Monday 11 July 2022

තොපිත් පල

 


පාවිච්චි කල මාස්ක් එක පාරෙ දානවනං

ටොපි චොකලට් අයිස්ක්‍රීම් කාල ඒව ඔතපු පොලිතින් හිටපු තැනම දානවනං

පේජ් කාරයන්ගෙ පින්තූර පෝස්ට් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ෂෙයා කරනවනං

සෝෂල් මීඩියාවල දකින තමන්ගෙ ඇජොන්ඩාවට සෙට් වෙන ඕන බොරුවක් ආයෙ ආයෙ පතුරුවනවනං

විශේෂිත කාරණයක් වෙනුවෙන් හදාගත්ත චැට් ගෘප් අස්සෙ කිසිසේත්ම අදාල නැති පෝස්ට් දානවනං

පෝලිමක ඉඳල වැඩක් කරගන්න පුරුද්දක් නැත්තං

ආයතනයකින් වැඩක් කරගනිද්දි නියමිත ක්‍රමය අනුගමනය කරනව වෙනුවට ආයතනය ඇතුලෙ කන්ටැක්ට් හරහා වැඩේ කරගන්න ට්‍රයි කරනවනං

ට්‍රැෆික් එකක් සෙට් වුණාම ඉවක්බවක් නැතුව හෝන් ගහනවනං

ගෙදර සවුන්ඩ් සෙටප් එක හතර වටේ ගෙවල්වලටත් ඇහෙන්න දානවනං

තමන්ට ඕන දේ වෙනුවෙන් ඕන බොරුවක් කියනවනං

තමන්ට අයිති නැති, අයිති කාරයෙක් පේන්න නැති දෙයක් දැක්කම ගන්න හිතෙනවනං

තමන් අතින් වරදක් උනාම ඒක පිලිගන්න බෑ වගේ හිතෙනවනං, වෙන එකෙක්ව අහු කරනවනං

පොදු තැන්වලදි තමන් විතරයි ඉන්නෙ වගේ ෆෝන් එකෙන් හෙණ හයියෙන් වීඩියෝ බලනවනං

අනිත් උන් වැරදියි කියන ගමන් තමන් හරි සුදනා කියල හිතනවනං

තොපිත් වැඩක් නෑ තොපිත් පල!


No comments:

Post a Comment

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!