මේක අපේ රවි මහත්තය ටිකක් මත් වෙලා ආපු දවසක අපේ තවත් පාරිභෝගික මිතුරෙක් වන මොහාන් හෙට්ටිආරච්චි අයිය එක්ක කරපු දෙබසක්. කොහොමත් රවි මහත්තය බිව්වම මාර ගති. හරියට අපේ තාත්ත වගේ. වටේම අයට සතුට බෙදනවා. එයා තුල කොහොමත් වැඩ වාසය කරන විනෝදකාමියාගෙත් හොඳම කොටස එලියට එනවා දෙකක් දැම්මම. හික් හික්...
මේකට නිදාන කතාවක් තියෙනවා. මූල බීජය ආයෙත් අබා. අබාට විරුද්ධව පුංචි පුංචි සංස්කෘතිකමය විසංවාද මතු වුණානේ. මොහාන් මහත්මය මේ විසංවාද වලට එකඟව අබාට බැන්නා අපිත් එක්ක. එයා වැඩ කරන්නෙත් චිත්‍රපට කෙෂ්ත්රයේ නිසා අපි නම් ඒව ගනන් ගන්නෙ නෑ. එයා හරිම හොඳ මනුස්සයෙක්. ඒ වුණාට විෂයානුබද්ධ සාකච්ඡා වලදි එයත් ඉන්නෙ කණ්නාඩි දාගෙන. ඒව එහෙම තමයි.
කොහොම හරි මොහාන් අබාට බැණපු කතාව අපි රවිට කිව්ව. රවි අබා බලල නෑ මේ වෙනකල්ම. ඒත් එයා සංවේදී මනුස්සය නිසා අබා නොබැලුවත් කලාව කලාව විධියට රස විඳින්න තියෙන හැකියාව උඩ අබාට විවේචන ගෙනාවෙ නෑ. මේ දෙන්නම මගේ හොඳම පාරිභෝගිකයෝ. රස්සාව වෙනම සහ මිත්‍රත්වය වෙනම පවත්වගන්න මෙයාල දන්නවා. ඒ නිසා ඕන දෙයක් මම සහ මගේ දෙපස ඉන්න සගයො එක්ක කියවන්න මෙයාල මැලි නෑ. වැඩේ කෙරුණත් නැතත් මෙයාල අපේ ළඟ ඉඳන් මොනා හරි දේවල් ටිකක් කියෙව්වොත් ඒ දේවල් වල ගන්න දේවල් සහ පැලෙනකල් හිනාවෙන්න දේවල් තියෙනවා. ඒ නිසා මෙයාල දෙන්නටම අපි කැමතියි.
මට මතකයි මොහාන් මහත්තය අර රූපවාහිනී චැනලයක නර්තන තරුව තෝරපු දවසට පහුවදා කියපු කතාව.
"අද මට මාර සතුටුයි අප්පා.. දැන් අපට ඩාන්සින් ස්ටාර් කෙනෙකුත් ඉන්නව. දැන් තව මොනවද අපට අඩු"
හික් හික්....
ඒක අපේ නලින්ට කිව්වම එයා කිව්ව,
"ඇයි හෙට අනිද්දට ටාසන් ස්ටාර් කෙනෙකුත් හම්බ වෙනව අපිට"
ආයෙත් හික් හික්...
ඔන්න ඉතිං රවි මහත්මයා දෙකක් දාල ආපු වෙලේක මොහාන් මහත්මයව හමු වුණා. මේක මේ විධියටම නෙවෙයි වුණේ. මම මේක ටිකක් සංස්කරණය කලා ලියන්න පුළුවන් විධියට. ඒත් දෙබසට බාධාවක් නෑ.
රවි - ආ... මිස්ට මොහාන් කොහොමද?
මොහාන් - ආ හලෝ.. ඉතිං.. කාලෙකට පස්සෙ නේ..
රවි - මම ඔයාව හම්බ වෙන්නමයි හිටියෙ... ඒක නෙවෙයි.. මම අද ටිකක් බීල ඉන්නෙ හරිද?
මොහාන් - ආ නියමයිනෙ ඉතිං...
රවි - ඒ වුණාට කියන්න එපැයි.. මොකද මම සාමාන්‍යයෙන් දවල්ට බත් කෑවට කාල ඉන්නව කියල විශේෂයෙන් කියන්නෙ නෑනෙ. බිව්ව කියල විතරයි කියන්න පුළුවන්..
මොහාන් - හහ් හා.. ඒකත් එහෙමයි නේ.. මොකෝ හම්බ වෙන්න ඕන වුණා කිව්වෙ?
රවි - ඔයා අබාට දෝෂාරෝපණය කලා කියල ආරංචියි..
මොහාන් - කවුද කිව්වෙ? මුං සෙට් එකද? අම්මපා මුංව..
රවි - නෑ නෑ නෑ... අපි මෙහෙම ගමු..
මොහාන් - කියන්නකො බලන්න
රවි - ඔයා අබාව දන්නවද?
මොහාන් - නෑ
රවි - ඒකනේ.. මම දන්නෙත් නෑ..
මොහාන් - හික් හික්..
රවි - වැඩේ කියන්නෙ ජැක්සන් දන්නෙත් නෑ...
මොහාන් - ඒක හරි... ඒත් මූලාශ අනුව...
රවි - නෑ නෑ නෑ... ඔය මූලාශ්‍ර ලියපු අය දන්නෙත් නෑ... ඒ විතරක් නෙවෙයි පරණවිතාන මහත්තය දන්නවද? නෑ... ආනන්ද කුමාරස්වාමි මහත්තය දන්නවද? ඒත් නෑ.. මහාවංශය ලියපු එක්කෙනා? එයත් නෑ...
මොහාන් - බලාගෙන යනකොට කවුරුවත් දන්නෙ නෑ..
රවි - ඒකනේ වැඩේ! කවුරුවත් ඒ කාලෙ ඇත්තටම වුණ කතාව දන්නෙ නෑ..
මොහාන් - ඒ වුණාට මේකෙන් කියන යටි පෙල..
රවි - මොන යටි පෙලක්ද මගුලක්ද මන් දන්නෙ නෑ. මේක නිකං පරම්පරා ගානක් මිනිස්සු අතරෙ විවිධ විධියට පැවතුණ කතාවක්.. ඒක ගැන ඔච්චර වද වෙලා වැඩක් නෑ. අනික ඕක ගැන ඔහොම දුක් විඳිනව නම් තව මොන තරම් දේවල් තියෙනවද මිනිස්සුන්ට කෑ ගහන්න. හිහ් හිහ්...
මොහාන් - ඒකත් ඇත්ත නේද?
රවි - .....
මොහාන් - ...
තව දිගට ගියා කතාව. ඒත් ඕන ටික තමයි ඔය. අන්තිමේදි අපි කවුරුවත් හරි කතාව දන්නෙ නෑ. ඒත් අනේමන්දා එක එක රාමු ඇතුලෙ කතාව අල කරන් අපි කරන්න වැඩ නැතිවට වැඩ හදාගෙන.
අබා ගැන ආයෙම කතා කරන්න හිතුවෙ ලඟදි මට නැවතත් අවස්ථා දෙකකදි අබා බලන්න වෙන හින්ද. එකක් මගෙ යාළුවො එක්ක. අනෙක ගෙදර කට්ටිය එක්ක. එයාල දන්නෙ නෑ මම තනියම බලපු බව. මොකද වෙන අවට ගැටලු වලින් මිදිල චිත්‍රපටියක් බලන්න තනියම යන්න එපැයි. කොහොම හරි මේ ඉදිරි වතා දෙකේදිම මට සජීවී සාකච්ඡා කරන්න පුළුවන් චිත්‍රපටිය නිම වුණ ගමන්ම. ඒකට පූර්විකාවක් විධියට සහ ඉදිරියෙදි මගේ වමනෙ පිටුවෙදි හමුවෙන්න නියමිත මගේ මිත්‍ර රවි සහ මොහාන් යුග්මය ගැන අදහසක් ගන්නත් මේ වැමෑරිල්ල යොදාගත්තා.

ටිකක් පිස්සු උනාට මිස්ටර් රවී හරි ඡොලි වගේ...
ReplyDeleteමොහාන් ගැන කියනවා නම් ඕක ඉතිං අපිට තියන ප්‍රශ්ණයක් නේ...තව කෙනෙක් ගේ මතයට කන් නොදීම හා පරම්පරා ගණනක් ඔළුවේ පුරවන් ඉන්න බමුණු මත ඉවත් කරන්න අකමැති වීම...මොනා කරන්නද ඉතිං let it be like that ඇරෙන්න...
හෙහ් ඡැක්සන්ගේ ගෙදර අයවත් ඔයා තරම් අබා බලලා නැතුව ඇති හික් හික් !!! 3පාරක් අබා බලන්න පිස්සු නැත්නම් ශෝක් ඔන්න දෙපාරක් නම් තව කමක් නෑ :P
මටනම් තාම අබා බලන්න යන්න බැරිඋනා..හයියෝ...
ReplyDeleteඔය එක එක මූලාශ්‍ර පිළිබද කතාව නම් හරියට හරි. කටවහරෙන් ජනවහරෙන් එන කතන්දර තම තමන්ගේ පුද්ගලික මත සහ කැමැත්ත මගින් යම්කිසි ආකාරයකට විකෘති වීමකට ලක්වෙන්න ඉඩ වැඩියි.
උදාහරණයක් ගත්තහම අපේ හිටපු ජනාධිපතිනියක් වන චන්ද්‍රකා මැතිණිය ගැන ලියඋනු පොත් දෙකක් තියනවා..චෞර රැජින සහ පෞඩ රැජින..හික් හික්..
පැරණි රජ කල මූලාශ්‍ර උනත් ලේඛකයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීම වැනි සාධක මත සත්‍යය වසන් වී සටහන් වන්නට ඉඩ තිබෙනවා.
හරියට හරි. අපි දන්නේ නැහැ විශ්වය කොයි වගේද කියල. අපි කියනව අනන්තයි කියල ඒ ඇහැට දකින්නෙත් නැතිව. ආදරයත් ඒ වගේ. එයා මට ආදරෙයි කියල අපි අනිත් අයට කියනව. ඒ අපි ප්රත්යක්ෂ කරගන්න දේවල් ඇතුලෙ අපේ විශ්වාසය පදනම් කරගෙන.
ReplyDeleteඇත්තටම ඉතින් එහෙම බැලුවාම අපිට හරියටම නිවරදිව දැනගන්න තියන දේවල් හරි අල්පයි නේද. අපි මේ සන්වේදනා වලින්නේ හුඟක් දේවල් අල්ලගන්නෙ.
film gana kiyanawanam mama eye baluwa "hide and seek" rupawahini eke. (2005 made. starring robert di niro)
ReplyDeleteeka multiple personality disorder eka gana kathaawak. ee film eke endings 5k thiyanwa. ekiyanne endin eka anuwa versions 5k thiyanawa film eke. Bo balala thiyanawada?
@Dhamz-නැහැ බන්..දැන් මේක දැකල මම පොඩ්ඩක් හොයල බැලුව. හොදයි වගේ ෆිල්ම් එක.
ReplyDeleteHitchock's psycho එකේ තියෙන්නෙත් ඒ වගේ ලෙඩක් සම්බන්ද සිද්දියක් තමයි. ඒකෙ නම් තමන්ගෙ අම්මව තමන්ට ආවේශ කරගෙන මිනීමරන කෙනෙක් ගැන තියෙන්නෙ.
බාගත කරගන්න ඕනේ ඔයා කියපු එකත්.
මමත් අබා බලන්න ගියේ ගෙදරට හොරෙන්. මේක කියෙව්වාම ඒක මතක් වුණා.
ReplyDeleteහික්. :P
mama nam hithana widihata aba gana oya kathawa athi kale Jackson Anthony ma wenna athi!
ReplyDeleteeka parana black marketing trick ekak! :lol: