Wednesday, 17 August 2011

මිනිසුන් වෙනුවට...


දින දින ගමන් යන
මාවත දෙපස හිඳිමින්
මට සිනා දක්වන
උන් ගැන දනිමි මම

සිනහවෙන් කතාවෙන් මුලා කර
තම සිතැඟි ඉටු කරවා
කලකට අමතක කරන
මරිසින් හමුවේ නිතැතින්

තමා පමණක් හිඳින
ලොවක ජීවත් වන
පැරණි උන් මගහරින
අතර නව උන් හා සිනා සෙන

මරිසින් දෙස නොබලා
හනිකට ගෙදර දිව විත්
මා කුටියට වැදී
දොරගුලූ ලෑමි සැඟවෙන්නට

ඒත්....

මා සිතේ කුණු පිරවූ
අල්මාරියේ දර්පණය
ඇස ගැටුණු ඇසිල්ලක
දුටිමි මම මා රුවම

සුණු විසුණු කල නොහැකිව
මා කුටියේ අල්මාරිය
දෙස මා බලා සිටියෙමි
තවත් සැඟවෙනු නොහැකිව

දැන් මේ මගේ කාලයයි
සැඟවෙනු නොහැකියි එයින්
එක්ව කැලතෙමි උන් හා ම
මිනිසුන් වෙනුවට මරිසින්...


2008-03-12

මේ පෙර දින පල කල කවියට පිලිතුරක් විය හැක. නමුත් මෙය ලියවී තිබුණේ ඉතා පෙර කලකදීය. පිලිතුරු දැනගෙනද මම නැවත නැවතත් එකම ප්‍රශ්ණය වටා භ්‍රමණය වෙමි.

6 comments:

  1. අපිට වෙනස උවමනාය වෙනස් කම් නැති දිවිය ගෙවිය නොහැකි කලු ගලක් මෙනි..

    ReplyDelete
  2. අන්තිමේ තමන්ගෙන් පලා යන්නට නොහැකි වෙනව.

    ReplyDelete
  3. තමුන් දිහා බැලීම තමයි වඩාම උචිත කියල බුදු බණේ තියෙන්නේ. කන්නාඩියෙන් තමුන්දිහා බලල උඹ මොනවද මේ ලෝකෙට කරලා තියෙන්නේ කියල ඇහුවම මටම මන් ගැන ලජ්ජා හිතෙනවා.. අපේ තාත්ත කල දේවලින් 1% වත් නැහැ.. හොඳ සටහන හරි.. මේක තමයි අපි කරන්න ඕන හැමදාම නින්දට යන්න පෙර

    ReplyDelete
  4. තමන්ට තමන්ව තනි පුද්ගලෙයෙක් විදියට වෙනම පෙනුනට තමන්ගේ කාම‍රයෙන් එළියට ගියාම තමනුත් අර එළියේ ඉන්න සමස්ථ සමාජයේම කොටසක්ම තමා නේ?

    ReplyDelete
  5. මරිසින් කියන්නේ මොනවාද?

    ReplyDelete
  6. ජීවිතේ ඔහොමයි ඉතිං... මොහොතකදි ගැලවුණත් ආයෙත් පරණ තැනටම වැටෙනව. කට්ටියටම ස්තූතියි වෙනස් මානයන් එකතු කලාට...

    @ ඉල් - මරිසින් කියන්නෙ මේ ඔයා මම වගේ අයට!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!