ගමේ හැමෝම ලීල ආච්චිට ලීල අක්කය කිව්වට අපේ ආච්චිට තරම්ම වයස නිසා මම කිව්වෙ ආච්චි කියලා.
සති දෙක තුනකට විතර සැරයක් කුමාර අයියලගෙ ගෙදර නැවතෙන දවස්වල කුමාර අයියත් එක්ක බයික් එකේ ගම වටේ රවුම් ගහද්දි එයාට අඩියක් ගහන්න ඕන වුනාම යන්නෙ ලීල අක්කගෙ කසිප්පු තිප්පොලට. මම සිගරට් එකක් දල්වගෙන එතන ඉන්න මිනිස්සු දිහා බලාගෙන ඉද්දි ලීල ආච්චි කට්ටියට මෙගා බෝතලේකින් වීදුරුවලට වක්කරල දුන්නා...
ඒ අතරෙ වතුර එක උණු වුනාම මට හම්බ වෙනව රස ප්ලේන්ටියක්. ඒකෙන් බාගයක් බීල ඉතිරිය ලීල ආච්චිට දෙන්නෙ ඒක අපි දෙන්න අතර පුරුද්දක් වෙලා තිබුණ නිසා. බුලත් කහට රැඳුණ දිරාපත්වුණ දත් එලියට දාල හිනා වෙන්න පුළුවන් උපරිමෙන්ම හිනාවෙලා තමයි මගේ අතින් තේ එක ගන්නෙ... එහෙම වෙලාවට හිතන්න බෑ ලීල ආච්චි ගම දෙවනත් වෙන්න කුණුහරුපෙන් මිනිස්සුන්ට බණින ගෑණියෙක් කියල... ඒ ඒ ප්‍රශ්ණ වලට ඒ ඒ විසඳුම් කියන තියරිය එයා ජීවිතෙන් ඉගෙනගෙන තිබුණා... එහෙම නොවී කසිප්පු වාඩියක් පාලනය කරන්න බෑ පිරිමියෙක්ටවත්...
තේ එක කියන්නෙ අපි දෙන්නට කතාවට ඉඩ සලසන අවස්ථාවක්...
'වැඩේ නැගලම යනව නේද?' මම අහන්නෙ කොතනින් හරි කතාව පටන්ගන්න ඕන නිසා...
'අපෝ නෑ හර්ෂ මල්ලි... ගිය සතියෙත් ලොකු පුතා පොලීසියෙ දවසක් හිටිය'
ලීල ආච්චිගෙ ලොකු පුතා තමයි බිස්නස් එක පැත්තකින් අරන් ගියේ. මාරුවෙන් මාරුවට ලීල ආච්චියි ලොකු පුතයි හිරේ හිටිය. පොඩි පුතත් වාරෙන් වාරෙට කන්ස විකිණුව. කට්ටියම කලේ පොලීසියෙන් පන්නන රස්සාවල්...
'පොලීසියෙන් හැම වෙලේම පන්නනවද?'
'එහෙම නෑ ඉතිං... කට්ටිය ඉන්නවනෙ කියන්න... පොලීසියෙන් එනව වගේ සැක තියෙනවනම් කෝල් එකක් එනවා... එතකොට කෑන් එක හංගන්න ඕන' ආයෙත් කට පුරා හිනාවක්...
'එහෙනං ඉතිං ගිය පාර අහුවුණේ කොහොමද?'
'පොලිසියෙන් සිවිල්නෙ මල්ලි එන්නෙ. ඔය ණයට බඩු ඉල්ලල හම්බුන්නැති අළුගුත්තේරුවෙක් ටිප් එක දෙන්න ඇති...'
'ඉතිං හෙන බයෙන්නෙ වැඩේ කරන්න වෙන්නේ...'
'මේ බිස්නස් එක එහෙම තමයි. නීති විරෝදීනෙ මොනා වුණත් ඉතිං... පොලිසිවල උන්ට ගාන දුන්නනම් කාලයක් ඉන්න පුළුවන්.... ඒත් උං ඉතිං හිතුණ වෙලාවට පණිනව'
......................
ලීල ආච්චි එක්ක මගේ සම්බන්ධය බිඳුණ මම මගේ රැකියාව මාරු කරල පැමිණීමත් එක්කම... මාස දෙකකට විතර කලින් ලීල ආච්චි ආයෙම මට හම්බවුණා. එයා කුමාර අයියලගෙ ගෙට එහා පැත්තෙ ගෙදර වත්තෙ සිලි බෑග් එකකට මල් කඩනවා. අවුරුදු දෙකකින් මාව දැකල නොතිබුණත්, කොණ්ඩෙ කොටටම කපල මගේ ස්වරූපය වෙනස් වෙලා තිබුණත් එයාට එකපාරම මාව අඳුණගන්න පුළුවන් වුණා.
'ආ හර්ෂ මල්ලී...'
'හප්පා... කොහොමද ඉතිං... වයසට ගිහිල්ලා...'
'ඔහෙ ඉන්නවා... මේ.. පන්සල් යන්න හවසට'
ඇගේ හිනාව නම් වෙනස් වෙලා තිබුණෙ නෑ...
'ෂා... හොඳයි හොඳයි... කළු අයිය එහෙම ඉන්නවද?'
'එයා තමයි දැන් දිගටම වැඩේ කරන්නේ... මම ඒක නතර කලානෙ'
'අර මොකෝ...?'
'දුවට රස්සාවක් හම්බවුණා... අනික මේ වයසට බයෙන් බයෙන් ඕව කරන්න බෑ මල්ලි'
.......................
ළඟදි ආරංචි වෙන නිව්ස් වල හැටියට දැන් පෙම් කරන්නත් නීතියෙන් තහනම් වෙලා... ජීවිතේම ප්‍රශ්ණයක් වුණ පෙම්වතුන් යුවලක් එකිනෙකා එක්ක ජීවිතේ ප්‍රශ්ණ නැති මොහොතක් ගතකරන එක නීතියට ප්‍රශ්ණයක්... එක මකුණෙක් කෑවම දඬුවම් ලැබෙන්නෙ සනුහරේටමයි කියන එක පෙම්වතුන් දැනගන්න ඕන කාරණයක් වුණාට ඒක දැනගත්තත් තමන්ට දැණෙන ප්‍රේමය විඳගන්න පෙම්වතුන්ට කිසිම විකල්පයක් නෑ...
ඒ පැත්තෙන් සංස්කෘතිය, තව පැත්තකින් පොලිසිය සහ තව කාලෙකින් ත්‍රිවිධ හමුදාවම, තව පැත්තකින් දෙමව්පියෝ, අනිත් පැත්තෙන් කවදාවත් ආදරේ නොකරපු කුහක මිනිස්සු, පෙම්වතුන්ට තමන් හැර වෙන අතක් නෑ...
ඒත් දැන් ආදරය කියන්නෙ බයෙන් බයෙන් කරන්න ඕන දෙයක් වෙලා...
දැන් ආදරේ කරන එකත් ලීල ආච්චිගෙ කසිප්පු බිස්නස් එක වගේ....
අප්පා මටත් යන්න හිතෙනවා ලීලා අක්කගේ මේ කියන පොට් එක බලන්න…… මොකද ලීලා අක්කාගෙන් කටින් අහනවටත් වඩා ඒක සුන්දර විදියට ඔයා ලියලා තියෙන නිසා ඔන්න ඔහෙ මම යන්නේ නෑ.
ReplyDeleteමේ ඒක නෙමෙයි මොකක්ද ඔය ආදරවන්තයන්ගේ කතාව… මම එහෙම එකක් දන්නේ නෑ නේ.. ඒකත් අර අතමිට තියෙන අයට විතරක් වෙන් කරපු එකක් වෙලාද දැන් ?
ලීල අක්ක තාම ඉන්නවා…
ReplyDeleteආදරවන්තයන්ගෙ ප්‍රශ්ණෙ එක පැත්තක් බලන්න මෙතනින්…
http://w3lanka.blogspot.com/2010/10/love-banned-in-galle-fort.html
“ආදරෙ කරන එකත් හරියට කසිප්පු බිස්නස් එක වගෙ”
ReplyDeleteසිරා කතාව..මේ විදිහට ගියොත් නම් ලන්කා වෙ ආදර කතා නම් බිහි වෙන්නෙ නැති වෙවී..
මට කවුරු හරි ලියපු කවියක අන්තිම පදය මතක් උනා
ReplyDelete“කුහකයි අයියෙ කුහකයි මේ සමාජය”
බොරු සදාචරයෙන් වාසි ගන්න ආන්ඩුවටයි,ඉතිහාසෙත් නැති සදාචාරයක් පෙන්වන කුහක පන්ඩිතයනටයි මේ මේ සිතුවිලි උපහාරයක්ම වේවා!!!!!
@ නිසල් – ඒක තමයි… පරණ කතා ටිකම තමයි හැංගි හැංගි රස විඳින්න වෙන්නේ…
ReplyDelete@ Wamfy – හි හි… සදාචාරෙ නැත්තං රටේ සෑහෙන පිරිසක් බඩගින්නේ…
ලස්සනට ගලපලා තියනවා..අවසානෙට එනකන්ම තේරුනේ නෑ මොකක්ද කියන්න යන්නේ කියලා…. “කතාව ඇත්ත”
ReplyDeleteකාලෙකින් නොලියපු නිසා මෙහෙම අහන්න ලැබුණම ටිකක් ෆිට්! බෝම ස්තූති!
ReplyDeleteඅනේ මන්දා කොලුවෝ, මෙන්න පෙම් කොරන ඕනෙ නං , ලීල ආච්චිගෙ බිස්නස් එකෙන් ඉගෙනෙ ගන්න ඕනෙ පාඩම්… මට හිතෙනෙ හැටියට:
ReplyDelete1. නිවි හැනහිල්ලේ පෙම් කෙලින්න ඕනේ නං පොලොසියට ගාණ ගෙවිය යුතුය.
2. ගාණ ගෙව්වට පොලෝසියේ ගොබිලෝ පයිසෙකට විස්වාස නැති නිසා, හදිස්සියේ පැන්නොත් “බූලිය” හැන්ගිය යුතුය.
මොන එකක්ද මන්දා ලීලා අච්චිගෙ කතාවෙන් මට මතක් වෙන්නෙම “ලලක්කා” සිංදුව:
බජාර් එකේ ලලක්කා..කොල්ලො, හිත හොඳ අක්කා..
සුර සැප වික්කා.. කාගෙත් වත ගොත රැක්කා..
සිල් අරගත්තා..පෝයට සීලෙත් රැක්කා…
මේව බලලා, හිනාවෙන්නද අඬන්නද කියලා මට තේරෙන්නෙ නෑ. කොහොම වුනත් අපි හිතන විදිහ මකවලා නැවත හදන්න ඕනෙ කියලා නං වෙලාවකට හිතෙනවා
බූලිය එක්ක කපල් එකටත් හැංගෙන්න වෙනවද කොහෙද?
ReplyDeleteමම ඒ සින්දුව අහල නෑනේ….
හුටා… මම ඉතිං ප්‍රසංග වේදිකාවල් පැත්තෙ යන්න මාරම කම්මැලි හින්දා ජොලි අංකල්ගෙ කොස්ඇට සින්දුවයි තව දෙක තුනකුයි තමයි දන්නේ… මේක නම් ඵස්ඨ!
ReplyDeleteපාරිභාෂික වදන් කියල දෙන එකට නම් රොම්බ තෑන්ක්ස්! මට කඩප්පුලි කතා කියල ජාතියක් නෑ ඉතිං… අර සමහර එව්වා ප්‍රසිද්ධියෙ කියන්න බැරි එක විතරයි ඕං
ලියලා තියන විදිය ලස්සනයි.. නියමෙට ගැලපෙනවා…!
ReplyDeleteආදරේත් කසිප්පු බිස්නස් එකක් වගේ.. කොහොමත් ඉතිං ආදරේ කසිප්පු වගේනේ.. මද පමණින් ගත්තොත් ශේප්..ඔවර්ඩෝස් උනොත් ඉතිං ලෙඩ තමා.. දෙකම එකතරා මත්විල්ලක්.. හික්..!
එහෙනම් ඔන්න ඔයාට ඒව දෙන්නෙ නෑ… ඔයා ඒව ගැන හොඳට දන්නවනේ…
ReplyDelete