අද උදේ මම නැගිට්ටෙ 4.15ට. තාත්තත් ඒ වෙලාවටම. දෙන්නම උදේ 5.45 වෙද්දි බස් එකේ නැගල පැය තුනකටත් වඩා දිග ගමනකින් පස්සෙ මාව අනුයුක්ත කරල තියෙන සේවා ස්ථානයට ගියා. ඇත්තටම තාත්ත ආවෙ එයාට ඒ පරිසරය බලන්න ඕන කියලයි. මීට කලින් එයා ඒ පළාතට ගිහින් නෑ. කොහොම හරි උදේ නැගිටල පැයගානක් බස් එකේම යන විධියෙ රාජකාරියකට මම කැමති වුණේ නෑ මුලින්. මම අර්ධ නිශාචරයෙක් නිසා කොයි තරම් රෑ වෙනකල් ඇහැරල හිටියත් උදේ නම් නිදාගන්න ඕන. මම දන්න තරමින් අපේ පරම්පරාවෙ බොහොම දෙනෙක්ගෙ තත්ත්වෙ ඒකයි.
නමුත් අපේ තාත්ත මට මතක කාලෙදි අවුරුදු 8ක් පැය තුනක කාලයක් ගෙවම්න් උදේ පාන්දර වැඩට ගියා. ඊට කලින් තව අවුරුදු දෙකක් ඊටත් වඩා ඈතක වැඩ කලා . ඊටත් කලින් තවත් අවුරුද්දක් විතර තව කොහේදෝ දුරක වැඩ කලා කියල කිව්වා. කොහොම හරි ඒ සේවා ස්ථාන සියල්ලටම ගෙදරින් පැය තුනකට එහා කාලයක් ගතකරලයි යන්න තිබිල තියෙන්නේ.
මට මතකයි මං අටේ පන්තියෙ ඉද්දි පන්තියෙ ටීචර්ගෙ පොත අත්සන් කරන්න ඕන නිසා පාන්දර 4.30ට විතර තාත්තට වඳින්න නින්දෙන් ඇහැරුණා. පස්සෙ තාත්ත ඒක නිකංම අත්සන් කලේ අපි උදේ නැගිටින්න ඕන නෑ කියල හිතල.
ඒ කාලෙ තාත්ත ගෙදර අවෙ රෑ 9ත් පහු වෙල. එයා රෑ වෙලා සුරුට්ටුවකුත් පත්තු කරන් ඇවිත් දොරේ සීනුව ගැහුව. ඒක පුරා අවුරුදු 8ක් මම අත්වින්ද. ඒ කාලෙ ඒක ගානක් නෑ. නමුත් පසුව මම ඒ හරහා මගේ තාත්තව සෑහෙන්න තේරුම්ගත්ත. මගේ තාත්ත ලෝකෙ ඉන්න හැම තාත්තෙක්ම වගේ ගොඩක් කැපකිරීම් අපි වෙනුවෙන් කරපු කෙනෙක්. යුතුකමක් විධියට සලකල හරි අපිව මිනිස්සු කරන්න එයා එයාගෙ ජීවිතයම පාරට වැය කරල තියෙනව යම් කාලෙකදි.
ඒ අතින් ගත්තම මාව එල්ලන්න වටිනව. රස්සාවකදි ඒ රස්සාවෙ සුදුසුකම් වලට අමතරව මම දාහක් දේවල් දිහා බලනව. අපිට ගානක් නෑ. මොකද අම්මල තාත්තල සැප දීලනෙ හදල තියෙන්නේ.
මේ තමයි පරම්පරා දෙකක් අතරදි ලෝකයේ වුණ වෙනස ඒ පරම්පරා වලට බලපාල තියෙන විධිය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේ විධියට හැදිල. යම් දවසක අපිටත් අපේ තාත්තගෙ/අම්මගෙ භූමිකාව රඟදක්වන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නොවුණත් අපේ කලින් පරම්පරාව ගෙවපු ජීවිතය ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් අපේ ජීවිතේ මීට වඩා හොඳ කරගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්.
මගේ තාත්තනම් පොලිස් නිලධාරියෙක්.හැබැයි තාත්තව පොලිස් ඇදුමින් නම් මම දැකල නැහැ.මොකද මම උපන් අවධිය වෙද්දි තාත්ත එයින් ඉවත් වෙලා. මම කුඩා කාලයෙදිම තාත්ත අහිමි උන නිසා හරේට වගේ විස්තරයක් කරන්න මට බැහැ.
ReplyDeleteඋදේ වෙනකම් නිදාගන්න පුලුවන්නම් එච්චරයි. මම වගේ 9 වෙනකම් නිදාගන්න පුලුවන්නම් තවත් හොදයි.ජයවේවා!
හස්පට සිරි මෙයා දැන් තාත්තා එක්කමයි වගේ ගමන.. ඒකත් හොදයි... තාත්තලා අපි වෙනුවෙන් කරන දේවල් වලින් මම මොකුත් කියන්න යන්නේ නැහැ.. කියලා ඉවර කරන්න බැහැ නේ...!
ReplyDeleteඅප්පොච්චියේ, මටනම් තාත්තේක් වෙන්න බැහැ
ReplyDeleteනියම ලියමන හරේ...මේ ගැන නම් පෙතක් ලියන්න පුළුවන්..මේක මතක් වෙන්නත් එක්ක ආයෙ කියවන්න...
ReplyDelete2.පියා සහ මම
clutch එක පෑගෙයි
gear 1න් 2කට
2න් 3ට.....3න් top එකට
ඔහොම යං...
ඔහු දකුනෙ මම වමේ
ඔහු අත සුක්කානම
මයෙ අතේ පොත.
ඇස
කකුල
අත
වහා gear එක 2කට
ඔහු කරයි ඇස් කොණින මා දකියි
ඔහු යමක් අසයි ,මම ඊට පිළි බඳියි
ඊට වැඩි යමක් එතන නොමැත
රේඩියෝවේ....සිල්ලර හඩ ඇරෙන්නට....
තුබුවෙමි පසෙක පොත
සිතුවෙමි වන්න දෙඩමළු සමඟ ඔහු
හැගිනි... නොව මොහු රියදුරෙක්
මාගේ අනාගතයේ මාර්ගය සකස් කොට
එහි සනීපයට සුවපහසුවට
තෘශ්ණාව ඊරිසායාව ගුණමකු කම් පිරි ගොහොරු වලවල් මඟහරවා
ගෙන යන මාර්ගෝපදේශකයා ලෙස
පිය තුමණි ඔබේ ඉතිහාසය
ඔබ කළ කී දෑ ඇසුවෙමි
මහත් ආශවෙන්...ඒ තුලින්
විමර්ශණය කළෙමි ඔබ මනස
කිය වීමි එහි සියුම් තැන්
හැදින්නෙමි මේ ඔබ නොව
ලොකයට ගැලපෙන සත්වයෙක්
ලෙස ආරෑඩ වි ඇති බව...ඔබ ව ඒ තුළම සඟවා
මෙයම නොවෙද මාගේ අනාගතය....
අවසරයි සැබෑ මමත්වයේ විළි වසා
හදින්නට සිංහ සම
මේ කටෝර සමාජයට මුහුන දෙනු පිණීස
අවැසි විටක ගලවා රජ කරවනු කැමැත්තෙමි
සැබෑ මමත්වයෙහි "මම"
ඔව ඉතින් අපිම අපේ තාත්තල ගැන දාපු වමනෙ තමා