Wednesday 14 January 2009

වෙනස් වීම

මම හිතං හිටියෙ මට වෙනස් වෙන්න ඕන කියල වුණත් වෙනස් වෙන්න අවස්ථාවක් ආවම මම කැලඹෙන විධිය මටම ප්‍රහේලිකාවක් වෙලා. අවුරුදු ගානක් මම ජීවිතේ වෙනසක් හෙව්වා. දැන් මට නැවත මගේ දෙමව්පියන් වෙතට ගිහින් රැකියාවක් කරන්න ලැබිල. ඒ වුණාට දැන් මම පුරුදු වෙලා ඉන්න කොළඹ ජීවිතය මාව අවහිර කරන්න අරන්. අන්තර්ජාලය, මගේ යාළුවෝ, මම ඇසුරු කරපු වෙනත් මිතුරන්, මගේ පාරිභෝගික මිතුරන්, මගේ ඥාතීන්, මගේ පෙම්වතිය සියල්ලන්ගෙන්ම මට තාවකාලිකව වෙන් වෙන්න වෙලා. ඒ බැඳීම් එක්ක මම දැන් කැළඹිලා. මම දන්නවා ඒවයින් ගැලවෙන්න ඕන සහ මට ඒක පුළුවන් කියලා. නමුත් මම ඒ ඇලීමට කැමති වෙලා ට්ක කාලයක් ඉන්න ආස වෙලා.

නැවත තුරුදැල පැත්තෙ කවද එයිද‍? ගෙදරට ගන්න උත්සාහයක් ගමු හෙමිහිට. කොහොම වුණත් මට ආයෙත් කියවන්න නම් අවස්ථාවක් ලැබෙයි.

හැමදේම වෙන්නෙ හොඳටයි කියල හිතන්න මහලොකු අමාරුවක් නැති නිසා හැමදේම හොඳින් සිද්ධ වෙයි.

5 comments:

  1. රැගෙන මේ සුභ පැතුම් හද තුටින් යනු මැනේ....!

    ReplyDelete
  2. සුභ පැතුම් මචං!

    ReplyDelete
  3. කොහෙද මචං යන්න හදන්නේ. කොහේ ගියත් වමනේ දාන්න එනව නේද?

    ඔන්න මගේ සුබ පැතුම්.

    ReplyDelete
  4. මටත් ඔය වෙනසම උනා දැන් මම ගමට කැමතියි කොළඹට වඩා.පොඩි අවුලක් තියෙන්නේ මෙහෙ නිදහසේ බොන්න් බැහැ.

    එහෙනම් සුබ ගමන්
    චියර්ස්ස්ස්ස්.......!!!!!!

    ReplyDelete
  5. සුබ ගමන් ඔයාට කොහේ ගියත් හොදින් ඉන්න
    සුබ ගමන්............

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!