Wednesday 3 September 2008

ප්‍රකාශන හරහා පොර වීම

වසර ගාණක් මම තුරුදැල භාවිතා කලේ විවිධාකාර අධ්‍යාපනික දේවල් වලට සහ විවිධාකාර විනෝදාශ්වාදී දේවල් වලට විතරයි. ඒක තුල තියෙන මිනිස් සමාජ ඇසුරු කිරීමක් වුණේම නෑ. මේ සයිබර් සමාජය මිනිස් චරිතත් එක්කම ඇසුරු කරන්න අරන් වැඩි කාලයක් ගිහින් නෑ තවම. ඒ නිසා මෙහෙම දෙයක් කියන එක හොඳද මන්දා. මේ කියන්න යන දේ හොඳක් හෝ නරකක් කියන්න යන්නෙ නෑ මම. ඒත් මේ කියන දේ හරහා මම වර්තමානෙ අපට හමුවන විවිධ විධියෙ මිනිස්සු ගැන යම් විධියක අදහසක් ගන්නයි උත්සාහ කරන්නේ.

මාර්ගගත සමාජ වලදි (Online Community) අපට හමුවන බොහෝ මිතුරන්ගෙ හැඳුණුම්පත්වල එහෙම නැත්නම් සිග්නේචර් හෙවත් සිගි වල නොයෙක් ලෝ ප්‍රකට විද්වතුන්, දාර්ශණිකයන්, කවියන් සහ ලේඛකයන් කරපු ප්‍රකාශ තියෙනව. එහෙම උදාහරණ දෙන්න නම් ඕන තරම් පුළුවන්. ඒත් ඒක හොඳ නෑ සහ මගේ මේ ලියවිල්ල කියවන්න තරම් දැනුවත්ව තුරුදැල සෙවණේ ඉන්න අය මේ කියන දේවල් ගැන දන්න නිසා මම උදාහරණ දෙන්න යන්නේ නෑ.

බොහොමයක් දෙනා තමන්ගෙ සිගිය අමතක කරලයි ඉන්නෙ හැබැයි. යටින් හරිම සරලව දාගෙන ඉන්නව

"I respect all the <community> members" කියල.

හැබැයි තමන් කියන දේට විරුද්ධ මතයක් ඉවසගන්න හරිම අමාරුයි. දුර දිග ගියොත් බණින්නෙ කුණුහරුපෙන්. කුණුහරුප කියල දෙයක් නැති වීම වෙනම දෙයක්. මම කියන්නෙ ද්වේශ සහගත වීමේ උපරිමය අර විධියෙ වචන වලට කැටි වීම ගැනයි. මම දැකල තියෙනව ඒ වගේ ඒව බොහොමයක්. මෑතකදි අපි කවුරුත් දන්න කීපදෙනෙක්ම තවත් මිතුරෙක්ගෙ සිංහල බ්ලොග් සටහනකින් අනවසයෙන් උපුටාගත්තු එකක් තමන්ගෙ වගේ ප්‍රසිද්ධ කරල ඒ ගැන හොඳට පහදල දෙන්න ගියාම කියපු කරපු දේවල් දන්නෝ දනිති! නොදන්නෝ අවැසි නම් අසා දැනගනිත්වාහ්! ;)

අනිත් කාරණේ අර කියපු විධග්ග ප්‍රකාශන. බොහෝ දෙනා කලින් කිව්ව වගේ විශිෂ්ඨයන්ගෙ ප්‍රකාශන තමන්ගෙ සිගියෙ දාගෙන ඉන්නව. තමන්ව ඒ හරහා නිරූපනය කරමින්. එහෙම වෙනව කියල හිතමින්. ඒව කියපු අයගෙ නමත් දානව වටිනාකම වැඩි කරගන්න. හැබැයි එයාල හැසිරෙන්නෙ නම් ඒ ප්‍රකාශන වලට අදාලව නෙවෙයි. හැමෝමත් නෙවෙයි. හික් හික්...

මේක තියෙන අවුල මේකයි. මේ සමහර ප්‍රකාශන (සම‍හර ඒව හො‍ඳේ) ඒ ඒ විද්වතුන් ප්‍රකාශ කලේ යම් යම් සිද්ධීන්ට අදාලව. යම් නිෂ්චිත කාල වකවානුවකට අදාලව. ඒව විශ්වීය ප්‍රකාශ නෙවෙයි සමහර විට. ඒව පොදු ප්‍රකාශ විධියට තමන් හරහා නාමිකව ප්‍රදර්ශනය කරල ඒ අය ලබාගන්න යන්නෙ මොකක්ද? යම් සිදුවීම් හරහා ඒ විද්වතුන් කරපු ප්‍රකාශ හැම දේටම පොදුවේ භාවිතා කිරීම හරහා පොරත්වය මිස අනෙකක් නොලැබෙන බවයි මට හිතෙන්නේ. මොකද ඒ වගේ ප්‍රකාශයක් හරහා තමන් එක්ක ගනු දෙනු කරන අයට තමා ගැන පූර්ව අදහසක් දෙන්න පුළුවන්නේ. ඔයා මේ කතා කරන්නේ මේ වගේ දරුණු ප්‍රකාශන කරපු කට්ටිය ඇසුරු කරන සිරා‍ පොරක් එක්ක හරිද වගේ එකක්. ;) ඉතිං මට නම් හිතෙන්නෙම මේ ප්‍රකාශන හරහා පොර වෙන්න දරන වෑයමක් කියලයි. තමන්ගෙ මෝඩකම වහගන්න පිට අයගෙ ප්‍රකාශන අමු අමුවෙ කොල්ලකනවා. අනික සමහර ප්‍රකාශ වලින් යම් ආකාරයක පිරිසකට චෝදනා එල්ල කරද්දි ඒක භාවිතා කරන අය දන්නෙ නෑ තමන් ඉන්නෙත් ඒ ගොඩේ කියල. සමහරු ඒ කියල තියෙන දේවල්වල තේරුම දන්නවද කියලත් සැකයි.

තමන් කාගෙන් හරි උපුටල කරන ප්‍රකාශනය පිළිබඳව වගකියන්න පුළුවන් විධියට හැසිරෙන අයට මේක අදාල නෑ. මොකද මමත් මේ කරල තියෙන්නෙ ප්‍රකාශන හරහා පොර වෙන අය ගැන කතා කිරීම හරහා පොර වීමක්නේ එහෙම බැලුවම. හික් හික්... ඒ නිසා තමන් භාවිතා කරන ප්‍රකාශනයට අදාලව ජීවත් වෙන අය මේ වාචාලයගෙ කටමැත දෙඩවිල්ලට සිත් අමනාපකම් ඇතිකරගන්න එපා.

මාර්ගගත සමාජවල සාමාජිකයො මේ මම කතා කරපු දේ ගැන හොඳටම දන්නව. මම කියන්නෙ මොන වගේ අය ගැනද කියලත් එයාල දන්නව ඇති. මොකද එහෙම අය ඉන්නව. කොහොම වුණත් ඒක ලොකු ගැටළුවක් නෙවෙයි. කොටින්ම ‍ඒ ගැන වමනෙ කරල කතා කරන්න තරම් ඒක වටින්නෙත් නෑ. නමුත් එහෙමත් එකක් තියෙනව.



9 comments:

  1. මට නම් ඔය වගේ අත්දැකීම් නෑ..... ඒත් ටිකක් බරපතල දේවල් ටිකක් උනා. ඒ කියන්නෙ එක එක දේවල් කියලා, ෆෝන් නම්බර් ඉල්ලලා මේල් එන්න ගත්තා(අසම්මත දේ වලට) ඒකෙන් අන්තර්ජාලය කෙරේ මගේ තිබූ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් උනා. කොටින්ම මගේ අනන්‍යතාවය සම්බන්ධ බොහෝ දේවල් මම ආරක්ෂක හේතු මත ඉවත් කලා/වෙනස් කළා..... දැන් මෙහි ඇති බොහෝ තොරතුරු බොරු ඒවා......

    1st impression is the most and worst කියනවනෙ....!!!
    අන්තර්ජාලයේ සිටීම කියන්නෙත් එකඅතකින් "දැලි පිහියෙන් කිරි කෑමක්" වගේ වැඩක්... ;)

    ReplyDelete
  2. මේ ගැන මට තිබෙන අත්දැකීම් අලෙලා ඕනෙ නම් පොතක් ලියතහැකි..හික් හික්. කාලයකදී සමහර පුදගලයන් නිසා මගේ පුද්ගලික ජීවිතයට උන බලපෑම කොපමණද කියනවනම් ගෙදරින් එළියට බහිද්දි මවටත් හොරෙන් ගෙදර දුරකතනය විසන්දි කරල එන තත්ත්වයකට මම පත්උනා.

    මේ පොරවාදය කියන එක ගැන මමත් X සහෝත් වරු ගනන් කතා කරල තියනව.පොරක් වෙන්න තතනන එක වරදක් හැටියට මම දකින්නේ නැහැ නමුත් ඔතන ප්‍රශ්නය වෙන්නෙ තමන්ගේ පෞරුෂයට හාත්පසින්ම වෙනස් පෞරැෂයක් ආරූඪ කරගැනීම(මෙතැනදී මම කියන්නෙ ඒ අඩවිය ඇතුලත තමන්ට ආරූඩ නම සහ විස්තර නොවෙයි.තමන්ගේ ක්‍රියා පටිපාටියයි). එතනදී ඒ අය යම් කිසි ආකාරයක තෘප්තියක් තමයි ලබන්නෙ. ඒකට විවිධ හේතුත් තිබෙන් පුලුවන්. සමාජයේ කැපී පෙනෙන්නට ඇති ආශාව, ඒ සදහා අපොහොසත් වීම වගේ දේවලුත් බලපානව මගෙ හිතේ.

    ReplyDelete
  3. මේව ගැන නම් කියල වැඩක් නැහැ හරේ එක්තරා web අඩවියක් ගැන මටත් කලකිරීමට එක හේතුවක් තමා ඕක..නමුත් ඉතින් ඒවට විසදුම් නැත්තෙ නෑ ...නමුත් ඉතින් ඒව එහෙම තමා..අවසානෙට අපේ කෙව්නටමය (x-pert) කිව්ව වගේ අපි අපේ මනුස්සකම් හා සැබෑ අපි පෙන්නන්න පුළුවන අවකාශයක් ගොඩනැගුනාම ඒකෙ බොහොම නිදහසේ ගතකරනව..(හරියට විදේශයකදි ලාංකීයත්වය ඔප නැංවෙනව වගේ)ඒ ගොඩනැගෙන අන්තර්ජාල අවකාශයේ එක එක අක්මුල අපි යථා ජීවිතයටත් link කර ගන්නව(හරියට xpert,bo,malee,හරේ වගේ).නමුත් සැබෑ අපිත්වයත් අන්තර් ජාල අපිත්වයත් කියන එක එකිනෙකට වෙනස් මිනිස්සු එතනදි පලා යනව...hikz hikz...(බෝ ඒ ගැන හොදට කියන්න ඇති ඔයාට ඒ ගැන එදා set උනු වෙලේ..)

    අවසානෙට කියන්න වෙන්නෙ ඕව ඔහෙම තමා

    ps..ඊයෙ අයතනයේ සගයෙක් විවාහ උනා..ඒ partiයට ගිහින් එනකොට 11ට විතර ඇති.තාම එහෙදි ගත්ත මොනවද ජරා බීම වගයක් උගුරට එනව ඕයි...hikz hikz

    ReplyDelete
  4. මමත් ඔය කියන කොටසට අයිතියි....යම් ප්‍රමාණයකට....ගොඩක් වෙලාවට මගේ සිගිය මගේ හිත කියන්නේ ...ඒ කියන්නේ ඒ ඒ කාලේ තියෙන සිතුවිල්ලත් එක්ක සිගි එකත් මාරු වෙනවා...මමත් එක්තරා‍ කටුස්සෙක් වගේ කාලෙන් කාලෙට වෙනස් වෙන

    ReplyDelete
  5. Kalakirimak pamani... Echcharai man kiyanne...:P

    ReplyDelete
  6. kathaawanam aththa.....eka thama apith godak welawata ekthara pradeshayakata seema wenne ;)

    anith kiyanna ona tika kattiya kiyala

    @ bo: ara wade.....ekko one na online awama kiyannam ;)

    @malee: ow me samage jeewath wenakota katussek weeme waradak naha. kotinma kiyanwanam maath katussek. hehe :p

    ReplyDelete
  7. හහ් හා.. මම ලියන්න හිතන් හිටි දෙයක් උඹ ලියලා

    oya siddiya mamai Boman mithrayayi godak katha karala thiyenawa..

    Othana thiyenne Boman kiyuwa wage "samaajayata muhuna denna bari kama"

    onna oya awasthaawa padanam karagena athi wechcha "ego".. ehemath naththam thamun porak bawa an ayata agaweemata ooni weema kiyana "maniac" thathwaya nisa ohoma wenawa kiyala thamai ape adahasa eda idan :)

    Godak inne "Ego Maniacs" la thamai hehe

    ReplyDelete
  8. @ Haresh> Owu machang. heenamaanaya kiyala kiyanna puluwani. :)

    Online community ekak gaththama ooke thiyena 1 level ekak thamai ooka.

    mama hodata dakka othana thiyena levels tika..

    1) An siyaluma dena thamunta wada usas yayi sitheema.

    2) kaalayak yana wita Siyaluma dena ekama mattamaka aya bawa sitheema

    3) Thawath kalak yana wita thamun anunta wada usas yayi sitheema.

    4) Sithuwata ehema nathi bawin kon weema.

    5) Ema nisa wiwidha upakrama bhaawithayen thamun usas bawa penweemata uthsaaha kireema.

    6) Kaalayak yana wita thamunge aththa thathwaya danaganeema.

    onna ooka thamai cycle eka. ohoma gihin aththa danagaththata passe ekko wenin ID ekak hadaagannawa thamun thathwayen pahath kiyala hithunoth.

    Thamun ema sthaanayata sudusu naha,... mokada ethana inne beeri ali tikak, modayo roththak, wadhi bana kiyana mihidu haamuduruwaru set ekak kiyala hithunoth aayith noya innawa :)

    And ethana idala eyaala ekthara seemawak athule idan thamunlata galapena audience ekak ekka inna uthsaaha karanawa. :)

    Ubata Jaya!

    - Dhanushka

    ReplyDelete
  9. ඔයාගේ කීම හරියටම හරි!
    ඔය ලංකාවේ අන්තර්ජාල හොර ගුහා වලට වෙලා මංපහරන අපතයෝ නිසා කිසිම කෙනෙකුට තමන්ගේ නිර්මාණ, අදහස් ආරක්ෂා කරගන්න හැකියාවක් නෑ. ඒක නිසා අන්තර් ජාලය හරහා නිර්මාණ කරන ශ්‍රී ලාංකික පරම්පරාව දිනෙන් දින තමන්නේ උනන්දුව අඩු කරගන්නවා.
    මේ හොර තක්කඩි (Plagiarists) ලා නිසා පහර වදින්නේ නිර්මාණශීලී දක්ෂ ලාංකිකයින්ගේ හැකියාවන් වලට.
    මම නම් හිතන්නේ ඒ වගේ හොර තක්කඩින්ට පාඩමක් උගන්වන්න පුළුවන් ක්‍රමයක් අපි හොයාගන්න ඕන.
    ඒකට තියෙන ලොකුම බාධාව මොන මළ ජරා ක්‍රමයකින් හරි තමන්ගේ ෆෝරමයේ ජනප්‍රියකම රැකගන්න, ජනප්‍රිය කරවන්න, මිනිස්සු අද්දගන්න, සල්ලි හොයන්න උත්සාහ කරන ‍ෆෝරම් අයිතිකරුවන්ගේ කොන්ද පණ නැති වීම.
    වෙනස් විදියකට හිතලා බලමු අපිට මේ ගැන කරන්න පුළුවන් මොනවද කියලා...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!