පුරා වසර පහකටත් වැඩි කාලයක් පුරා මාත් එක්ක ජීවත් වුණ, මගේ සියළු දේ බෙදාගත්ත, මට බොහොම දේවල් ලබාගන්න අතරමැදියෙක් වුණ, මගේ යාළුවන්ට අනුව මගේ girl friend වුණ මගේ කාර්යාලීය පරිගනකයෙන් සමුගන්න කාලය ඇවිත්.
වසර පහකුත් මාස හයක් පුරා මගේ නිවස සහ කාර්යාලය වුණ ආයතනයෙන් සමුගන්න සිද්ධ වෙලා මට. ඉතිං ඒ කාලය පුරාම මාත් එක්කම ගැවසුණ පරිගණකයෙනුත් සමුගන්න වෙනවා මට. එයා වසරකට විතර කලින් අළුත් වුණා මොළ දෙකේ සකසනයක් එක්ක. ඒ වුණත් එයා මාත් එක්ක කරන ගනුදෙනුව නම් වෙනස් වුණේ නෑ මේ වෙනකල්ම.
මේ කාලය තුල මම ඉගෙනගත් දේවල්, මගේ අළුත් ජාල මිතුරන්, වෙනත් දැනුම සහ පුද්ගලික වෙනත් කාරණා සියල්ලත් එයා මට ලබාදුන්නෙ කිසිම මැසිවිල්ලකින් තොරව. හනේ මම එයාට වද දුන්න තරමක්! කී වතාවක් නම් එයාව brain wash කරන්න ඇද්ද.
මේ සටහන එයා වෙනුවෙන්... නැවත කවමදාවත් හමුවන්න නියමිත නැති මගේ පරිගණක පෙම්වතිය වෙනුවෙන්.... දුකින්...

ඉතිං දැන් දික්කසාද තීන්දුව දුන්නද එයාට ? පව් වැඩේ...!
ReplyDeleteමචෝ යන්න කලින් ඕක ෆෝමැට් කරල පලයන් බන්. ඊලඟට ඕකට එන එකාව අප්සෙට් නොකර ;-)
ReplyDeleteඔව් ඔව් ෆෝමැට් කරල යන එක හොඳයි. නැත්තන් ඊළඟ පෙම්වතාට බ්‍රේන් වොෂ් එකක් දෙන්න වෙයි ටික දවසකින්..... කොම්පියුටරේට කෙසේ වෙතත්.
ReplyDeleteමගේ ගෙද‍්ර තියෙන computer එකත් හරියට මේවගේම වටිනවා මට.. :D
ReplyDeleteහුදු මනෝ විකාරයක් නොවී ඇත්තම සිදුවීමක් සම්බන්ධයෙන් හිතට නැගුණු අදහස් ඉදිරිපත් කිරීමක්නම් ඇත්තටම විශිෂ්ඨ නිර්මාණයක්........
ReplyDeleteමම නම් මගේ පළවෙනි පෙම්වතියගෙන් වෙන් වුණේ 2007 දෙසැම්බරයේ.
ReplyDeleteමම නම් ළඟදි මගේ අළුත් (පරණ) පෙම්වතියව මස් කළා :D