Sunday 12 April 2009

තුන්වෙනි ලෝකයේ රටක අජිත් කුමාරසිරි එක්ක

සංගීතය කියල අපි අඳුනගන්නෙ යම් රටාවක් අනුව ඇසෙන ශබ්ද සමූහයක්. ඒක එහෙම තියෙද්දි අපි ඒක තුල එක එක්කෙනා කැමති රටාවල් අනුව සංගීතයට මායිම් පනවගන්නවා. ඒ අනුව ඒ සීමාව ඇතුලෙ ඉඳන් සංගීතය විඳිනවා.

නමුත් සංගීතය කියන්නෙ මහා ලොකු ප්‍රදේශයක පැතිරුණ දෙයක් කියල මට තේරුණේ අජිත් කුමාරසිරිගෙ සංගීතය සහ හඬ භාවිතය නිසයි. ඇත්තටම අපි අපේ සීමාවන් තුල හිරවීම නිසා අපිට අහිමි වෙන දේ බොහෝමයි කියල මට ආයෙත් හිතුණ මොහුගෙ සංගීතයට සවන් දුන්නම.

අජිත් කුමාරසිරි ගැන හොඳ කියන්නෙ මම දන්න අය කීප දෙනයි. බොහෝ දෙනා ඔහුව සමච්චලයට ලක් කරනව. මම නම් හිතන්නෙ ඒක අපේ ස්වභාවික මිලේච්ඡ ගතිය කියලයි.

බොහෝ දෙනා තමාට නොතේරෙන දේ අමතක නොකර හෝ තේරුම්ගන්න උත්සාහ නොකර ඒව භංග කරන්න යනව. ඒක හරියට අපට අමුතු නෙතේරෙන වස්තුවක් හමු වුණා වගේ. අපිට ඒක තේරෙන්නෙ නැත්නම් අපි කරන්නෙ ඒක කඩල බලන එක. මුකුත්ම කරගන්න බැරි වුණොත් අපි ඒක විනාශ කරල දාන්නත් පෙලඹෙයි.

අජිත් ගැන මම දන්නෙ නෑ. නමුත් ඔහුගෙ සංගීතය තුල ඔහු මට ගොඩක් උසස් කලාකරුවෙක්. ඔහුගේ සංගීතය සහ වචන මාව මුලින් වශි කරගත්තා. පස්සෙ ඔහුගෙ හඬ භාවිතයත් ඔහු කරන වැඩක් කියල මට තේරුණ.

මේක ඔහු ගැන කෙටි හැඳින්වීමක්...

මේ සින්දු ටික මට දුන්නෙ මගේ සංගීත ලෝලී මිතුරෙක්. අජිත් මේ ඇල්බමය දෙන්නෙ නොමිලේ. ඒ නිසා මේ ඇල්බමය මම දෙනව කට්ටියටම ඕන නම් අරන් අහල බලන්න. ‍3rd World - Ajith Kumarasiri අහල බලන්න... සමහර විට එක පාරක් මදි වෙයි.

8 comments:

  1. aww i fell in loev with his music after stumbling upon his song love n vote on youtube. downloading the album right now! Thank you so much!

    ReplyDelete
  2. මේ ගායකයාගේ කට හඩ නම් බෙලෙක්කයක් හැබැයි සිංදු වල අර්ථය නම් මසුරන් වලට වැඩිය වටිනවා.. මම තාම සේරම ටික ඇහුවේ නෑ හැබැයි අහපු ටික උපරිමයි. අනික මේ සිංදු වල ගිටාර් එක යොදාගෙන තියෙන විදියට මම හරිම ආසයි..!

    ReplyDelete
  3. අඩෝ මචන් ස්තුති වේවා, මටත් මේ YAtv එකේ videos ටික ඕන වෙලා තියෙන්න. මං ටීවී නොබලන්න ගත්ත කාලේ ඉඳන් බැලුවේ YAtv ඒකනේ.

    ReplyDelete
  4. මීට කාලයකට ඉස්සෙල්ලා මට අවස්ථාවක් ආවා ඔහු සමග සංවාදයකට, ඒත් එතකොට මම නම් ටිපිකල් ලාංකිකයා අනිත් අයත් එක්ක එකතුවෙලා ඔහුට හූ කිවිවා. පස්සේ ඔළුව ටිකක් පළල් වුනාට පස්සේ ඔහුගේ බයිපාස් ෂෝ එක බැලුවා, එදා මට ලොකු කණගාටුවක් හිතුණා ඔහු සමග දොඩමළු වෙන්න අවස්ථාවක් නොලැබීම ගැන. කොහොම වුනත් අජිත් අපේ කාලේ නියම විප්ලවාදියෙක්, තමන්ගේ අවියෙන් බයනැතුව වෙඩිතියන. නදීක ගුරුගේටත් බැනලා තිබ්බ ‍වි:වි: ගැමියෝ අතරේ අජිත්ව තේරුම්ගන්න නම් ලංකාවට තව කල් යනවා. ඔහුව තේරුම්ගන්න කටහඩ,ගිටාරය, පද සංගීතයට විතරක් කොටුවෙලා අමාරුයි. කොහොම වුනත් ඔහු ගැන හොද කියන කිහිපදෙනෙක් හරි මුණගැසිම සතුටක්.

    ReplyDelete
  5. සිංදු වල ලින්ක් එකට ‍ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි මේක බෙදාහදාගත්තට :)

    ReplyDelete
  7. මම අද බ්ලොග් එකකින් දැක්කෙ මෙ ගායකය ගැන. පස්සෙ රවින් මෙ ලින්ක් එක දාල තිබ්බ. බාගෙන අහන්න ඔනි.

    ReplyDelete
  8. එකිනෙකාගේ රසවින්දනය එකිනෙකට වෙනස් ය.
    උදාහරණය: අතේ ඇඟිලි!
    ජය වේවා!!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!