ජීවත්වෙන තුරාවට අපි දේවල් ගොඩගසාගනිමින් ඉන්නව. අපේ ඔළු ගෙඩිය එක එක දේවල් වලින් පිරෙනව. සමහරක් දේවල් ජීවිතේ ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත්. සමහරක් දේවල් කිසිම වැඩක් නෑ. ඒ වුණාට ඒ දේවල් අපේ ඔළු වලට වැටෙනව.
සාමාණ්‍යයෙන් මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් අමතක වෙනව. අවුරුදු ගාණකට කලින් ඉගෙනගත්ත දෙයක්, හමුවුණ කෙනෙක් අපිට යලි යලිත් සිහි නොවුණොත් අමතක වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඉබේ සිද්ධ වෙන දෙයක්. නමුත් එහෙම වීමේ හැකියාව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.
ඔළු ගෙඩිය වගේම අපි භෞතික දේවලුත් දවසින් සවස ගොඩගහගන්නව. ඒ විවිධ දේ වෙන්න පුළුවන්.
පුංචි කාලෙ ඉඳන් මම එකතු කරපු දේවල් බොහොමයක් ගෙදර අල්මාරියක් පුරා පුරවල තිබුණ. පත්තර වලින් කපාගත්ත ඒව, පත්තර අතිරේක, සඟරා සහ ඉස්කෝලෙ පොත් පත් වගේ බොහොමයක් දේවල් එක් අල්මාරියක තට්ටු කීපයක් පුරා තිබුණ. ඉස්කෝලෙන් පස්සෙ මම ගෙදර නොහිටපු අවුරුදු ගණනාව පුරාම කවුරුවත් ඒව අත පත ගාල තිබුණෙ නෑ. නමුත් නැවත ගෙදර ඇවිත් ඒව ගැන හොයල බලද්දි ඒව අතිශය යල් පැනල කියල මට හිතුණ. පරණ විදුසර පත්තර වල තිබුණ දේවල් බොහොමයක්, පරිගණක සඟරා.. සටහන් පොත් වගේ සියල්ල තුල තිබුණ දැණුම අදට වලංගු වුණේ නෑ.
ඉතිං මම ඒ සේරම වගේ ඉවත් කරලා මගේ අළුත් ලට්ට ලොට්ට ටිකකින් ඒ ඉඩ පිරෙව්වා.
මගේ ඔළු ගෙඩියත් මට ඕන වෙලාවට එහෙම නවීකරණය කරගන්න පුළුවන් නම්....
ආන්න ඒක නම් ඇත්ත.. අල්මාරි කාමර අස් කරන විදියට අපේ ජිවිතත් අස් කරලා පරණ කුණු කන්දල් අයින් කරන්න විදිමත් ක්‍රමයක් තියෙනවා නම්....
ReplyDeleteමාත් කීප පාරක්ම එකතු උන ඒවා ඉවත් කලා ඒත් ආයි ආයි එකතු වෙනවා. සම්හර ඒවා අයින් කරන්නත් දුකයි කිසිම වැඩක් නැති උනත්
ReplyDelete