Tuesday, 16 August 2011

සියදිවි තොර කරගැනීමට පෙර


අනුන්ගේ උවමනාවන්
ඉටුකරන්නට ගෙවන

ලොකු පුටු වලට සැප දෙන්නට
දිවා රෑ වෙනසකින් තොරව බිලි දෙන

දන්නවා යැයි හිතං ඉන්න
හැම දෙනාගෙන්ම කතා අහන්
තවත් උන් එක්කම ඉන්න වෙන

ජරාවට පත් වී කෙලවර වන බව දැනන්
එහෙම නෙවෙයි වගේ ඉන්න සිද්ධ වෙන

ලෙඩක් දුකක් වුණ ගමන්
වටේම උන්ට කරදර කරවන

අන්තිමේදී ආරස්සාවට ආදරේට
ළඟ ඉන්න හැමෝම ගසා බසා දා යන

ජීවිතයට
නැතිද කිසි විසඳුමක්...


2009-10-13

ඉතා ඈත අතීතයේ ලියවුණු තවත් මල විකාරයකි... මේ දවස්වල හිටු කියා චිත්‍රපට පෝලිමක් බලමින් සිටින නිසා ‍මේ ආකාරයේ පරණ කුණක් මිස අළුත් දෙයක් ලියන්නට විවේකය අඩුය.

4 comments:

  1. වෙන විසඳුමක් නෑ බන්..

    ReplyDelete
  2. විසඳූමක් ලැබුනොත් අපිටත් කියන්ට....

    ReplyDelete
  3. හැක් හැක් හැක්...
    ෆිල්ම් බලන්නේ න්තුව කුරුටු ගෑවන ඉවරයි නෙව

    ReplyDelete
  4. අදහසක් දක්වල ගිය තුන්දෙනාටම ටැංq! :D

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!