Thursday 15 January 2009

සඳ සහ පොලොව

මේ අදහස
කවියකට ගන්න එක
අසාර්ථක වුණා.

ඒ වුණාට මේක
අපි ජීවත් වෙන
රටාවන් පහැදිලි කරගන්න
මං දරපු
මෝඩ උත්සාහයක්.

හඳේ භ්‍රමණ සහ
පරිභ්‍රමණ වේග වල
තියෙන සමානකමක් නිසා
හැමවිටම පොලොවට පේන්නෙ
හඳේ එකම පැත්ත.

හඳේ එහා පැත්ත
අපට කවදාවත්
පේන්නෙ නෑ.

අපි හැමෝමත් හඳ වගේ.
අපි දිහා බලන අයට
පේන්නෙ අපේ කොටසයි.
අනිත් පැත්ත
සහමුලින්ම වැහිලා.

වෙලාවකට
අපේ හිත් වුණත්
එහෙමයි.

6 comments:

  1. හඳේ මේ පෙනෙන පැත්ත හොඳයි.
    හාවා ඉන්නෙ මේ පැත්තෙනෙ

    ReplyDelete
  2. භ්‍රමණ පරිභ්‍රමණ සංසිද්ධිය නෙවෙයි නම් අහවල් දෙයක් හින්දද මේක වෙන්නෙ ?

    ReplyDelete
  3. බොහෝ වෙලාවට අපි දිහා බලන අයට පේන්නේ, ඔවුනට දකින්න අවශ්‍ය දේ විතරයි, සහමුලින්ම අපව පේන්න තිබ්බත්,ඔවුන් ගන්නේ, කියවන්නේ දකින්නේ, ඔවුන්ට දකින්න අවශ්‍ය දේ විතරයි.
    හඳ සම්බන්දයෙන් නම් මොනවත් කියන්න දන්නේ නෑ.

    ReplyDelete
  4. ඒ වගේම දකින දේ සහ බලන්නාට දකින්න ඕනෙ දේ නිසා සමහර දේවල් පේන්නෙ නැතිව යනවා..

    ReplyDelete
  5. අපි නම් කවදාවත් මේව කියවල නිකම්ම ගියේ නෑ..අඩුම තරමෙ හිත ඇතුලෙන් ස්තූති කරල වත් ගියා...මේකට අදාලව නෙමේ නිකම් බයිලයක් ගහල යන්නම්...ඇත්තටම හරිම අඩුවක් දැනෙනව හරේ..ඉස්සරනම් බෝ xp මලී රවී ඔයා ඔක්කොම එකතුවෙලා එළකිරි ‍හුය වල් අස්සෙ ජීවිතේ පැතිකඩ පිරිමදිනව..හරිම සැහැල්ලුවෙන්..නමුත් අද මම ...ටොන් ගානක දෙවල් හිතන්න ඕනෙ..assignment,practicle,formula,
    job rota,pounds අස්සෙ හිරවෙල ..නිදහස නෑ..කවද ඒ නිදහස එයිද...? නමුත් ඒ නිදහස ලැබෙන දවසට ඔයාල උඔල ඒ තැන් වල නැති වෙයි...එතකොට ඒක ඉතිහාසයක්ම විතරයි...ඒ නිසා අයෙත් ඇවිල්ල නතර උනේ අර පරණ තැනමයි..ඉන්න ‍මොහොත රස විදිමු...

    සුභ පැතුම දුටු බව සදහන් පණිවුඩය දැක්ක වෙලාවක් හම්බුනේ නෑ කියන්න...සුභ දවසක් හරේ...

    මීට මිතුරු
    සෑම්

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!