මම ඉන්න අපේ නගරෙ තියෙනව පුංචි ගමක්. මේ ගමට යන්න ගඟකින් එගොඩ වෙන්න ඕන. මට මතකයි මම දෙකේ තුනේ වගේ පංතියක ඉද්දි මේ ගමේ හිටපු පාසල් මිතුරෙක්ගෙ ගෙදර ගියා අපි ගඟෙන් එගොඩ වෙලා.
මේ ගමට වාහන වලින් යන්න පුළුවන් පාරක් තියෙනව වුණාට ඒකට වටයක් යන්න ඕන. පයින් යද්දි යන්න තියෙන ලේසිම විධිය තමයි ගඟෙන් එගොඩ වෙලා යන එක.
මෑතකදි මගේ තවත් මිතුරෙක් එක්ක මම මේ ගමට එහා ගමේ මිතුරෙක් හමුවෙන්න ගියා. ගිහින් ආපසු එද්දි ඒ මිතුරා මාව කෙටි පාරකින් එක්කරගෙන ආවා. ඒ කෙටි පාර තියෙන්නෙ අර මුලින් කියපු ගම හරහායි. මම එතකොටයි දැක්කෙ. ගඟ හරහා ලොකු පාලමක් හදලා. ඒ පාලම ගමේ ගෙවල් කීපයක් තියෙන තැනකට වැටෙනවා.
අවාසනාව සහ හාස්‍යය මේකයි. පාලම ගමත් එක්ක සම්බන්ධ වෙන හරියෙ තියෙන්නෙ බයිසිකලයකින් වුණත් අමාරුවෙන් විතරක් යන්න පුළුවන් පටු පාරක්. ඒ කියන්නෙ පාලමෙන් ගමට පිවිසෙන වාහනයකට පාලමෙන් එපිටට පිවිසෙන්න පුළුල් මාර්ගයක් නෑ. එතන තියෙන ගෙදර උදවිය පාර හරස් කරල වැටක් ගහල.
හේතුව හොයල බලද්දි වෙලා තියෙන්නෙ වන්දි ප්‍රශ්ණයක් මත මේ නිවසේ උදවිය තමන්ගෙ ඉඩමෙන් පාලමේ ඉදිකිරීම් වලට කොටස් දී නැති වීමයි. ඒ නිසා ලක්ෂ ගාණක් මුදල් වියදමින් හදපු පාලමෙන් නිසි ප්‍රයෝජනයක් නැති වෙලා. පයින් යන අයයි බයිසිකල් වලින් යන අයයි විතරක් පාලම පාවිච්චි කරනව. ඊට අමතරව අවට උදවිය රෙදි වේලගන්න පාලමේ දෙපස කොන්ක්‍රීට් අත් වාරු පාවිච්චි කරනව.
මම දන්නෙ නෑ වරද කාගෙද කියල. නමුත් කාලයක් දුෂ්කරව ගමට ගිය ගමේම අය වෙනුවෙන් හැදුන පාලමෙන් නිසි ප්‍රයෝජනයක් අරගන්න ගමේම අය නිසා ගමේම අයට බැරි වෙලා. ඉතිං අපේ පාලකයන්ටම හරියනව නේද අපි.
පාර වගේද ඉඩම. යන්න එන්න බැරි උනත් ඉඩම තියෙනවානේ
ReplyDeleteඅපොයි ඔව්වා මොනාද.... මැරුණම අරන් යන්න තියෙන්නේ ඉඩම විතරයි.. ඒක දීලා කොහොමද?
ReplyDeleteහැබැයි අපි හිනා උනාට..ඒ ඉඩමේ අයිති කාරයට සන්තකේටම තියෙන්නේ ඔය ඉඩං කෑල්ල විතරද කියලා කවුද දන්නේ?
අපේ ගෙවල් පැත්තෙත් දොස්තර මහත්තයෙක් හින්දා පාර හදන්න විදිහක් නැ. වන්දි මදි කියල අයින් වෙන්නෙ නැහැලු.. දැන් පාමසිය දෙපැත්තෙන් පාර යවන්නයි පාර හදන කට්ටිය ඉන්නෙ.. එතකොට දොස්තර මහත්තයට මැද මාවත පිලිපදින්න පුලුවන් වෙයි... :D:D
ReplyDelete