මම හිතන්නෙ කසුන් සහ නදීක ඉන්නෙ සිංහල ගීතය පුනර්ජීවනය කරන ගොඩේ මිස (ඒ ගොඩේ වැඩි දෙනෙක් නෑ. ඉන්න ප්‍රවීණයො කීප දෙනත් කෙමෙන් කෙමෙන් නැති වෙනව) ගීතයේ මළගම තීරණය කරන ගොඩේ නෙවෙයි. සිංහල ගීතයේ මළගම තීරණය කරන අයගෙ ගොඩ නම් විශාලයි.
සංගීතය විඳින්න බොහෝ දෙනෙක්ට තියෙන නොහැකියාවට හේතුව ඔවුන් සංගීතය කියල හඳුණගෙන ඉන්න පරාසයේ සීමා සහිත බවයි. මමත් කාලයක් ඒ වගේ සීමා තුල හිටපු නිසා මම ඒක හොඳට දන්නව. නමුත් සංගීතය නිහඬ බවේ සිට ගෝසාව දක්වාම සංගීතයමයි. ඒක නිසි භාවයන් ප්‍රකාශ කරන්න යොදාගන්න ආකාරය අනුව තමයි සංගීතඥයා විශිෂ්ට වෙන්නේ. සිංහල සංගීතය අද තියෙන්නෙ වෙළෙන්දන් අතේ. මම දන්න තරමින් නූතන නිර්මාණකරුවන් සියල්ලන්ම නිර්මාණ කරන්නෙ වෙළඳපොලට. ඒ කියන්නෙ මිනිස්සු ඉල්ලන දේ දෙනව කියල මොනා හරි දෙනව. තමන්ට තියෙන ආර්ථික සහ වෙනත් සම්බන්ධ මත ප්‍රසංගයක් දෙකක් තියල, එෆ් එම් සහ රූපාවලි හරහා මාධ්‍ය තුල පෙනී ඉඳල ජනප්‍රිය වෙනව. මාධ්‍ය වලින් මිනිස්සුන්ගෙ ඔළු වලට දවසකට දහ පහලොස් වතාව ගානෙ ඒව අස්සවල හුරු කරවනව. ඉතිං ඊට පස්සෙ හැදෙන අයත් ඒවම කරගෙන යනව. රැල්ලම තමයි.
කසුන් සහ නදීක එහෙම නෙවෙයි. එයාලට ඕන නිර්මාණ කරන්න. සංගීතයේ නව ඉසව් ගවේශණය කරන්න. මට හිතෙන විධියට කේමදාස මාස්ටර්, වික්ටර් රත්නායක මහත්මය, රෝහණ වීරසිංහ මහත්මය වගේ අයට පස්සෙ ඒ දේ කරන්නෙ එයාල විතරයි. (භාතිය සහ සංතුෂ් දෙපලත්, රොමේෂ් ලක්ෂාන් දෙපලත් යම් තරමකට මේ පර්යේෂණ කරනව) කසුන්ගෙ ඔබ අහල තියෙන ගී සියල්ලම මාධ්‍ය මගින් පට්ට ගහපු ඒවයි. නමුත් මට හිතෙන්නෙ කසුන්ගෙ හොඳම නිර්මාණ එකක්වත් මාධ්‍ය වලින් ප්‍රචාරය වෙන්නෙ නෑ. අනික කසුන්ගෙ ගී පද අතිශය සංකීර්ණයි. මම දන්නෙ නෑ ඒව හරසුන් වෙන්නෙ කොහොමද කියල. ඒ විධියට ගත්තම කවුරුවත්ම අරුත්බර ගීත කියල නෑ. කසුන්ට බොහොමයක් ගී ලියපු චාමින්ද රත්නසූරිය මට දැනෙන මට්ටමින් නම් වර්තමානයේ ඉන්න විශිෂ්ටම ගීත රචකයයි. ඔහු මවන අරුත් සරලයි වගේ පෙනුනත් අතිශය ගැඹුරට යන්න පුළුවන් ඕන නම්.
නදීක කියන්නෙ ඕන එකක් පනම් අටයි වර්ගයේ මනුස්සයෙක්. ඔහුගේ ගීත රචනාත් ඔහුගේමයි මම හිතන්නේ. ඔහුත් මිනිස්සුන්ට ඕන දේ දෙන කෙනෙක් නෙවෙයි. ඔහු තමන්ට දැනෙන දෙයක් නිර්මාණය කරන නියම කලාකරුවෙක්. ඔහුව තේරුම්ගන්න අප ඔහු වෙත යා යුතුයි. අපි තාප්පෙකට මුවා වෙලා හිටියොත් කවදාවත් එතනින් එහා වෙන දේ ගැන දැනගන්න විධියක් නෑ. නදීකගේ ගීත youtube අඩවියේ හොයල බලන්න. කීපයක් තියෙනව. අර ශිෂ්ඨාචාරේ මානවයා කියන ගීතය ගැන සරලව බලන්න එපා. ඒක මුළු ජීවිත කාලයක්ම හොඳින් පවුල් ජීවිතය ගෙවන විධිය කියල දෙන ගීතයක්.
කලාකරුවා හැමවිටම සාමාන්‍ය මනුස්සයාට වඩා උසස්. ඒකයි ඔවුන් කලාකරුවන් වෙන්නේ. හරියට විද්‍යාඥයො වගේ තමයි. නවමු දේවල් තමයි ඔවුන් බිහි කරන්නේ. මිනිසුන් ඔවුන් කරා යාමෙන් තමයි අර ආනන්දයෙන් ප්‍රඥාව කියන සාධකය සම්පූර්ණ වෙන්නේ.
හ්ම්...
කොහොම වුණත් මිනිස්සු වයසට නොයන නිසා හැමෝම තමන්ගෙ තරුණ කාලයේ තමයි ජීවත් වෙන්නේ. ඉතිං බොහෝ විට අපගේ තෘප්තීන් අපි තරුණ කාලයේ රස විඳින දේවල් තුල නවතිනව. ඒ නිසා කසුන්ව නොවැටහෙනව නම් ඒක ඒ පුද්ගලයගෙ ප්‍රශ්ණයක් නොවයි. දැණෙන දේ තුල ඉන්න එක හෝ නොතේරෙන දේ ඉගෙනීම එක් එක්කෙනාගෙ වැඩක්.
-------------------------------------
මෙය http://sanhindha.blogspot.com අඩවියට 2008 දෙසැම්බරයේ යෙදූ කමෙන්ට් එකකි. ගී පැදුර අඩවිය වෙත නදීක ගුරුගේ මහතාගේ ගී පද ලිවීම පිණිස කල සෙවුමකදී නැවත හමු විය.
මේ සංගීතඥයන් දෙපල සහ සංගීතය පිළිබඳවද ඉහත සම්පූර්ණ කමෙන්ටුවම පිළිබඳවද මාගේ වර්තමාන කියවීම මදක් වෙනස් නමුත් මේ මා එදා සිතූ ආකාරයයි!
වර්තමානයේ මා සිතනා ආකාරය අළුත් පෝස්ට් එකක කෙටීම, මුළු බ්ලොග් කෙරුවාවම බෝරිං වී ගෙවන මේ වකවානුවේදීනම් කිසිසේත් කරන්නට බැරි වැඩකි.
Tuesday, 28 February 2012
Tuesday, 3 January 2012
අවස්ථිතියෙන් මිදී....
පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.
සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.
විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....
ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...
ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...
ඔහු මුලින් හිතුවෙ එහෙම.
එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...
ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...
ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.
ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...
වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...
සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.
අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.
නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...
ඒත් ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.
ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.
ඒක අළුත් තරුවක්.
ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.
ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.
වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.
ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.
මල ඉලව්ව!
ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.
පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....
ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.
Tuesday, 13 December 2011
සුද්දන්ගෙ සංගීත පිඟානක්....
සංගීතය කෑමක් නොවෙන්නෙ ඒක කෑමට නොගන්නවනම්. නමුත් උවමනා නම් කෙනෙකුට කන්න බැරි දෙයකුත් නැති තරම්. සංගීතය කියන එක සින්දු වලින් ගලවගෙන රස විඳින කොට ඒක කෑමක් වෙනවා විතරක් නොවී ලෝකෙ පුරාම කරක් ගහමින් තවත් රසය හොයන්න පොළඹවන කාරණයක් වෙනවා.
ඒ නිසාම සින්දු කියන රාමුවෙන් සංගීතය නිදහස් කරගත්තම මල වදයක්. ඒක ඇත්තටම කෙනෙක්ව පැත්තකට කරල විනාශ කරල දාන එකක්.
ෂහ්! මාත් ආසයි රේඩියෝ එකේ පැයකට සැරයක් යන සින්දු ටිකම ෆෝන් එකට දාගෙනත් අහමින් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වුණානම්. ඒත් මේ හෙවිල්ලේ අසනීපයත් එක්ක එහෙම එක තැනක පොඩි පොඩි රවුම් ගහමින් ඉන්න එක අමාරු වැඩක්.
සමහර මිනිස්සුන්ට සංගීතය තේරෙන්නෙ නෑළු. ඒ නිසා තමන් දන්න වචන සෙට් එක ඔන්න ඔහේ තාලෙකට කියාගෙන යද්දි එක මාර ආතල් එකක් වෙනවා. හැමෝම එකම වචන ටිකම වෙනස් තාල වලින් කියනවා. වචන වලින් සංගීතය විනාශ කරල තියෙද්දි ආයෙ කොහෙද ඒක තේරෙන්නේ.
ඇත්තටම මිනිස්සුන්ට එදිනෙදා උවමනා වෙන්නෙ බොහොම සීමිත වචන ටිකක්. එක තැන ජීවත් වෙන්න ගත්තම ඕන මිනිහෙක්ට ඒක වෙනවා. නමුත් තේරෙන ඒව සහ නොතේරෙන ඒවට අමතරව මිනිහෙක්ට දැණෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ දැණෙන දේවල් වල තේරුමක් ඇත්තටම නැති වෙන්න පුළුවන්. සංගීතයත් වෙලාවකට කිසිම තේරුමක් නැති එකක්. නිකං හැඟීමක්. වචන වලින් නිර්වචනය කරන්න බැරිවුණ හැඟීමක්. ඒක දැණෙනවා විතරයි. කාටවත් කියන්නත් බැරි නම් ලත වෙන්නැතිව ඔහේ විඳගෙන ඉන්න පුළුවන් එකක්.
ලෝකෙ කිසි දේක තේරුමක් නැති එකේ සින්දු වල තේරුම ගැන විතරක් උනන්දු වෙන්නෙ මොකටද? ඔන්න ඔහේ විඳිනව මිස. කෙල්ලන්ව මල් වගේ විතරක්ම කරල තියෙනකොට, ඒ මල් මල් ගීත වමනය ඇති කරවන තරම් එපා වෙලා බෝරිං වෙලා නතර වෙලා තියෙද්දි අහන්න හිතෙනවා ආදරේට හෙණ ගහපන් කියල කියන සින්දුවක්. ඒක කියන්නෙ ඩැඩීලගෙ විරේෂ් කුරේ...
කතාව කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ලංකාවෙ කොල්ලන්ට කෙල්ලන්ට ආදරණීය විවෘත ලිංගික ගණුදෙනුවක් හදාගන්න බැරිව සංස්කෘතික අටමගුල් හැටහුටාමාරක් එක්ක ගැටෙද්දි ඒක කියාගන්න බැරිව වටේ කැරකෙන මල් සින්දු වලට හෙණම ගහපන්... කියල මට කියන්න බැරි ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා... ඒ වුණාට ලංකාවෙදි ගැහැණු පිරිමි අතරෙ එහෙම සංස්කෘතියකට ආශ්චර්යය උදාවෙන පාටක් පේන තෙක්මානෙක නැති නිසා තව පරම්පරාවක් දෙකක්වත් ඔය මල් වලට ලොල් වෙයි.
ලෝකෙ තියෙන සුන්දරම සංගීතයන් තියෙනවයි කියල මම විශ්වාස කරන්නෙ බටහිර ලතින් ඇමරිකානු රටවල. ඔය චිලී, පේරු වගේ. ඒවයෙ මුල් තියෙන්නෙ යුරෝපයෙ වෙන්න පුළුවන්. පෘතුගාලයේ, ස්පාඥ්ඤයේ සහ ප්‍රංශයේ. කියුබාව කියන්නෙත් ලතින් ඇමරිකානු රටක්. චේ නොහිටින්න අපි එහෙම රටක් ගැනත් නොදැන ඉන්න තිබුණා. කොහොම නමුත් ඒක තියෙන්නෙ දකුණු ඇමරිකාවෙ නැගෙනහිරට වෙන්න. කියුබාවෙ අගනුවර වෙන හවානා නුවර 1940 ඉඳන් 1990 වගේ වෙනකල් තිබුණ සමාජ ශාලාවක් තමයි Buena Vista Social Club කියන්නෙ. මේක ඒ දවස්වල සංගීතකාරයො, නැට්ටුක්කාරයො හොඳට සෙල්ලම් පෙන්නපු තැනක්. ඒ වගේම කියුබානු සංගීතයෙ අනන්‍යතාවය රැඳුණ තැනක්. මෙතන දැන් වැහිලා. හොයාගන්නත් බැරි තරමට කියුබාවෙ පැවතුණ අනන්‍ය සංගීතය තියෙන්නෙ මියැදෙමින්. ඒ අක්මුල් හොයන්න කරපු උත්සාහයක ප්‍රතිඵලයක් වුණේ Buena Vista Social Club කියන ගීත ඇල්බමය. මේ ඇල්බමයට සහභාගි වෙන බොහොමයන් ශිල්පීන් කියුබාවෙ මියැදෙන සංගීත රටාවන්වල අවසාන පුරුක්. මේ නමින්ම පස්සෙ හැදෙන Buena Vista Social Club (1999) වාර්තා චිත්‍රපටිය ගැන මෙතන නොකියා ඉන්නම්.
මේ තියෙන්නෙ Buena Vista Social Club ඇල්බමය ලෝකයට අරගෙන ගිය අපි නොදන්නව වුණාට දන්න අය දැනගෙන හිටපු Chan Chan ගීතය.
මේක Ibrahim Ferrer කියන De camino a la vereda. මම කියන්නෙ පෙරේරගෙ සින්දුව කියල. මේ ගිතයෙ Ibrahim Ferrerගෙ කටහඬේ විචලනයන් මාව මේකට ගැටගහල.
එතකොට මේක හුරු පුරුදු ඇති. අපේ භාතිය සන්තුෂ් එක්ක රූකාන්ත මේ තනුවෙ කෑල්ලකින් සින්දුවක් කියනවනේ.
දැන් එන්නෙ ලෝකෙ තවත් සුන්දර සංගීතමය සංස්කෘතියක් තියෙනවය කියල මම හිතන අයර්ලන්තයට. අපි පිස්සුවෙන් බලපු රොබින් හුඩ් එකේ සංගීතය කරපු Clannad, එතකොට ඔය කසුන් කල්හාර රිදම් කෑලි උස්සනවයි කියල චෝදනා කරන Corrs වගේ කණ්ඩායම් බිහිවෙන්නෙ අයර්ලන්තයෙ. මේ රටේ අනන්‍යතාවය තියෙන සංගීතය හඳුන්වන්නෙ Irish හෝ Celtic කියල. Irish folk music, නැත්තං අයර්ලන්ත ජන ගීත ලෝකයෙ ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනව. ඒවට අයිතිකාරයො නැති නිසා සහ ඒව අදටත් වින්දනීය නිසා ලෝකයෙ ඉන්න නිර්මාණකාරයො අයර්ලන්ත ජන ගී තමන්ගෙ නිර්මාණ වලට අදටත් යොදාගන්නව. මේ වර්ගයේ සංගීතය අමතක වෙලා තිබිල මෑතකදි ඔළුවට පොල්ලකින් ගැහුව වගේ වැදුණෙ Orthodox Celts කණ්ඩායමේ ඇල්බම් කීපයක්ම අහන්න ලැබුණ හින්ද. ඔවුන් අයර්ලන්ත ගීත නිර්මාණය කලාට ඇත්තටම ඔවුන් සර්බියානු සංගීත කණ්ඩායමක්. ඔවුන්ගෙ ගොඩක් නිර්මාණ පැරණි ජන ගී වල ප්‍රතිනිර්මාණ, නැත්තං අපි cover versions කියල කියන ඒවා. නමුත් Orthodox Celts ඒවට ඔවුන්ගෙ වර්ණ නොසෑහෙන්න මිශ්‍ර කරල තියෙනව.
මේක මේ ලස්සන ගෑණු ළමයෙක්ට වහ වැටිල කියන සින්දුවක්.... Star Of The County Down නමින් හොයල බැළුවොත් මේ සින්දුවෙ අනුවාද ගණනාවක්ම එක එක සංගීතවේදීන් විසින් කරල තියෙන බව පෙනෙයි.
ඒ සින්දුවෙ ඉන්න ගෑණු ළමය තමයි මේක කියන්නෙ. එයා කොහෙදෝ හිර වෙලා... එතනින් එළියට ගන්නලු.
බලන්න වයලීනයත් එක්ක අතරමං වෙන්න පුළුවන්ද කියල...
එතකොට ලංකාවෙ ගල් සංගීතය ගැන කියද්දි ඔළුව අතගාල ටොකු අනින ස්කිට්සෝලට රම්බො හම්බවෙලා තියෙනව තෝසෙ කඩේක ප්ලේන්ටියක් ගගහ ඉන්නකොට! ඒ කතාවත් බලමු!
දන්නවනෙ වීරයො මැරිල කියල. ඉන්න උනුත් වීරකම් පෙන්නන්නෙ නැති බැරි උන්ටමයි. ඒ තරමට වීරයො ජෙනරලයිස් වෙලා...
Buena Vista Social Club එක්ක Orthodox Celts ඇල්බම් මට දුන්නෙ අපේ ලබෙන් හෙවත් ආගන්තු:කයා. උගෙන් මේ ටික අරන් ඌත් එක්කම හෙඩ් ඔෆිස් එකේ වට මේසෙ ඉඳගෙන දුමක් එක්ක මේ ටිකේ මුල්ම කොටස් අහද්දිම මම දැනගත්ත මගේ අතින් ඒ සංගීතය ගැන මෙහෙම බලු ලියවිල්ලක් ලියවෙනව කියල. La ben ටත් ඒක කවුද මන්දා දුන්නලු. කොහොම හරි මට ඒ ඇල්බම් කීපය සංගීතමය නිධානයක් වුණා. හරියට මාස ගාණක් පරිප්පුයි බතුයිම කකා ඉඳල එකපාර ෆ්‍රයිඩ් රයිස් එකක් දැක්කම එන හැඟීමෙම වෙන වර්ෂන් එකක්.
මේ ලියල තියෙන එව්ව ගැන මම දන්න ඉලව්වකුත් නෑ ලාවට එහෙං මෙහෙං කියවල දැනගත්තුව මිසක්. මොකද ඔය හෙවිල්ල අස්සෙ තමයි අළුත් එව්ව මාට්ටු වෙන්නේ... ඒ නිසා වැරැද්දක් තියෙනවනං පෙන්නුවොත් හොඳා.....

Subscribe to:
Posts (Atom)