Friday 12 December 2008
බේබදු බිරිඳ
මේක අවකාශය වෙනුවෙන් ලියවුණ එකක්...
ලියන්න තරම් දෙයක් හිතට නොඑන නිසා මේක දාන්න හිතුවා. ;)
බේබදු බිරිඳ
සැන්ඳෑ සාදයේ
මධුවිත අතට ගෙන
මා වලකද්දිත්
යහමින් උගුරට හලාගෙන
බිව්වා නේද?
මම දැන හුන්නත්
මට දැනෙන තරමට
යහමින් දාගන්න
යන්තම් වැනෙන්න
ඉඳහිට මා දෙතොල් හැර
මධුවිත තොලගාන නුඹ
කිමිදුණා නේද ගැඹුරටම
මධුපැන් පිරි සයුරේ
මා කර මතට වාරු වී
නිවසට පැමිණි ඇසිල්ලේ
නුඹ කඩා හැලුණා
අපේ සිරි යහනේ
මට ඉඩක් නොතියාම
යහන් කෙලවර
මගේ තනි අසුනට බරවී
පෙම් පුරා මා බලා උන් හැටි දැක
වෙරි සහ නුරා බර සිනාවෙන්
මසිත පුරවා දමා
නුඹ දෑස වැසුවා මතකද?
නුඹට මතකද?
නෙද්දකින් විතරක්!
මේ ගෑණිට කිසි දෙයක් මතක නෑ!
________________________
මේ කවිය තුලින් කිසිදු අයෙක් වෙත පුද්ගලික හෝ රාජ්ය තාන්ත්රික ලෙස මඩ ගැසීමේ අදහසක් නැත. මෙය තොප්පියක් නොවන බැවින් ඉල්ලා දමාගැනීමෙන් වලකින්න.
© Haresh Eranga
2008-12-05
Subscribe to:
Post Comments (Atom)
හොද වෙලාවට අන්තිම සටහන දාලා තියෙන්නේ නැත්නම් තව බෝතලයක් බොන්න වෙන ප්රශ්ණයක් ඇතිවෙන්න තිබුනා..
ReplyDeleteඋඹටයි ගෑනිටයි එක බොතලේ කඩාගෙන බීල ආතල් එකේ ඉන්න පුළුවන්නේ. ගෑණි බනින්නෙත් නෑනේ බොනවා කියල. හික්
ReplyDeleteපට්ට!!!
ReplyDeleteමාරයි! අන්තිම ටික කියවනකොටම ඇත්තටම මට හිනා ගියා.....
ReplyDeleteෂෝක් අප්පා. පොඩි අවුලක් තියෙන්නේ දෙන්නම බිවුවම ගෙදර යන්න විදිහක් නැති එක. නැත්නම් නියමයි ගෝරි බෝරි නැතුව දෙනනට දෙයියනේ කියල බාගයක් ගහන්න තිබ්බ නිවාඩු පාඩුවේ.
ReplyDelete"නෙද්දකින් විතරක්!
ReplyDeleteමේ ගෑණිට කිසි දෙයක් මතක නෑ!"
හරියට බීලා ආපු දවසට මිනිහට මතකයි වගේ
@ මලී - ඔව් ඔව්.. ටිකක් කලිපනා කරල තමයි ඒක දැම්මේ. දෙපැත්තම බේරගන්න එපැයි. ;)
ReplyDelete@ පහන් - ඒක කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට.
@ නම නොදත් - ආයෙ නම නොදැම්මොත් පට්ට ගහනවා හරිද?
@ මචන් - හිනා වෙන්න තමයි දැම්මේ හික් හික්..
@ මර ණය - ආයෙ කියල වැඩක් නෑ. ඒකට පිරිමිය ඥාණවන්තව හිතන්න ඕන. වයිෆ් කණ පැලෙන්න බොනව වගේ නම් හස්බන්ඩ් ගානට දාගන්න ඕන. මෙතන වෙලා තියෙන්නෙ ඒකයි.
හරි හරි ඉතිං ඒව එහෙම තමයි. ;)
අනෙ මචෝ එත්කොට අහිංසක මනුස්සය කවද්ද කන පැලෙන්න බොන්නෙ.
ReplyDelete@ ම - වයිෆ් නැති දාක
ReplyDeleteබීලා ආපු දවසට මිනිහත් මේ වගේ තමයි!! මෙහෙම තමයි කරන්න ඕන...:D
ReplyDelete(දරුනු හිනා)