අපි හැමෝම අපි මෙහෙමයි කියල ප්‍රතිරූපයක් හදාගෙනයි ඉන්නේ. අපි ආසයි ඒ ප්‍රතිරූපයම අනිත් හැමෝගෙන්මත් දකින්න. අපේම ප්‍රතිපත්ති තුල අපි අතිශය ප්‍රජාතන්ත්‍රවාදී හෝ අන් මත ගරු කිරීමේ ස්ථාවරයක් හදාගෙන හිටියත් අන් අය අපේ කතාව පිලිගන්නවා දැකීම අපේ පරම බලාපොරොත්තුවයි.
ඒක මිනිස්සුන්ට පරම්පරාවෙන්ම, නැත්නම් පුංචි කාලෙ ඉදන් ඔළුවට දාගන්න ඒවයිම වර්ධනය වෙන විකාර(?) උවමනාවක්.
ඒක නැති කරන්න පුළුවන් අධ්‍යාපනයෙන්ම. අනිත් අයට ගරු කරන, එයාලට ඇහුම්කන් දෙන සාවධාන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒත් ඒ දේවල් විධිමත්ව හදාරන්න පවතින ජීවිතය ඇසුරින් ඒ දේවල් උගන්වන ක්‍රමයක් නෑ. යම් තරමකට අගම් වලින් මේ හික්මීම ඇති කලත් ආගම් කියන්නෙ තව දුරටත් මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි. ඒ වුණාට යම් කෙනෙක්ට ආගමක් හරහා වුණත් තමා ලොකුයි කියල හිතන ගතිය නැති කර ගන්න පුළුවන්. එහෙම අය ඉන්නව.
මොනව වුණත් තමන් නොහිතන මොහොතක ආයෙත් තමා තුල ඉන්න සත්ත්වයගෙ අමු හැඟීම් එලියට එන්න පුළුවන්.
ඒ වෙලාව කලින් කියල එන්නෙ නෑ. ඒ නිසාම පරෙස්සම් වෙන්න වෙනව. මොකද අධ්‍යාපනය හරහා හික්මවන හඟීම් අතිශය දරුණු වෙන්න පුළුවන්.
ඒ ගැන නෙවෙයි ඇත්තටම කියන්න ඕන කලේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අනිත් අයව වෙනස් කරනව. නැත්නම් වෙනස් කරන්න උත්සාහ කරනව. අපට ඕන විධියට.
එක අතකට අපි යම් කෙනෙක්ට තමන්ගෙ මතයෙ ඉන්න දෙන අවස්ථාව හරහා අපි එයාලට අපේ මතයේ තියෙන නිදහස් බව ගැන ඇඩ් එකක් දානව.
මේ හැම දෙයින්ම අපි කරන්න යන්නෙ අනිත් මනුස්සයව අපේ ඇස් වලට ලස්සන විධියට සරසල දකින්න යන එකයි.
යම් කෙනෙක් තුල තියෙන සුන්දරත්වය එයාව වෙනස් නොකර දකින්න අපට පුළුවන් නම්...
එකත් ඇත්ත!
ReplyDeleteඩෙෆා..අපි සමහරවිට කෙනෙක් ඒ කෙනා පවතින විදිහ අනුව අපේ හිතට අල්ලනව කියල හිතනව. ඒ දුරින් ඉදල බලද්දි. වඩාත් සමීපවෙලා දැන හදුනගද්දි අපිට නොපෙනුන රික්තකයන් පේන්න ගන්නව. එක්කො ඒව රික්තකයන් වෙන්නෙ ඒ තැන් වල අපි පුරවල තියෙන්නෙ ඒ කෙනාව නොව ඒ කෙනා ගැන අපි හිතින් මවන් ඉන්න අවතාරයක් වීම.ඉතින් අපි ඒ හිස්තැන් පුරවන්න හදන්නෙත් අපි දකින්න ආස විදිහට තමයි.
ReplyDeleteහරේ- හරියට හරි බන්. පසුකාලීනව කළකිරිම් ඇතිවන්නේ හුගක් වෙලාවට. ඒ වෙලාවට අපි කියන්නේ එයා අපි හිතන් හිටි කෙනා නෙමෙයි,මුලින් හිටියට වඩා වෙනස් බ්ලා බ්ලාහ් කියල. එතනදී අවිඥාණිකව හරි අපේ අතින් ඇත්ත කියවෙනව වගේ නේද?
ReplyDelete