ඔය කාලෙදි පෘථිවිය අයිති සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත් වෙනම තාරුකා වලට අයිති ග්‍රහලෝක වල මිනිස් ජනාවාස තියෙනව. ඒවයෙත් පරම්පා කීපයක් පුරා වර්ධනය වුණ සංස්කෘතියක් හරහා එයාල වෙනමම මිනිස් කණ්ඩායම් විධියට ජීවත් වෙනව.
ඒ වගේම 25 වෙනි ශතවර්ෂයෙදි විතර මිනිස්සු පිටසක්වල ජීවීන් එක්ක ඇතිකරගන්න සම්බන්ධ හරහා ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙන පිටසක්වල ලෝක එක්ක අපි නොයෙක් ගණු දෙනු කරනව.
විශ්වය පුරා විහිදුණ අඳුරු අංශු මූලික වුණ සන්නිවේදන ජාලය මේ සියළු ලෝක පරිගණක හරහා විශ්ව ව්‍යාප්ත ජාලයක් බවට පත් කරලයි තියෙන්නේ. ඒ හරහා මිනිස්සු වෙනත් මිනිස් ජනාවාස වල ඉන්න මිනිස්සු සහ වෙනත් ජීවීන් සමග තොරතුරු හුවමාරු කරගන්නව.
ඒ වෙනකොට සිංහල බ්ලොග් සංසදය විශ්ව ව්‍යාප්ත වෙලා ඉවරයි. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ඒක විශ්ව බ්ලොග් සංසදයේ සාමාජිකයෙක් වෙලා. විශ්ව බ්ලොග් සින්ඩිකේටරය ඕනම භාෂාවකින් කියවන්න තාක්ෂණික හැකියාව ඒ වෙනකොට ලැබිල තිබුණ නිසා ඕනම බ්ලොග්කරුවෙක්ට භාෂා භේදයකින් තොරව ඕනම කෙනෙක් ලියන දෙයක් කියවන්න පුළුවන්කම තිබුණ.
මෙන්න විශ්ව බ්ලොග් සින්ඩිකේටරයේ බ්ලොග් සටහනක් සහ පලවුණ අදහස්. මේක ලියල තියෙන්නෙ A කියල වෙනත් වර්ගයක ජීවියෙක්.
A - මා මිතුරෙකු හමුවීමට ඔහු ජීවත්වන විශ්වයේ සුන්දරම ග්‍රහලොවට මම අද පැමිණියෙමි. මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ 17වන තැන පිහිටි පයෙටන් ලෝකයයි. මෙය අලංකාර වන්නේ මෙහි වටා දිවෙන අලංකාර ග්‍රහක වලල්ල නිසාවෙනි. දිනපතා උදෑසන සහ සවස හිරු එලියෙන් අහස පුරා සිහින් චාපයක් මෙන් දිස්වන මෙය නෙතට රස ගෙනෙයි. වසරේ ඇතැම් කාලවලදී පයෙටන් ලෝකයේ චන්ද්‍රයා සහ මෙම වලලු එකම විට අහසේ දිස්ව මනස්කාන්ත දසුනක් මවන බව මා මිතුරා පැවසීය..... |
මේක දිග වැඩියි.. අපි කමෙන්ට් වලට එමු.
B - සංචාරය ගැන කිව්වට ස්තූතියි. මාත් ආසාවෙන් ඉන්නෙ පයෙටන් වල සවාරියක් දාන්න. |
C - මම හිතන්නෙ විශ්වයේ තියෙන ලස්සනම ලෝකය පයෙටන් නෙවෙයි. ඒක තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු. ඒකට ඔය තනි පටියක් වගේ නෙවෙයි. ඝණ වළලු තීරයක් තියෙනවා. |
D - ඔව් ඔව්... පයෙටන් කොහෙද ලස්සනම ග්‍රහලෝකය වෙන්නේ. අපේ මව් ලෝකය පෘථිවිය අයිති ග්‍රහ මණ්ඩලයෙ තියෙන සෙනසුරු තමයි දැනට මමත් දැකල තියෙන ලස්සනම ග්‍රහලෝකය. පහුගිය නිවාඩුවට මම එහෙ තියෙන නැවතුම්පලක හෝටලයක ඉඳන් පැය ගානක් සෙනසුරු දිහා බලන් හිටියා. |
B - C, D කියන කතා ඇත්ත වෙන්න පුළුවන්. මමත් සෙනසුරු වල පින්තූර දැකල තියෙනව. ඒ වුණාට පයෙටන් ලොකයෙ තරම් සුන්දරත්වයක් ඒ වළලු වල නෑ. අනික පයෙටන් ලොකයේ වළලු වල දියමන්ති සංඝටක නිසා හිරු එලියෙදි ඒ වලල්ල දිලිසෙනව. |
C - මහාචාර්ය මිගෙත් සොරන්ගෙ යුනිපීඩියා පිටු බලන්න. පයෙටන් ලෝකයේ වළල්ල ඉස්සර හිටපු රජ කෙනෙක් කෘතිමව හදපු එකක්. එයාගෙ ලොකුකම් පෙන්නන්න. ඒ වගේද සෙනසුරුගෙ වළලු. ඒව සෙනසුරුගෙ වයස තරම්ම පැරණියි. අනික ඒව ස්වභාවිකයි. |
E - මේ මේ පයෙටන් වල රජවරුන්ට විතරක් බණින්න එපා හරිද? පයෙටන් වළලු නිර්මාණය කලේ රජ කෙනෙක් තමයි. අවුරුදු දෙදාස් ගාණකට කලින් තිබුණ තාක්ෂණයක් ඒක. ඔය පෘථිවියෙ ඔළුවල මයිල් තියෙන අය කොහෙද ඒච්චර කෙරුවාවක් කරන්නෙ. ඒ දවස් වල ඔය පෘථිවියෙ කට්ටිය රෙදි එල්ලගෙන රළු පාරවල් වල රෝද තියෙන වාහන වල ගියෙ. අපි එතකොටත් විශ්වයේ වෙනත් ලෝකත් හොයාගෙන. |
D - @ E ඔයා ඔළුවෙ මයිල් නැති ගෙඹි මූණක් තියෙන පයෙටනයෙක් වෙන්න ඇති. ඒ වුණාට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය ගැන දන්නෙ නෑ. අපේ සෙනසුරු තමයි විශ්වයේ ලස්සනම ග්‍රහය. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඔයා අත් දෙකින් හිටගෙන කිව්වත් මම ඔයා කියන එක පිළිගන්නෙ නෑ... අනික ඔයාලා.... |
හික් හික්... ඊට පස්සෙ ඇත්තටම වැඩක් ඇති කමෙන්ට් එකක් තිබුණෙ නෑ. ඊට පස්සෙ තිබුණ කමෙන්ට් වගේ ඒව මේ කාලෙ සිංහල බ්ලොග් සින්ඩිකේටරෙත් තියෙනව. මුලින් කතාව කියන මනුස්සය කියන දේ ඒ මනුස්සයගෙ පැත්තෙන් නොබල තමන් අයිති පාර්ශවය හෝ තමන් දරණ මතයට අර මනුස්සය නම්මගන්න යනව.
අපි ඒ කතාව අමතක කරමු.....
දැන් අද මම ලියන බ්ලොග් සටහන කියවන්න...
තමන් අයිති පාර්ශවය කියන එක මිනිස්සුන්ට අවිඥානිකවම තියෙන දෙයක්. මටත් ඒක තියෙනවා. නමුත් දේපල වෙනුවෙන්, ජාතියක් හෝ ආගමක් වෙනුවෙන් වෙන මනුස්සයෙක්ව නොසලකා හැරීම ඇරඹෙන්නෙ එතනින්. ඒක වෙනත් කුලයකට අයිති මනුස්සයෙක්ව මරා දැමීම සාධාරණීකරණය කරන්න තරම් බලවත්. ඒක නිසයි අපි මිය යන රණවිරුවන් ගැන දුක් වෙන ගමන් අතපය කැඩිල සීසීකඩ විසිරුණ LTTE සංවිධානයේ සාමාජිකයන්ගෙ සිරුරු දිහා බලල සතුටු වෙන්නේ. ඔකුන්ට ඔහොම වෙලා මදි කියල සාප කරන්නේ. ඒ ගැන මම මෙතනදි කියන්න යන්නෙ නෑ.
මේ තමන් අයත් පාර්ශවය අපි කතා කරන මාතෘකාවට (විෂය) අදාලව ව්‍යාප්ත වෙන එකක්. මුලින්ම ඉන්නෙ මම. මම මුලින් මාව ආරක්ෂා කරගැනීම හෙවත් මගේ මතය දැරීම වෙනුවෙන් සටන් කරනව. ඊට පස්සෙ මගේ පවුල වෙනුවෙන් කතා කරනව. පවුලෙ කෙනෙක්ගෙ දේකදි පවුලෙ නොවන කෙනෙක්ගෙ දේකදි දක්වනවට වඩා උනන්දුවක් දක්වනව. පවුලෙ අයට උදව් කරන්න කැප වෙනව. ඊට පස්සෙ අපිට මිතුරන් සහ සමාජයෙ අපිට තියෙන විවිධ සම්බන්ධ වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙනව. ඒ වෙනුවෙන් කතා කරන්න සහ පෙනී සිටින්න පෙළඹෙනව.
ඊටත් පස්සෙ අපට පෙනී සිටින්න රටක් තියෙනව. රටට කලින් මම සහ පවුල වගේ සමාජ සම්බන්ධයන් නෑ වගේ සයිබර් අවකාශයේ ප්‍රකාශන කරන අයටත් සැබෑ ජීවිතේ රට එන්නෙ පසුව. ක්‍රිකට් ගහන අය සහ රට වෙනුවෙන් පෙනී ඉන්න තව නොයෙක් අයටත් නොදැනුවත්වම රට වෙනුවෙන් පෙනී ඉන්න එයාල කරන රස්සාව උදව්වක් වෙලා තියෙනව. රස්සාව කරන්නෙ තමන් සහ තම පවුල වෙනුවෙන්. හත්ඉලව්වට ගහපු කලාබරේ වගේ ඒ රස්සාව රට වෙනුවෙන් පෙනී සිටීමක් වුණා. ඉතිං එයාල හරි ආඩම්බරයි....
රටටත් පස්සෙ අපට දකුණු ආසියාව තියෙනව. අපි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාවයක් හදාගෙන ඒ තුල ඒකරාශී වුණ ස්ථායි පැවැත්මක් වෙනුවෙන් සාකච්ඡා කරනව. දකුණු ආසියාව ගැන කතා කරනව. ඊටත් පස්සෙ අපිට ආසියාව තියෙනව. ආසියාවෙ සංස්කෘතිය දේශගුණය වගේ හොයාගන්න පුළුවන් හැම එකකින්ම අපි ආසියාව ගැන ආඩම්බර වෙනව. ඒ වෙනුවෙන් පෙනී ඉන්නව. ඇමරිකාව ආසියාවෙම පොදු සතුරා කරන් ඇමරිකාවට බනිනව. ඊටත් පස්සෙ අපි අපේ වපරිසයට මැදපෙරදිග යුරෝපය සහ හැකි වුණොත් අප්‍රිකාවත් ඈඳගන්නව. ලෝකයේ බිහිවුණ ආගම් සියල්ල ආසියාවෙන් සහ මැදපෙරදිගින් බිහිවුණා කියනව. මිනිසාගේ සම්භවය අප්‍රිකාවෙන් කියල කියනව. අප්‍රිකාවට ළඟින් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න ඕන නම් අපට පුළුවන්කම තියෙනව.
ඊට පස්සෙ අපට ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාවත් ගාවගන්න පුළුවන්.
ඕක ගැන ඔය තරම් කියවන්න ඕනත් නෑ... ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරද්දි ලංකාවට සපෝට් කරන අපි ඉන්දියාව ඔස්ට්‍රේලියාවත් එක්ක සෙල්ලම් කරද්දි ඉන්දියාවට සපෝට් කිරීම තරම් මේ තමන් අයත් පාර්ශවය කියන අදහස සරලයි.
ඉතිං අනාගතේ දවසක අපි පෘථිවිය වෙනුවෙන් කතා කරයි. තවත් ඈත අනාගතේකදි අපි සෞරග්‍රහ මණ්ඩලේ වෙනුවෙන්මත් කතා කරයි. සමහර විට යම් දවසක අපේ අනාගත පරම්පරාව ක්ෂීර පථය වෙනුවෙන් යුධ වදියි.
නියමයි හරේ, නියමයි. මේ කතාවේ ඔය කෙලින් නොකියන තවත් ඇත්තක් තියෙනවා. අපි ඔක්කොම අප්‍රිකාවෙන් ආපු වදුරෝ ජාතියක් කියලා.
ReplyDeleteසිරාවට.. ඔය කතාව ඇත්ත නොවැ !
ReplyDeleteඔයා කියපු විදියට මට නං ඕක වැඩිපුරම දැනිල තියෙන්නෙ ඔය ක්‍රිකට් මැච් සීන් එකේදි තමයි.
හැබැයි ඔතන පොඩි කොස්සක් තියනව.
1. ඉන්‍දියා - පකිස්ථාන මැච් එකක් තිබ්බොත් මම සපෝට් කරන්නේ පකිස්ථානෙට.
2. නවසීලන්ත - ඔස්ට්‍රෙලියා මැච් එකකදි මම සප් එක දෙන්නෙ නවසීලන්තෙට.
හේතුව කියන්න පුළුවන්ද ?
මම හිතන්නෙ ඒ උදාහරණ 2 දි නම් "පැත්ත" කියන හේතුවට වඩා "රුචිකත්වය" කියන හේතුව බලපානව ඇති නේද ?
හැබැයි ටිකක් ගැඹුරට කල්පනා කරල බලනකොට මට නොපැහැදිලි හේතු දෙකක් මගේ හිතෙං ම සොයාගන්න ලැබුනා.
හේතු :
1. අපිට හැම ක්‍රමෙංම කෙලවන්න හදන ඉන්‍දියාවට ක්‍රීඩාවකදි උනත් කමක්නෑ.. කෙලවෙයං.. පකිස්ථානෙ හොඳ කොල්ලො !
2. ඔස්ට්‍රෙලියාව තමයි ක්‍රිකට් වලදි හැමදාම ලංකාවට පරහට හිටියෙ.. ඇයි, උංට අපේ ක්‍රිකට් කොල්ලො එක්ක හෙන ඇරියස් නේ.. නවසීලන්තෙ හොඳයි, වැඩි සද්දයක් බද්දයක් නෑ.. අහිංසක මිනිස්සු.. ගහපං ඔස්ට්‍රෙලියාවට !
අනේ මන්‍දා, "පැත්ත" එතනටත් ගෑවිලා ද ?
හිහි ....
ReplyDeleteඕක කොච්චර කිව්වට තේරෙයි ද? මේ ඊයේ පෙරේදා මගෙත් එක්ක වලියට ආවා බලපු ෆිල්ම් එකකට බැන්නා කියලා
මේක මම අහල තියන කතාවක්.
ReplyDeleteA little boy went out to play. When he opened his door, he saw the world. As he passed through the doorway, he caused a reflection. Evil was born. Evil was born, and followed the boy.
නියමයි! මේ විදිය අදහසක් මේ විදියට නිර්මාණාත්මකව දෙන්න පුළුවන් කියලා මට තේරුනේ දැන්..! හැබැයි ඉතිං ඇතුලතින් දෙන අදහස කී දෙනෙක් ගේ ඔළු වලට යයිද මංදා..
ReplyDeleteවිශ්ව බ්ලොග් සින්ඩිකේටරයේ URL එක මොකක්ද ?
ReplyDeleteAdsense ව්ලින් සෑහෙන ගානක් හම්බ කරන්න පුලුවන් වගේ. :-p
ලස්සන ලිපියක්. නියමයි
ReplyDeleteමමත් කවදහරි ලොකු වුනාම ඔය විශ්ව බ්ලොග් සංසදයට එකතු වෙනවා.
හික් හික්. මැක්සා.. ;)
ReplyDeleteකතාවෙන් කියන දේ නම් ඉතින් ඇත්ත.
එක පැත්තකින් අයින් වෙන කොට නොදැනීම අපි අනික් පැත්තට හෙත්තු වෙලා. සහ වෙනවා.
කවුද මන්ද කෙනෙක් කියල තියෙන්නෙ. මිනිසා ස්වභාවයෙන්ම සමාජ සත්වෙයෙකි කියල. ඒකට යමක් එකතු ක‍්රන්නත් පුලුවනි' මිනිසා ස්වභාවයෙන්ම 'පාක්ෂික සත්වයෙකි' කියලත්. (මාත් ඇතුලුව) හික්.
කෙසේ වෙතත් තවත් ආත්ම 25 කින් පසු විශ්ව බ්ලොග් සින්ඩිකේට‍්රයෙනුත් හමුවෙමු මචන්.. :D :P
නියම සටහනක් හරේ...මෛත්ත්‍රී භාවනාවෙ පළවෙනියෙන්ම මම නිදුක් වෙත්වා කියල පටන් ගන්නව වගේ හැම තිස්සෙම තමන්ගෙන් පටන් ගෙන ඉන් ඔබ්බට යන සංකල්පෙ තමා නේ...සෑහෙන මනෝ කන්දකට මුල පෑදුව හරේ මේකෙන්...thank you වේවා...
ReplyDeleteමම පරක්කුද මන්දා.... අනේ මන්දා බං ... ඇත්තටම අපි කාටවත් නැමෙන්න පුලුවන්ද ඇත්තටම අපි ඉන්නෙ නම් හැමෝටම නැමිලා ඒත් පෙන්නන්නේ කාටවත් නැමෙන්නේ නෑ වගේ... බින්කුවෝ( ආදරේට කිව්වේ ) ඇත්තටම අපිව සත්තුන්ට උපමා කරන්න තරම් වත් අපි තත්වෙක ඉන්නවද... අපි සංකීර්ණ අරමුණු වල පැටලිලා දැන් මකුලු දැලක වගේ ඒකේම පැටලිලා.... ඕන්න ජීවිතය...
ReplyDelete