ජීවිතයේ ඔයිල් පැල්ලම් කෘතිය ගැන ඒක ආපු කාලෙ සහ සම්මානයට නිර්දේශ වුණ කාලෙ කතාබහක් ඇතිවුණා මතකයි. පොත් සම්බන්ධයෙන් මට සමාන රහක් තියෙනවයි කියල හිතන යාළුවො කීප දෙනෙකුත් ඒ ගැන කියල තිබුණා. හැබැයි කියෙව්වෙ අවුරුදු ගාණකට පස්සෙ.
වැඩට යන එන ගමන් බස් එකේදි දවස් දෙකකදි පැය හතර පහක් ඇතුළත එක හුස්මට කියවගෙන ගියේ සෑහෙන කාලෙකින් ඒ විදියට කියවපු පොත බව මතක් කරමින්.
මම හිතන්නෙ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොතට පස්සෙ ඒ ආරේ ලිවිල්ලක් අහුවුණ පළවෙනි වතාව. පොතේ ප්‍රධාන චරිතය දිනේෂ් කෙනෙක් වීම අහම්බයක් නෙවෙයිද මන්දා.
ලංකාවෙ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ මෙහෙම මිනිස්සු. ගේම් කාරයෝ. ගේම් කාරයෙක් කියල මනුස්සයෙක් නාමකරණය වුණාම ඒක හෙණ ආඩම්බරයක්. ගේම් කාරයො අස්සෙන් රිංගලා යන්න පුළුවන් පොරක් වෙන එක හැමෝගෙම හීනයක්. කූඹියෝ වගේ ගේම්කාර ටෙලියක් ලංකාවෙ හිට් වෙන්නෙත් මේ ගතිය නිසා. ඒ නිසාම ලංකාවෙ පිරිමින්ට විශේෂයෙන් කතාව සෙට් වෙනවා.
තරිඳු යොදාගන්න උපමා මොඩර්න්. ඒක වෙනම සාහිත්‍යයක්. අළුත් සාහිත්‍යයක්. එක විදියකට පොත ඉතිහාසයෙන් ගැලවෙන්නෙ ඒකෙන්. ඒක පොතටම අනන්‍ය එකක්. එහෙම ඒවා දෙකක් නෑ. ඒ ගතිය 'සුළඟ වගේ ඇවිදින්' එකෙත් තිබුණා.
පොතේ එක ශුද්ධ චරිතයක්වත් දුෂ්ට චරිතයක්වත් නෑ. හැම කිල්ලෝටෙම හුණු තියෙන අළු පාට චරිත ගොඩක්. ගෑනු පිරිමි හුටපට, ළමා අපචාර, මරිසිකම්, මැරකම්, හොරකම්, බේබදුකම් සේරම එකට බ්ලෙන්ඩ් වෙලා. ඒ චරිත සහ සිදුවීම් අස්සෙ හැරි හැරී බම්ප් වෙවී අපි කියවගෙන යන්නෙ හරියට වාහනයක ගමනක් යනවා වගේ තමයි.
ලිවීම කියන්නෙ කොයි තරම් අභියෝගාත්මක දෙයක්ද කියලා දන්නෙ ලියන මිනිස්සු. එහෙම එකේ තව මනුස්සයෙක්ට එපා නොවී එක දිගට කියවන්න පුළුවන් විදියට ලියන්න පුළුවන් කියන්නෙ ඒක මාර වැඩක්. තරිඳුගේ ඊළඟ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන ඒකයි.
පොතේ අයිතිකාරයට කේලම කිව්වා
ReplyDeleteමරු!
ReplyDelete