නෑනෙ. ඔහොම ගිය වෙලේක දවසක් පාංශුකූලෙ දෙනකොට හාමුදුරුවො බණට කිව්වා චුල්ලසෙට්ඨි ජාතකය. අර මනුස්සයෙක් මීයෙක් විකුණලා දියුණු වෙන්නේ... අන්න ඒ කතාව. ඒක මට හොඳට වැදුණා. මම ඒ අනුව හිතුවා. කන්න බොන්න නැති වුණාම නිර්මාණශීලී අදහස් එන්නෙ නෑ කිව්වට මට ආපු අදහස හරියම හරි ගියා. අනික මේක ජනතා සේවයක් නිසා දෙවියන්ගෙ ආශිර්වාදය මට හැමදාම තිබුණා.
ඊට පස්සෙ මම කැළණි ගඟේ බැහැලා බෝල ගල් ගොඩක් එකතු කරගත්තා. අර කොරියන් යාළුවට කියල එයා ගාව තිබුණ රන්පත් ෆැක්ස් කරවගත්තා. ඒ මන්ත්‍ර 432 වතාවක් ජප කරලයි අර ගල් ගෙලුගන් ගල් බවට පත් කරගත්තේ. ඊට පස්සෙ මම පාරෙ අයිනෙ, බස් හෝල්ට්වල, බස් ඇතුලෙ බිස්නස් පටන්ගත්තා. ජනතාව මේ ගැන දැනගත්තා. දැන් අපේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රියා මන්දිරයේ ඔරිජිනල් රන්පත් තැන්පත් කරල තියෙනවා.
ඔබේ අනුගාමිකයින් ගෙලුගන් ගල් ගැන හොඳ අවබෝධයක් තියෙන අය. ඒත් අද මේ වැඩසටහන අහන අළුත් අසන්නන්ට දැනගන්න අපි කියමු ගෙලුගන් ගල්වලින් කෙරෙන දේවල් ගැන.
මේක ඇත්තටම දියුණු ශාස්ත්‍රයක්. අපට ලැබුණ රන්පත් අනුව මේක අවුරුදු 10000කට විතර කලිනුත් මිනිස්සු පාවිච්චි කරල තියෙනවා. මේක ටිකක් සංකීර්ණ ශාස්ත්‍රයක්. ඒ නිසාම මේක හරියට නොදැන කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසාම සෑම ගෙලුගන් ගල් 5ක් එක්කම අපි සරළ උපදෙස් පත්‍රිකාවක් ලබා දෙනවා.ඊට අමතරව අපේ ගෙලුගන් සාප්පුවලින් ඔබට විස්තරාත්මක උපදෙස් තියෙන පොත් මිලට ගන්න පුළුවන්. ඒ වගේම ගෙලුගන් විසිතුරු ගස්, ගෙලුගන් පින්තූර, ගෙලුගන් සබන්කැට, ගෙලුගන් හඳුන් කූරු, ගෙලුගන් සුවඳ පැන්, ගෙලුගන් ඩිෂ්වොෂ්, ගෙලුගන් ටොයිලට් පේපර් වගේ ඔබේ නිවසේ ප්‍රසන්න බව ඇති කරන වටිනා දේවල් ඔබට මිලට ගන්න පුළුවන්.
ගෙලුගන් ගල්වලට අමතරව ඔය මම කියපු අනිත් දේවල් ඇත්තටම උවමනා වෙන්නෙ ගෙලුගන් ගල්වල බලය වැඩි කරන්නයි. ඒ හැම නිෂ්පාදනයක් ගැනම සරල උපදෙස් අඩංගු පොත් ඔබට මිලට ගන්න පුළුවන්. ඔබට වඩාත් විස්තරාත්මක තොරතුරු අවශ්‍යනම් විස්තරාත්මක පොත් පෙලක් අපි පසුගිය සාහිත්‍ය මාසෙදි නිකුත් කලා. ඒව ටිකක් මිලෙන් වැඩියි. හැබැයි වර්ණ පින්තූර සහ උපදෙස් පාඨ ඇතුලත්. ඔබට ලේසියෙන් අමතක නොවෙන්න අපි ජනප්‍රිය ගීත වල තාලයට ගෙලුගන් පාඨ සකස් කරල තියෙනවා ඒ පොත්වල. වියදම් කරන මුදල ඔබට කවදාවත් පාඩුවක් නොවෙන බවට ඒ පොත් ගැන මම සහතික වෙනවා.
ගෙලුගන් ගලකින් ඇත්තටම කරන්නෙ ඔබේ නිවසේ ශ්‍රියා කාන්තාවට රැඳෙන්න පහසු සුවදායී පරිසරයක් ඇති කිරීමයි. මේ ශ්‍රියා කාන්තාව කියන්නෙ ඇත්තටම දෙවි කෙනෙක්. කොරියාවෙදි ඇයව ගොඩක් ඉහලින් පූජාවට ලක්වෙන දෙවඟනක්. ඇය හැමෝගෙම නිවසේ රැඳෙන්න හැකියාව ඇති කෙනෙක්. නමුත් ඇයව දිගින් දිගට රඳවා තබාගැනීමේ හැකියාව හැමෝටම නැහැ. ගෙලුගන් ගල්වලින් ඔබට ඒ පහසුකම සපයනවා.
ඒ කියන්නෙ ගෙලුගන් ගලක් ගෙදර තියාගන්න එක ඒකට ප්‍රමාණවත්ද?
නෑ නෑ.. එහෙම බෑ. අඩු තරම එක කාමරේකට ගලක් හෝ දෙකක් විධියට තියන්න අවශ්‍යයයි. ගල් දෙකක් හෝ තුනක් හෝ උපරිම 5ක් පමණ වෙනකල් තැබුවට කමක් නෑ. ඒව නිකංම තියලත් හරි යන්නෙ නෑ. ඒකට ලඝු ගණක ආශ්‍රයෙන් හදපු වගුවක් තියෙනවා. ඒ කෝණවලට අනුව ගල් තියන්න ඕන. ඒ ගැන විස්තරාත්මක උපදෙස් තියෙන පොතකුත් අපි දැන් නිකුත් කරල තියෙනවා. ඒකත් එක්ක නොමිලේ ලබන ජූනි 30 දක්වා අපි ගෙලුගන් මානයක් ලබා දෙනවා. මේක වාත්තු කරපු තඹ වලින් හදපු කෝණ මාණයක්. නමුත් ගෙලුගන් කෝණ ගණනය කරගන්න බොහොම පහසුයි මේකෙන්. පොතත් එක්ක ඒක නොමිලේ හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔබට මේක වෙනම ම මිලදී ගන්නත් පුළුවන් ජූනි 30ට පස්සේ...
පොඩ්ඩක් ඉන්න අපට දුරකථන ඇමතුමක් එනවා... කතා කරන්න කවුද මේ...?
හලෝ...
ඔව් ඔබව ඇහෙනව කතා කරන්න...
හලෝ...
ඇහෙනව ඇහෙනව කතා කරන්න...
ආ මහත්තයෝ මං මේ මුතූ කතා කරන්නෙ මහරගමින්...
ඔව් මුතූ මහත්තය ඔබේ ගැටළුව ඉදිරිපත් කරන්න...
ආ... මහත්තයො මේකයි... අපේ ගෙදර හරි හතරැස්. ළඟදි හැදුවෙ. ප්‍රශ්ණෙ කියන්නෙ ගෙදර බ්‍රහ්ම පාදය පෑගෙනවනේ. ඒක කමක් නෑ තියල තමා බාස් උන්නැහේ කිව්වෙ. ඒ වුණාට ගිය සතියෙ උදේ චොර ටීවී එකේ අළකොළ හෙවණට ඇවිත් ඔබතුමා කිව්වනෙ ඒක හොඳ නෑ කියලා.. මට ඒකට මුකුත් කරන්න පුළුවන්ද කියල දැනගන්නයි ඕන.
ඔව් මේක ගොඩ දෙනෙක් වැඩිය ගණන් ගන්නෙ නෑ. ගෙදරක බ්‍රහ්ම පාදය කියන්නෙ ගෙදර කේන්ද්‍රය. ගෙදර ප්‍රධානම තැන. අපි ගෙදර තලීය වස්තුවක් කියල සැලකුවොත් බ්‍රහ්ම පාදය තමයි ගෙදර බර දරණ තැන. ඒක පෑගෙනව කියන්නෙ කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. ඒකට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. උදාහරණෙකට ඔබට පුළුවන් ඔය හිටවල තියන්න පුළුවන් රුක් කලාවක් වගේ එකක් බ්‍රහ්ම පාදය ගාව තියන්න. එහෙම නැත්තං ඒ විධියෙ මොකක් හරි කලාත්මක, ප්‍රසන්න දෙයක් එතන තියන්න පුළුවන්. ඔබ මහරගම නිසා අපේ ප්‍රධාන ගෙලුගන් මන්දිරයට අදම ගියොත් ඔබට කැමති විධියෙ විසිතුරු භාණ්ඩයක් මිලට අරන් එතන තියන්න පුළුවන්.
හොඳයි... පිළිතුර ප්‍රමාණවත් ඇති. ඔබ කියමින් හිටියෙ නිවසේ ගෙලුගන් ගල් තබන විධිය ගැන...
ඔව්... ගෙලුගන් ගලක් නිකංම නිකං මේසයක් උඩ තියල හරි යන්නෙත් නෑ. ඔබට වෙනම ම ටීපෝවක් ගෙදර නැතිනම් ඒකට වෙනම ගෙලුගන් ටීපෝවක් අවශ්‍ය නම් මිලට ගන්න පුළුවන්. ඒ උඩ විශේෂ සේලයක් අතුරල ඒ මත විශේෂ ගෙලුගන් මැටි පීරිසියක් තියල ඒක තුල තමයි ගල් තියන්න ඕන. මේ ගැන වැඩි විස්තර ඔබව අපේ දිවයින පුරා පැතිරුණ ශාඛා ජාලයෙන් දැනගන්න පුළුවන්. ඒ සේල සහ පීරිසිත් මිලට ගන්න පුළුවන්. දැන් හැම ප්‍රධාන දිස්ත්‍රික්කයකම අපේ ගෙලුගන් මන්දිර තියෙනවා. ඊට අමතරව සාප්පු 47ක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මේ ඕනම තැනකින් ඔබට ගෙලුගන් නිෂ්පාදන මිලට ගන්න පුළුවන්.
එතකොට මගේ ගෙදර කාමර තුනකට මම ගෙලුගන් ගල් පහළොවක් එක්ක ඔබේ වෙනත් උපකරණත් අරගෙන තැන්පත් කලාම ඒක ප්‍රමාණවත්ද?
මෙහෙමයි. අපි මිනිස්සු විධියට අපිරිසිදු සත්ත්ව කොටසක්. ඒ නිසා ගෙලුගන් ගලක ක්‍රියාකාරිත්වය අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් විතරයි පවතින්නේ. මොකද අපේ ශ්වාසයෙන්, වෙනත් අපද්‍රව්‍යවලින් ගෙලුගන් ගල්වල ශක්තිය හීන වෙනවා. ඒ නිසා අපි නිර්දේශ කරන්නෙ සෑම මාස 14කටම සැරයක් ගල් මාරු කරන්න කියලයි. මොකද ඒක නිසා ඔබට ආයෙමත් අළුත් ජවයක් එනවා. ඔබේ ජීවිතේට ජවය උවමනායි. සාර්ථකත්වයේ එක රසහක් තමයි ජවය. මෝල්ට් තේ එකකින් ඒක ලබන්න බෑ.
හොඳයි ඔබ ආයෙත් ප්‍රශ්ණයක් අහන්න උවමනා නොවෙන්න සේරම දේවල් කියල දැම්මා. දැන් අපේ කාල වේලවත් අවසාන වෙන්න ළඟ නිසා අවසානෙට කියන්න ඔබට දෙයක් තියෙනවද?
ඔව්. මුලින්ම කියන්න ඕන ඇතැම් අය හිතනවා මේක බොරුවක් කියල. මම ඒ අයට අභියෝග කරනව එයාල දන්න දෙයක් නෑ කියල. මේක බොරු නම් රටේ ලක්ෂ ගාණක් ජනතාව මේක විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා තමන් දන්න දෙයක් කතා කරන්න කියල මම ඒ අයගෙන් ඉල්ලා සිටිනව.
මේක දැන් ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනව. ඇමරිකාවෙ මේක ගෙලුගන්වාදය කියල හඳුන්වන චින්තකයො ඉන්නව. මේ ගැන විශ්ව විද්‍යාලවල උගන්වන්න පාඨමාලා සකස් වෙනව. අපේ රටේ ජනාධිපතිතුමා, එතුමගෙ නෑයො, ලොකු ඇමතිවරු, දේශපාලන නායකයෝ, කලාකරුවො, ක්‍රිකට් ක්‍රීඩකයො, විශ්ව විද්‍යාල ආචාර්යවරු මේ ගෙලුගන් ගල් නිසා සාර්ථක වෙලා තියෙනව. මේ ළඟදි ගොඩක් ජනප්‍රිය වුණ ‘ඔබ ලස්සන හොටු පෙරෙනකොටයි’ සින්දුව කියන තරුණ ගායිකාව මගේ කිට්ටු රසිකාවියක්. එතකොට ඔය ගැන්නම් ස්ටයිල් සින්දුව කියන ප්සයි කියන්නෙ උග්‍ර ගෙලුගන් අනුගාමිකයෙක්...
මගේ රසික ජනතාවට සහ පාරිභෝගිකයන්ට මම බොහොම ආදරෙන් ස්තූති කරනව. ඔබ තමයි අපේ ශක්තිය. ඒ ශක්තිය තමයි නැවත ඔබට වාසනාවක් වෙන්නේ. දිගින් දිගටම අපේ ගෙලුගන් නිෂ්පාදනවලින් ඔබේ ගෙදර ශ්‍රියාමත් නිවසක් කරගන්න. ඔබට අවශ්‍ය ඕනම වෙලාවක ඔබේ ජීවිතේට සහනයක් වෙන්න අපි සූදානම්. බොහොම ස්තූතියි.
හොඳයි. ඔබටත් බොහොම ස්තූතියි අද මේ වගේ කාර්ය බහුල දවසක හරි ඇවිත් අපිව ගෙලුගන් ගල් ගැන දැනුවත් කලාට. අද අපි කතා කලේ මේ වෙනකොට ලෝකෙ පුරා මිනිස් ජීවිත සාර්ථක කරන ගෙලුගන් ගල් ගැනයි. ඒ ගැන කතාකරන්න අපිත් එක්ක එකතු වුණ ලෝක පූජිත දේශමාමී දේශ ශක්ති දේශබන්ධු ආචාර්ය සම්පත් ඉසරුවර්ධන මහතා වෙත අපේ ගෞරවනීය ආදරය පුද කරනවා. බොහොම ස්තූතියි
මේ විරාමයෙන් පස්සෙ හරේගේ අප්සෙට් ගී සමග රැඳී ඉන්න ආරාධනා කරමින් මම ඔබෙන් සමුගන්නවා.ස්තූතියි!
මේ සති අන්ත ජාතික ගුවන් විදුලියක විකාශය වීමට නියමිත නැති සම්මුඛ සාකච්ඡාවකි.
Friday, 12 April 2013
ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!
පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.
සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න තරං ඇම්මක් තියෙන උන් නං ටිකක් අඩුයි. නමුත් කොයි කවුරුත් සින්දුනං අහනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට සින්දු අහන්නෙ අහන්නං වාලෙ කිව්වොත් හරි. කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි, බූට් එකක් එහෙම කෑවම නං සින්දු හිටු කියලා මතක් වෙනව වුණාට සාමාන්‍යයෙන් වෙන අවස්ථාවලදි අපි සින්දු සීරියස් ගන්නෙ නෑ.
හැබැයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ සීරියස් වැඩක්. අඩු ගානෙ මම එහෙම හිතන්න කැමතියි. ඒ නිසාම ඒක අළුත් වැඩක් විධියට අඳුණගන්න තවත් සාධකයක් එකතු වෙනවා. රහක් නැති දියාරු බෝරිං සංගීත ව්‍යාපෘති අතරෙ මේක දැණෙන වැඩක් වෙන්නෙ ඒක නිසයි.
මුල්ම කාරණේ මට මේක සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරිවීම. ඒ කියන්නෙ ගෙදර ඉඳන් නිදහසේ අහන තරම් අවබෝධයෙන් මේක පහලට යවාගන්න බැරි වීම. දැනීම්, විඳීම් අතින් නම් වැඩේ යන්තම් ෂේප් කරගත්තා. නමුත් මේක එතනින් නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනිලා විඳලා එතනින් නතර කරන්න නම් මේ ගැන මෙහෙම කතා කරන එකෙත් වැඩක් නෑ.
ඒ නොහැකි වීමට හේතු වෙන පළවෙනි එක කොළඹ ආවම හැදෙන හිසේ ඇම්ම. සාමාන්‍යයෙන් ඇම්ම තියෙන්නෙ වෙන තැනක වුණාට කොළඹදි හිසේ ඇම්මකුත් එනවා. ඒක මට මෙතනට සෙට් වෙන්න ලොකුම බාධකය වුණා කියල මට හිතෙන්නෙ. අනිත් කාරණේ ඒක බලන්න යන්න සෙට් වුණ උන් ටික. උන්ගෙ රහ තිබුණෙ වෙන තැනක ;-) එතන වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණ නිසා ඒකට සෙට් වෙන එක ප්‍රධාන වුණා. ඒ නිසා මේ සටහන ලියන්නෙ ඩවුන් ටවුන් පල්සෙදි රැප් කියපු drill team එකේ සින්දු එකහමාරක් විතර යද්දි නැගිටල ආපු එකෙක්.
ඩවුන් ටවුන් පල්ස් නිකංම නිකං සංගීත ප්‍රසංගයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මේ ගැන දැනටමත් තැන් කීපයක කතා කරල තියෙනව මම දැක්ක. ප්‍රධානම දේ මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් වුණ ශිල්පීන් ප්‍රධාන ධාරාවේ නිර්මාණකරුවො නොවීම. ඔවුන් විකල්ප සංගීතවේදීන් වීම. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල මේක කියවගෙන යනකොට සමහර විට පත්තු වෙයි. අනිත් කාරණේ ලංකාවෙ අපි ඉන්න සමාජ තලයෙදි ලයිව් නෑසුණ සංගීතයක් වෙනුවෙන් ඉඩක් ලැබීම. ඒ සංගීතය තුල සිංහල චවන මීට පෙර ඇහුණට වඩා වෙනස් විධියකට හඬනැගීම.
ප්‍රසංගය සම්බන්ධ මතකය පින්තූර ටිකකට එහා ගෙනියන්න අවස්ථාවක් ලබා දීම තමයි අනිත් විශේෂත්වය. ඒ තමයි මහා Down Town Pulse පුස්ථකය.
![]() |
| පොත |
මේ වැඩේ කරන බේකරියෙ සෙට් එකේ විරාජ් මහත්තය මෙතන කියල තියෙන විධියට ලංකාවෙ විකල්ප සංගීතයේ මෑත යුගයේ තදයො විධියට අපි දන්න ඉන්ද්‍රචාප, නදීක වගේ අයගෙ අදහස් නම් පොතේ නැති වුණාට ප්‍රමාණික දැනුමක් තියෙනවයි කියල හිතන්න පුළුවන් කට්ටියක් පොතේ ගොඩක් දේවල් කියල තිබුණ. මම හැමදාම හිතනව වගේ මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි. ඒ නිසාම පොත මරු! ඇරියස් ටික ඊළඟ පාර අල්ලමු!
පොත කියවද්දිත්, වෙනත් ලිවීම් කියවද්දිත් මට තේරුණේ අපි ඕනම දෙයක් තේරුම්ගන්න කලින් ඒව අපි දන්න ආකෘතිවලට රිංගවන්න යනවය කියන එක. ඒක අපි හැමෝම කරන වැඩක්. ඒ ගැන ඉස්සර දවසක ලිව්ව මතකයි මෙතන සහ ඊටත් ඉස්සර මෙතන. (දැන් ඒ අතීතය ගැන ඉරිසියයි ඕයි!) අපි ලේසියටයි එහෙම කරන්නෙ. මොකද අපි දන්නෙ නැති, ඉගෙනගෙන නැති දෙයක් ගැන තේරුම්ගන්න කරන්න වෙන හැදෑරීම කරන්න අපි මාර කම්මැලියි. නැත්තං එහෙම හැදෑරීමක් ඕනය කියල අපිට හිතෙන්නෙ නෑ. ඒ නිසාම අපි දන්න ස්ට්‍රක්චර්ස් කීපයක් අස්සට දාල හැමදේම තේරුම්ගන්න යනව.
ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් ගැනත් එහෙම කියවීම් කීපයක් මම දැක්ක. නිර්මාණකරුවා ගේන යෝජනාව අහනව වෙනුවට තමන් හිතං ඉන්න එක ඇතුලට නිර්මාණකරුවව ගේන්න යන එක. හරියට අපිට ඉන්න බොස්ල වගේ. එලියට බැහැල කල්පනා කරන්න කැමතිම නෑ. කොහොම වුණත් ඒ හින්ද සමහර කියවන්නන්ට ඩවුන් ටවුන් පල්ස් නිර්මාණකරුවන්ව අහුවෙන්නෙ නෑ. ඕනවට වඩා ගොඩක් පොත් කියෙව්වමත් ඔහොම ඒව වෙනව මගෙ හිතේ.
එකපාර පොතට පැන්නට මට මුලින්ම කියන්න ඕන එතනදි සහ පසුව හිතුණ අමු දේවල් ටිකක් ගැන. මට මුලින්ම හිතුණෙ ඩවුන් ටවුන් පල්ස් අතරෙදි ඔය කියන පල්ස් දෙකක් අතරෙ හෙන පත සානුවක් තියෙනව නේද කියලයි. ඒ කියන්නෙ ලොකු පල්ස් දෙකක් අතර ලොකු ෆ්ලැට් ගතියක්. එහෙම වුණේ ගොඩක් සංගීත කණ්ඩායම්වල නිර්මාණ එකම ටෝන් එකකින් තිබීම. සමහර විට ඔවුන්ට තියෙන එකම නිර්මාණ ටික ඒව වෙන්න පුළුවන්. නමුත් මේක අළුත් වැඩක්, සහ ප්‍රසංගයක් නිසා තෝරගන්න ගීත අතරෙ පොඩි ටෝන්මය විවිධත්වයක් තිබුණ නම් හොඳයි කියල හිතුණ.
![]() |
| ගෝෂා - චින්තක ගීතදේව |
අජිත් කුමාරසිරි මේ කැටගරියෙ තදයා හෙවත් ආරම්භකයා කිව්වොත් හරි. ඔහු ගැන අපි දන්නෙ අවුරුදු ගාණක ඉඳන්. ඒ නිසාම මේ විධියෙ සංගීතෙකට කැමති අය අතරෙ අජිත් දැන් ස්ටාර් කෙනෙක්. එදා ඒක මට තේරුණා. ඔහුට එහෙම වෙන්න ඕනවට වඩා අවශ්‍යතා සම්පූර්ණයි. නමුත් ඔහු ගායනා කරපු ගීත ගැන මගෙ කැමැත්තක් නෑ නයි නටවන එක ඇරුණම. මේ දවස්වල ජිනීවා කේස් එක ආයෙමත් නැගල යන නිසා මාත් එක්ක හිටපු එක්කෙනෙක් පෙරුම් පුරාගෙන හිටියෙ ඒක කියයි කියලා. ඒ කොහොම වුණත් ඒ වගේ තැනකදි කලින් අපි අහපු දන්න සින්දුවක් කිව්වනං වඩා හොඳ වෙන්න තිබුණා.
![]() |
| අජිත් කුමාරසිරි |
කලිනුත් කිව්ව වගේ ඩවුන් ටවුන් පල්ස් අවබෝධයෙන් ජීර්ණය කරගන්න විධියක් නෑ එතන තත්ත්වෙ උඩ. ඒ නිසා අළුත්ම සින්දු යූ ටියුබ් හරි මොකක් හරි එකකින් අහනකල් දිරවගන්න එක ලේසි වෙන එකක් නෑ.
අනිත් එක ඩ්‍රිල් ටීම්. එයාල එනව කිව්වම මම සතුටු වුණා. නමුත් එයාල වෙනුවෙන් තිබුණ ඇරෙන්ජ්මන්ට් එක ටිකක් අවුල් වගේ. ඒ නැතත් මොකක්දෝ අවුලක් තිබුණා. එතන හිටපු ක්‍රවුඩ් එකට එයාලව අල්ලගන්න පුළුවන් වුණාද මන්දා. අපිත් රැඳිල හිටියෙ එයාල එනකල්. නමුත් මැදදි නැගිටින්න වුණා.
![]() |
| ඩ්‍රිල් ටීම් |
සමහර වෙලාවට සින්දුවලට පොලිටික් කෑලි උවමනාවෙන්ම දාලද මන්දා කියලත් හිතුණා. ඒ වෙලාවෙ හිතුණෙ. දැන් මතක නෑ මොනව ගැනද හිතුණෙ කියල. සමහර විට විකල්ප වීමේ උවමනාවම ඒකට පෙළඹෙව්වද මන්දා. ඔතනදි විකල්ප වෙන්නෙ කොහොමද, ඇයිද කියන එකත් හිතන්න වෙනවා. ලෝකෙ එක එක කාලෙදි ඒ ඒ තත්ත්වයන්ට අදාලව විකල්ප සංගීතඥයො බිහි වෙලා ඇති. ඒ කියපු විකල්ප සංගීතය කියල අපි දන්නෙ සංගීතෙ ප්‍රධාන ධාරාවකට අභියෝගයක් කරන වෙනත් සංගීතයක් කියල නම් ඒක මෙතනදි හරි. මොකද මෙතනදි එලියට ආපු වචන සහ සංගීතය අපි සාමාන්‍යයෙන් සින්දුවලින් අහන වචන හෝ සංගීතය නෙවෙයි.
සාම්ප්‍රදායිකව අපි අහපු සිංහල ගීතයෙ වචන වෙනස් කලේ චාමින්ද රත්නසූරිය කියලයි මට හිතෙන්නෙ. අජිත් කුමාරසිරිව මට අහුවෙන්නෙ ඊට පස්සෙ. ඩැඩීල අහුවෙන්නෙ ඊටත් පස්සෙ. වෙන කව්රු නව රැල්ලට සින්දු කිව්වත් ඒ වචන හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම අපිට ආදරේ විග්‍රහ කරගන්න හඳයි, වැවයි, ඇසුයි නැතිව අමාරුයි. දැන් දැන් මේ සංකේත ටික නාගරීකරණය වෙලා වුණාට යොදාගන්නෙ අර අර්ථයෙන්මයි. පැහැදිලි චිත්‍රයක් වගේ දර්ශණය ගානට මවල දෙනවා. ඇස් දෙක පියාගත්තම සමනල්ලු පියාඹනවා. දැන් නං සමහරු මුලින් වීඩියෝ එකට නටලා ඒකට හරියන්න තනුවක් දාලා ඒකට වචන දාලයි සින්දු හදන්නෙ කියල තේරෙනවා.
මොනව වුණත් අපි විඳින හැඟීම් අමාරුවෙන් හරි වචන කරන එක චාමින්දට, අජිත්ට සහ ඩැඩීට පස්සෙ මට ටොප් එකටම අහුවුනේ ඩවුන් ටවුන් පල්ස් වලින්. ඒ වචන අළුත්!
ඒ එක්කම අමිල සඳරුවන් ගැන මට තිබුණ අදහස තව පළල් වුණා කියල හිතෙනවා මේකෙන්. එයාගෙ ස්වභාවික ගැයිල්ල මට මතක් කලේ බොබ් ඩිලන්ව. ඩිලන්ගෙ අහල තියෙන සින්දු අතරෙ ඔහුත් බොහොම ස්වභාවිකව හඬ හැසිරෙව්ව කියල මතකයි. අමිල කියන මේ සින්දුව ඊයෙ පෙරේදා දවසක හමුවීම ආයෙමත් අමිලව අළුත් කලා.
කව්රු මොනව කිව්වත් මෙහෙම තැනකට ආපු ඩවුන් ටවුන් පල්ස් සංගීතවේදීන් ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. සංගීතය කියන එක අවශ්‍ය අයට ඒක පිපාසයක් වගේ එකක්. එහෙම එකේ මිරිඟු ගොඩක් එක්ක ඉඳල හිටල වතුර වලක් හම්බවෙන කාන්තාරෙක උන් කරන වැඩේ සිරා.
මම දන්නෙ නෑ එතන හිටපු කී දෙනෙක් කවදා වෙනකල් වැඩේ දිගටම කරයිද කියලා. මොකද ලංකාවෙ නෙවෙයි කොහෙදිත් ජීවත් වෙද්දි මාකට් එක ඕන වෙනවා. ජීවිතේ එක්ක ගනුදෙනු කරද්දි පැෂන් එක අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. මමනං කියන්නෙ එහෙම වෙන දවසක අතෑරලා දාන්න කියලයි. නිකං පඩ ෂෝ සහ බයිල ගගහ අසාර්ථක ප්‍රොජෙක්ට්වල රැඳිල ඉන්න එපා.
මට අහුවුණ තව එකක් මේ විකල්ප කියන අයගෙ තියෙන සමාජ භීතිකාව ගැන කතා. මීඩියා භීතිකාව හෝ මීඩියා වලින් හැංගීම හෝ වෙනම කොටසක් විධියට කැපිල පෙන්න තියෙන උවමනාව කියල ගමු. ඒක මානසික අසහනයක්? මටනං එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරං මම එක්කෙනෙක්ගෙවත් ඇත්ත ජීවිතේ දන්නෙ නෑ. අර කලින් කියපු විරාජ්ගෙ ඉන්ටවිව් එකේ තිබුණ විධියටනං මාධ්‍යවලට විකිණෙන්න ඕන නෑ කියල කට්ටිය කිව්වලු. අනේ මන්දා ඕවා.
උඹලට සල්ලි නෑ කියලනං මට හිතෙනව. තිබුණ නම් වීඩියෝවක් කරල දායි. මොකද ඇත්තටම එහෙම මීඩියාවලට ගියා කියල අවුලක් නෑ. සමහර විට යම් දවසක උඹල බලපෑමක් කරන්න පුළුවන් කොටසක් විධියට හැදෙද්දි ඒ අවකාශය ඕපන් වෙයි. එතකොට හැංගිල වැඩක් නෑ. හැබැයි මීඩියාවලට තමන්ව උරාගන්න දුන්නොත් විනාසයි. ඒක ගානට වෙන්න ඕන වැඩක්. පුළුවන් නම් මීඩියා එක්ක ගනුදෙනු කරන අළුත් විධියක් හොයාගනිල්ලා.
කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා උඹල කරන විධියට හරි කරන එක ලොකු දෙයක් කියල මම හිතන්නෙ. මොකද එහෙම නොකර ඉන්න අය ඉන්නවා. උන් වෙන වෙන බිස්නස් කරනවා. නැත්තං කම්මැලිකම හරි වෙන මොකක් හරි නිසා උන් මෙහෙම වැඩ කරන්නෙ නෑ. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම්වලින් එහෙම කුණු මුල්ලට වෙලා හිටපු උන්ට තල්ලුවක් දුන්නා. නමුත් අපි දන්නව රියැලටියෙන් එලියට එද්දි ගොඩක් විට උන් ආයෙත් හරි යන්නෙ කුණු මුල්ලටම තමයි කියල. මොනව වුණත් රියැලටියටවත් නොයා අතෑරල දාල ඉන්න උන්ට පට්ට මානසික අසහනයක් තියෙනව වෙන්න ඕන.
මේ ලියවිල්ලෙ තරංග ආයාමය සෑහෙන්න දිග නිසා නතර කරන්න වෙලාව හරි. අන්තිමේදි කියන්න තියෙන්නෙ කතා කාරයො මොනව කිව්වත් තමන්ට දැණෙනකල් වැඩේ ඇදගෙන යමු කියලයි. කොහොමත් අපේ රටේ න්‍යායකාරයො වැඩියි. ඒකට මාත් ඇතුලත්. දන්න මගුලකුත් නෑ කොරන උලව්වකුත් නෑ. දන්නෙ රටේ නැති මල විකාරවලින් කොල පුරවන්න විතරයි. ඒ පුරවන‍්නෙත් අනිත් මිනිස්සු කරපු කියපුව ගැන. ඒවත් ඕන තමා. හැබැයි ඒව බේස් කරගෙන වෙනස් වෙන්න උවමනාවක් නෑ. ඒ නිසා මම කියපුවවත් ගණං ගන්න එපා.
පුළුවන් තාක් දිගටම ගේමෙ ඉමු! ජය වේවා!
-----------------------------------------------------------------
පින්තූරවලට අනුග්‍රහය ලබා දුන් ලිෂාන්ට ස්තූතිය!
ඩවුන් ටවුන් පල්ස් පස්සෙන් යන්න ඕන නම්!
down town pulse on FB
කාපුවා -
ajith kumarasiri,
alternative,
art,
books,
criticism,
culture,
media,
music,
revolution,
society,
system,
සංගීතය
Wednesday, 25 July 2012
හිඟන ස්ටාර් අරමුදල
සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.
තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක අතකට සාධනීය වීරයො මැරිල ඉද්දි ඕන කෙනෙක්ට වීරයෙක් වෙන්න කරන්න තියෙන්නෙ එහෙම නීති විරෝධී වීරකමක් විතරයි.
බැරි වෙලාවත් ඕක කොල්ලෙක් කරානං උගේ ඇට නැතිව එන්න වෙන්නෙ.... නෑ නෑ.. ඌ තාම කූඩුවෙ එහෙනං.
ඒක කියනකොට මතක්වෙන්නෙම මේ දවස්වල හිට් වෙන නිව්ස් කෑලි. මම බොහොම සන්තොසෙන් ගෙදර ඉන්නෙ මේ දවස්වල ටීවී එක කැඩිල නිසා. නිකමටවත් ඔය කුණු නිව්ස් අහන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ වුණාට ඔෆිස් ගිය ගමන් එතන ඉන්න ගෑණු ටික කලින් දා ගියපු කුණු නිව්ස් කියන්නෙ රහ කර කර.
ගෑණු දූෂණය කරපුව, ළමයි පිච්චුන ඒව, අම්මල කිරි බොන වයසෙ ළමයි දාල ගිය ඒව, පොඩි කොල්ලන්ව අපයෝජනය කරපුව රූප රාමුවෙන් රාමුවට විස්තර කරන්නෙ සියුමැලි ළඳවල් කියල බැලූ බැල්මට පේන ගෑණු. අනේ උන්ගෙ සියුමැලිකම. උන්ට හරියට ඒ අපරාධකාරයො දැන් මාර පොරවල් වෙලා වගේ කියල මට හිතෙනව. මොකද ඔය සිදුවීම් උස්සල දාල කියවන විධියට ඒව කරන උන් නිකංම ස්ටාර්ල වෙලා... ළඟදිම එකක් පටන්ගනියි එස්.එල්. පෝන් ස්ටාර් කියල. ඒ වෙනකොටනං ටී.වී. එක හදාගන්න වෙනව.
දැන් කාලෙ පොඩි කෙල්ලක් අපයෝජනය කරාම මාර පොරක් වෙන්න පුළුවන්. එහෙම කරපු උන් අල්ලල හිරේ දැම්මම උන් වෙනුවෙන් බැනර් උස්සන් පාරට බහින උන් ටිකකුත් ඉන්නවනේ.
එව්ව වැඩක් නෑ... ඔන්න අර මාලෙ කඩපු කෙල්ල අන්තර්ජාලෙ අස්සෙත් පොරක් වුණා. එයාගෙ කතාව ලෝකෙ පුරාම පැතිරුණා. ඒ එක්කම කවුදෝ කරපු යෝජනාවකින් කෙල්ල වෙනුවෙන් අරමුදලක් පටන්ගත්තා. ඒක සෑහෙන්න නැගල ගියා. පරම්පරා ගාණකට හරියන්න කෙල්ලගෙ එකවුන්ට් එක පිරුණා.
මේක නිහඬව බලාගෙන හිටපු කීප දෙනෙක් වැඩේ අල්ලගත්තා. මේක මරු වැඩේ. හරියට අර බස් වලට නැගල තාත්ත පොල් ගහෙන් වැටුණ, කසාදෙ කැඩුණ අක්ක ළමයි දුසිමක් එක්ක ගෙදර ඇවිත් ඉන්න, ගෑණිට පිළිකාවක් හැදුණ, ළමයි හතර දෙනෙක් ඉස්කෝලෙ යන්න බැරිව ඉන්න, වගේ කතා කියල ලංකාවෙ දුගී දුප්පත් බස් මගීන්ගෙන්ම ගාණ කපාගන්න දුගී දුප්පත් අයියල කරනව වගේ වැඩක්.
ඔන්ලයින් හිඟමන් යැදීමක්. කොහොමද ඒක?
මේ කාලෙ හැම ඉලව්වක්ම ඔන්ලයින් නිසා හිඟමනට විතරක් එහෙම නොවී තියෙන්න බෑනෙ. අර ඉස්සෙල්ලාම සව්දි ගිහින් ආවම අපේ යාළුවෙක් කිව්ව වගේ 'උන්ගෙ බලු කූඩුවක් හැදුවත් ඒකත් ඒසී කරනව බං' වගේ වැඩක්. විශ්ව ගම්මානයට ලංකාව යද්දි හිඟන්නො ටික දාල යන්න බෑනෙ.
කට්ටිය වැඩේ පටන්ගත්තා. වැඩිය මතු වෙන්නෙ නැතිවෙන්න ගාණට වැඩේ ගියා. බොරුවට කරදරයට ලක්වුණ විධියට මිනිස්සුන්ව පෙන්නලා අරමුදල් හැදුවා.
වැඩේ නැගල ගියා.
මේක බලාගෙන හිටියෙ අන්තර්ජාලෙ හිටපු ආණ්ඩුවට සම්බන්ධ කට්ටියක්. අන්තර්ජාලය මාර්ගයෙන් සමාජ සේවය කියල සල්ලි හොයන එක හරි ලේසි වැඩක්. ඔය රට ඉඳන් වැඩ කරන උන් ලොකු ගණං දානවා. කම්පැණි වලින් ඇට්ටි හැලෙන්න ගරන්න පුළුවන්. එස් එම් එස් කැම්පේන් කරලත් බර ගාණක් හොයාගන්න පුළුවන්නේ....
උන්දල රැස්වීමකදි යොජනාවක් ගෙනාවා. අසරණ වුණ මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන අරමුදලක්. ඒකට ඔන්ලයින් දායක වෙන්න පුළුවන්. ලංකාවෙ යම් අසරණකමකට ලක්වෙන ඕන කෙනෙක්ට ඒකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේක මරු වැඩක්. රාජ්‍ය ආරස්සාවත් තියෙනවනේ...
කට්ටිය ඔය යෝජනාව සකස් කරලා ලොක්කන්ට ඉදිරිපත් කලා.
හප්පා.... තවත් අරමුදලක්....!!!
ලොක්කන්ගෙ කටවල්වල කොන් කන්වලට ඇදුණා...

Friday, 8 April 2011
ජෑම් බෝතලයට අසුවූ භූතයා...
මලයාගේ ලැප්ටොප් එකේ තිබුණ එක එක වැඩ කෑලි අතරෙ තිබුණ තව එකක් එයාම වටේට පෙන්නනවා. භූතයො අල්ලන එකක්. ටික දවසකට කලින් චැනල් එකක ගිය වැඩසටහනක්. බ්ලොග් එකකත් තිබුණ මතකයි.
එක මනුස්සයෙක්ට පේන භූතයව අනිත් මනුස්සය කෝටුවකින් වීදුරු බෝතලේකට දානව. ඒ වැඩේ කරන මනුස්සයටත් නොපෙනෙන භූතය බෝතලේට දැම්මට පස්සෙ කැමරාවටත් පේනව. මම හිතන්නෙ අර භූතයො පේන මනුස්සයගෙ ඇස් දෙකේ කැමරාවක් හයි කරලද දන්නෙ නෑ.
අම්මල නැන්දල පුංචිල ආච්චිල කම්මුල්වල අත් තියාගෙන මේක බලනව. කට්ටියම වැඩිය බය වෙලා තිබුණෙ දැකපු දේවල් වලට වඩා ඇහුණ සංගීතයට. එක ටෝන් එකක බියකරු සංගීතයක් තමයි පසුබිමේ වාදනය වුණේ. ඉතිං සමහර කට්ටිය භූතයව දකින්න කලින්ම කන් දෙක වහගෙන. කොහොම හරි අන්තිමේදි කට්ටියම බෝතලේට අහුවුණ භූතයො දැකල තිබුණ.
ඒ වෙලාවෙ මම ඒක බලන්න ඒ තරම් උනන්දු වුණේ නැතත් කට්ටිය කීප වතාවක්ම මේක බලපු නිසා මමත් මොකක්ද මේ කියල පස්සෙ බැලුවා. මට නම් බෝතලේ ඇතුලෙ එහෙම එකක් පෙනුණෙ නෑ. සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක් කොහොම හැරෙව්වත් දිලිසෙන හින්දා භූතයා කොහොමත් ඉන්නෙ බෝතලේ ඇතුලෙම තමයි. ඒක හරියට බුදු පිළිමෙන් රැස් විහිදුනා වගේ වැඩක්. සාමාන්‍යයෙන් අපිට පේන, නමුත් ඒක සාමාන්‍ය දෙයක් නිසාම අපි ගණන් නොගන්න දෙයක්. ඒ දේ දකින්න උවමනාවක් ඇති කරගෙන බැලුවම බඩු පේනවා... බෝතලේ පෘෂ්ඨය මට්ටම් නැති නිසා පරාවර්තනය වෙන ආලෝක කිරණ නිසා ඇති වෙන ප්‍රතිබිම්භ.
ඉතිං ඒ අය අල්ලපු විධියට මටත් භූතයෙක් අල්ලන්න පුළුවන්.
මෙන්න බලන්න මම අල්ලපු භූතයා.
මෙයාව මම ඇල්ලුවෙ පැන්සලකින්. හිටියෙ මගෙ රවුටරේ යට හැංගිලා. භූතයෙක් වෙන්න කලින් හෙන බේබද්දෙක්ද කොහෙද බෝතලේ දැක්ක ගමන් ඒකට රිංගගත්තා. බෝතලේ පරණ ජෑම් බෝතලයක් කියල පොරට මීටර් වුණේම නෑ.
කොහොම වුණත් මේ කතාව අනිත් අයට පහදල දෙන්න මට පුළුවන් වුණේ නෑ. මේ භූත කතාව ඇත්තය කියන්නත් බොරුය කියන්නත් දෙපැත්තටම ඕන තරම් කතා තියෙන නිසා මේක එක පැත්තකින් නතර වෙන්නෙ නෑ. ඒ නිසා තමන් අදහන එකක් අදහගෙන ඉන්න දෙන එක තමයි හොඳම දේ.
භූතයෙක්ට රුපියල් 1000 ගානෙ විතර චාජ් කරල භූතයො අල්ලන වැඩේ කරන්නත් හිතයි... :D
Tuesday, 14 April 2009
අළුත් අවුරුද්දට කූඹි වහලා
අළුත් අවුරුද්දට කූඹි වහලා
ඩෝං!
රතිඤ්ඤයක් පිපිරුණා
සද්දෙ ඇහුණා වටේටම
කෙලවර කිරිමැටි ගුලියක් එක්ක
ඉරුණු කඩදාසි කෑලි ටිකක්
බිම ඉතිරි වුණා
හිතට සතුටක් දැණුනා
අවුරුද්ද සැමරුවා
ගෙදර හැම තැනම
බිමත් රාක්ක වලත්
එස් එම් එස් කිරි පැණි
ගොඩ ගහලා
කූඹි වහලා
ecH on 14th of April 2008
ඩෝං!
රතිඤ්ඤයක් පිපිරුණා
සද්දෙ ඇහුණා වටේටම
කෙලවර කිරිමැටි ගුලියක් එක්ක
ඉරුණු කඩදාසි කෑලි ටිකක්
බිම ඉතිරි වුණා
හිතට සතුටක් දැණුනා
අවුරුද්ද සැමරුවා
ගෙදර හැම තැනම
බිමත් රාක්ක වලත්
එස් එම් එස් කිරි පැණි
ගොඩ ගහලා
කූඹි වහලා
ecH on 14th of April 2008
අවුරුද්දට විතරක් මතක් වෙන අය
අහල බලන්න මීඩියා කොහාල මේ දවස්වල පට්ට ගහන සින්දුවක්.
මේක ගත්තෙ මෙතනින්.
Me Aurudu Kale by Lionel Ranwala
අවුරුද්දට විතරයි ලංකාවෙ කට්ටියට ලයනල් රන්වල මහත්තයව මතක් වෙන්නෙ. ඒ වුණාට ලයනල් රන්වල මහත්තයගෙ එක සින්දුවක් විතරයි අවුරුද්ද ගැන තියෙන්නේ. ඒකත් හරියට එස්එම්එස් සුභ පැතුම් වගේ තමයි.
මොනව කරන්නද? මිනිස්සු කාර්ය බහුල වෙලානේ...
මෙන්න මේක ගොඩක් ඉස්සර රන්වල මහත්තය ගැන අපි කරපු කතාවක්.
මෙන්න ලයනල් රන්වල මහත්තයගෙ සින්දු එකතුවක්.අරන් අහල බලන්න.

Thursday, 9 April 2009
මීඩියා කොහා
මීඩියා කොහා
හැමදාම මේ කාලෙ
මීඩියා පරිපාලනයට බදු දුන්න
අපේ ජීවිත වලට ඉහලින්
මීඩියා කොහා කෑ ගහනවා
අතරින් පතර
පැතිරුණ ගසක අතුපතර
ඇත්ත කොහා
පෙම්වතිය එක්ක පෙම් කෙලිද්දී
ඇන්ටනා ගස් අතර
මීඩියා කොහා
සල්ලි එක්ක පෙම් කෙලිනවා
කොහාගේ සද්දයට නැගිට
සංස්කෘතියේ මගුල සිහි වී
ඔන්න දැන් අපි කඩිමුඩියේ
අවුරුද්දේ සැමරුම වෙන්න
ලෑස්ති වෙනවා....
මීඩියා කොහා එක්ක
අවුරුද්දත් ඔන්න ආයෙමත් ඇවිත්
අපව සමරා යන්න
බලං ඉන්නවා...
ecH on 2009-04-09
හැමදාම මේ කාලෙ
මීඩියා පරිපාලනයට බදු දුන්න
අපේ ජීවිත වලට ඉහලින්
මීඩියා කොහා කෑ ගහනවා
අතරින් පතර
පැතිරුණ ගසක අතුපතර
ඇත්ත කොහා
පෙම්වතිය එක්ක පෙම් කෙලිද්දී
ඇන්ටනා ගස් අතර
මීඩියා කොහා
සල්ලි එක්ක පෙම් කෙලිනවා
කොහාගේ සද්දයට නැගිට
සංස්කෘතියේ මගුල සිහි වී
ඔන්න දැන් අපි කඩිමුඩියේ
අවුරුද්දේ සැමරුම වෙන්න
ලෑස්ති වෙනවා....
මීඩියා කොහා එක්ක
අවුරුද්දත් ඔන්න ආයෙමත් ඇවිත්
අපව සමරා යන්න
බලං ඉන්නවා...
ecH on 2009-04-09
Friday, 20 March 2009
එන්න, කොන්ද පණ නැති ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.
මේ සටහන මතවාදී යුධ බිමේ යුධ වදින රණ විරුවකුගේ තවත් ඒක පාර්ශවීය මානුෂීය මෙහෙයුමකි. එකම වෙනස මින් ජයගත නොහැකි වීමයි.
අනේ මන්ද මට රූපවාහිනී වල තියෙන මල විකාර ගැනම ලියන්න හිතෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව ගොඩක් දරුණු එකක්. ඒක මොකක්ද කියල පසුව කියන්නම්.
අද රූපවාහිනිය බලල මම මට හැමදාමත් හිතෙන ඒත් කවදාවත් කියන්න නොහිතුණ දෙයක් ගැන කියන්න කල්පනා කලා. පවුලේ අනිත් අයගේ හිත සුව පිණිස එයාල බලන නාලිකා බලන්න වෙන තවත් කාලකණ්නියෙක් තමයි මමත්. මට නොදැනුවත්වම මම රූපවාහිනිය අසල රැඳෙන හැම වෙලාවෙම ඒකෙ යන මල විකාර මගේ ඔළුවට වැටෙනව.
මේ රූපවාහිනී නාලිකා වල පෙන්වන රබර් නාට්‍ය ගැන විතරක් දැනට කතා කලාම ඇති කියල මට හිතුණ. දැන් ලංකාවෙ හැම නාලිකාවකම වගේ රබර් නාට්‍ය යනව. මේව අතරෙ හොඳ ඒව නෑ කියනව නෙවෙයි. ඒ වුණාට මිනිස්සුන්ව ඉන්න තැනින් ඉහලට ගෙනියන ආකාරයේ නිර්මාණ නම් නැති තරම්. මේ කතා මේ තරම් දිගට ඇදෙන්නෙ මේ වගේ.

මේකෙ රතුපාටින් පේන ඉර දිගේ කතාව සරලව කියන්න පුළුවන් වුණාට මේ පෙන්නන ඒවයෙ මිනිස්සුන්ගෙ මන්ද බුද්ධික වැඩ නිසා කතාව කියවෙන්නෙ කළු පාට ඉර දිගේ වටේම අරන් ගිහින්.
සරලව වෙන්න පුළුවන් දේවල් මිනිස්සුන්ගෙම ගොං කම් නිසා දිගට ඇදීම මත තමයි මේ කතා මේ තරම් දිගට ඇදෙන්නේ. මේ නාට්‍ය වල මිනිස්සු එකෙකුට එකෙක් විශ්වාස නෑ. සුදු මිනිස්සු නොහිතන මොහොතක කළු වෙනව. කෙලින් තීරණ ගන්න බැරි ගතිය නිසා සරලව වෙන්න තියෙන දේ දිගට ඇදිල රබර් වෙලා නාට්‍ය කාරයව පෝසත් කරනව.
මේ දිහා මිනිස්සු බලන්නෙත් තමන්ට වෙන ගානට හායි හූයි කියාගෙන. අපේ ගෙදර අයටත් වැඩේ තේරුණාට බලන්න වෙන එකක් නෑ. රූපවාහිනිය ක්‍රියා විරහිත කරලත් ඉන්න බෑ. මම ගෙදර අයට කිව්ව මේව බලල සත්තුන්ටත් අන්න වෙනව කියල. තීරණයක් ගන්න බැරිව ලත වෙන කොන්ද පණ නැති පී වර්ගයේ අය වෙනව කියල.
මේ ගැන කාලෙක ඉඳන් කතාවක් යන්තම් තිබුණත් තාම මේ මානසිත අවපාතකරණය බරපතල සමාජ ගැටළුවක් විධියට තේරුම් අරන් නෑ කවුරුවත්. මම කලිනුත් නොයෙක් තැන්වල කියල තියෙනව වගේ අපට ප්‍රභාකරන්ට වඩා සතුරෙක් ඉන්නව. ඒ සතුරා කොයි තරම් කපටිද කියනවනම් එයා අපේ සතුරෙක් කියලවත් කට්ටියට තේරෙන්නෙ නෑ. එයා අපිට විෂ කවන්නෙ සීනි තවරල. සීනි බෝල කන්න මිනිස්සු හරි කැමතියිනේ.
සමහර විට උතුරේ මානුෂික මෙහෙයුමට පස්සෙ ලොක්කන්ට තේරුණොත් තව යුද්ධ කරන්න තියෙනව සමාජය දියුණු කරන්න. දැනට යන්තම් පවතින ඒ යුද්ධයක මමත් යුධ සෙබලෙක් ;) තවත් සෙබලු යුධ වදිනව. සමහර විට එයාල දන්නෙත් නෑ එයාල යුද්ධයක් කරනව කියල. කොහොමත් මේ නොපැහැදිලි සතුරාගෙන් මිනිස්සුන්ව මුදාගන්න පුළුවන් හැම තැනම එයාල සටන් කරනව. බොහෝ විට මට නම් ඒක නිසා හෙම්බත් වෙන එකට වඩා දෙයක් වෙන්නෙ නෑ. නමුත් සෙබලෙක් මිය යන තුරු යුද්ධය නවත්වන්නෙ නෑ.
ඒ නිසා මමත් මේ කිසිම තේරුමක් නැති සටහන දානව.
මේක කියවල වැඩක් නැති නිසා මම මෙතනින් ගත්තු මේක අහන්න. ඒකත් වැඩක් නැත්තං ඉතිං.....
Pitastharaya Kasun Kalhara-The Romantic Opera(New Album)
අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් - මේ සින්දුව උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය ලියපු එකක්. සංගීතය සහ ගායනය කසුන් කල්හාර.
ඒ වගේ තව සින්දුවක් අහන්න මෙතනට යන්න.

Thursday, 5 March 2009
ප්‍රතිචක්‍රීකරණය
රූපවාහිනී නාලිකා වල දැන් යන ටෙලි නාට්‍ය වල තියෙන්නෙම සමාජයෙ තියෙන කුහකකම්. එෆ් එම් නාලිකා වලත් තියෙන්නෙම ඒ වගේ සමාජයේ මල විකාර පැතිකඩවල් සම්බන්ධ කතා. ප්‍රවෘත්ති ගත්තත් තියෙන්නෙම ඒව තමයි. මිනිස්සු කරන ජඩ වැඩ, කුපාඩිකම්, දූෂණ, වංචා, මිනී මැරුම් තමයි ප්‍රවෘත්ති වලත් තියෙන්නේ. ඊට අමතරව ලණුත් තියෙනව තමයි.
පත්තර ගත්තත් එහෙමයි. පිටු හැටක විතර සති අග පත්තරේක මිනිස්සු කරපු හොඳ වැඩ වලට වෙන් වෙන්නෙ පිටු බාගයයි.
මිනිස්සු හොඳ වැඩ කරන්නෙ නැද්ද?
නැත්නම් මේ සදාචාරවත් සත්‍ය මාධ්‍ය වාර්තාකරණයද?
කොහොම වුණත් ගෙවල්වල මිනිස්සු ආයෙ ආයෙත් මිනිස්සුම කරන කුණු වැඩ දකිනව, අහනව සහ කියවනව. ඒ අස්සෙ පෝය දවසට නිදි කිර කිර බණත් අහනව. පහුවදා ඉඳන් ආයෙත් අර දේවල්ම ඇසුරු කරනව.
මාධ්‍ය වලින් කරන්නෙ සමාජයේ තියෙන දේම ආයෙ ආයෙත් සමාජය තුලම කරකවන එකයි. ඉතිං මොන තරම් ආණ්ඩු මාරු වුණත්, මොන තරම් දේශපාලකයො ආවත්, මොන තරම් බ්ලොග් ලිව්වත් වචන වලින් ඇරගත්තත් ලංකාවට ඉදිරියක් නෑ.
අපි හැමදාම එකම තැන.

Subscribe to:
Posts (Atom)