Tuesday 14 April 2009

අළුත් අවුරුද්දට කූඹි වහලා

අළුත් අවුරුද්දට කූඹි වහලා

ඩෝං!

රතිඤ්ඤයක් පිපිරුණා
සද්දෙ ඇහුණා වටේටම
කෙලවර කිරිමැටි ගුලියක් එක්ක
ඉරුණු කඩදාසි කෑලි ටිකක්
බිම ඉතිරි වුණා

හිතට සතුටක් දැණුනා
අවුරුද්ද සැමරුවා

ගෙදර හැම තැනම
බිමත් රාක්ක වලත්
එස් එම් එස් කිරි පැණි
ගොඩ ගහලා
කූඹි වහලා


ecH on 14th of April 2008

6 comments:

  1. ලැබුවාවු නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරේවා

    ReplyDelete
  2. ආහ් කුඹි කරදර අස්සට මෙන්න මගෙනුත් කිරියක්!
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ! උඹෙන් තව ලිපි කියවන්න ලැබේවා!

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වෙිවා මලයෝ ...:D

    ReplyDelete
  4. එසේම ‍වේවා අයියේ!!!
    ආ නෑනෑ වැරදුනා!!!
    තව කවි වැඩි වැඩියෙන් ලියැවෙන ශ්‍රී සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  5. කතාව ඇත්ත... මම වුනත් යැව්වේ ගිය අවුරුද්දේ ආපු පරණ එස් එම් එස් ටිකමයි.. ඕක තමා හුඟ දෙනෙක්ගේ ඇත්ත තත්වය...

    ReplyDelete
  6. අහ් අමතක වුනා... සුබ වේවා.. මේ අවුරුද්ද...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!