මම රාජ්‍ය සේවයට ගියේ මගේ උවමනාවට නෙවෙයි. ඒ තුල හිමිවෙන අමතර වාසි නිසා දැන් ඒක මගෙත් උවමනාවක් බවට පත් වෙමින් තිබුණත් රජයේ රැකියාවකට ඉල්ලුම් කිරීමේ සිට දැනටත් හරියටම නිශ්චිත නැති මගේ සේවා ස්ථානය ගැන වෙහෙසෙන්නේ මගේ දෙමාපියන් සහ ඥාතීන්.
පුංචි කාලෙ ඉඳන්ම රජයේ රැකියාවක තියෙන දූරදර්ශී වාසි ගැන වරින් වර මගේ ඔළුව පුරවල තිබුණත් රාජ්‍ය සේවය ගැන දන්න කාලෙක ඉඳන් මගේ හිතේ පැහැදීමක් තිබුණෙ නෑ. පොඩි කාලෙ රජයේ ආයතනවලට ගිය හැම වෙලේකම මට ලැබුණෙ අප්‍රසන්න අත්දැකීම්. රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම වෙන රස්තියාදුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ ලංකාවෙ මිනිස්සුන්ට :)
මම දැනට ඉන්න ආයතනයට මාත් ඇතුළුව අළුත් පත්වීම් ලබපු කීප දෙනෙක්ම ගියා. දැනටත් ස්ථිර දෙයක් කරන්න නෑ. තවම අනිත් අය නාගෙන ගූ කරගත්ත කුණු වැඩ ටික අපි කරනවා. ඒව මහලොකු දේවල් නෙවෙයි. නමුත් එකම ඉලක්කම පොත් හතර පහක තියෙන වගු වල වාර්තා කරමින් බොහොම පුංචි දේ ලොකු කරගෙනයි ඉන්නේ කට්ටිය. ඇත්තටම කිව්වොත් පරිගණක පද්ධතියක් හරහා ඒ දේවල් කරන්න දැනට ඉන්න කාර්ය මණ්ඩලයෙන් ¼ ක් ඇති කියල මට හිතුණා. මොකද අළුතෙන් ඒ ස්ථානයට ගිය අපි සියළු දෙනා මේ දිනවල කලේ වැරදි නිවැරදි කිරීම් තමයි.
කොහොම වුණත් පරිගණක භාවිතා වෙන්නෙ හරිම සුළුවෙන්. word, excel පාවිච්චි වුණත් excel වලින් කරන්න පුළුවන් සරල එකතු කිරීම්වත් මෙයාල කරන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම පොත් වල තියෙන අංක නැවත වගු වලට ඇතුලත් කරල දෘඩ පිටපත් අරන් වාර්තා සැකසීම පමණයි මම ඉන්න කොටසේ තියෙන පරිගණක වල කාර්යභාරය. කොහොම නමුත් ඉදිරියෙදි ඒක වෙනස් වෙන්න පුළුවන්.
මේ සේවා ස්ථානයේ මුළු සේවක සංඛ්‍යාව 50 ඉක්මවනවා. ඒ සියළු දෙනා කතාබහෙන් හරිම සුහදශීලීයි. හිනාව පිරිලා. ඒ වුණාට වැඩ කරන්න අරන් ගෙවුණ සති දෙක තුළ අපිට තේරුණා මේ බොහොමයක් දෙනා තුල එකිනෙනකා කෙරේ ක්‍රියාත්මක වෙන සීතල යුද්ධයක් තියෙනව කියල. මෙතෙක් මම වැඩ කරපු පුද්ගලික ආයතන වල නම් එහෙම එකක් ලොකුවට තිබුණෙ නෑ. කරන්න වැඩත් තිබුණ නිසා ඕප දූප වලට ඉඩක් නෑ. නමුත් රාජ්‍ය සේවයේ තත්ත්වය වෙනස්. කරන්න වැඩ ඕන තරම් තිබුණත් හදිසියක් නෑ. කල් අරන් හෙමිහිට කරන්න පුළුවන්. කීපදෙනෙක් 1.30ට යනව ළමය ගන්න ඉස්කෝලෙට. දරුවව ආයතනයට ගෙනත් කවල පොවල ආයෙ පන්ති එක්ක යනව 2.30ට. පස්සෙ රවුමකුත් දාල 3.30ට විතර ඇවිත් 4.15 වෙනකල් කහට කෝප්පයක් සමග ඕපයකට ස්ටෙලා වෙලා ගානට 4.15 වෙද්දි ගෙදර යනව. සමහරු උදේ ඉන්නව. දවල් පේන්න නෑ. ආයෙ හවස ඉන්නව. තවත් අය වැඩ කරන්නෙ 4.15න් පස්සේ. ඊට අමතරව සිකුරාද දිනවල නිවාඩු යන තවත් අය සෙනසුරාද ඉරිද වැඩ කරනව.
මම ඒ ගැන හොඳ නරක කියන්න යන්නෙ නෑ. තමන්ගෙ වැඩේ එයාල අතින් හරියට වෙනව ඇති. අනික එයාල කිසිසේත්ම පීඩනයෙන් (stress කියන්නේ) තොරයි. මොකද ඔළුව කචල් වෙන තරම් වැඩක් නෑනේ. ඒ නිසා බොහෝ විට හිනාවෙනවා.
හිනා වෙන අතරෙම තමයි යටින් ගේම දෙන්නේ. ඒ නිසා අළුත් අපි පරිස්සමින් තමයි කතා කරන්නේ.
මේ රැකියාව නිසා මට මාව බාහිරින් වෙනස් කරගන්න වුණා. මගේ කේෂ කලාපය කපන්න වුණා. රැවුල අඩු තරමේ මාස කීපයක්වත් කපන්න වෙයි. කොහොම වුණත් මම මම ම තමයි. පෙනුමෙන් මහත්තයෙක් වෙලා. මගේ රස්තියාදුකාර නිදහස් විලාසිතා වලට සමු දීලා අත් දිගට ඇඳලා මැදපු සපත්තු දාල ජෙන්ටල්මෑන් වගේ තමයි මම වැඩට යන්නේ.
ඒ වුණාට ඒ තැන එහෙම යන්න වටින තැනක් නෙවෙයි. කොහොම වුණත් පඩ ෂෝ කියන්නෙ අපේ රටේ අළුත් දෙයක් නොවෙන නිසා ඒක එහෙම තමයි.
ඔන්න ඔහොමයි මං මහත්තයාගෙ දැං රැකියාවෙ වග තුග. තව ඒවා උගුරට එන විධියට වමනෙ දාන්නම්.
උහ් උහ් උහ්.. මේ පොඩි කැස්සක් ආවා මේක දැකලා...
ReplyDeleteආණ්ඩුවේ රස්සාවල් කරන්නේ මහා කම්මැලියෝ.. දැන් ඉතිං ඔයාලත් ඒ ගොඩේම තමයි.. දැන් ඉතිං බැන්නට තව මාස දෙක තුනකින් කියයි චක්‍රලේඛේ තියෙන්නේ මෙහෙමයි මෙයින් පිට අපිට වැඩ කරන්න බෑ කියලා.. අපි වගේ අහිංසක මහජනතාව තමයි අන්තිමට පව් වෙන්නේ..
සහෝදරයා, හැමෝම ඔය වගේ හිතුවොත් රෘජ්‍ය අංශය මීට වඩා හොඳ කරන්න පුලුවන්. හැබැයි ඔයත් ටික දවසකින් ඒ සෙට් එකට වැටුනොත් අපිටත් ඔයාව කාර්‍යාල වෙලාවේදි කොහේදි හරි ෂොපිංමෝල් එකක දකින්න ලැබේවි. එසේ නොවේවායි පතනවා.
ReplyDeleteමේ දේවල් ගැන බැලුවම මටනම් හිතෙන්නේ සුද්දා අපේන් නිදහස් වෙලා ගිහින් වසර 61 වෙලා කියලා.
මට රස්සාවල් ගැන කියවද්දි ඈනුම් යනව. ඒක මගෙ වරදක්.
ReplyDeleteකොහොම උනත් එල.
නිල ඇදුම කියන්නෙ මරණයේ සංකේතයක් කියල මම අහල තියනව.
හරේ නම් ගෙදර ආපු ගමන් නිල ඇදුම ගලවනවනේ නේද? මොකද ඕක ඇගට ඇලුනොත් හරි මගුලක් වෙන්න ඉඩ තියනව.
රාජ්‍යසෙවය පුරුදුවෙලා තියෙන්නේ ඔය විදිහට තමා ඕක වෙනස් කරන්න ගියොත් උඹටත් අන්චියක් අදියි. ඒක නිසා වව්ලගේ ගෙදර ගියානම් ඒ විදිහට තමා ඉන්න. අන්තිමට වවුලෙක් වෙයිද දන්නේ නැහැ
ReplyDeleteමාත් රාජ්ය සේවයට සහ ඒ අයගෙ වැඩ පිලිවෙලට නම් ටිකක් අකමැත්ය්. නමුත් මම යන පැත්ත/ක්ෂේත‍්රය අනුව මටත් ඉදිරියේදි ඊට සම්බන්ධ වෙන්න සිදු වෙන බවක් තමා පේන්නෙ. :S
ReplyDeleteජීවිතේට වෙනසක් තියෙන එකත් එක අතකින් හොදා සහො..එක එක සානු, මුදුන් ,බැවුම් අත් විදින්නත්, වයසට ගියාම මතක් කර කර රසවිදින්නවත් පුලුවන් වෙය් නෙ..
සමහරවිට අපි එකම කන්තෝරුවකදි මුණ ගැහෙන්නත් ඉඩ තියේවි.හිහ් හිහ්..
ඕක ලොකු ගැම්මක් නැතුව වෙනස් කරන එක තේරුමක් නැතිවෙයි.. කොහෙන්හරි ආපු දේශපාලන පන්දම්කාරයෙක් උඹව කපලා දායි... ඕක තමා දැන් තත්වය.. ඕක වෙනස් කරන්න පුළුවන් නම් හරි... හැබැයි සෑහෙන්න කට්ටක් කන්න වෙයි....
ReplyDeleteකන‍්තෝරුව කන්තෝරුව මම වැඩ කරන.....
ReplyDeleteමේක තමයි මාහට ඇති විනෝද උයන......
ගී ගයමින් නි.....ත.....ර...ම...
-------Voliume down---------
මමත් රජයේ රැකියාවකට බැඳෙන්න බොහොම කැමත්තෙන් ඉන්නෙ! මේක කියෙව්වයින් පස්සෙ ඒ කැමත්ත තවත් වැඩිවුනා! ඒත් මම කරන රැකියාවෙ වර්ගයට ගැලපෙන රජයෙ රැකියා හොයාගන්න හරිම අමාරුයි! දුක තමයි රංජනී.......
---------Voliume up-------
මම වැඩට යන්නෙ දවල් දහය පහුවෙලා....
යාළුවො ඇත මා එනතුරු මඟබලා....
රාජ්‍ය සේවයේ හොඳ අයත් ඉන්නවා මල්ලී ...අනිත් එක හදලා ගන්න බැරි වෙන එකක් නෑ කවදා හරි හැදෙන්නත් ඔිනනේ ...:D
ReplyDeleteමටත් හිතෙන්නෙ දැනට ආංඩුවෙ කංතෝරු වල රැකියා කරන අයට තියෙන්නෙ option 2යි. එක්කො මලීගෙ කතාව හරි නැත්තං ආගන්තුකයාගෙ කතාව හරි.
ReplyDeleteඉදිරියෙදි ඔය තත්වය වෙනස් වෙනවනං බොහොම හොඳයි.