Wednesday, 27 October 2010
සිංහලෙන්ම ගිටාර් ගහමුද?
මේක අපේ අවකාශේ යාළුවො සෙට් එක කරන අළුත් වැඩක්... සිංහලෙන් ගිටාර් එක වාදනය කරන්න උගන්වන වීඩියෝ ටියුටෝරියල් පෙලක්!
කවදත් අළුත් දෙයක් කරන අපේ කට්ටියට මේ වතාවෙ උදව් කරන්නේ දයාල් ප්‍රනාන්දු සොයුරා!
මේ තියෙන්නෙ හඳුන්වාදීමේ වීඩියෝව...
මේකෙ Coming soon කියල තිබුණට කට්ටිය දැනටමත් වැඩ පටන් අරගෙන...
ඉගෙනගන්න ආසකෙනෙක් ඉන්නවනං මෙන්න මෙතනට ගිහින් පදිංචි වෙලා බලන්නයි තියෙන්නේ...
පරිපාලනමය හේතු මත දැනට මෙම අඩවිය ඉවත්කරගෙන ඇති බව සලකන්න.
Tuesday, 26 October 2010
පණුවන්ට බෙහෙත්…!
"කුමාරෝ... මේං මේ පොඩි එකාව ඉස්පිරිතාලෙට අරන් පලයන්..."
ලොකු අක්ක ජනේලෙන් ඔළුව දාගෙන බෙරිහන් දෙනකොට කුමාර මෙලෝ සිහියක් නැතුව සල් ගහ යට බංකුවෙ දිගෑදිලා කකුල් දෙක සල් අත්තක තියන් බයිල රිමික්ස් එකක් අහන් හිටියේ... කොලිටි අඩු ඉයර් ෆෝන්... ඒවයෙ සද්දෙ කඩාගෙන ලොකු අක්කගෙ කෑගැහිල්ල ඇහුණා... කුමාර සල් ගහ යට බංකුවෙන් නැගිට්ට.
"ෂිට්... නිවාඩු දවසෙවත් පොඩ්ඩක් ආතල් එකේ ඉන්ඩ දෙන්නෙ නෑනේ..." කුමාරට කියවුණා...
රබර් සෙරෙප්පු දෙක කකුලෙ පටලගත්ත කුමාර හෙමින් හෙමින් ගේ දිහාට ඇදුණා...
"ඇයි මොකද මේ....? පෝය දවසෙ කියලවත් බලන්නෙ නැතුව පව් වැඩ කරනව..."
"මොකක්ද බං පව් වැඩේ.... මේ පොඩි කොල්ල ඊයෙ හවස ඉදන් බඩ රිදෙනව කියල කෙඳිරිගානව.... මූට ගිහින් බෙහෙත් ටිකක් අරන් දියං..."
ලොකු අක්ක කොස් පළුවක් කපාගෙන මදුළු ගලවනව...
"ෂික්...! මම මගේ පාඩුවෙ ඉද්දි උදැල්ල දාන එක පව් වැඩක් නෙවෙයිද? කෝ අයිය නැද්ද?"
"එයා අම්මට දානෙ අරං පන්සලට ගියෙ දැක්කෙ නැද්ද? උන්දැ හිටියනං මං උඹට කියනවද බං... මෙන්න මූව එක්ක පලයන් හොඳ එකා වගේ... තෙල් ගහන්න රුපියල් සීයක් දෙන්නං ආවම..."
ලොකු අක්කට ඕන කොහොම හරි කුමාර එක්කම පොඩි එකාව බෙහෙත් ගන්න යවන්නයි...
"මංජු ලැට් එකට ගියෙ නැද්ද?"
කුමාර ඇහුවෙ ඒක තුරුම්පුවක් කියල හිතාගෙන...
"එහෙම එකක් නෙවෙයි මං හිතන්නෙ... අසමෝදගම් බෝතලේ බාගයක්ම ඉවර කලානේ... පණුවොද කොහෙද.."
"හා හා... කෝ එහෙනං මංජුව ලෑස්ති කරල ගන්න..."
කුමාර පල්සරේ එලියට ගත්ත. කණ්නාඩිය වගේ දිලිසෙනවා... ඊයෙ හවස ඇවිත් සයිකලේ හොඳට හෝදල පිහිදල තිබ්බෙ හවස වත්සලාව බලන්න පංසල පැත්තෙ රවුමක් දාන්න. දැන් ඉස්පිරිතාලෙට ගිහින් ඇවිත් ආයෙ පිහිදන්න වෙනව...
කුමාර හෙල්මට් දෙකත් එලියට අරන් එන අතරෙ මංජුල කොට කලිසමයි ටී ෂර්ට් එකයි ගහගෙන මූණ බෙරි කරගෙන ආව...
"උඹ අඬනව හෙම නෙවෙයි පුතේ... මට බෑ උඹව නලවන්න... කෝ නගින්න පරිස්සමින්..." කුමාර පුංචි තරවටුවක් එක්ක සයිකලේ ස්ටාට් කලා...
"කෝ එන්න මංජු...."
කුමාර මංජුගෙ අතින් අල්ලන් ඕපීඩිය පැත්තට ගියා...
ඉස්පිරිතාලෙ පාළු ගතිය නිසා පෝය දවස් වලට මිනිස්සු ලෙඩ වෙන්නෙ නැද්ද මන්දා කියල කුමාරට හිතුණත් ඕපීඩිය ඇතුලෙ පුටු වල ගෑණු පිරිමි හතර පස් දෙනෙක් ඉඳගෙන හිටිය. කුමාරත් තුණ්ඩුවක් අරන් ඊලඟ පුටුවෙ වාඩි වුණා.... දොස්තර මහත්තයෙක් නං ඉන්න වගක් පේන්න නෑ...
පැය කාලක් විතර ගෙවුණා...
"නංගි දොස්තර මහත්තය දැන්ම එන එකක් නැද්ද...?" කුමාර බැරිම තැන ගිහින් තුණ්ඩු කවුන්ටරේ හිටිය නංගිගෙන් ඇහුවා... ලස්සන නංගි කෙනෙක්. ටිකක් සැර පාටයි...
"එනකල් ටිකක් ඉන්න... දැන් එයි..."
නංගි හිතපු තරම්මත් සැර නෑ...
ආයෙත් ඇවිත් ඉඳගත්ත.... ඉස්පිරිතාලෙ ලොකු දොස්තර මහත්තයගෙ ඩිස්පැන්සරියනං අල්ලපු වත්තෙ. ඒක තිබුණෙ ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එකේමයි... ගරාජ් එකේ පැත්තක් ලෑලි වලින් වෙන් කරල තමයි එක හදල තිබුණේ... ගියානං දැන්ම බෙහෙත් ගන්න තිබුණ... ඒත් රුපියල් දෙසීයක්වත් එපැයි ඒකෙන් බෙහෙත් ගන්න...
කුමාර ටිකක් ඉස්සිල ජනෙල් පියන් අතරින් අල්ලපු වත්ත දිහා බැළුව... ලොකු මහත්තය එතන බෙහෙත් දෙනව වෙන්න ඕන... දෙතුන් දෙනෙක් ක්වාටස් එකේ ගරාජ් එකේ බංකුවෙ ඉඳගෙන ඉන්නව කුමාරට පෙණුන... දෙවෙනි වතාවෙ බලද්දි හන්දියෙ ප්ලාස්ටික් මාළ වළලු කඩේ සුමියගෙ නෝන පොඩි එකීවත් උස්සගෙන එළියට එනව දැක්ක...
තවත් විනාඩි දහයක් පහලොවක් විතර ගෙවුණා...
දෙවෙනි දොස්තර මහත්තය මෝටර් සයිකලේ ඇවිත් පෝටිකෝවෙම සයිකලේ නතර කරල ඇතුලට ආව... අද එයා වෙන්න ඕන වැඩ බලන්නේ... කොහොමත් ඒ මහත්තය පැයකට දෙකකට සැරයක් ඇවිත් ඕපීඩී එකේ ඉන්න ලෙඩ්ඩු ටික බලල යනව. එයාගෙ ඩිස්පැන්සරිය නං තිබුණෙ ටවුමෙ කන්නංගර මාවතේ උඩහට වෙන්න... කිලෝමීටරයක්වත් නැති නිසා ඒ දොස්තර මහත්තයට එහෙම කරන එක ලේසි වුණා... කොහොමත් ගමේ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු හැම වෙලේම නැති එකේ නිකං කාමරේට වෙලා ඉඳල වැඩකුත් නෑනේ...
තවත් විනාඩි දහ පහලවකට විතර පස්සෙ කුමාරට මංජුව තල්ලු කරගෙන දොස්තර මහත්තයගෙ කාමරේට යන්න පුළුවන් වුණා...
දොස්තර මහත්තයත් පොඩි එකාගෙ බඩ මිරිකල නලාවෙනුත් බලල බෙහෙත් ලියල දුන්නා...
"පණුවො තමයි... මේ බෙහෙත ඔය කියල තියෙන විධියට තුන් වේලක් අරන් බලන්න ඕන හොඳේ..."
"හොඳමයි..."
කුමාර මංජුවත් එක්කන් එලියට ආව. ඕපීඩී එකේම මංජුව ඉන්දවල බෙහෙත් දෙන කවුන්ටරේට ගියා. කලින් බෙහෙත් ගත්තු කීප දෙනා එතන පෝලිමේ හිටගෙන...
"කෝ ඩිස්පැන්සර් මහත්තය නැද්ද...?" බෙහෙත් දෙන තැන කවුළුවෙන් ඇතුලෙ කවුරුවත් පේන්න නොහිටපු නිසා කුමාර ඉස්සරහින් හිටපු මැදිවියේ කාන්තාවගෙන් ඇහුවා...
"දැන්ද කොහෙද කෑමට ගිහින් ආවේ... අත් සෝදන්ඩ ගියා මයෙ හිතේ..."
ආයෙත් එතන තව වෙලාවක් පෝලිමේ ඉන්න කුමාරට සිද්ධ වුණා... අන්තිමේ දොස්තර මහත්තය මංජුලට ලියපු බෙහෙත් තුණ්ඩුව කවුන්ටරේට දුන්නා...
"මේක නං හෙට තමයි ගන්න පුළුවන්"
ඩිස්පැන්සර් මහත්තය තුණ්ඩුව යකඩ කූරෙ ගැහුවා...
"ඇයි මහත්තය බෙහෙත් නැද්ද?"
"බෙහෙත් තියෙනව... ඒ වුණාට ඉතිං පෝය දවසට පණු බෙහෙත් දෙන්න හොඳ නෑනේ..."
"එහෙමත් එකක්ද?" කුමාරගෙ කට කොණට හිනාවක් ආව...
"එහෙමත් එකක්ද අහන්නේ..? එහෙම තමයි.... දැන් ගිහින් හෙට ටිකට් එක අරන් ඇවිත් බෙහෙත් ගන්න..." ඩිස්පැන්සර් මහත්තයටත් හිනාවක් ගියා...
"ඉතිං මහත්තයො බෙහෙතුත් තියෙනවනං ආයෙ හෙට එන්න ඕන නෑනේ...." කුමාර ටිකක් බැගෑපත් වුණා... එහෙම නොවී වැඩේ වෙන පාටක් නෑ... මේ මනුස්සය විහිළු කරනවද කවුද දන්නේ...
ඒත් ඩිස්පෙන්සර් මහත්තයත් එයාගෙ එතික්ස් වලටයි වැඩ...!
"කිව්වම තේරෙන්නෙ නැද්ද මහත්තයෝ... පෝය දවස්වලට පණු බෙහෙත් නිකුත් කරල පවු පුරවගන්නද කියන්නේ...? හෙට ටිකට් එක අරන් එන්න. බෙහෙත් තුණ්ඩුව මං ගාව තියාගන්නවා..."
ඩිස්පැන්සර් මහත්තය කරන්නෙ විහිළුවක් නෙවෙයි කියල කුමාරට හොඳටම පැහැදිලියි... කරන්න දෙයක් නෑ...
කුමාර ආපහු මංජුල ගාවට ගියා...
"මාමෙ අපි යමු? දැන් රිදෙනවා ටිකක් අඩු වෙලා...." මංජුල එහෙම කිව්වෙ එතනින් පැනගන්න ඕනවට මිස ඇත්තටම රිදිල්ල හොඳ වුණ නිසා නෙවෙයි කියල මූණ බෙරි වෙලා තියෙන හැටියෙන් කුමාරට තේරුණා. පැයක් විතර ඉස්පිරිතාලෙ රැඳිල ඉඳල පොඩි එකා හිටියෙ හෙම්බත් වෙලා...
කුමාර පර්ස් එක අතට ගත්තා... රුපියල් සීයෙ කොල තුනකුයි පණහෙ කොලේකුයි තියෙනවා... දවස් හතරකින් පඩි හම්බවෙනකල් සයිකලේට තෙල් ගහන්න තියෙන්නෙත් ඔච්චරයි...
"මොකද කරන්නේ....???" කුමාර කල්පනා කරමින්ම මංජුගේ මූණ දිහා බැලුව... ඌ තාමත් මූණ ඇඹුල් කරගෙන සයිකලේ දිහාව බලන් හිටියෙ ඉක්මනට ගිහින් ඒකෙ නැගල මෙතනින් පැනල යමු කියන්න වගේ...
ඒත් පොඩි එකා ඉන්නෙ වේදනාවෙන් කියල කුමාරට තේරුණ...
"අපි බෙහෙත් අරගෙනම යමු..."
කුමාර මංජුලගෙ අතින් අල්ලන් ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එක පැත්තට ගියා...

පන්සලේ සිල් ගන්න අයට දානෙ අරන් ඉස්පිරිතාලෙ ඉස්සරහින් ගිය උපාසිකාවො දිහා බල බල කුමාර ඉස්පිරිතාලෙට ඇතුල් වුණා... පෝය නිසා ඉස්පිරිතාලෙත් පාළු වෙලා... වැඩ කරන එවුනුත් නැද්ද මන්දා... හැමදාම බුදු මැදුර ඉස්සරහ වැලි මිදුලෙ ඉන්න බලු නඩේ නං අද අඩු වෙලා එකෙක් දෙන්නෙක් වැතිරගෙන හිටියා... අනිත් එවුන් දන් සුවඳ එක්ක පන්සලට ගිහින් වෙන්න ඇති....

Sunday, 24 October 2010
ගනේගොඩ අයියාට FM එකෙන් පොත්…!
උදේ ඉඳන් වැස්ස... පොත් ප්‍රදර්ශනේ බලන්නත් කට්ටිය අද දවස වෙන් කරගෙනයි හිටියෙ. ඒත් වැස්ස ඇවිත් අපි ඒකට යන්න යොදාගත්තු වෙලාව පරක්කු කරන්න අරන් තිබුණා. හැමෝම වැස්සෙන් හිර වෙලා හිටිය.
මම ගනේගොඩ අයියත් එක්ක කදේක වැටිල එයාගෙ යන්තරෙන් බ්ලොග් අස්සෙ ඇවිදිමින් හිටිය. මාරුවෙන් මාරුවට දුමක් එහෙ මෙහෙ ගියා...
"මචං හර්ෂ උඹ දැන් යන්නෙ BMICH විතරද?" ගනේගොඩ අයිය ඇහුව...
"ඇයි වෙන කොහෙවත් යන්න ඕනද? මේ වැස්ස නිසා සේරම අප්සෙට්නේ.."
"නෑ බං අර FM එකෙන් අහපු ප්‍රශ්ණෙකට උත්තර දීල දයාවංශ එකෙන් රුපියල් දාහක පොත් ගන්න පුළුවන් මට... දයාවංශලගෙ ස්ටෝල් එකක් BMICH එකේ තියෙනවනං එතනින් ගන්න පුළුවන්නේ... මට ආයෙ මරදානෙ යන්න කම්මැලියි බං ඕකටම කියල"
"මම දන්න තරමින් මේ පාර දයාවංශලගෙ ෂොප් එකක් නෑ ප්‍රදර්ශනේ... එයාල වෙනම එකක් කරනවලු මරදානෙම"
"අපරාදෙ බං චාන්ස් එක... "
"හි හි... දැං FMවලටත් උත්තර දෙනවද? මොකක්ද අහපු ප්‍රශ්නේ...?"
"නිකං බං... මම කෝල් කලේ කරලම නැති නිසා... උන්ට කවුරුත් කතා කරන්නෙ නැද්ද කොහෙද එක පාරම කනෙක්ට් වුණා... අනිත් එක මං දුන්න උත්තරේ වැරදියි බං... ඒක උත්තරේ කිව්වටත් පස්සෙයි මට මීටර් වුණේ... ඒ වුණාට උං කියනව ඒක හරි කියල..."
"මොකක්ද ඉතිං ඇහුවේ...?"
"දුම්රිය එන්ජිම සොයාගත්තේ කවුද? කියලයි ඇහුවේ... මං කිව්ව ජෝජ් ස්ටීවන්සන් කියල..."
පොඩි කාලෙ පාඩම් කරපුව හරි නම් ජෝජ් ස්ටීවන්සන් හොයාගත්තෙ වාෂ්ප එන්ජිම... දුම්රිය එන්ජිම හොයාගත්ත කෙනාගෙ නම විධියට තිබුණ නම නම් මට පොඩ්ඩක්වත් මතක තිබුණෙ නැතත් ඒ ජෝජ් සිටීවන්සන් නම් නෙවෙයි කියල දැනං හිටිය.
"ඉතිං උන් මොකද කිව්වේ...?"
"උන් කිව්ව ඒක හරි කියල... මගෙ ෆෝන් නම්බරෙයි ID නම්බරෙයි ලියාගෙන පැයකින් විතර කතා කරල කිව්ව සතියක් ඇතුලත ID එකත් අරන් දයාවංශ එකට එන්න කියල..."
"හි... හි..."
"ඔව් බං... මං එකටම කිව්ව මගේ උත්තරේ වැරදියි කියල දෙවෙනි පාර කතා කලාම... උන් කියනව ඒක හරිලු.. ඇවිත් තෑග්ග ගන්නලු."
"එහෙනම් ඕක ගමු කොහොම හරි... මොකද අඩු ගානෙ හොඳ පොත් දෙකක්වත් ගන්න පුළුවන් වෙයිනේ..."
"මට යන්න කම්මැලියි බං... උඹ BMICH යනවනෙ දැන්... එතන තියෙයිද දන්නෑනේ..."
"ඕන නං නම්බරයක් හොයාගෙන කතාකරල බලමු..."
මම ජාලය පීරල දයාවංශලගෙ නම්බරේ හොයල දුන්නත් ඒක වැරදි අංකයක් වුණා.. ඊට පස්සෙ පොත් සම්බන්ධව ඕන එකක් ඇහුවම කියන ෂෝයි ළමයෙක්‍ට කෝල් එකක් දුන්නම එයා ඒ වෙලේම රාක්කෙ තිබුණ දයාවංශලගෙ පොතකින් අංකය හොයල දුන්න...
ගනේගොඩ අයිය කතා කලා...
"හලෝ.... මම මේ පෙරේද අර FM එකේ අහපු ප්‍රශ්ණෙට උත්තර දුන්න කෙනා කතාකරන්නෙ... මට ඔයාලගෙන් රුපියල් 1000ක වවුචරයක් ගන්න තියෙනවා. ඒ ගැන කතා කරන්න පුළුවන් කාටද?"
මම හිතන්නෙ අදාල තැනට ඇමතුම යන්න ඇති...
"ආ... හලෝ.. මම අර FM එකට උත්තරේ දීල තෑග්ග ගන්න තියෙන කෙනා කතා කරන්නේ... ඔව් ඔව්... පෙරේද තමයි... මේකයි මල්ලි... ඔයාලගෙ ස්ටෝල් එකක් නැද්ද BMICH එකේ... හා.. නැද්ද... ආ... ඇවිත් නැද්ද... හරි මල්ලි.... ආ... මේ මල්ලි තව එකක්... ඔහෙට වහිනවද?"
ෆෝන් එක තිබ්බා හිනාවීගෙන..
"උන් දන්න කෙහෙල්මලක් නෑ බං... දෙවෙනියට කතා කරපු එකා කියනවා FM එකෙන් තාම ලිස්ට් එක ඇවිත් නෑ කියල... ඌ නිකං උගෙන් යනව වගේ කතා කලේ.... මම වැස්සද කියල ඇහුවම ෆෝන් එක තිබ්බා..."
"එහෙනං ඕක අතෑරල දාමු. දීපු උත්තරෙත් වැරදියිනේ...'
"ඒක තමයි බං..."
ගනේගොඩ ආයෙත් ගිණි පෙට්ටිය හෙව්වා...
මේ සටහන ලියද්දි මම දුම්රිය එන්ජිමේ නිර්මාතෘ කවුද කියල හොයන්න උත්සාහ කලත් මට පැහැදිලි නමක් හොයාගන්න වුණේ නෑ... දුම්රිය එන්ජිම කියන්නෙත් කෙමෙන් සංවර්ධනය වුණ දෙයක් නිසා එක නිර්මාපකයෙක් නැති බව තමයි අන්තිමේ තීරණය වුණේ. ජෝජ් ස්ටීවන්සන් කියන්නෙත් වාෂ්ප එන්ජිමේ එක සාර්ථක පියවරක් ඉදිරියට ගත්තු පුද්ගලයෙක් කියලයි සඳහන් වුණේ...
කොහොම හරි අපට FM එකෙන් පොත් හම්බවුණේ නෑ අන්තිමට... මම 10.30ට විතර BMICH එන්න පිටත් වුණා... ගනේගොඩ අයිය එයා ගාව තිබුණ පොතක් එක්ක ඇඳේ ඇලවුණා...

....................................

Subscribe to:
Posts (Atom)