Tuesday 2 December 2008

කසුන් කල්හාරගේ රොමෑන්ටික් ඔපෙරාව

පැමිණි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. දැන් අපි වැඩේ පටන් ගමු.

මේ වචන තමයි කසුන් ඊයෙ වේදිකාවෙදි කියපු මුල්ම වචන ටික.

ඉතිං....
කාර්ය බහුලත්වයත් එක්ක පහුගිය සති කීපයේ මම තිත් තුනක් තිබ්බා. දැනටත් ඒක වලංගුයි. ඒ වුණත් මේක ගැන නම් කියන්නම ඕන කියල හිතුණ.

The Romantic Opera කියන්නේ කසුන් කල්හාරගේ තුන්වෙනි ගීත ඇල්බමය. ඒකෙ දොරට වැඩීම වෙනුවෙන් ඊයෙ හෙවත් නොවැම්බර් 30 වෙනිද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණ කසුන් ප්‍රධාන වුණ සංගීත ප්‍රසංගයක්. කවදාවත් මම දැකල නැති විධියට ප්‍රේක්ෂකාගාර සියල්ල පිරී ඉතිරුණු ප්‍රසංගයක්. සියළු ටිකට්පත් සහ විකිණීමට තිබුණ ගීත ඇල්බම් මම දන්න තරමින් විකිණී අවසානයි.

මේකට යන්න කලින් අපට නොයෙක් මති මතාන්තර තිබුණ මේකෙදි කසුන් කියයි කියල අපි හිතපු සින්දු ගැන. එයා බොහෝ විට වෙනත් ප්‍රසංග වලදි කියන්නෙම එයාගෙ අතිශය ජනප්‍රිය FM වල පට්ට ගහන ගීත කීපයක් විතරයි. මේ ප්‍රසංගයෙදි ඒක වෙනස් වෙයි කියන දැඩි සිතිවිල්ල අතිශය සාර්ථකවම සාක්ෂාත් වුණා‍. ඒ ප්‍රසංගයෙදි අතිශය සුන්දර ගීත එකතුවක් ඉදිරිපත් වුණා.

මමත් එක්ක මේකට ගිය මිතු‍රන් තිදෙනාමත් හරියටම කියනවනම් සමස්ත ප්‍රේක්ෂකයන් සියල්ලමත් අතිශය ප්‍රමෝදමත් ‍පැය කීපයක් ගෙව්ව. වැඩසටහනේ සංවිධා‍නයේ ඉඳන්ම සියල්ල අති සාර්ථකයි. එකම අවුල වුණේ නිවි සැනසිල්ලෙ විඳින්න ඕන සින්දු ඒ එක්ක ඉදිරිපත් වුණ නර්තණ වලින් නිරෑපනය කරන්න අසමත් වීමයි. ප්‍රේක්ෂකාගාරයෙන් වරක් දැඩි හඬක් නැගුණ "නටන්න එපා" කියල. ඒ වුණාට නටන අයත් ජීවත් වෙන්න එපැයි. මේ වගේ ප්‍රසංග නැත්නම් එයාල කොහොමද ජීවත් වෙන්නේ. කොහොමත් මේ ප්‍රසංගය වෙළඳ වාසි අරභයා සංවිධානය වුණ එකක්නේ.

මම ඇල්බමය මිලදී ගත්ත. මේ වතාවේ සහමුලින්ම වෙනස් ගීත කීපයක් තමයි තියෙන්නේ. වරක් කසුන් එයාගෙ ආසම සංගීත කණ්ඩායම කියල කියපු Scorpions ලගෙ ආභාශය තදින්ම ලැබිල තියෙන ගීත කීපයක්ම තියෙනව. (කසුන්ගෙ Radical ප්‍රේමය ගී එකතුව අයර්ලන්ත Corrs ලට සමානයි කියල වරක් දීප්ති කුමාර ගුණරත්න මහත්මය කියල තිබුණ) සිංහල ගීත අතර සන්ධිස්ථායක් කියල මට නම් කියන්න පුළුවන්. මොකද මේ ඇල්බමයේ සිංහල චවන සංගීතවත් වෙලා තියෙන විධියට මීට කලින් කිසිම සිංහල ගීතයක් තිබිල නෑ. ඇත්තටම මේක සංගීතය මුල් වුණ ඇල්බමයක්. වචන මේ තුල කරන්නෙ අල්පයක්. කොහොමත් කසුන්ගෙ සින්දු ඒ වගේ නේ.

ලියන්න කම්මැලියි. අන්තිමට කියන්න තියෙන්නේ කසුන් කල්හාර කියන්නෙ නියම සංගීතවේදියෙක්. සංගීතයේ සියළු නිර්වචනය කල මායිම් බිඳින නිර්මාණකරුවෙක්. ලංකාවෙ එදා මෙදා තුර බිහි වුණ කටහඬ භාවිතය සම්බන්ධ විශිෂ්ටයා කිව්වොත් මම නිවැරදියි. (කටහඬ භාවිතය සම්බන්ධ විශිෂ්ටම ගායිකාව නම් සුජාතා අත්තනායක කියලයි මට හිතෙන්නේ)

මේ සටහන දාන්නෙ කසුන් වෙනුවෙන්. කසුන්ගෙ නිර්මාණ වලට සහය දෙන හැමෝම වෙනුවෙන්. කසුන්ට ආදරය කරන හැමෝම වෙනුවෙන්.

සුභ ගමන් කසුන්! හොඳ වැඩ කරමින් හෙමින් යමු. හදිසියක් නෑ.

ඔබට ජය!


පසු ලිවීම

මම නිකමට ගුගල් කලාම තවත් කියවන්න හිතෙන දේවල් කීපයක් තිබුණා.

http://adhahas.wordpress.com/category/uncategorized/page/4/

http://lakdiwa.blogspot.com/2008/02/blog-post_6601.html

http://agniezine.googlepages.com/

http://www.sarasaviya.lk/sathsara/?id=sathsara28

මේකත් බලන්නකෝ

amila325 කියන Youtube යාළුවට බොහොම ස්තූතියි...




Re Ahasin live in concert

21 comments:

  1. මේක මග හැරුණ එක අතිශය සංවේගදායක කාරණයක්නෙ :(

    මම ඊයෙ හැටන් යන ගමනුත් බස් එකේදි අහගෙන ගියා පරණ සිංදු වගයක්.. ඒ අතරෙ සංගීත් ගෙ මල් පෙරහැරත් ගියා. අඩු සංගීතය හා වචන වැඩියෙන්..සංගීත්ගෙ කටහඩ සංගීතය නැතුවත් අහන් ඉන්න පුලුවන් කියලා හිතෙනවා..සුනිල් එදිරිසිංහ දවසක් සංගීතය නැතුව " කුඩා ගමේ මද්දහනේ.." ගායනා කළා.. අපිට හුස්ම ගන්නත් අමතක වූ තරම්.. මට මේ ඉන්ස්ටෘමන්මට්ස් ගොඩක් යුද්දෙ වගේ ගහන කොට කන් දෙකම රිදෙනවා වගේ දැනෙනවා.ඔලුව ඇතුලෙ වයර් වගයක් ෂෝට්වෙලාවගේ..

    මිනිසුන්ගේ ළයාන්විත කටහඬවල් තරම් සුන්දර දෙයක් තව කොයින්ද කියල හිතෙනව..

    ReplyDelete
  2. Hamotama sindu kiyanna puluwan unata Gayana karanna puluwan tika denekta witharai... ape rate inna daksha tharuna gayakayek hatiyata kasun ge geetha aththatama rasavidinna puluwan....

    thawa ekak malliya katahada bavithaya sambanda vishishta aya keepa denek innawa lankawe...
    ayi Amarasiri Peris...thawa gayikawak thamai Indika upamali...

    ReplyDelete
  3. @ සු - සංගීතවත් කටහඬකට සංගීතයක් වෙනම ඕන නෑ. මේ ප්‍රසංගයෙදි කසුන් සහ ඉන්ද්‍රචාප දෙන්න සංගීතය නැතිව මල්වරුසාව කිව්වා. ඇල්බමයෙ තියෙනව නදීක ගුරුගේ කියන වර්ණ ගීතය. ඒකෙ සංගීතය දෙන්නෙත් නදීකගෙම කටහඬින්. සංගීත් අපට පිටිපස්සෙ ඉඳන් ප්‍රසංගය බැලුවා. එයත් මම ආස ‍අතිශයම සුන්දරව නලවන්න පුළුවන් හඬක් තියෙන ගායකයෙක්.

    @ කා - ඔව් ඔව් අමරසිරි පීරිස් මහත්මය ගැන ඉතිං කවර කතාද.. තව කී දෙනෙක් ඉන්නවද ඒ වගේ කටහඬ පරතෙරට අරගෙන ගිය.. මම හිතන්නෙ කසුන්ගෙ වයසත් එක්ක සැලකුවම (ජාන ගැන මම මුකුත් කියන්නෙ නෑ)එයා ඉන්නෙ බොහොම ඉදිරියෙන්..

    ඇත්තටම කසුන් විශිෂ්ට වෙන්නෙ මට අනුව විතරයි. ඒක එහෙම නොවෙන්න පුළුවන් වෙනත් අයට... :)

    ReplyDelete
  4. මගේ ප්‍රියතම ගායකයාගේ අලුත් ඇල්බම් එක ගැන විස්තර ලබා දුන්නාට ස්තුතියි.
    හෙට කසුන් කල්හාර අපේ කැම්පස් එකට එනවා අපේ බැචාලා සංවිධානය කරපු ප්‍රසංගයකට සින්දු කියන්න. තාම හැබැහින් බලාගන්න අවස්තාවක් ලැබුනෙත් නෑනේ.

    ReplyDelete
  5. මට කියන්න අමතක උනානේ ඔය තුන්දෙනත් එනවා හෙට(නදීක ගුරුගේ , අමරසිරි පීරිස් ,ඉන්ද්‍රචාප)

    ReplyDelete
  6. @ පහන් - කැළණිය කැම්පස්ද? පුළුවන් නම් විසිතර ලියන්නකෝ අපට කියවන්න...

    ReplyDelete
  7. කොළඹ කැම්පස්
    තවත් විස්තර ඕන නම් pahan123@gmail.com වෙත mail එකක් දාන්න. නැත්නම් මෙතන ඇඩ් දැම්ම කියල මෙතන අයිතිකාරයා තරහා වෙයි.

    ReplyDelete
  8. අහ් සමාවෙන්න අයිතිකාරයාම නේ මේ ලියල තියෙන්නේ මට වැරදුනානේ
    මෙන්න විස්තරේ
    ස්වර්ණසර 2008
    හෙට හවස 4.00ට කොළඹ විශ්ව විද්‍යාලයීය New Arts Theater(NAT) එකේ තියෙන්නේ
    ටිකට්ස් 500, 300, 100

    ReplyDelete
  9. අ‍ම්මෝ ඇති යන්තම් මෙන්න මෙයා ලියලා... මටත් ඉතිං ප්‍රසංගය මග ඇරුණා තමයි...ඒත් අමිල ට පිං සිද්ධ වෙන්න යන්තම් වගේ බලා කියා ගත්තා... ‍හෙට අනිද්දා දිහාට ඇල්බම් එක ලැබුනම අළුත් සිංදු ගැන කියන්නම්....
    කටහඩ හොද සිංහල ගායිකාවෝ අතින් ඇයි ප්‍රදීපා,එතකොට නීලා එයාලා හොද නැද්ද...!

    ReplyDelete
  10. ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙත් තියෙනවා... අමරසිරි පීරිස් කසුන් ඉන්ද්‍රචාප නදීක එකම වේදිකාවක ඉන්නව... හොඳ වෙලාවට කිව්වෙ නැත්නම් මට දුන්න ටිකට් පොතම විකුණනවා දැන් 2ක් තියගන්න ඕනි... මාත් අලුත් සිංදු ටික අහලා බලන්න ඕනි...

    ReplyDelete
  11. @ පහන් - මට එන්න වෙන එකක් නෑ කොල්ලෝ. ඒ වුණාට ඔයාට පසුව අදහසක් දෙකක් දෙන්න පුළුවන් නම් ඒ ගැන නියමයි...

    @ බාග මූණි - මේ ඇල්බම් එකේ සින්දු මට නම් මාර ගති. කසුන් කලින් වතාවටත් වඩා ඉදිරියට ගිහින්. ඒ නිසා මගේ මිතුරු කසුන් රසිකයන් කීප දෙනෙක් මැසිවිලි කිව්වා මේක දරුණු වැඩියි කියලා. නමුත් ටික දවසක් අහද්දි ඕව නැති වෙයි.

    කටහඬ නම් හැමෝගෙම හොඳයි. ඒ වුණාට විශිෂ්ටයෙක් කියල මම කියන්නෙ කටහඬ නලවන්න තියෙන හැකියාව, හ‍‍ඬේ ස්වර පරාසය වගේ දේවල් අනුවයි. සාමාන්‍යයෙන් හොඳට ගයන්න පුළුවන් කෙනෙක්ට වුණත් ස්වර සප්තක 7 ඒවා 2කට වඩා කියන්න අමාරුයි. සුජාතට ගෙඩි පිටින් 4ක් විතර කියන්න පුළුවන්. ;) ඒ අතින් මට නම් සුජාත තමයි එලම. ඒක මගේ විතරක් නෙවෙයි. හොඳට සින්දු අහන මගේ මිතුරු රන්දිකගේත් මතය.

    කසුන්ගෙ මේ ඇල්බම් එක අහන්න. කට්ටියටම තේරෙයි කටහඬ පාලනය අනුව කසුන් ඉන්නෙ කොහෙද කියලා...

    @ ආගන් - මේක නම් බලන්න වටින එකක්. මොකද සිරාම හතර දෙනෙක් තමයි සෙට් වෙන්නේ නේද?

    ReplyDelete
  12. මමත් කැමතිම තරුණ ගායකයෙක්, සින්දු ටික හොයාගන්න ඕනි, තොරතුරට බොහොම ස්තූතියි.

    ReplyDelete
  13. වෙනම සටහනක් දාන්නත් හිතල මේකෙම ලියන්න හිතුව.

    ඔයාට ගොඩක් ස්තූතියි කසුන්!

    මම හිටියෙ හෙම්බත් වෙලා. සංගීතයේ නවමු පැති නැතිව මම හිටියෙ එපා වෙලා. තාමත් හොඳටම පට්ට ගහන කසුන්ගෙ සින්දු සියල්ලත් එක්ක නදීක, අමරසිරි, වික්ටර්, මර්වින් සහ බටහිර ගීත එකතුව ටික කාලයකට ඉවත් කරලා මට දැන් රොමෑන්ටික් ඔපෙරාවත් එක්ක යහමින් සමවදින්න පුළුවන්. මගේ උගුරටත් හොඳ වැඩ ටිකක් දෙන්න පුළුවන්. සේරටම වඩා මම ආයෙත් සංගීතමය ලෙස ජීවත් වෙන්න අරන් ආයෙත් මුමුණන්න ගීත ටිකක් මට ලැබිලා.

    ස්තූතියි ආයෙත් ඔබට කසුන්.. :(

    ReplyDelete
  14. හා, හරේ කසුන්ගේ සිංදු මම කැමතිම සිංදු , මේ සොඳුරු ගායකයා ගැන සටහන කියවන්න ලැබීමත් සතුටක්. මම කැමතිම, නදීක , කසුන් එකතුවෙන් පිටවන මහා අපූර්ව සංගීතයට. ගිටාර් එක පමණක් යොදාගෙන ගැයෙන "රෝමියෝ බැඳලා" ගීය, ඒක තමයි මෙතෙක් ඔවුන්ගේ සුසංයෝගයෙන් හැදුනු මම අහපු mind blowing ගීය.මෙවන් සංගීතයක් සමග දැහැන් ගත වෙන්න පුළුවන් ! නැවත ලිවීම ගැන සතුටුයි.

    ReplyDelete
  15. @ බෝ - ඔයා කියන්නේ නදීකගේ "වේදිකාවේ" සින්දුව නෙවෙයි නේද? අනේ එහෙමනම් මේ සින්දුව මා ගාව නෑ. පුළුවන් නම් දෙන්න. ලොකු දෙයක්! :)

    ආ.. නැවත ආවට රැ‍ඳෙන එක ෂුවර් නෑ... ;)

    ReplyDelete
  16. ඔව් ඒක තමයි,ඊමේල් මගින් ලැබෙන්න සැලැස්සුවා.

    ReplyDelete
  17. අනේ කවුරු හරි මට නදීකගේ සින්දු ටිකක් mail කරනවද?? pahan123@gmail.com

    ReplyDelete
  18. කසුන්ගේ අලුත් සින්දුවක් http://slhits.com සයිට් එකේ තියෙනවා දැක්ක. Waseelisa කියල සර්ච් කරල බලන්න.

    ReplyDelete
  19. ඔයා කසුන් ගැන නොලිව්වොත් තමා පුදුමෙ. මෙතන හුගක් අය කසුන් අමර සිරි පීරිස් ගැන ඒහෙම කථා කරල තියනව. මට ඔයගොල්ලොන් ගෙ අවධානය තවත් අළුත් ගායකයෙක් වෙත යොමු කරන්න කැමතී ඒ රනිදු ලංකාෙග්. අපි කසුන් ගෙ සංගීතයෙන් ලබන රසයම වෙනස් අයුරකින් මම රනිදුගෙ සංගීතයෙන් ලබනවා. වෙලාව ලැබුනොත් අහල බලන්න. (තරහාද සදුහා , පලායන්නෙ නෑ මා, සමනලියෙ) සමහර ඒව යූටියුබ් ඒකෙ අැති.  

    ReplyDelete
  20. ade affa.... mawath tag korala... me danui google eke search eken ahu wune :) :)... thanku wewa :D :D...
    aththatama harima lassana peya keepayak... :) :)

    ReplyDelete
  21. පස්සෙ කමෙන්ට් දාපු උන්ටත් ස්තූතියි. මෙතන ඉන්න, කමෙන්ට් දාපු උන් එක්ක මම කොයි තරම් දුරක් ඇවිල්ලද කියල හිතෙනකොට ජංජාලෙට තොත්තුවක් දෙන්න හිතෙනවා.

    ලිවීම් අතින්, අදහස් අතින්, අත්දැකීම් අතින් අපි ලොකු දුරක් ඇවිත්.

    ඒ මදිවට මේ ප්‍රසංගයේ සම්පූර්ණ සින්දු ටික වෙනම චැනල් එකක් හොඳ කොලිටියෙන්මත් තියෙනවා...

    http://www.youtube.com/user/apihoru/videos

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!