Showing posts with label badulla. Show all posts
Showing posts with label badulla. Show all posts
Wednesday, 8 August 2012
ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ!
අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම කුක්කු බබාලා වාගේ ඉන්නට උත්සාහ කරන්නවාය.
හෙළුවැල්ලෙන්ම කියල දැම්මොත් අපි සේරම දන්නවා වුනාට දන්නෙ නෑ වගේ ඉන්න ආසය. එහෙම ඉන්න එකට කියන තනි වචනය 'නරුමවාදය' කියා ශිෂ්ශත්තෙට පාඩං කරන අයියා කෙනෙක් කිව්වේය. බැරි වෙලාවත් අපිට දැන දැන බොරු කරන්න බැරි ඇත්ත කේස් එකකට මූන දෙන්න සිද්ද වුනොත් අපි එතනින් මාරු වෙනවාය. ඒකට කියන්නේ 'බබා හුකුං දානවා' කියලාද කියන එක මට ෂුවර් නැතිය.
මේ සේරම කියන්නේ එක තැනකට එන්නය.
ඊයෙ පෙරේදා ජනාදිපතිතුමා අපේ නගරෙට ආවේය. නගරේ පුරා කටවුට් ඇලවුනි. ලකුනු දමාගන්න ගමේ ජනතා නියෝජිත සියලුම අංකල්ලා උන්දලාගේ මූනත්තහඩුව අමුනා ජනාදිපතිතුමාගේ ලයිප් සයිස්ට වඩා සයිස් එකේ කටවුට් ගැසුවෝය. සමහර කටවුට් නිසා පාරවල්වල හන්දි ඇහිරිලාය. බස් ස්ටැන්ඩෙකේ පාර පුරා ගසා ඇති කටවුට් එකක් නිසා අද දවසේත් වාහන එහෙ මෙහේ යන එකේ අනතුරක් තිබුනේය. මොකද පාරේ බාගයක් ඒකට වැහිලාය. එහා පැත්තෙං එන වාහනේ පේන්නේ නැතිය.
නගරයේ හන්දියේ ලොකු රවුන්ඩබවුට්ටෙක වටේ සැනකෙලියක් වගේය. එක එක පාටින් කටවුට් පිරිලාය. වෙසක් තොරන් වගේය. එකම වෙනස ඒවා බලන්ඩ බැරි තරං අජූත මූනවල්වලින් පිරිල තියෙන එකය. සමහර කටවුට් ජනාදිපතිතුමාගෙන් රැස් විහිදෙන ආකාරය මනරම් ලෙස විදහා දැක්වෙන ආකාරයට සාදා තිබුනේය.
ගුගල් අර්ත් එකේ හරහට බලන්න පුළුවන්නං ඔයාලටත් ඒ මනරම් දර්සනේ බලන්න පුළුවන්ය. එහෙම පුළුවන් වුනානං අපේ ජනාදිපතිතුමා දැන් ඉන්නේ කොහේද කියලාත් හරියටම කියන්නත් පුළුවන්ය. මොකද උන්දෑ යන යන තැන අහස සිඹින කටවුට්ය. හතුරෙක් නැති එක හොඳට හිටියේය. නැත්තං ගුගලෙන් බලා ගේමක් දෙන්න පුළුවංය.
හතුරෝ මර්ධනේ කරාය කියලා එතුමා ඉන්නේ නිදහසේය කියා මට හිතෙන්නේ නැතිය. උන්නාන්සේ ඉන්නේ හරි බයෙන් වගේය. කොයිතරං බයෙන්ද කියනවානං නගරයේ මීටර් 10න් 10ට පොලිසි, ආමි මාමලා සිටියෝය. අනේ ඒ වෙනුවට පොලිස් නැන්දිලාවත් හිටියානං ඒ පොඩි වෙලාවට අපේ නගරය ලස්සන වෙන්න තිබුනාය. ඒ බව අජිත් කුමාරසිරි නැමැති ගල් මූසල සින්දුකාරයාද එයාගේ ත්‍රස්තවාදී සින්දුවක කියලා තියෙනවාය.
උන්නාන්සෙගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් නගරේ පාරවල් හේදුනේය. දූවිලි පොඩිත්තක්වත් නැති අළුතෙං තාර දාපු පාරවල් වගේ එදා දවසේ අපේ පාරවල් තිබුනේය. ඒ වුනාට අපට ඒවායේ යන්නට හම්බ වුනේ නැති තරංය. පාරේ වාහනයක්වත් නවත්තනවාට පොලිස් මාමලා ඉඩ දුන්නේ නැත. කොටිංම මගේ පුංචි බයිසිකලේ පාර අයිනේ නතර කරන්නේ නැතිව අතුරු පාරක අස්සකට ගොස් නතර කරන ලෙස පොලිස් මාමා කෙනෙක් මට කිව්වේය. සමහරවිට ජනාදිපතිතුමා මිනිස් පුළුටක් නැති වාහනයක් නැති දුමක්, දූවිල්ලක් නැති පොලිසිය විතරක් ඇති කාන්තාරයක් වගේ නගරයකට කැමතියි වෙන්නට පුළුවන්ය. එහෙමත් නැත්තං උන්දැටත් මට වගේ ස්වසන රෝගයක් තියෙන නිසා වාහන දුම පාලනය කරා වෙන්න පුළුවන්ය. මගේ ටිකිරි මොලේටත් ඔව්වා තේරෙනවාය.
ඒ අස්සේ අපේ චන්ද්‍රිකා අක්කලාගේ ගෙවල් පැත්තට ප්‍රාදේසීය සබාවෙං දවස් ගානක් වතුර එවන්නේ නැතිව මහ අලකලංචියක් වෙලාය. එයා ගමේ අයගෙං සල්ලි එකතු කරලා වතුර බවුසරයක්ම ගමට ගෙන ගියාය. බූලි තුන ගානේ ගමේ කට්ටිය වතුර බෙදාගෙන තිබුනාය. ගමම එකතු වුනොත් කරන්න බැරි වැඩක් නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවාය. ජනාදිපතිතුමා චන්ද්‍රිකා අක්කාගේ මේ වීර ක්‍රියාව දැනගත්තානං එයාට වීර පදක්කමක් දෙන එක ෂුවර්ය.
හැබැයි ඔන්න ආස්චර්යය නං උදා වුනේය. ඇත්තට ඒක මහම මහ ආස්චර්යයක්ය. ඒක උදා වුනේ අර කලිං කිව්ව රවුන්ඩබවුට් එකටය. සෑහෙන්න ඉස්සරනං ඒක මැද හිටියේ රන විරුවෙක්ය. හරියටම කිව්වොත් රන විරුවෙක්ගේ පිලිමයක්ය. රන විරුවෝ කිච වීගෙන එනකොට ඒක එතනින් ගැලවී නගරයේ මුල්ලක වෙන තැනකට ගියේය. ඊට පස්සේ ආතක් පාතක් නැතිව තිබුන රවුන්ඩබවුට් එකේ මැද ඊයෙ පෙරේදා හිටි අඩියේ රෝස මල් පිපුනේය. රැයක් ගෙවිලා පහුවදා උදේ වෙනකොට හොඳට පිපුනු ලස්සන රෝස මල් රොත්තක් රවුන්ඩබවුට් එක මැද දිලිසි දිලිසි නගරෙ ලස්සන කලේය. ඒවා නගර සභාවේ හෙන ආස්චර්යමත් වැඩය. ඒකෙ ඉන්න උන්දලා ජාතික ටීවී එකෙං බලා ගෙවතු වගා හෙම කරන ඈයො වෙන්න ඕනෑය.
උදේ හම්බවුන ත්‍රීවීල් අයියා කිව්වේ පැය දෙකකට රුපියල් කෝටි විස්සක්ම වියදං කොරලා කියලාය. පොලිස් මාමලාගේ ඩියුටි ගාස්තු එක්ක උන්දලාගේ වාහනවලට තෙල් ගහනකොටම බරගානක් යන්න ඇති කියලා ඒ අයියා කීවේය. කටවුට් හදන උන්ගේ රස්සා ගැනත් ලොක්කන් උනන්දු බවක් උන්දෑ කිව්වා මතකය. ඒවා ජනතා මුදල් කියලා ඒ අයියාට තරහා ගිහින් තිබුනාට උන්දෑ ඔය වැඩේට සතයක්වත් දීලා නැති බව මම දන්නවාය. ඒ නිසා උන්දා කිව්වේ ඇත්තද බොරුද කියා මම දන්නේ නැතිය. ලකුනු ටිකක් වැටෙන එක හැම එකටම වඩා වටිනවා වෙන්න ඕනෑය.
ඇත්තටම මේ කැටයං සේරම නිකං ලකුනු දාගන්න කොරන පුක් වැඩ බව මේ පුංචි මට යන්තං කිලෝමීටර වෙනවාය. ඔය සන්තෑසිය ජනාදිපතිතුමා සම්බන්දයෙං විතරක් නෙවේය. මුළු රාජ්‍ය අංසයේම ව්‍යාප්ත වෙලා අහවරය. පුද්ගලික අංසෙත් නෑ කියන්න බෑය. දැන් සේරම සිද්දවෙන්නේ ලොක්කාගෙන් ලකුනු දාගන්න එක උඩය. වැඩ නොකරාට කමක් නැත. වැඩ කරන උන් වැඩම කරන නිසා උන්ට ලකුනු ගැන හිතන්න වෙලා නැතිය. ඒ හින්දා උන් කරන වැඩ ටිකටද ලකුනු දාගන්න ඕන තරං කට්ටිය ඉන්නවාය.
අපේ ජනාදිපතිතුමා මට වඩා ගොඩ්ඩ්ඩාක් ලොකු ඇත්තෙක් හින්දා උන්දැටත් මේවා නොතේරෙනවා වෙන්න බැරිය. ඒත් උන්දෑත් මං වගේම කුක්කු බබෙකි. උන්දෑත් මේව සේරම දැන දැන දන්නේ නෑ වගේ ඉන්නවාය. ඉතිං රටේ ලොකුම ඇත්තාගෙන් පටං අරං පාතම ඉන්න මං වගේ එකෙක් වෙනකල් රටම කුක්කු බබාලා බව දැන් පැහැදිලිය. මෙච්චර අකුරු කොටලා තටමලා මට ඕන වුනේ ඒක කියන්නය.
පස්සෙ ලිව්වා...
ජනාදිපතිතුමා මගේ බ්ලොගය කියවනවා වෙන්න බැරිය. අඩුගානේ ලේකංතුමාවත් බලනවා වෙන්ඩ බැරිය.
ඒත් දැක්කොත් කරන්ඩ දෙයක් නැත. කරන්ඩ තියෙන එකම දේ නොදැක්කා වගේ ඉන්න එකය.
Monday, 11 October 2010
චන්ද්‍රයන් තුනක් එක්ක බෝගහකුඹුරට...
මම මගේ රාජකාරියට කැමති එක හේතුවක් තමයි ඒක නිසා මට රාජකාරි ගමන් විධියට දිස්ත්‍රික්කයේ එක එක පැති වල ගමන් බිමන් යන්න ලැබීම. ඒක ඇරුනම රාජකාරියෙන් තෘප්තිමත් වෙන්න තවත් බොහොම සුළු දේවල් ටිකක් තියෙනව. කොහොමත් කාර්යාලය තුල හිර වෙලාම ඉඳල වෙනත් තැනක රාජකාරියක් යෙදුණම ඒක එක වගේ ගෙවෙන ජීවිතේට ලොකු වෙනසක් ගේනව.
මේ වතාවෙ මට යන්න පුළුවන් වුණා රාජකාරියක් වෙනුවෙන් බෝගහකුඹුරට. යන්න වුණේ හඳවල් තුනක් එක්ක. ලොක්ක තමයි 'චන්ද්‍ර', අනිත් දෙන්නා 'චන්ද්‍රිකා' සහ 'චන්ද්‍රානි'. තුන් දෙනාම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරින්. මම විතරක් මුකුත් දන්නැති බබා වගේ ගියා. හැබැයි රාජකාරිමය දේවල් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගන්න මේක අවස්ථාවක් වුණා මට. 2010 සැප්තැම්බර් මාසෙ 22 සහ 23 දිනවල සහ 2010 ඔක්තෝබර් 9 සහ 10 විධියට අවස්ථා දෙකකදි අපි බෝගහකුඹුරට ගිහින් 22 සහ 09 රාත්‍රීන් දෙකත් නැවතිල අපේ රාජකාරිය අවසන් කලා...
බෝගහකුඹුර කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඳන් නුවර එළිය පැත්තට ටික දුරක් යද්දි තියෙන කැප්පෙටිපොල නගරයෙන් හැරිල හපුතල පැත්තට එද්දි හමුවෙන පුංචි නගරයක්. එහෙම නැත්තං හපුතලේ ඉඳන් බොරලන්න පහුකරලා බෝගහකුඹුරට එන්න පුළුවන්. බදුල්ලෙ ඉඳන් වැලිමඩට කිලෝමීටර් 23ක් විතර තියෙනව. එතන ඉඳන් බෝගහකුඹුරටත් කිලෝමීටර් 17ක් වගේ තියෙනව. මේ හරියෙ ඉඳන් හෝර්ටන් තැන්නට තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ බලපෑම දැණෙන දුරක්. බෝගහකුඹුරෙ ඉඳන් බොරලන්දට කිලෝමීටර් 7ක් වගේ සහ බොරලන්දෙ ඉඳන් හෝර්ටන් වලට කිලෝමීටර් 22ක් විතර තියෙනවලු. ඒ කියන්නෙ බදුල්ල නුවර එලිය සීමාව ආසන්නව නිසා බෝගහකුඹුර නගරය මුහුදු මට්ටමෙන් සැලකිය යුතු තරමින් උසකින් තමයි පිහිටල තියෙන්නේ. මගේ දැණුම අනුව වැලිමඩ සානුවේ හෝ ඒ ආසන්නවයි පිහිටීම තියෙන්නේ. ඒ නිසාම හෝර්ටන් තැන්න හරහා හමාගෙන එන හුළඟ බොහොම සැරට මේ පැත්තෙදි දැණෙනවා...
ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.
අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.
මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.
ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...
හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.
වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....
පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.
බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්

| නුගතලාව හන්දියෙ හෝටලෙන් උදේට පොල් රොටී |

![]() |
| බෝගහකුඹුර නගරයේ පිහිටීම |
ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.
![]() |
| මග දෙපස වගාව |
අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.
![]() |
| මීදුම් ගලා කන්දේ... |
මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.
| තේ වත්තක් පසු කරමින් |
ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...
| මේ ඈත පේන්නෙ වැලිමඩ සහ හැටන් පැත්ත වෙන්න ඕන |
හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.
| යන අතරමග හාලි ඇල - වැලිමඩ අතර තැනක් |
වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....
පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.
බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්
Subscribe to:
Posts (Atom)