මේක සෑහෙන්න කාලයකට කලින් අපි කීප දෙනෙක් අතර ඇති වුණ කතාවක්. හරිම මුග්ධ සටහනක් වෙන්න පුළුවන්...
පාරෙ යද්දි වාහනේකට අහු වෙල බැගෙට තැලිල දඟලන ගෙම්බෙක් දැක්කොත්?
නොදැක්ක වගේ යන එක හොඳම විසඳුම වෙන්න පුළුවන්.
මොකද බාගෙට තැලුණම ගෙම්බ සාමාන්‍ය තත්ත්වෙට වඩා ආතල් එකේ ඉන්නවද කියල අපි දන්නෙ නෑනේ.
ඕන නම් ගෙම්බාව වේදනාවෙන් මුදවාගන්න හොඳට තියෙන ටිකත් පාගල ගෙම්බව මරලම දානවද?
මොකද කරන්නේ?
ඔය දෙකෙන් කෝක කළත් සාධාරණයි නේ....මම නම් පළවෙනි එක තෝර ගන්නව...
ReplyDeleteඔය තත්වය මනුෂ්‍යයෙකුට ඇති වුණොත් මොකද කරන්නේ?
ReplyDelete911 එකට අමතනවා මම නම්, ඇත්තටම කියනවා නම් ඔහුට කරුණාව දක්වනවා.
ReplyDeleteමම නම් අනේ පව් මේ බලන්න මේ ගෙම්බා විදින දුක කියලා මගේ ගමන යන්න යයි
ReplyDelete@ ශකු - ගෙම්බයි මිනිහයි කියන දෙකම ජිවිත උනාට මිනිස්සුන්ට බෙහෙත් කරන්න ඉස්පිරිතාල තිබ්බට ගෙම්බන්ට බෙහෙත් කරන්න ගෙඹි ස්පිරිතාල නැහැනේ සහෝ..අඩුම ගානේ එච් බල්ලෙක් පූසෙක් ගැන ඇහුව නම් කියන්න තිබ්බා. වෙට් කෙනෙක් ගාවට එක්ක යනවා කියලා වත්.
ගෙම්බාව නම් දාලා යනවා. පව් කියලත් හිතෙයි.
ReplyDeleteමනුස්සයෙක් වුනත් හුඟක් අය දාලා යනවා. ඒකත් එක්තරා මනුස්ස ස්වාභාවයක්. Bystander apathy
එ ගෙමබා කොරියන් කාරයෙකුට විකුනනවා හාදාගන්න----(හොද්දක්)
ReplyDeleteඔය ගෙම්බාව ඇම‍්රිකන් ක‍්රයෙක් දැක්ක නම් ඒකාගෙ ඉතුරු ටිකත් වාහනේට අහු කරල වේදනාකාරි මරනයෙන් ඒ සතාව ගලවාවි.
ReplyDeleteප‍්රන්ශ කාරයෙක් දැක්ක නම් ගෙම්බාව ගහක ගහල මරල අරන් ගිහින් කුස්සි අම්මට නැත්නම් බිරිදට ගිහින් දෙය් රැට කන්න හදන්න.
ලාන්කිකයෙක් දැක්කොත් අනේ අපොය් කියලා හූල්ලලා මුකුත් නොකර යන්න යය්.
මමත් ඉතින් ලාන්කිකයෙක්.
@ සම්පත් - අපිට ඒ ස්වභාවයෙන් වුණ දේට ඇඟිලි ගහන්න ඕන නෑ කියන අර්ථය අනුව හරි. අපි නොදැක්කට ගෙම්බො ඕන තරම් මැරෙනවනේ.
ReplyDelete@ ශාකුන්තල -මිනිහෙක් සම්බන්ධයෙන් තත්ත්වෙ සම්පූර්ණයෙන් වෙනස් නේද මචෝ?
@ බින්කු - හ්ම්....
@ මලී - ;)
@ චමිල - ඇත්තම කිව්වොත් පාරෙ බාගෙට මැරුණ ගෙම්බන්ට වඩා කන්න නැති මිනිස්සු හම්බ වෙනවා.
@ දිසා - ඒක නම් හොඳ වැඩේ. කොහොමත් ගෙම්බා මැරෙන්නනේ ඉන්නේ.
@ ගවේශණ - මමත් ඊට වඩා දෙයක් කරන එකක් නෑ.
ඇත්තම කිව්වොත් ගෙම්බෙක් කියන්නේ අපි නොසලකන සතෙක්. ගෙම්බො වගේම කැරපොත්තොත් දොරවල් වලට අහු වෙල බාගෙට තැලිල ඉන්නව මම දැකල තියෙනව. ඒ ගැන ඒ මොහොතේ දැණෙන සානුකම්පිත හැඟීමට පස්සේ වෙන හැඟීමක් මටත් දැනිල නෑ.
මම තව කතාවක් නිකමට කියන්නම්. සාමාන්‍ය පෙළ පන්තියේ තාක්ෂණික විෂය විධියට කෘෂි කර්මය කරපු අපිට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වශයෙන් කරන්න තිබුණ විවිධ වැඩ ටිකක්. ඒවයික් සේරම නැතත් කීපයක් කරන්න පුළුවන්. එකක් තමයි කෘමි එකතුව. අපි කවුරුවත් ඒක කලේ නෑ එක්කෙනෙක් ඇරෙන්න. එයත් ඒක හදල තිබුණෙ පරීක්ෂණයට කලින් දවසේ. ගම පුරා ඇවිදල කෘමීන් කීප දෙනෙක් කාඩ්බෝඩ් එකකට අමුණල තිබුණ අල්පෙනෙති වලින්. ඉන් කීපදෙනෙක් ඒ වෙනතුරුත් දඟලමින් හිටිය අඬු එහෙමෙහෙ කරමින්....
අර ජාතක ක්ථාවක ගෘහපතියෙක් මී කුණක් විකුණල පොහොසත් උනා වගෙ මමත් ගෙබි කුණ විකුණල පොහොසත් වෙන්න උත්සාහ ක‍්රනව! ලොල්!
ReplyDelete