මේ වතාවෙ මට යන්න පුළුවන් වුණා රාජකාරියක් වෙනුවෙන් බෝගහකුඹුරට. යන්න වුණේ හඳවල් තුනක් එක්ක. ලොක්ක තමයි 'චන්ද්‍ර', අනිත් දෙන්නා 'චන්ද්‍රිකා' සහ 'චන්ද්‍රානි'. තුන් දෙනාම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරින්. මම විතරක් මුකුත් දන්නැති බබා වගේ ගියා. හැබැයි රාජකාරිමය දේවල් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගන්න මේක අවස්ථාවක් වුණා මට. 2010 සැප්තැම්බර් මාසෙ 22 සහ 23 දිනවල සහ 2010 ඔක්තෝබර් 9 සහ 10 විධියට අවස්ථා දෙකකදි අපි බෝගහකුඹුරට ගිහින් 22 සහ 09 රාත්‍රීන් දෙකත් නැවතිල අපේ රාජකාරිය අවසන් කලා...
නුගතලාව හන්දියෙ හෝටලෙන් උදේට පොල් රොටී |
බෝගහකුඹුර කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඳන් නුවර එළිය පැත්තට ටික දුරක් යද්දි තියෙන කැප්පෙටිපොල නගරයෙන් හැරිල හපුතල පැත්තට එද්දි හමුවෙන පුංචි නගරයක්. එහෙම නැත්තං හපුතලේ ඉඳන් බොරලන්න පහුකරලා බෝගහකුඹුරට එන්න පුළුවන්. බදුල්ලෙ ඉඳන් වැලිමඩට කිලෝමීටර් 23ක් විතර තියෙනව. එතන ඉඳන් බෝගහකුඹුරටත් කිලෝමීටර් 17ක් වගේ තියෙනව. මේ හරියෙ ඉඳන් හෝර්ටන් තැන්නට තියෙන්නෙත් හෝර්ටන් තැන්නේ බලපෑම දැණෙන දුරක්. බෝගහකුඹුරෙ ඉඳන් බොරලන්දට කිලෝමීටර් 7ක් වගේ සහ බොරලන්දෙ ඉඳන් හෝර්ටන් වලට කිලෝමීටර් 22ක් විතර තියෙනවලු. ඒ කියන්නෙ බදුල්ල නුවර එලිය සීමාව ආසන්නව නිසා බෝගහකුඹුර නගරය මුහුදු මට්ටමෙන් සැලකිය යුතු තරමින් උසකින් තමයි පිහිටල තියෙන්නේ. මගේ දැණුම අනුව වැලිමඩ සානුවේ හෝ ඒ ආසන්නවයි පිහිටීම තියෙන්නේ. ඒ නිසාම හෝර්ටන් තැන්න හරහා හමාගෙන එන හුළඟ බොහොම සැරට මේ පැත්තෙදි දැණෙනවා...
බෝගහකුඹුර නගරයේ පිහිටීම |
ගුගල් වලින් තැන හොයාගන්න මම මහන්සි වුණත් පැහැදිලි සටහනක් නොතිබීම නිසා සිතියමක් ලබාදෙන්න අමාරුයි. නමුත් මේ ප්‍රදේශය පුරාම ගොවිබිම් විසිරිලා තියෙන විධිය හොඳටම දැකගන්න පුළුවන් වුණා.
මග දෙපස වගාව |
අවුරුද්ද පුරාම සීතල කාලගුණයක් තියෙන බෝගහකුඹුර ප්‍රදේශයට අපි ගියේ සාමාන්‍යයෙන් සීත කාලය පටන්ගන්න මේ කාලෙ නිසා අපට නම් හොඳටම සීතල දැණුනා... සීතලත් හුළඟත් මේ පැත්තෙ මිනිස්සුන්ට නම් හොඳට හුරුයි.
මීදුම් ගලා කන්දේ... |
මේ ප්‍රදේශය ප්‍රසිද්ධ අල වගාවට. වෙන මොන රස්සාව කලත් ගෙදර පුංචියට හරි අල පාත්තියක් එක්ක මිරිස්, සලාද, ගෝවා මාළු මිරිස් වගේ එලවළුවක් ගොඩක් ගෙවල්වල වගා කරල තියෙනවා. අපටත් අපට නවාතැන් ලැබුණ, කණ්ඩායමේ සාමාජිකාවකගෙ සොයුරියගෙ ගෙදරින් හොඳ අළුත් අර්තාපල්වල රස බලන්න ලැබුණා.
තේ වත්තක් පසු කරමින් |
ප්‍රදේශයේ ජනගහනය ප්‍රධාන වශයෙන් සිංහල සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සමන්විතයි. රජයේ රෝහලක්, තැපැල් කන්තෝරුවක් වගේම රජයේ ප්‍රධාන බැංකු සහ ආගමික ස්ථාන පිහිටා තියෙනව. හුළඟට ගස් වල අතු කඩාගෙන වැටීම නිසා නිතරම විදුලිය සැපයුමේ දෝශ ඇතිවෙන බව අපිටත් හොඳටම තේරුණා...
මේ ඈත පේන්නෙ වැලිමඩ සහ හැටන් පැත්ත වෙන්න ඕන |
හපුතල පැත්තෙ ඉඳන් නුවර එලියට යනවනම් ළඟම පාර තියෙන්නෙ බෝගහකුඹුර හරහා වෙන්න ඕන. පාරවල් ගැන මගේ දැණුම බින්දුවයි හින්දා ඊට වඩා දෙයක්නම් මම දන්නෙ නෑ.
යන අතරමග හාලි ඇල - වැලිමඩ අතර තැනක් |
වැලිමඩ ඉඳල එනවනම් බෝගහකුඹුර හරහා බොරලන්ද කියන බස් එකේ එන්න වෙනව. බොරලන්දෙ ගියත් බෝගහකුඹුර හරහා නොයන බස් එකකුත් තියෙන නිසා පරෙස්සම් වෙන්න වෙනව හරි බස් එක තෝරගන්න. චන්ද්‍ර අයියත් එක්ක සයිකලේ ආපු නිසා මට නම් යන එන ගමනෙ පින්තූර ගොඩක් ගන්න පුළුවන් වුනා....
පින්තූර සෙට් එකම මෙතනින් බලන්න.
බෝගහකුඹුර ආශ්‍රිතව තිබුණ ලිපි කීපයක්
හපුතලේ පැත්තේ ඉඳන් නුවර එළියට යනකොට තියෙන ලඟම පාර වන බොරලන්ද-කැප්පෙටිපොල පාරේ තමයි බෝගහකුඹුර තියෙන්නේ..
ReplyDeleteඔබ කිව්වත් වගේ බෝගහකුඹුර ගොවිතැනත් එක්ක බැඳිලා තියෙන කුඩා ටවුමක්. මට මතක විදියට බොරලන්ද ඉඳලා කැප්පෙටිපොලට යනකම්ම තියෙන ලොකුම ටවුමත් ඒක තමයි.
බෝගහකුඹුර හරහා නොගිහින් බොරලන්දට යන බස් එක තමයි වැලිමඩ-හපුතලේ බස් එක. දැන් නම් ඒ පාරේම බොරලන්ද-වැලිමඩ බසුත් යනවා මගේ හිතේ.
හැබැයි බෝගහකුඹුරේ ඉඳන් හෝට්න් තැන්න නම් තියෙන්න සැලකිය යුතු දුරකින්. එතැනට යන්න ලඟම පාර තියෙන්නේ, බොරලන්ද හන්දියෙන් උඩට යන පාර, ඒක යන්නේ ඔහීය හරහා.. එතනත් සැලකිය යුතු දුරක් තියෙනවා…ලංකාවේ තියෙන බොහොම සුන්දරම පාරවල් වලින් එකක්.
@ Sameera - නියමයි…. ඔයා මේ පැත්තෙ සෑහෙන්න කරක්ගහල තියෙනව වගේ නේද? අර දුර සමිබන්ධව පැහැදිලි අදහසක් මට නොතිබුණත් හෝර්ටන් තැන්නෙ බලපෑම දැණෙන දුරකින් තියෙන නිසයි එහෙම දැම්මේ… හරියටම ගත්තොත් බෝගහකුඹුරෙ ඉදන් කිලෝමීටර් 20-25 අතර දුරක් තියෙනවා හෝර්ටන් තැන්නට. මම ඒක ගැන තව ටිකක් දැනුවත් වෙලා ඒක නිවැරදි කරන්නම්. දැන්නුවටත් අදහසටත් javascript:void(0)තුංකූ… :-)
ReplyDeleteෂා. හරිම ලස්සනයි. අපිවත් ගමනට ගෙනිච්චාවගේ ලියලා තියනවා. තරහා වෙන්නෙ නැත්නම් පොඩි යෝජනාවක් කරන්නම්.
ReplyDeleteපරිසරයේ විශේෂ දේවල් පෙන්වන පිංතූර වගේම, ජන ජීවිතයත් කැමරාවට හසුකර ගන්න බලන්න. විශේෂයෙන්ම නගරය, මිනිස්සු නැති නගරය, නිකම්ම නිකං පාළු පෙට්ටි ගොඩක් වගේ වෙනවා. තොලොම්බල් කාරයෙක් හරි කමක් නෑ. නැත්නම් කඩේ තේ දාන කොලුවා කිරි තේ “යාරයක්” මනින හැටි වගේ.
අර පොල් රොටි ටිකේ පිංතූරෙ නියමයි. මරු ඈන්ගල් එක. ඒත් රෑ කෑම වේලෙ ඒ කොලිටි එක නෑ. මමත් වෘර්තීය චයාරූප ශිල්පියෙක් නෙවෙයි, ඔය නිකම්ම් “තිබ්බා-හැහුවා” පොරක්. මේ ලිපියටත් පිංතූර වලටත් හරිම කැමති නිසයි කිව්වෙ, නැතුව චෝදනාවක් නොවෙයි.
හි හි… ගමන ගියා වගේ දැණුනනම් එච්චරයි…. මමත් ඒ තරම් ෆොටෝ කාරයෙක් නෙවෙයි… SE k770i එක කරකවල තමයි ඔය පින්තූර ගන්නේ…. මාත් ආසයි ජන ජීවිතේ එක්ක පින්තූර ගන්න. වැඩේ වුණේ අපි බෝගහකුඹුර නගරයේ ඒ තරම් වෙලා නොරැඳුන එකයි. ටවුමට ගියේ ගොඩක් හවස් වෙලා… එතකොට පින්තූර ගත්තට හරියට වදින්නෙ නැති නිසා ගන්න උනන්දු වුණේ නෑ…. ආයෙ මෙහෙම රවුමක් දාද්දි ඔයාගෙ අදහස ඔළුවෙ තියාගන්නම්….. අදහසක් දැක්වීමට අම්බානක් ස්තූතියි…
ReplyDeleteහෙනගහපිය, ගණන් බලාපිය කිව්වලු. මොබයිල් පෝන් කැමරාවකින් මේ කොරලා තියෙන ටික ඉහටත් උඩිං. ඔය වගේ ගමන් විස්තර දිගටම ලියන්න, අපි බලනවා.
ReplyDeleteඅවුරුදු බර ගාණකට ඉස්සර හෝර්ටන් තැන්නට ගිය ගමනක් මතක් වුනා. ඔහියෙ ඉස්ටේසමෙන් බැහැලා, ඒ පැත්තෙ කස්ටියගෙන් ඇහුවාම කිව්වෙ නං හූවක විතර දුරක් ඇති කියලයි. අන්තිමට අර තානායම හරියට සේන්දු වෙනකොට තමා දැන ගත්තෙ එහෙ කට්ටියට අපිට වඩා හුඟක් හයියෙන් හූ කියන්න පුලුවන් කියලා. ආයි මොනවද, යන කොට පාං කියා ගන්න බෑ, සපත්තු කරේ. හී…හී…
කෑම වේලක නියම රසය විඳින්න පුළුවන් වෙන්නෙ ඒ වගේ දුෂ්කර ගමනකින් පස්සෙ කියලයි මට නං හිතෙන්නෙ.
මම දෙවෙනි වතාවෙ හෝර්ටන් ගියෙ ඒ ලෙවල් වලට ඔන්න මෙන්න තියලා…. බදුල්ලෙන් නයිට් මේල් එකේ ඔහියට ගිහින් එතන පන්සලක දුකසේ ගත කරලා පහුවදා පයින්ම හෝර්ටන් වලට සහ නැවත තේ දළු ගෙනියන ලොරියක පහලට…. ඒක නම් නියම ගමනක්… අර කිව්ව වගේ මහන්සි වුණාමනේ කෑමේ අගේ තියෙන්නේ…
ReplyDeleteදිගටම එක එක ඒව ලියන්න හිතාගෙන ඉන්නවා… ගමන් බිමන් කියන්නෙත් ඒව අතරින් ආසම එකක්.
පොල් රොටී කාලා නේද මෙයා… හරි නරකයි අප්පා ඔයා…. මෙහෙම පෙන්ව පෙන්ව කන එක අපිට නොදී….
ReplyDeleteකොහොමත් මේකට හුරු වෙන්න වෙයි දැන්… මම කන බොන විශේෂ දේවල් ගැනත් ලියන්නයි ඉන්නේ…
ReplyDeleteමට ඊරිසියයි ඕයී…….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteමොනව කරන්නද ඕයි…..
ReplyDelete