මං ගලක් වගේ දැඩි මිනිහෙක් කියල හිතං ඉන්න ලෙවල් එක සමහර වෙලාවට දඩහ් ගාල
කඩං වැටෙනවා බං. එහෙම වෙලාවලදි දැනෙන එක ඒ වෙලාවට විතරක් අයිති හැඟීමක්.
කලින් තිබිලත් නැති ආයෙ එන්නෙත් නැති එකක්.
කවදා හරි අඳුරගෙන
කතාවක් දාන්න පුළුවන් නම් හොඳයි කියල හිතෙන එවුන් බොහොම කීප දෙනෙක් තාම මට
ඔන්ලයින් හමුවෙනවා. කලින් ටිකක් හිටියා. දැන් කීප දෙනයි. එදා ඉඳන් උන් දිහා
බලං ඉද්දි උං තමන්ගෙ අදහස වෙනුවෙන් පෙනී ඉන්නෙ බොක්කෙන්ම කියල දැනෙන්න
අරන් තියෙන නිසා තාම මං උං එහෙමම දිගටම ඉඳියි කියල හිතනවා. දැන් එතන තව එකෙක් අඩුයි.
මේක
අවුලක්ද, නැද්ද, හරි විදියක් තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න අවුරුදු ගාණකට කලින් තිබුණට මේ සේරම එක ප්‍රවාහයක් වගේ ඇදෙන සමස්ථයක් කියන අදහස තව
තවත් ඔප්පු කරන පැතිරුණු මිනිස්සු ඉඳ හිට හමුවෙනවා. සමහර විට හෑෂ් ටැග්
එකකින්...
ජීවිතේ වැදගත්ම දේ සන්තෝසෙන් ඉන්න එකයි කියන එක ආයෙ ආයෙත් සපථ වෙනව...
ජීවත් වෙලා ඉද්දි කතා කරන්න තිබුණ ඒවා දැන් කතා කරල වැඩක් නෑ බං... දැනෙන හිස් කම තේරුම්ගන්න වචන අපේ ඩික්ෂනරියෙත් නෑ...
#suckmydickෂනරි