Wednesday, 31 December 2008

2009 ගැන නිකං ඉන්න බැරි කමට....

හැමෝම අළුතෙන් උදාවෙන කැලැන්ඩර් අවුරුද්දෙ අසිරිය සමරන්න සූදානමින්. බෝනස්ද අරවද මේවද දීමනා ලැබුණත් නොලැබුණත් හැමෝගෙම මුහුණු වල බලාපොරොත්තුවක් පිරිලා.

මට නම් අළුත් අවුරුද්ද ව‍ගේ දින මිශ්‍ර වුණ සංකල්ප වැඩිය දැනෙන්නෙ නෑ. ඔය දවස් මතක තියාගෙන ඉන්න පුළුවන් කාටද? මතක තියාගන්න තව කොයි තරම් දේවල් තියෙනවද? ඒ නිසා මගේ යාළුවන්ගෙ වුණත් උපන්දින වලට මගේ සුභ පැතුම් ලැබෙන්නෙ කවුරු හරි ඒක කිව්වමයි. එහෙම වුණාට වටේ ඉන්න හැමෝම අළුත් අවුරුද්ද ගැන කතා කරද්දි මටත් පුංචි කිතියක් දැනෙනව තමයි. මට තියෙන වැදගත්ම වැඩේ තමයි පළවෙනිද වරුවෙන් වැඩ ඉවර කරන්න පුළුවන් වීම. ආයතනයෙන් ලැබෙන උදේ කෑම සහ දවල් කෑම දෙක කාල කලින් පැනල කොහේ හරි ගිහින් සෙටා වෙන එක තමයි කට්ටියගෙ සැලැස්ම. මමත් ඒ එක්කම විසිවෙයි.

අළුත් අවුරුද්දත් එක්ක මගේ ජීවිතේ වෙනසක් වෙන්න නියමිතයි. ඒක හරියට වුණොත් මගේ ඔන්ලයින් ජීවිතයත් සීමා කරන්න සිද්ධ වෙයි. වෙනස් රස්සාවක්, වෙනම සහෝදර සේවක පිරිසක් එක්ක මට අළුත් ගමනක් යන්න පුළුවන්කම ලැබිලයි තියෙන්නේ. පුරා අවුරුදු පහක් රැකියාව කරපු තැන අතිශයින්ම මට හොඳම තැනක් වුණත් මගේ වෘත්තීයමය දියුණුව උදෙසා මට යන්න වෙනව. දුකයි සතුටයි දෙකම.

කාලයක් තිස්සෙ හිතේ තියෙන වැඩ කන්දරාවක් ඉවර කරන්න පටන්ගන්න ඕන. අළුත් ජීවිතයක් ඇත්තටම පටන්ගන්න කා‍ලෙ ඇවිත් දැන්..

බලමු මොකද වෙන්නෙ කියලා.

මට නම් අළුත් අවුරුද්ද කියල විශේෂයක් නෑ ඉතිං. ඒ වුණාට කට්ටයටම ලබන අළුත් කැලැන්ඩර් අවුරුද්ද සල්ලි වලින් සහ ගුණ ධර්ම වලින් ඉතිරේවාහ්!


4 comments:

  1. එසේම වේවා...!!!!
    අළුත් ජිවිතයට සුභ පැතුම්...

    ReplyDelete
  2. 2009 සුපර් අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  3. සියලුම බලාෙපාෙරාත්තු සඵල ෙව්වා

    ReplyDelete
  4. ආතල් එකෙන් පිරි, තවත් මෙවගේම වමනේ දාන්න හැකිවෙන සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!