Wednesday 9 May 2012

ප්‍රොෆයිලය සහ නිධානය



මේක පොඩි ආතල් පෝස්ට් එකක්... ජොලියේ උපරිමෙන් මිරිකිල සංතෘප්ත වෙලත් උපරිමේට ගියාම උතුරල ගලන ටික තමයි මේ.

දන්නවනේ ලයනල් රන්වල මහත්තයව? එතුමාව අපට මතක් වෙන්නෙ සිංහල අවුරුදු කාලෙට විතරයි කියලත් දන්නවනේ.

ඔය ව‍ගේම තවත් කොහා වර්ගයේ ගායන ශිල්පියෙක් තමයි මොහිදීන් බෙග් කියන්නෙ. බෙග් මාස්ටර්ව අපට මතක් වෙන්නෙ වෙසක් කිට්ටු වුණාම. වික්ටර් රත්නායක මහත්තයා, අමරදේව මාස්ටර් වගේ තවත් ඒ වගේ අය කීප දෙනෙක් ඉන්නව වුණාට ප්‍රධාන වශයෙන් වෙසක් එකේදි මතක් වෙන අය අතරින් බෙග් මාස්ටර් විශේෂයි.

ඔය ‍හේතුව නිසා මගේ මූණු පොතේ ප්‍රොෆයිලෙ විධියට මම දැම්මා ඔය උඩින් තියෙන පින්තූරේ. දාන අතරෙ එහෙ මෙහෙ හොයද්දි බෙග් මාස්ටර්ගෙ පරණ සින්දු ටිකකුත් හම්බ වුණා. ඒව අහල මදි වෙලා තව හොයද්දි තමයි මට නිධානෙ හම්බ වුණේ. එස්.ටී.එෆ්. එකේ අයියල එන්න කලින් මම ගොඩගත්තා...

මෙන්න මෙතන!

මාස්ටර් බෙග් ගායනා කරපු පරණ සින්දු ආයෙමත් පටිගත කරලා... ඒ නිසා මම හිතුවට වඩා ශබ්ද තත්ත්වෙ හොඳට තියෙනවා. බෙග් මාස්ටර් එක්ක රුක්මණී දේවි, ජී.එස්.බී. රාණි පෙරේරා, ජමුනා රාණි වගේම ලතා මං‍ගෙෂ්කාර් මහත්මියත් ගායනා කරනවා.

මේ සින්දු සේරම වගේ හින්දි තනු ආශ්‍රයෙන් හැදුන ඒවා... වචන කාගෙද කියල කියන්න දන්නෙ නෑ. කරුණාරත්න අ‍බේසේකර මහත්තය අඩුගානෙ කීපයක්වත් ලියල ඇති. මොනව වුණත් ගායනයේ සුන්දරත්වය උපරිමෙන් විඳින්න පුළුවන්. විශේෂයෙන්ම බෙග් මාස්ටර්ගෙයි රුක්මණී මහත්මියගෙයි කටහඬවල පරාසය ගැන පුදුම හිතෙන තරම්. මම හිතන්නෙ මේක මට නිධානයක් වෙන්න ඒ කටහඬවලුත් බලපෑවා...

වැඩිය මුතුක් අවශ්‍ය නෑ....

සින්දු ටික මේ විධියට බෙදාගත්තු සින්දුලන්තෙ අයිතිකාරයටත් ස්තූති කරන්න ඕන.

ඒ සින්දු වලට කැමති අය ගිහින් අහන්න.

3 comments:

  1. මම අද කල්පනා කලා මම ගිය අවුරුද්දේ අද වගේ දවසක මොකද කලේ කියලා(ලංකාවේ ඉඳලත් අපේ පුතා එක්ක හිටියේ නැත්තේ මොකද කියලා මතක් කලාම) අපි ගිය අවුරුද්දේ ඔය දවසේ රංවල මාස්ටර්ගේ ත්‍රී බැලුවා. ඊටත් පස්සේ අපි කට්ටියම තෝසේ කෑවා. මම නම් ආප්ප කෑවේ වැල්ලවත්තේ අර ප්‍රසිද්ද ඉන්දියන් කඩේ. ඔයාගෙන් අපිට රෑ කෑම හම්බ වුනේ. මතකද? මම නිරූපා ඔයා, මලී, සන්ජි හා සුදා බෝයිද කොහෙදත් හිටියා.

    මේක කිව්වේ මම ආට් ගැන බෙග් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් මට ලංකාවේ ආට් ගැන ලොකු උණක් තියෙනවා. සහන් මගේ යාළුවෙක් වෙච්ච එකෙත් කවමදාවත් කල්චරල් සෝ එකක් බලලත් නැති එකේ මම එදා උපරිමෙන් ඒක වින්දා.
    බෙග් ගේ සින්දු මම අහලාම නැති තරම්.ඒක හින්දා අවබෝදයක් නෑ. ඒත් මාලති ගේ බ්ලොග් එකේ ශෙල්ටන් පෙරේරා සතිස් පෙරේරා ගැන ලියද්දි මට මතක් වුනා ඒ සින්දුව මොන තරම් ලස්සනද කියලා. (මිහිරැති වසන්ත කාලේ.... )
    කොහොමත් මම නිතර අහන ලංකාවේ සිංදු නෑ. එහෙම අහන ඒවත් ඔය කියන පරණම ඒවා. කොටින්ම මේ ඊයෙ පෙරේදා කවුදෝ ගායකයෝ වගයක් ගැන කියද්දි මම එහෙම අයව දන්නෙත් නෑ.
    පිස්සුවක් වුනත් මෙහෙම ඉඳලා හිටලා මෙහෙම ඒවා හොයලා අපිවත් වමනේ යවමින් ලියන එක නම් අගේ කරන්නම ඕනේ. කොටින්ම මම කියවන බ්ලොග් කිහිපය හිස් වුනාම මගේ සිංහල සාහිත්‍ය උණ විතරක් නෙමෙයි දන්න සිංහලත් නැති වෙනවා.

    ReplyDelete
  2. මොහිදීන් බෙග් ලංකාවෙ එක යුගයක් එහෙම පිටින්ම. දැන් ගායකයො සිය ගණනක් හිටියත් අපේ පොඩි කාලෙ කැසට් පට විදියට තිබ්බෙ බෙග්, මිල්ටන් පෙරේර, ජෝතිපාල වගේ අයගෙ කැසට් තමයි. ඒක සම්පූර්ණයෙන්ම ඔවුන්ගෙම යුගයක්. ඔවුන්ගෙ ගීත සම්භාව්‍ය මාදිලියෙ නොවුණට කෙළින්ම මිනිස්සුන්ව වැළඳ ගන්ත මහ පොළොවෙ හැදුණ ගීත.
    අදටත් කොයි තරම් ගායකයො හිටියත් අන්තිමට බොහෝ අය ආපහු නතර වෙන්නෙ මේ අතීත පරපුර ළඟ.

    ගොඩක් කාලෙකින් මේකෙ මකුඵ දැල් කඩපු එකනම් මරු.:)

    ReplyDelete
  3. වැඩිය කියන්න නම් දෙයක් නෑ. කොහොමටත් නියම නිසා.. බැරි වෙයිද මේ සිංදු ටික සීඩී එකකට දාගන්න.. අපේ ඩැඩාට දෙන්න..

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!