Wednesday 4 January 2023

තලවතුගොඩ, පැලවත්ත සහ මාලඹේ නම් හැදුනෙ කොහොමද?

 https://www.bobvila.com/articles/495-the-plumb-bob/

 

දවල්කෑමගනිද්දිඑතනටසෙට්වුණවෙනආයතනයකවැඩකරනසහෝදරයෙක්තමයිමේකතාවකියන්නෙ.


කෝට්ටෙ යුගයෙ ශ්‍රාස්ත්‍රීය කටයුතු සඳහා භාවිතා කළේ තල්පත්. මේ තල්පත් සපයාගන්න මුලින් කළේ උතුරුමැද සහ නැගෙනහිර පැත්තෙ හැදෙන තල් ගස්වලින් කපල ඒව ගෙන්නගන්න එක. හැබැයි කාලයක් යද්දි පුරෝහිත කෙනෙක්ට කල්පනා වෙනව තල් ගස් වගා කළා නම් ලේසියෙන්ම පත්‍ර ලබාගන්න පුළුවන් නේද කියලා. නිසා තල් වගාවක් පටන්ගන්නවා කෝට්ටෙ මාලිගාවට ටිකක් දුරින් දියවන්නා වගුරෙන් වෙන් වෙලා පිහිටි ඉඩමක. මේ තල් වගාව තිබුණ ඉඩම තමයි "තලවතුගොඩ" වුණේ.

මේ තල් වගාවට අවශ්‍ය තල් පැල තවාන් කරපු ස්ථානය ටිකක් මාළිගාව කිට්ටුවයි හැදුවෙ. ඉඩම "පැලවත්ත" වුණා.

15-16
සියවල්වලදි ඔය කෝට්ටේ රජ මාළිගාව පිහිටල තිබුණෙ දැන් කෝට්ටෙ මාළිගාව පාර කියල තියෙන පාරෙන් ගියාම තියෙන තැනකලුනේ. දැන්නම් එතන තියෙන්නෙ පැක් වුණ ගෙවල් ටිකක්. රජ මාලිගය වටේ තිබුණ ප්‍රාකාරෙ නටබුන් තාම තියෙනවා. මේ ප්‍රාකාරෙ අඩි 30ක් විතර පළලලු. දවස්වල දළඳා පෙරහැර එහෙම ගිහින් තියෙන්නෙ ඔය බැම්ම උඩලු.

කොහොම නමුත් මාළිගාව මුලින් හදන්න ප්ලෑන් කරල තියෙන්නෙ දැන් මාලඹේ තියෙන හරියෙ. හදන වැඩෙත් පටං අරන් තියෙද්දි දවසක් රජතුමා විසිට් එකකට ආවලු. තමන්ගෙ මාලිගාවෙ ප්‍රගතිය බලන්න. ඇවිත් බලද්දි කවුරුත් පේන්න නැහැලු. බිත්ති බාගෙට බැඳගෙන ගිහින් තියෙනවලු. ඉතිං රජතුමා කතා කළාලු "බාසුන්නැහේ" කියල. කීප වතාවක් කතා කරද්දි බිත්තියක් එහා පැත්නෙත් ඇහෙනවලු "මාලඹේ" කියල. ආයෙත් "බාසුන්නැහේ තමුසෙ කොහෙද?" කියල ඇහුවම උත්තරේ එනවලු "මාලඹේ" කියල. රජතුමා වටෙන් ගිහින් බලද්දි බාසුන්නැහේ ලඹේ එල්ලිලා ඉන්නවලු.

රජා ඈතින් එද්දි දැකලා කලබල වුණ පාරට මිනිහට උන් හිටි තැන් අමතක වෙලා ඵලංචියෙන් වැටිලා උඩ එල්ලල තිබුණ ළඹේක පැටලිලා. ඉතිං එහෙමලු "මාලඹේ" හැදුණෙ.