මීඩියා කොහා
හැමදාම මේ කාලෙ
මීඩියා පරිපාලනයට බදු දුන්න
අපේ ජීවිත වලට ඉහලින්
මීඩියා කොහා කෑ ගහනවා
අතරින් පතර
පැතිරුණ ගසක අතුපතර
ඇත්ත කොහා
පෙම්වතිය එක්ක පෙම් කෙලිද්දී
ඇන්ටනා ගස් අතර
මීඩියා කොහා
සල්ලි එක්ක පෙම් කෙලිනවා
කොහාගේ සද්දයට නැගිට
සංස්කෘතියේ මගුල සිහි වී
ඔන්න දැන් අපි කඩිමුඩියේ
අවුරුද්දේ සැමරුම වෙන්න
ලෑස්ති වෙනවා....
මීඩියා කොහා එක්ක
අවුරුද්දත් ඔන්න ආයෙමත් ඇවිත්
අපව සමරා යන්න
බලං ඉන්නවා...
ecH on 2009-04-09
ඇත්තටම දැන් කොහා කෑගහන්නේ නෑ නේද? ගිය අවුරුද්දේ නම් අගෝස්තුවේ විතර අපේ ගමේ කොහා කෑගැහුවා මට මතකයි.
ReplyDeleteහක් හක්. කියන්න ඕනෙ ටික අපූරුවට කියල තියෙනව මොනා වුනත්. ;)
ReplyDeleteඅපේ පැත්තෙ නම් දැන් කොහා කැ ගහනව මුලු අවුරුද්ද පුරාම.
කොහාට පිස්සුද නැත්නම් අපිට පිස්සුද මන්ද.
අම්මපා! සහතික ඇත්ත!
ReplyDeleteඇත්ත බං මට කොහෝ සද්දේ නම් ඇහිලා තියෙන්නේ එහෙමත් වෙලාවක තමා ඔඅ කියන තරම්ම කෑ ගහන්නේ නැහැ මචෝ!
ReplyDeleteමොනා කරන්නද මේක තමා පට්ටපල් ඇත්ත. මටනම් ඔරිජිනල් කොහා කෑ ගහන එකක් අහපු කාලයක් මතක නෑ
ReplyDelete