Monday 16 March 2009

දෙවියන් විසින් තේරූ යුවලක්...

මම Rab ne bana di jodi චිත්‍රපටිය බැලුව. ඒ ගැන කියන්න ඕන කියල හිතුණ.

දෙවියන් විසින් තේරූ යුවලක් කියන්නෙ Rab ne bana di jodi චිත්‍රපටයෙ තේරුම කියල අන්තර්ජාලයෙම තිබුණ. RNBDJ මම කාලෙකට පස්සෙ බලපු ලස්සන හින්දි චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් ෂාරුක් ඉන්න ඒව පරක්කු වෙලා හරි බලනව. නමුත් මේක බලන්න ඕන කියල එක්කෙනෙක් කියපු නිසා එයා වෙනුවෙන් බාගෙන මම බැලුව. කවුරුත් හැබැයි දැන්ම බාන්න එපා. තවම හොඳ පිටපතක් නෑ හොයාගන්න. සේරම කැමරා කොපි තමයි තියෙන්නේ. මේ බාපු එකෙත් ශබ්දය ටිකක් අවුල්. සමහර තැන් කීපයකදි හොඳටම අවුල්. රූප රාමුත් කීප වතාවක් කැමරාව නාභිගත නොවීම නිසා බොඳ වෙනව. ඒ වුණාට ඒ දවස් වල අපට හරියට රූපවාහිනී නොපෙනෙන දවස්වල සුදු තිත් එක්ක අමාරුවෙන් උප සිරැසි කියවමින් චිත්‍රපටි බලපු මට මේක බලන එක කජ්ජක් වුණේ නෑ.

චිත්‍රපටි‍ය හොඳයි. අන්තිම වෙනකල් හොඳට රස විඳින්න පුළුවන්. හරිම සාම්ප්‍රදායික සැමියෙක් තමන්ගෙ බිරිඳ වෙනුවෙන් වෙනස් වෙන විධිය තමයි කතාවට තේමාව වෙන්නේ. නමුත් ඔහු වෙනස් වෙන්නෙ වෙනම පුද්ගලයෙක් විධියටයි. ඔහු තමන්ගෙ බිරිඳව වෙනත් ස්වරූපයකින් ඇවිත් දිනාගන්න ආකාරය සහ ඒකෙදි වෙන සිදුවීම් පෙලක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි.

හින්දි චිත්‍රපටි වලට ආස අයට හොඳට රස විඳින්න පුළුවන් වෙයි. මෙතනින් විස්තර බලන්න. මේකෙ තියෙන Haule Haule කියන සින්දුව කියන Sukhwinder Sing මේ ගීතය වෙනුවෙන් පසුගිය filmfare උළෙලෙදි හොඳම ගායකයාට හිමි සම්මානයත් දිනාගත්ත. හරිම ලස්සන සිංදුවක්. ෂාරුක් මේකෙදි දාන ඩාන්ස් එකටත් මගෙ හිත ගියා.





Rab Ne Bana DI Jodi - Haule Haule

9 comments:

  1. කියලා වැඩක් නෑ! Rab Ne Bana Di Jodi මම බලපු සිරාම චිත්‍රපටි වලින් එකක්. මම ඕක බැලුවේ O/L ඉවරවෙච්ච දවසේම හොස්ටල් යාලුවොත් එක්ක Liberty Cinema එකට ගිහිල්ලා. සිරාම චිත්‍රපටියක්!

    ReplyDelete
  2. මේකෙ ඉන්න නිළියනම් සිරා

    ReplyDelete
  3. මමත් කැමතිම චිත්‍රපටයක්.. ඒකේ ෂාරුක් ගේ ලෝන් ටේක් ඩාන්සින් දැක්කහම කොයි තරම් දක්ෂ විදිහට කරල තියෙනවද කියල හිතෙනවා.. කතාවත් හොඳයි.. රූපත් හොඳයි.. සංගීතයත් එකපාරක් බැලුවහම හැමදාම මතක් වෙනවා.. කොහොමත් මම ෂාරුක් ඉන්න ඒවට කැමති නිසා මට මේක ගොඩක් හොඳයි.. ෂාරුක් වීර පුරුෂ චරිතයෙන් ගැලවිලා කරන චරිතය ගැඹුරු එකක් කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  4. මගේ කොම්පියුටරයේ මුල්ලක මේ චිත්‍රපටය තාම දුක් විද විද ඉන්නව. තාම බලන්න බැරි උනා. එක හේතුවක් තමයි හරේ කියුව වගේ ඒක හොද පිටපතක් නොවීම.බලන්න ඕනෙ.

    ReplyDelete
  5. මාත් ඕක බාගෙට බලලා තියනවා.. මාරගති..ඉතිරි ටික බලන්න එක්කෙනෙක් ‍ඕක ගෙනත් දෙනකම් ඉන්නේ.. ‍ගෙනෙයිද මංදා ඉතිං..

    ReplyDelete
  6. ෆිල්ම් එක නම් සිරාම තමා :)

    ReplyDelete
  7. මටත් බලන්න ආසාව තිබුණත් තාම බලන්න බැරිවුනා.

    ReplyDelete
  8. ඕකට පස්සේ ආපු Ghajini ෆිල්ම් එකෙත් DVDrip release වෙලත් ඉවරයි. ඒත් තාම Rab Ne Bana Di Jodi වල නම් රිලීස් වෙලා නෑ. Yashraj හෙන ගේමක් දෙනවා වගේ ඕකේ ඔරිජිනල් කොපිය ආරක්ෂාකරගන්න... :)

    ReplyDelete
  9. මටත් හම්බවුනා... දැන් නම් අදම ගියා බැලුවා... ස්තුතිය... සපිරිස්ති....

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!