Saturday 27 April 2013
අර්ත් වයරයක් දිගේ ජාතික මව් ගුණ ගීයකට!
විදුලි බිල වැඩි වුණ එක වෙන කවදාටවත් වඩා මේ වතාවෙ හිට් වුණ වැඩක් වෙලා. හැබැයි ඒක තවත් නාට්ටියක් නෙවෙයි. (මේ වෙද්දි එහෙමත් හිතෙනවා) ඒ නිසා දැනටත් ටීවී එකේ හදන කෑම දිහා බලාගෙන ඉඳල ඒකෙන් කටට කෙල උනවගෙන යන්තං කාගෙන ඉන්න මිනිස්සුන්ට මේක හොඳටම දැණෙනවා. මොකද දැන් එහෙම ටීවී බලද්දි කරන්ට් එක නගිනවා.
මේ ගැන ඇතිවුණ කතාවල් කීපෙකදි එක එක අය මේකට විකල්ප යෝජනා ගෙනාවා. කවුරුත් වැඩිවෙන ගාණ ගෙවන්න කැමති නෑ. නමුත් ඒ ගැන කතා කරන්නත් කැමැත්තක් නෑ. අර කියනව වගේ තමන් වෙනුවෙන් කතා කරන කොන්ත්‍රාත් එක කාට හරි දෙන්නයි කට්ටියගෙ කල්පනාව. කට්ටියම ප්‍රයිවෙට් බස් එකක යනව වගේ මේකට මූණ දෙන්නෙත්. (එහෙම නැත්තං ප්‍රයිවෙට් බස් එකේ මිනිස්සුන්ගෙ හැසිරීම අපේ ඇත්ත ජීවිතේමද? ඔය එක ඔන්ලයින් චණ්ඩියෙක්වත් බස්වල යනව වෙන්න බෑ.)
සමහරු කතා කලේ කරන්ට් එක මීටරේට එන්න කලින් ඒක බයි පාස් කරන්න. ඒක කරන අය දැනටත් ඕන තරං ඇති. නමුත් මණ්ඩලේ කට්ටියගෙන් බේරිලා කරගන්න එක ටිකක් අමාරු වැඩක්.
තව කෙනෙක් කිව්වා කාන්දමක් මීටරේ ගාවින් තියලා මීටරේ කැරකෙන එක ස්ලෝ කරන විධියෙ එකක්. ඒකත් හරියට වෙනව නං මරු වැඩේ. හැබැයි ඒ වැඩෙත් ටිකක් බැරෑරුම්. මීටරේ අවුල් ගිහින් මාට්ටු වුණොත් ඇරියසුත් එක්ක ගෙවන්න වෙයි.
තව යාළුවෙක් කියන්නෙ එයාගෙ කරන්ට් බිල රුපියල් සීයට අඩුයි කියල. ඒක ගෙදර වයරින් කරද්දි එකම විධියෙ විදුලි ප්‍රමාණයක් වැය වෙන විධියෙ උපාංග වලට වෙන වෙනම බ්‍රේකර් වලින්ම පවර් ලයින් වෙන් කරල හදපු සිස්ටම් එකක්ලු. ඒ ගැන ඌ දන්නෙත් නෑ. ඒත් අපිටනං සැකයි. ඒ වගේ ක්‍රමයක් දන්න කෙනෙක් මේක කියවන අය අතරෙ හිටියොත් ඒක කරන විධිය කියන්න!
බුකියෙ තිබුණා ඒ.සී. කරන්ට් එකෙන් වැඩ කරන එල්.ඊ.ඩී. බල්බ් සෙට් එකක් හදාගන්න සර්කිට් එකක් ගැන පින්තූරයක්. වැඩේ ඇත්ත නම් ඒක කරගන්න තරම් ඉලෙක්ට්‍රොනික් දන්නෙ කීයෙන් කී දෙනාද? ඒ නිසා ඔන්න වැඩ දන්න ඉලෙක්ට්‍රිකල් පොරකට බිස්නස් එකක් කරනව නං චෑන්ස් එකක් තියෙනවා එව්ව හදල විකුණන්න. දරන්න පුළුවන් ගාණකට ආවොත් වැඩේ නැගල යන්න ඉඩ තියෙනවා! ලොක්කට දුක හිතිලා බිල අඩු කළොත් විනාසයි නිසා දැන්ම බිස්නස් එකට බහින්න.
හැබැයි කොයි කාලෙටත් විදුලිය ඉතිරි කරගන්න පුළුවන් අනවශ්‍ය විධියට ඒක පාවිච්චි කරන එක නතර කළොත්. ඒත් අපට තියෙන අවශ්‍යතාවල හැටියට දැං ඒක කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. අපිට කුප්පි ලාම්පුවෙන්වත්, ඉටිපන්දමෙන්වත් ජීවත් වෙන්න තවදුරටත් බැහැ. කවුරු හරි එහෙම ඉන්න පුළුවන් කියල කියන කෙනෙක් ඉන්නවනං මේ යන විධියට ඉදිරියෙදි එයාට දවසකට එක වේලක් කාල ජීවත් වෙන්න වෙන තරමටම ආශ්චර්යය ව්‍යාප්ත වෙන බව කියන්න ඕන.
තව කෙනෙක් කිව්වෙ බිල නොගෙවා ඉමු කියල. ආණ්ඩුවට දැණෙන්න. ඒ කතාව ජංජාලෙ අස්සෙත් කීප තැනකදි මම දැක්කා. ඒක කරන්න පුලුවන් වැඩක්ද කියල කල්පනා කරන්න වෙනව. මොකද මේක ඔන්ලයින් විතරක් කතා කර කර ඉඳල වැඩක් නැති නිසා. දැනට ඔන්ලයින් කමියුන්ටිවල ඉන්න අයගෙන් වැඩි ප්‍රතිශතයක් අවුරුදු 18-28 අතරෙ අය. උන් බිල් ගෙවන්නෙ නෑනෙ. ගෙදරක විදුලි බිල ගෙවන මනුස්සයෙක්ව මේකට පොළඹවගන්න පුළුවන් වෙයිද? බිල නොගෙවා ඉඳල ලයින් එක කැපුවොත් ඒක හදාගන්න අරටත් වඩා ගාණක් දෙන්න වෙයි නේද? ඒ නිසා දිගටම නොගෙවා ඉන්න එක ප්‍රායෝගික නෑ. ඒත් අඩු ගානෙ රතු බිල එනකල් නොගෙවා හිටියොත් මෙයාලා ඒකටත් අළුත් නීතියක් ගෙනෙයිද?
එහෙම නෙවෙයි කියල හිතෙනවනං මෙතනට ගිහින් බලන්න. මේ කමියුනිටි පේජ් එකෙන් නොනැවතී මේ කතාව දන්න අය අතරට අරන් යන්න.
කොහොම වුණත් තර්ක සේරම අන්තිමේදි ඇවිත් නතර වෙන්නෙ එක තැනක. අවසානෙදි බිල ගෙවන්න වෙයි. මාත් මේ පෝස්ට් එක දාල 'හඬක් නැගුවා' කියල හිතාගෙන පැත්තකට වෙයි. හැබැයි බිල ගෙවන එක ප්‍රමාද කරන්න මිනිස්සුන්ව පොළඹවන්න උවමනායි. මේ වෙද්දි මම මේ ගැන කතා කරල අඩුගානෙ කීප දෙනෙක්ට ටොකු ඇනල තියෙනවා. ඒ වෙලාවලදි මිනිස්සු එක්ක කතා කරාම තමයි උන්ගෙ ප්‍රශ්ණ තේරෙන්නෙ. අඩු ගානෙ මට මුකුත් කරන්න බැරි නම් ඉන්ටර්නෙට් එකට කෙලවලම දාන්න පුළුවන්. ඒකෙන් ගාණක් ඉතිරියි. ඒත් ගොඩක් අය අපි වගේ මේ කිසිම අවශ්‍යතාවයක් නැති ඉන්ටනෙට් එකේ අයිඩෙන්ටිටි පවත්වගන්න තියා ඒක මොකක්ද කියලවත් දන්න මිනිස්සු නෙවෙයි. ඒත් උන්ගෙ බිලත් 90 පනිනවා.
මිනිස්සු කොයි තරම් අසරණයිද? නමුත් තමන්ගෙ ඇත්ත තත්ත්වෙ කීයෙන් කී දෙනාටද තේරෙන්නේ? බහුතරයක් මිනිස්සු අන්ධයි. උන් ඉන්නෙ එක එක දේවල්වලට ප්ලග් හයි කරගෙන. ඒ මිනිස්සුන්ව පාලනය වෙන්නෙ ඒ ප්ලග් හරහා.
පහුගිය දවසක බුකියෙ වීඩියෝවක් ෂෙයා වෙලා තිබුණ. කොල්ලො දෙන්නෙක් ජාතික කොඩියෙ වරණ තීරු දෙක ඉරල පුච්චනවා. දැන් මුන්ට තියෙන ලොකුම ප්‍රශ්ණෙ රටේ එක එක මතවාද දරණ මිනිස්සු ජීවත් වෙන එකද?
මිනිස්සුන්ට නොදැනී උන්ව අන්ධ කරල ඉවරයි. උන් පණ නැති කරලා. ඇත්ත ප්‍රශ්ණෙ වෙනුවට බොරු ප්‍රශ්ණ මතු කරලා. බොරු ප්‍රශ්ණ උඩ දාන්න ඕන තරං කට්ටිය ඉද්දි ඇත්ත ප්‍රශ්ණෙ වෙනුවෙන් පෙනී ඉන්න කවුරුවත් නෑ. හැමෝම බලං ඉන්නෙ මුලින් කවුරු හරි ගලක් ගහනකල්. සමහර විට එතකොට කිසි දෙයක් ඉතිරි වෙලා තියෙන එකක් නෑ.
මෙහෙම වෙන්නෙ ඇයි? පළවෙනි හේතුව සාමාන්‍ය මිනිහෙක් මේ ගැන කතා කරල මහ ලොකු දෙයක් වෙයිද කියන අවිනිශ්චිත බව. සිවිල් බලයක් තියෙන මනුස්සයෙක්ට වුණත් මේ ගැන කරන්න පුළුවන් දේවල්වල සීමාව මොකක්ද?
ඒත් ඒ සේරටම වඩා අපිට අපිව ෂුවර් නැති ප්‍රශ්ණෙ නෙවෙයිද මෙතන තියෙන්නේ...
අද අපි ජීවත් වෙන්නෙ එකිනෙකා ගැන විශ්වාසය අවම වුණ, සමහර විට නැතිම වුණ සමාජෙක. හරියටම බඩු ෂුවර් කියල විශ්වාස කරන්න පුළුවන් කී දෙනෙක් තමන් දන්නවද කියල හිතල බැලුවම පුදුම හිතෙයි. එහෙම අය ඉන්නෙ අතක ඇඟිලි ගානටත් අඩුවෙන් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු බැලූ බැල්ම මාර එකමුතුයි වගේ පේනවා. හැමෝම හැමෝවම දන්නවා. ඒත් ඒ ගොඩක් සම්බන්ධ උවමනාවල් වෙනුවෙන් ඇතිකරගත්තු ඒවා. නිකං 'වැඩක් කරගන්න එයාව දැනගෙන ඉන්න එක හොඳයි' කියල ඇතිකරගත්තු සම්බන්ධ.
අවුරුදු ගානක් ඇතුලත අපිට තිබුණ විශ්වාසයන් සේරම විනාස වෙලා ගිහින් ඉවරයි. 'කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල' කියන කතාව දැන් හැමෝම කියනවා. සාමාන්‍ය මිනිස්සුන්ට අස්වැසිල්ලක් වුණ ආගම වගේ පරමාදර්ශී සංකල්ප පවා පිස්සු කෙලින්න අරන්. කරන්ට් බිල අඩු කරන්න කියල කතරගමට කියල වැඩක් නැතිබව ගැනත් මිනිස්සු දන්නවා.
ඇත්තටම ගත්තොත් කාටවත් කවුරුවත් නෑ.
එතකොට ඔය එකට බැඳිල තියෙන සංගම්, සමාජ, සේනා වගේ දේවල් පවතින්නෙ කොහොමද? හේතුව සරළයි. ඒව බැඳිල තියෙන්නෙ විශ්වාසය මත නෙවෙයි. ප්‍රතිපත්ති මත, බල ධූරාවලිය මත, සැලසුම් මත, එහෙමත් නැත්තං ලැබෙන කුට්ටිය මත. ඒ සංගම්වලට මහ ලොකු දේවල් නෑ පෞද්ගලිකව නැති වෙන්න. නැතිවුණත් ඒ ගොඩක් අයට ලැජ්ජාවකුත් නෑ. විදුලි බල මණ්ඩලේ ලාභ පිට ලාභ ලබන ආයතනයක් කියල පට්ටපල් බොරු ගොඩක් අපි පහුගිය කාලෙ අහලත් ඒව කියපු උන්දෙලා තාමත් ලැජ්ජාවක් නැතිව තවමත් බයිල ගහන්නෙ ඒකයි. මොකා ඇත්ත කියනවද මොකා බොරු කියනවද කියල හොයාගන්න බැරුව අපි තාමත් අන්දමන්දයි!
නමුත් ඇත්තටම පුද්ගලිකව ගත්තම හැමෝටම හැමෝවම ෂුවර් නෑ. ඒ නිසා මිනිස්සු මිනිස්සු එකතු වෙලා හඬක් නගන විධියෙ වැඩක් වෙයි කියල හිතන්න බෑ. ඕන තරම් ෆන් එකට සෙට් වුණාට එතනින් එහා යන ප්‍රැක්ටිකල් වැඩක් සිද්ධ වෙන එක විහිළුවක් වෙලා.
අන්තිමේදි අපට ඉතිරි වෙන්නෙ තමන් විතරක් වෙයිද?
තල්මස් කතා අස්සෙ හාල්මැස්සන්ගෙ ෂෝට් නෝට් කීපයක් කියෙව්වට සමා වෙන්ඩ!
අජිත් කියන මේ සින්දුව ඔයාට කොයි තරම් දැනෙයිද?
කාපුවා -
ajith kumarasiri,
culture,
facebook,
government,
people,
politics,
poorness,
system,
ජීවිතය
Subscribe to:
Post Comments (Atom)
අනේ මන්දා ඉතිං මෙව්වට සිරා ඈ එක ටික් කොරලා නිකා ඉන්නත් බෑ වගේ ඒ උනාට ඉතිං ටයිප් කොර කොර කොමෙන්ට් දැම්මත් ඇති වැඩක් නෑ වගේ.. මොකෝ ඉතිං අර කිව්වත් වගේ බිල නොගෙවා ඉදලා ලයිට් කපලා ගියාට පස්සේ වහළ උඩ නැගන් හිටියත් වටේ පිටේ උන් අපේ බිල ගෙවා දෙන්නේ නැහැනේ.. අපේම නයි අපිවම කයි කියලා හිත හදාගෙන දත් මිටි කාගෙන හම්බකරන සතේ වෙනකම් බිල් ගෙවලා රෑට දොයි ගන්න විතරයි අපිට අනාගතේ කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.. මොකෝ අපි වෙනුවෙන් පෙනී ඉන්න කවුරු පස්සේ ගියත් අන්තිමට වෙන්නේ සේරම එකතු වෙලා අපිවම බයිට් එකට ගන්න එක තමයි!
ReplyDeleteබෙල්ල වෙල ඬාගන්ට හිතෙනවා අප්පා.හි හි හි
ReplyDeleteමිනිස්සු එකෙක්ට එකෙක්ව විශ්වාස කරනකං මේ මොන ඉළව්වක්වත් වෙනස් වෙන්නේ නෑ.තිස්ස අත්තනායක මහත්තයා පත්තරේට කියලා තිබ්බා එයාගෙ ගෙදර බිල 15,000 ඉඳං 18000ට වැඩි වෙලා කියලා.මේ යක්කු ගෙවල්වල කරන්ට් එකෙන් මොනවා පාවිච්චි කරනවද? එතකොට රාජපක්ෂ මහත්තයලගෙ ගෙදර බිල අපි දන්නෙවත් නෑනේ.මේ කට්ටිය නාස්ති කරන කරන්ට් එකේ බිල තමයි මිනිස්සු ඔක්කොම අතරේ බෙදිලා ගියේ.මොනවා උනත් ඉතිං මේකත් මතක තියෙන්නේ සති දෙකයි!!!
ReplyDeleteමගේ කොමන්ට් එක ඔයාගේ මිනී කවි එකේ පෝස්ට් එකටත් සම්බන්දයි.
ReplyDeleteමුලින්ම දිණුකට කියන්න ඕනේ ඔය දහ අට දාහේ බිලක් එන්න ඒ තරම් ලොකු පට්ටමක් වෙන්න ඕනේ නෑ. එක ඒ සී එකකට පෑන් එකකට දෙකකට දවස් දෙකකට සැරයක් දාන වොශින් මශින් එකට උණුවතුර (සෝලර් පවර් වලින් වැඩ කරලත්)හා ලයිට් කිහිපයකට තනියම හිටපු මටත් 15 දාහේ බිල් ඇවිත් තිබුනා 2011දි විතර. එතකොට අද වෙද්දි කොහොම ඇතිද? මට හිතෙන විදියට ඔය මැති ඇමති වරුන්ගේ නියම විදුලි බිල ඒ වගේ කිහිප ගුණයක් වෙන්න ඕනේ. සාපෙක්ශව අපේ මහ ගෙදර වොශින් මැශින් එකක්වත් පාවිච්චි නොකර, (වතුර මෝටර් එකකුත් නෑ) රුපියල් තුන් දාහක් විතර ඒ කාලෙත් ගෙව්වා. ඒ කාලේ මගේ මෙහේ ගෙදර ඔය කියන හැමදේම කරලත් මගෙ බිලත් රුපියල් වලින් ඒ හා සමානයි කියලා දැක්කම මට පුදුමත් හිතුනා.
හොඳම දේ තමයි විවෘත වෙළද පොලකට යාම. කොටින්ම මා ජීවත් වන රටේ දැන් අවුරුදු තුනක විතර ඉඳලා අපි කැමති සේවා සපයන්යන්නෙක්ගෙන් විදුලිය ගෑස් ලබා ගන්න පුළුවන්. ඊටත් අවුරුදු කිහිපයකට කලින් අපේ බිල් ලියන්න මණු කියවන්නෙක් ආවා. ඒත් අර හරේ මිනී කවි එකේ කීවා වගේ මැශින් වගයක් ලබාදීලා ඒ අය ඔටෝමැටිකලි අපේ බිල් චෙක් කරලා එවනවා. ඒ අයට විතරක් නෙමෙයි අපිටත් ඒක හරිම පහසුයි. ගෙදර ඉන්න ඕනේ නෑ. මාස දෙකකට සැරයක් ගාණට බිල් එක ගෙදරට එනවා. මණු කියවන්නෝ නැති නිසා වැඩි වියදමකුත් නෑ. නිදහස් වෙළඳ පොලක් තියෙන නිසා තරඟකාරි මිල ගණන් වලට සේවා ලබා ගන්න පුළුවන්.
අපෙත් පසුගිය අවුරුද්දේ බදු වැඩි කිරීම් වලින් අත්‍යාවශ්‍ය සේවා මිළ ගණන් වැඩි කලා. කලින් මාස දෙකකට 28€ පවර් වලට ගේවපු මම දැන් 2013දි ඒ ගාණම පාවිච්චි කරලා මාස දෙකකට 31€ක් වගෙ ගෙවනවා. බලාගෙන ගියාම ලංකාවට හා සමානව මම ගෙවන මුදල බොහෝ අඩුයි. මම ඒකත් වැඩි කියලා ආණ්ඩු පෙරලන්න ගියාට. (හික්ස්)
මොනවා වුනත් ආණ්ඩුව කියන කියන විදියට කට වහ ගෙන ඉන්නේ නැතිව ප්‍රොටෙස්ට් කරන්න නම් හොඳම වෙලාව මේ. මොකද මේ විදුලියෙන් පාඩුයි කීවට ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ නාස්තිය අඩු කරන්නේ නෑ නේ. කොහොමත් අපේ රටේ මිනිස්සු ප්‍රොටෙස්ට් එකකකට එකතු වෙන්නේ නෑ තම තමන්ගේ කඩේ යෑමවල් එක්ක.ඒක හින්දා සාර්ථක වෙන එකක් නෑ. ඒත් අපි හැමෝම මතක තියාගන්න ඕනේ අපේ අයිතිවාසිකම් ලබාගන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ කියන එක නම්. මොකද මේ නාස්තිකාර වියදම් කරන්නේ රටේ මහජනයා නෙවෙයිනේ.
වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව!!
ReplyDelete(අ)සුබ අනාගතයක්!!
@ මලී - පෙර ආත්ම වල කරපු පව් තමා.
ReplyDelete@ දිනුක - ඒක තමයි මචං අවුල. නාස්ති කාරයන්ගෙ ගාණ ගෙවන්න වෙන්නෙත් නැති මිනිහට
@ ඉල් - ලංකාවෙ මධ්‍යම පන්තියෙ මිනිස්සුන්ගෙ ගෙදර වැඩිපුර පවර් ගන්නෙ ෆ්‍රිජ් එක. රස්නෙ පැතිවල ෆෑන්. ඔය සමහර ගෙවල්වල සතියකට දෙපාරක් විතර ඇඳුම් අයන් කරන්නෙ. වොෂිං මැෂින් එකක් තියෙනවනං ඒකත් සතියකට සැරයක්. ගේ පුරා ලයිට් දාන්නෙත් නෑ.
@ රැංගෝ - අපි අපිම කියාගෙන ඒකෙනුත් ආතල් ගමු!
අජිත් වගේ අපිටත් සිංදුවක් කියාගෙන ඉන්න තමා වෙලා තියෙන්නේ
ReplyDeleteබ්ලොග් එක බොහෝම හිත් ගත්තා.. අහම්බෙන්නෙ මේ පැත්තට ආවෙ...
ReplyDelete''අවුරුදු ගානක් ඇතුලත අපිට තිබුණ විශ්වාසයන් සේරම විනාස වෙලා ගිහින් ඉවරයි. 'කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල' කියන කතාව දැන් හැමෝම කියනවා. සාමාන්යි මිනිස්සුන්ට අස්වැසිල්ලක් වුණ ආගම වගේ පරමාදර්ශී සංකල්ප පවා පිස්සු කෙලින්න අරන්. කරන්ට් බිල අඩු කරන්න කියල කතරගමට කියල වැඩක් නැතිබව ගැනත් මිනිස්සු දන්නවා.
ඇත්තටම ගත්තොත් කාටවත් කවුරුවත් නෑ.''
කොයි තරම් සත්යවයක්ද?
@ හසිත - ස්වයංව ආතල් අරගෙන නේ...
ReplyDelete@ තරුරසී - ස්තූති වේවා. ඇත්ත වුණාට වැඩක් නෑ. :-|