මේ දවස්වල සාමාන්‍යයෙන් හිට් කතාවල් සිද්ධවෙන්නෙ පොත් ගැනනේ. 2014 පොත් ප්‍රදර්ශනෙත් තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල ෆේස්බුක් එකේ පටංගත්තු ප්‍රියතම පොත් ගැන චැලේන්ජ් එකත් ගති. ඒ චැලේන්ජ් එකේදි කට්ටිය කියවන්න ආස කරපු පොත් ගැන දකිද්දි මම කියවපු පොත් කීපයක් ගැනත් කියන්න හිතුණා. චැලෙන්ජ් එකට අදාලව නෙවෙයි. නමුත් අවශ්‍ය කෙනෙක්ට වැඩක් වෙයි කියල හිතෙන සටහනක් විධියට. මේක ෆේස්බුකියෙ නොදා මෙතන දාන්නෙ ඒකෙ ඉන්න මේක අදාල වෙන මගේ මිත්‍ර දහ පහලොස් දෙනාට වඩා වැඩිපුර කීප දෙනෙක්වත් මේක දකියි කියල හිතෙන නිසයි.
වැඩි කතා නොකර පටංගමු.
කොරල් දූපත - ආර්.ඇම්. බැලන්ටයින් / කේ.ජී. කරුණාතිලක
මේක තමයි මම වැඩිපුරම වාර ගණනක් කියවල තියෙන පොත. සම්පූර්ණ පරිවර්තනයක් නෙවෙයි. හැබැයි සංක්ෂිප්ත එකක් වුණත් සෑහෙන්න රසවත්. පැසිෆික් සාගරයේ දූපතක අතරමං වෙන ස්කොට්ලන්ත ජාතික යොවුන් වියේ තරුණයො තුන් දෙනෙක් වටා ලියවුණ කතාවක්. ඔවුන් අතරෙ මිතුරුකම ලියලන විධිය, දූපතේ ජීවිතය හුරුකරගන්න විධිය වගේම මිණී කන ගෝත්‍රිකයන් සහ මුහුදු කොල්ලකාරයන් පිරුණු කතාව මුල ඉදන් අගටම මගේ හිතේ ලස්සන චිත්‍ර ගොඩක් ඇන්දා. මේක මුලින්ම කියවද්දි මම සෑහෙන්න පොඩියි. ඒ නිසාම මේකෙ කියවුන ඇතැම් දාර්ශණික දේවල් තේරුණේ නැහැ. නමුත් පොත හමගැහෙන තරමටම නැවත නැවත කියවද්දි මුලින් නොතේරුණ බොහොම දේවල් තේරුණා වගේම ඒ හැම වෙලේකම පොත මට අළුත් වුණා.
පාළු දූපත - එච්.ජී. ජයසුමන
මේකත් අර මුල් පොත වගේම පොතක්. හයේ පන්තියෙදි විතර කියවපු එකක්. අනුරාධපුරේ සහ පොල්ගහවෙල කොල්ලො දෙන්නෙක් පුත්තලම පැත්තෙ දූපතක කරවල වාඩියක අතරමං වෙලා ගෙවන ජීවිතේ ගැන තමයි කතාවෙ තියෙන්නෙ. මේක වඩාත්ම හිතට වැදුනෙ ‘නන්දන‘ කියන වැඩිමහල් තරුණයා ‘නිමල්‘ කියන බාල තරුණයට විවිධ කරුණු ගැන විද්‍යාත්මකව කියා දෙන විධියයි. හෙන ඇඩ්වාන්ස්, සීරියස් දේවල් නොවුණත් ඒ දේවල් ඒ වයසෙදි පට්ට කියල මට හිතුණා.
පෙරළූ නැවුම් පස - මීහයිල් ෂෝලහොව් / සිරිල් සී. පෙරේරා
මේ පොත ගැන කලිනුත් කියල තියෙනවා කියල මතකයි. නමුත් මෙතනදිත් කියන්න ඕන පොතක්. මොකද කට්ටිය දාල තිබුණ ලැයිස්තුවල මේක දැක්කෙම නෑ. මේක වෙළුම් දෙකකින් තියෙන පොතක්. රුසියානු විප්ලවයෙන් පස්සෙ සමාජවාදී රජයක් යටතේ රුසියාවෙ ගමක් ගොඩනැගෙන විධිය ගැන කතාවක්. චරිත ගොඩනැංවීම සහ උපහාසය ව්‍යංගයෙන් මතු කරන එක සම්බන්ධයෙන්නං මේක සුපිරියි කියල කියන්න පුළුවන්. නම ගිය ලොකු රුසියානු පොත් ගොඩකට වඩා මේක මට හිතට වැදුණා. ඒ හින්දම මම ෂෝලහොව්ට නොබෙල් තෑග්ග ලැබුණ ‘දොන් නදිය නිසලව ගලා බසී‘ පොතේ සිංහල පරිවර්තනේ වෙළුම් දෙකකුත් ගත්තා (සම්පූර්ණ පොත වෙළුම් 4) ඒත් මුල් පොතේ පරිච්ඡේද දෙක තුනකට පස්සෙ කියවන එ්ක එපා වුණා. පරිවර්තකයා අනුව පරිවර්තනයක් කොයි තරම් වෙනස් වෙන්න පුළුවන්ද කියන එක මේ නිසා හොඳට තේරුම්ගන්න මට පුළුවන් වුණා. පෙරළූ නැවුම් පස ගැන ගැන වේජනාත් මෙතන කියල තියෙනවා. තව විස්තර මෙතනත් තියෙනවා.
සෝර්බා නම් ග්‍රීකයා - නිකොස් කසන්ට්සාකිස් / සද්ධාතිස්ස වඩිගමංගාව
මේක නිදහසේ ජීවත් වෙන, සිංහලෙන් කිව්වොත් ‘හිතේ දුකක් නැති මිනිහෙක්‘ ගැන කතාවක්. දෙතුන් වතාවක් කියවපු, චිත්‍රපටියත් හොයාගෙන බලපු එකක්. මෙතනදිම කලිනුත් කතා කරල තියෙනවා. මෙතනත් තව විස්තර තියෙනවා.
තුඹස සහ මෙරු / සින්නදොරෙයිගේ පුංචි ලෝකය - ගුණසිරි ජයවර්ධන
ගුණසිරි ජයවර්ධන කියන්නෙ ලංකාවෙ ඇතුලෙ වුණත් වැඩි දෙනෙක් නොදන්න ලේඛකයෙක් වුණාට ඔහු මම කැමති ලංකාවේ ලේඛකයො අතරෙ ඉන්නෙ ඉහළම තැනක. ඔහුගෙ ලේඛණ රීතිය යථාර්ථවාදී රීතියක්. හැබැයි ඔය ඉන්ද්‍රජාලික ගාර්සියා මාකේස්, මිලාන් කුන්දේරා වගේ ලේඛකයො ලියන අහඹු පොලාපැනීම් ශෛලියෙන් ඔහු සෑහෙන්න ආභාශයක් අරන් තියෙන බව නම් පැහැදිලියි. ඒකට කියන්නෙ ‘විඥාන ධාරා සන්ධර්භය‘ කියලලු. ඒ ඒ චරිතවල කල්පනා ලෝකවල අතීතයෙ සහ වර්තමානයෙ සිද්ධි මතින් අපිව අපිටත් නොදැනි අරන් යන අතරෙ ඔහු කතාව ගොතන්නෙ අපේ ඔළුව ඇතුලෙත් සෑහෙන්න වැඩක් කරගන්න ඉඩ සලසන ගමන්.
තුඹස සහ මෙරු කතාව ගෙතෙන්නෙ මධ්‍යම ප්‍රාන්තික පවුලක් සහ ඔවුන්ගේ මිතුරෙක් ඇතුලු වටපිටාවෙ සිදුවීම් වටායි. දරුවෙක් නොමැති වීම නිසා මේ පවුල ඇතුලෙ යාන්තම් ගිණි පුපුරු දැල්වෙමින් තියෙද්දි බොහොම අහඹු නමුත් එකට එක පෑහෙන සිදුවීම් ගණනාවක් එක්ක ඔවුන් නැවතත් සතුට හොයාගන්න විධිය තමයි කතාවෙ සාරාංශය වෙන්නෙ. වෙන කෙනෙක් ලිව්වනං මේක අතිශය සරල කතාවක් වෙන්න පුළුවන්. නමුත් ගුණසිරි මහත්තයගෙ ලේඛණ ශෛලිය නිසා කතාව ගලපගන්න උත්සහ කිරීමත් එක්ක අපිට ලැබෙන අත්දැකීම වෙන සිංහල ලේඛකයෙක්ගෙන් නොලැබෙන තරම්.
සින්නදොරෙයිගේ පුංචි ලෝකය ගැන මලී කතා කරල තියෙනවා. සිළුමිණේ ලිපිය තාක්ෂණිකව වඩාත් විස්තරාත්මකයි. ගුණසිරි ජයවර්ධන මහත්මයා කතාව ලිවීමට වඩා කතාවක් ගෙතීම කියන කාරණය කොයි තරම් සීරියස් විධියට අරන් තියෙනවද කියල හොඳටම පැහැදිලි වෙන පොතක් මේක. ‘තුඹස සහ මෙරු‘ පොතටත් වඩා මේකෙ ඒ ගතිය තියෙනවා. අහම්බෙන් ත්‍රිකුණාමලේට යන දකුණෙ තරුණයෙක් එහෙදි දෙමළ පවුලක් සමග ජීවත්වෙන හැටි සහ ඔහු නැවත ගමට පැමිණෙන අතරෙ ඔහුට හිතෙන සිතිවිලි අතරෙ තමයි මුළු කතාවම දිවෙන්නෙ. අවසානයේදි ආයෙමත් අහඹු සිදුවීම් පෙලක් ගලපලා අපේ හිතේ බලාපොරොත්තු ඇති කරවමින් ඔහු කතාව අවසන් කරනවා.
පොඩි ඇඩ් එකක් - ගුණසිරි ජයවර්ධන මහතා 2013 අවරුද්දෙදි ලියපු ‘සොරොව්ව‘ පොත කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණේ Fast Publishing ආයතනයෙන් මිලට ගන්න පුළුවන්. කියවීම එක්ක ඔළුවෙ registers වෙනස් කරගන්න කැමති ඕනම කෙනෙක්ට පොත අල්ලල යයි. මේ පොත ගැන මෙතන තියෙන විචාරය කියවන්න කලින් පොත කියවන්න.
අද්භූත විශ්වය / විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා - හර්ෂ පෙරේරා
මේ පොත් දෙකම මම ගොඩක් පොඩි කාලෙ කියවපු සහ නැවත නැවතත් කියවපු, ලංකාවෙ ලේඛකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ ගනයේ පොත්. මේව මිලට ගන්න තියෙනවද කියලනම් කියන්න දන්නෙ නෑ. මොකද මම අවුරුදු ගාණකින් මේ පොත් දෙකම කඩවල තියෙනව දැකල නෑ. ඒත් මේ වර්ගයේ පොත්වලට කැමති කෙනෙක් දැක්කොත් ගත්තට පාඩු නෑ.
සුදු වැද්දා නොලියූ කතා - ආර්.එල්. ස්පිටල් / ජයවීර විජයපාල
මේක ආර්.එල්. ස්පිටල් මහතා ලියපු පොතක් නෙවෙයි. නමුත් ඔහුගේ සටහන් හෝ අත්දැකීම් ආශ්‍රයෙන් ජයවීර විජයපාල මහතා ලියපු එකක්. පොතේ මුල් පරිච්ඡේදයෙ තියෙනවා ඔහු ස්පිටල් මහතා හමුවන අවස්ථාවක් ගැනත්. මේ පොත කෙටි කතා පොතක්. ස්පිටල් මහතාගේ අත්දැකීම් ආශ්‍රයෙන් විවිධ භාෂා ශෛලීන් අනුව ලියවුන පොඩි පොතක්. මට හොදටම හිතට ඇල්ලුවෙ කැලේක මැද ඉන්න වෙද හාමුදුරු කෙනෙක් හමුවෙන්න යන සුද්දෙක් සහ ඔහුගෙ සහායක වැද්දන් ගැන කතාවයි. කතාව වගේම කතාව මැදදි ඔවුන් කන කෑමත් මගෙ හිතට ඇල්ලුවා. පුළුස්සපු, දුම් ගහපු, වේලපු, මී පැණි වල දාපු මස් සහ අල වර්ග ගැන කියවද්දි හැම වෙලේම ඉවසගෙන ඉන්න අමාරු වුණා.
රොබින්සන් ක්රූසෝ - ඩැනියෙල් ඩැෆෝ / කේ.ජී. කරුණාතිලක
මේක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. නමුත් ජීවත් වෙන්න තනි මනුස්සයෙක් දරන උත්සාහය ගැන හිතන්න අවස්ථාව ලැබුණ පොතක්. පොතට අමතරව පරිවර්තන කාර්යය ගැන කේ.ජී. කරුණාතිලක මහතා ලියපු දීර්ඝ රචනයකුත් පොතේ ඇතුලත්. ඒකත් මරු.
ග්‍රහ ලෝකයක විනාශය - අලෙක්සාන්දර් කසාන්ට්සෙව් / දැදිගම වී. රුද්රිගු
මේකත් අපේ තාත්තගේ අනුභාවයෙන් ගොඩක් පුංචි කාලෙදිම මට කියවන්න ලැබුණ පොතක්. අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතරෙ තියෙන ග්‍රාහක වලල්ල බොහොම ඉස්සර කාලෙක ග්‍රහ ලෝකයක් විධියට පැවතීම සහ එහි විනාශය සිදුවීමත්, ඒ ග්‍රහලෝකයෙන් පෘථිවිය වෙත පැමිණෙන කණ්ඩායමක් මගින් පෘථිවිය ජනාවාස වීමත් තමයි පොතේ පදනම වෙන්නෙ. නමුත් ඒ අතරෙ කියවෙන යුද්ධයේ සංකීර්ණතාවයන් අපටත් අදාල වෙන විධිය උවමනා කෙනෙක්ට ඕන නම් හිතල බලන්න අවස්ථාව තියෙනවා. මේ ගැන පැතුම්ගෙ බිත්තියෙ ලොකු විස්තරයක් තියෙනවා.
වානරයා - වූ චෙං එන් / ඒ.පී. ගුණරත්න
ගනේගොඩයා නිර්දේශ කරපු පොත් අතරෙ එකක් මේක. විවිධ විධියට වර්ෂන් ගණනාවකින් මේ කතාව අපි පුංචි කාලෙ ඉඳන් අහල තියෙනවා. මුලින් ටිකක් සංකීර්ණයි කියල හිතුණත් කියවගෙන යද්දි, පොතේ රාටාව අහුවෙද්දි පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නැතිවෙයි.
මීට අමතරව කියවපු හොඳම පොත් කීපයක් වැඩි විස්තර නැතිව පහතින් දානවා. මේ පොත්නම් ගන්න තියෙනවා දැනටත්. ඒ වගේම ගොඩ දෙනෙක් මේ පොත් කියවලත් තියෙනවා. ඒ නිසා විස්තර අවශ්‍ය නෑ.
සියක් වසක හුදකලාව - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස් / අබේ දිසානායක, පසන් කොඩිකාර
සිද්ධාර්ථ - හර්මන් හෙස / දයාරත්න ගරුසිංහ

සුළඟ වගේ ඇවිදින් - දිනේෂ් කොළඹගේ (මේක මේ පාරත් බුක් ෆෙයා එකේ තිබුණා. එන්න එන්න පොත මහත් වෙනවා)
පිටස්තරයා - ඇල්බෙයා කැමූ / සෝමරත්න බාලසූරිය
ආතර් සී. ක්ලාක් ලියපු පොත් (සිංහල පරිවර්ථන සියල්ලම වගේ)
මඩොල් දූව - මාර්ටින් වික්‍රමසිංහ
සාර භූමි - පර්ල් එස්. බක් / ඌරාපොල හේමාලෝක, හේමපාල විජයවර්ධන
අහිංසාවේ උල්පත (ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් ගේ ජීවිත කතාව) - දෙනගම සිරිවර්ධන
කල්කි - ගෝර් විදාල් / ගාමිණී වියන්ගොඩ
සොෆීගේ ලෝකය - යුස්ටයින් ගෝඩර් / රාණි සේනාරත්න රාජපක්ෂ

යකඩෝ මගෙ ලැයිස්තුව හදනකොට වානරයා මිස් වුනානේ. ඕක අපි අද ලියන කොයි තරම් නං දේවලට ඉන්ස්පයර් වෙලා තියෙනවද.
ReplyDeleteමරු ලිස්ට් එක හරේ අය්යේ. ඔතනින් මම පොඩි කාලේ කියවලා නැත්තේ තුඹස සහ මෙරු කියන පොත. ඕක කියවනකොට හෙන වයසක් වෙලා. අනික් එක අර සුදු වැද්දා නොලියූ කතා අද වෙනකල් කියවලා නෑ.
ඒක ෙදෙන්න පුළුවං. ආෙයෙ ෂුවර් එකටම ෙගෙනත් ෙදෙනව ෙනෙේද? ;-)
Deleteබොහොම ස්තූතියි පෝස්ට් එකට.. බ්ලොග් වල වෙන්න ඕන මේ වගේ හරවත් දෙයක්, වල පල් නැතිව..
ReplyDeleteඅනේ මන්දා අප්පා. සාපේක්ෂ ප්‍රවේගෙ තමා :-)
Deleteතුඹස සහ මෙරු නම් මමත් කියවපු අපූරුම කතාවක්..සින්නදොරේගේ පුංචි ලෝකය තවම කියවන්ට ලැබුනෙ නෑ....
ReplyDeleteවහාම කියවන්න වටිනවා.
Deleteමං ආසාවෙන් කියවපු පොතක් ගුණසිරි ජයවර්ධන මහතාගේ තුඹස හා මෙරු ... ඒක ගන්න තියෙන තැනක් දන්නවනම් කියන්න
Deleteපාළු දූපත නම් සිරා පොතක්. කල්ලන්දුවේ මුතු කොල්ලයත් එහෙමයි. අහිංසාවේ උල්පත කියවපු තව කෙනෙක් මේ දැක්කමයි..
ReplyDeleteකුලසේන ෆොන්සේකා ඇතුළු යොවුන් නවකතා ලියපු ලේඛකයො කීපදෙනෙකුගේම පොත් කියවල තියෙනව මම. ඒවත් ඒ කාලෙ සුපිරියටම දැණුන පොත් තමා.
DeleteWelcome back after a long interval !!
ReplyDeleteඇලර්ට් එකේ ඉන්නව වගේ :-)
Delete