මම හිටියෙ මට පිටුපාගෙන ඉදිරියෙන් යමින් හිටපු ඈ දෙස බලාගෙන... තව වංගු දෙකක් පහුවුණ ගමන් ඇයටත් මටත් තනිව කතාකරන්න තියෙන දේවල් ගැන හිතමින්... හැමදාම වගේ කියන්න ඕන කියලා හිතාගෙන එන දේවල් මට අදත් අමකත වෙන්න අරන්. ඊයෙ රෑ කරුණු විධියට මතක තියාගත්තු එකක්වත් දැන් මට මතක නෑ...
මම ඇගේ මිතුරියන් දිහා බලන්න ගත්තා... කෙලිලොල් වියේ යෞවනය තමයි ඔය...
ඇගේ මිතුරියන් සියළු දෙනාට පෙම්වතුන් හිටිය නිර්මලීට හැර...
මගේ වම්පසින් ගමන්ගත්තු සංජුල හැර මගේ අනෙක් මිතුරන් හැමෝමත් පෙම්සුව විඳිමින් හිටිය එක එක මට්ටම්වලින්...
“සංජු උඹට අරය ගැන මුකුත්ම හිතෙන්නෙ නැද්ද බං?”
මම නිර්මලීව පෙන්නල සංජුට තට්ටුවක් දාල ඇහුවා...
“අනේ බං මම කවදාවත් එයා ගැන හිතල නෑ...”
“උඹට හිතුණ දවසක කියහං. ඒකි හොඳ කෙල්ලක්...”
එතනින් පස්සෙ අපි වෙන්වෙන හන්දියට යනකල් අපි අතරෙ කතාවක් ඇති වුණේ නෑ... යාළුවෝ සේරම එක පැත්තට වෙන්වුණා... මමයි ඇයයි අපි යන පාරට වැටුණා...
...........................
සති කීපයක් ගෙවුණා. ආයෙත් අපට පන්ති තියෙන දවසක්... ඉස්කෝලෙදි සංජු මට කිට්ටු වුණා...
“හර්ෂ, මචං අරයට කොල්ලෙක් නැද්ද ඇත්තටම?”
කොල්ල ඇහුවෙ හෙණ ලැජ්ජාවෙන් වගේ...
“උඹට එයා ගැන හිතුණද අන්තිමේදි....? නෑ.. නෑ... මම දන්න තරමින් අහලකවත් නෑ... මොකද උන් සෙට් එකේ සංගමේ අනුමැතිය අනුව තමයි කොල්ලො approve වෙන්නේ... ඉතිං ඉන්නවනං මම දන්නවා...”
“උඹ කතා කරල බලනවද උඹේ එක්කෙනා එක්ක?”
“හරි මම කතා කරන්නම්... ඒත් ඉතිං ඒක උඹ ඒකිගෙන්ම ඇහුවනම් ඉවරයි...”
“ඉස්සෙල්ල හොයල බලමු”
...........................
සංජු මගේ බයිසිකලේ ගත්තා... මම නැග්ග ඒකෙ බාර් එකට... මාවත් දාගෙන සංජුවා පැද්දා නිර්මලී ගෙදර යන පාර දිගේ... එයා එයාගෙ ලැසි ගමනින් හෙමින් හෙමින් යමින් හිටිය. සංජු එයා ගාවදි බයිසිකලේ තිරිංග තද කලා...
“ඔයාගෙ ජීවිතේට වසන්තය ඇවිත් තියෙනවද නිර්මලී”
මම කෑ ගැහුවා... නිර්මලී බය වෙලා වගේ... අපි දිහා බලාගෙන පාර මැද ගල් පිළිමයක් වෙලා...
“ඔන්න මම වසන්තය අරන් ආවා”
සංජු බයිසිකලේ මගෙ අතට දීල නිර්මලී ගාවට ගියා... මම උන් දෙන්නට යන්න දීල පැත්තකට වුණා...
...........................
ඊට පස්සෙ ගෙවුණෙ අවුරුදු කල්පයක් තරම් දිග කාලයක්... ඒ කාලෙදි වරින් වර කොළඹ රොටරියෙදි සක්‍යා සහ නුගේගොඩ ගම්සභා හන්දියෙන් හැරිල යන පාරෙ පන්සලේ ටියුෂන් පන්ති වලදි සංජුගෙයි නිර්මලීගෙයි ආදර කතාව ගලාගෙන ගියා... වතාවක් කඳුළු, තව වතාවක් හිනාව...
අතරින් පතර මම ඒ දෙන්නගෙ කතාව පැත්තකින් අහගෙන හිටියා... කැමතියි අකමැතියි... ජීවිතේ සරල රේඛාවක් නෙවෙයි...
ආදරේ, අධ්‍යාපනේ, ජීවිතේ හැමදේම අවබෝධ වෙමින් ගෙවපු කාලයක මගේ ජීවිතේ පැත්තක බිත්තියක් පාමුල ඉඳගෙන මේ දෙන්න එයාලගෙ ආදර කතාව ලියමින් හිටිය...
සංජු විශ්ව විද්‍යාලයට ගියා...
නිර්මලීට හොඳ රස්සාවක් හම්බ වුණා...
අළුත් යාළුවො, අළුත් වාසස්ථාන සහ අළුත් පෙම්වතියන් එක්ක මම ටික ටික ඒ අයගෙනනුත් තවත් බොහෝ දේවල් වලිනුත් ඉවත් වුණා... මම වෙනත් මාර්ගයක මගේ ගමන යමින් හිටිය...
අතරින් පතර ගමේදි සංජු හමුවුණ වෙලාවලදි ඒ දෙන්න හොඳින් ඉන්න බව ආරංචි වුණා...
...........................
අද දවල් මට නොදන්න අංකයකින් ඇමතුමක් ආව.
“හලෝ...”
“හර්ෂ?”
“ඔව්...”
“මම මේ සංජුල. ඔයා ගෙදරද ඉන්නේ?”
“හප්පා... මම නං දැන් ඔෆිස් එකේ... මේ දවස්වල ඉරිදත් වැඩ... ඇයි ඇයි?”
“හවස කීය වෙයිද ගෙදර යද්දි?”
“මම කොහොමත් පහමාර හය වෙද්දි ගෙදර යනවා... ඇයි?”
“හරි මම එන්නම් ඒ වෙලාවට”
“හා හරි.. අවුලක් නෑ...”
“හරි එහෙනම් තියන්නං”
...........................
හවස හයයි කාල වෙද්දි සංජු අපේ ගෙදර ආවා.
“මම මේ ආවෙ උඹට මුලින්ම ආරාධනාව කරන්න”
සංජු මගේ අතට කවරයක් දුන්නා.
“හිහ්... මට හිතුණා ඔහොම එකක්! තැංක් යූ...”
මට දැණුනේ කියන්න බැරි තරම් ලොකු සතුටක්...
“ඔයාට සෑහෙන්න වගකීමක් තියෙනවනේ.. ඒ නිසා මුලින්ම කියන්න ඕන කියල හිතුවේ... එන්නම ඕන හරි”
“අවුලක් නෑ එදාට එන්න පුළුවන්...” මම කැලැන්ඩරේ බලල කිව්ව...
අපි දෙන්න හරි බරි ගැහිල ලොකු කතාවක් පටන් ගත්ත.
...........................
සංජු ගිය වෙලේ මට හිතුණෙ මේ ගැන ලියන්න ඕන කියලා... ඒ මේ ලෝකෙ ප්‍රේමය සපථ කරගෙන ඒක විවාහය දක්වා අරන් ගිහින් සතුටින් පවත්වගන්න පෙම්වතුන් වෙන්වෙන්... ඒ වගේ විවාහය දක්වා යන ප්‍රථම ප්‍රේම ගොඩක් අඩු එකේ මේ අවස්ථාව ගොඩක් විශේෂයි.. ඒ නිසා මම මේ සටහනින් සුභ පතනවා ඔවුන් දෙදෙනාට සුභම සුභ යුග දිවියකට...
ඕං කමිං! |
ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...
උඹ නියම යාළුවෙක් බං අයියේ , මට ඉන්න යාළුවෝ නම් ලගිං ඉඳන් ගේම දෙනවා . මගේ පලවෙනි ලවු එක කෑවේ මගේ කාමර පාට්නර් , කෝල් එක ගත්තේ අරයද ?
ReplyDeleteෂා…මරු ඇත්තටම…
ReplyDeleteමට මතක් වෙන මගේ යාළුවන්ගෙන් ප්‍රථම ප්‍රේමය සාර්ථක වෙලා කසාද බැඳපු එක්කෙනෙක් වත් මට මතක් වෙන්නේ නැහැ.. ඔයා ලිව්ව දේ කියෙව්වාමයි මටත් කල්පනා උනේ ෆස්ට් ලව් එක සාර්ථක වෙන අය හරිම අඩුයි නේද කියලා.. බලාගෙන ගියාම ඒකත් ඉතිහාස ගත වෙන වැඩක්.. කොහොම උනත් ඒ ඔය කිව්ව යාළුවෝ දෙන්නට සුභ ජිවිතයක්..! කොහොමත් ඒ දෙන්නට ඒක ලැබෙයි.. මොකද ඒ දෙන්නට මුල මතක තියන අය කියලා පෙනෙන නිසා..!
මගේ සුභ පැතුමත් වෙඩින් එකට ගිය වෙලාවට දෙන්න.
මරු කතාව බං
ReplyDeleteසිරාවට ඉතින්, ඔය වගේ කතා අහන්න ලෑබෙන්නෙම නෑනෙ මචං…..
සුන්දර කතාවක්, හිතට දැනෙන විදියට ලියල තියෙනවා
ReplyDeleteමේක නම් නියමයි.ඇත්තටම කුළුඳුල් ප්‍රේමය සාර්ථක වෙන අවස්ථා අඩුයි.මේ වගේ දේවල් අහන්න ලැබෙන එකත් සතුටක්…
ReplyDelete@ හිස් අ. – නෑ මලේ කෝල් එක වෙන එක්කෙනෙකුගෙන්…
ReplyDelete@ වෙන එක්කෙනා – ප්‍රථම ප්‍රේමය කසාදෙ දක්වාම ගෙනාපු අය තුන් දෙනෙක් මම දන්නවා. මම සුභපැතුම දෙන්නම්
@ ගයා – හි හි!
@ මිලින්ද – ඉස්තූති වේවා…
@ නිර් – ඒකනේ… අඩු තරමෙ අපි වෙන අයගෙ ප්‍රථම ප්‍රේම වලින් හරි සතුටු වෙනව නම් එල තමයි!
AYYAGE BLOG EKA PALAWENI PARATAI KIUWE MAMA.
ReplyDeleteMEKA KIYAWAPU GAMAN MATA WECHCHA DEYAK MATHAK WUNA. MAMATH YALUWEK TA OHOMA UDAUW KARALA ANTHIMATA EYA MAGE MAGI=ULATH KADALA KIYANNEWATH NATHUWA KASADA BADALA RATATH GIYA. EA THIN AYYA GE YALUWA MARAMA HODI :)