Wednesday, 25 July 2012

හිඟන ස්ටාර් අරමුදල

සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.

තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක අතකට සාධනීය වීරයො මැරිල ඉද්දි ඕන කෙනෙක්ට වීරයෙක් වෙන්න කරන්න තියෙන්නෙ එහෙම නීති විරෝධී වීරකමක් විතරයි.

බැරි වෙලාවත් ඕක කොල්ලෙක් කරානං උගේ ඇට නැතිව එන්න වෙන්නෙ.... නෑ නෑ.. ඌ තාම කූඩුවෙ එහෙනං.

ඒක කියනකොට මතක්වෙන්නෙම මේ දවස්වල හිට් වෙන නිව්ස් කෑලි. මම බොහොම සන්තොසෙන් ගෙදර ඉන්නෙ මේ දවස්වල ටීවී එක කැඩිල නිසා. නිකමටවත් ඔය කුණු නිව්ස් අහන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ වුණාට ඔෆිස් ගිය ගමන් එතන ඉන්න ගෑණු ටික කලින් දා ගියපු කුණු නිව්ස් කියන්නෙ රහ කර කර.

ගෑණු දූෂණය කරපුව, ළමයි පිච්චුන ඒව, අම්මල කිරි බොන වයසෙ ළමයි දාල ගිය ඒව, පොඩි කොල්ලන්ව අපයෝජනය කරපුව රූප රාමුවෙන් රාමුවට විස්තර කරන්නෙ සියුමැලි ළඳවල් කියල බැලූ බැල්මට පේන ගෑණු. අනේ උන්ගෙ සියුමැලිකම. උන්ට හරියට ඒ අපරාධකාරයො දැන් මාර පොරවල් වෙලා වගේ කියල මට හිතෙනව. මොකද ඔය සිදුවීම් උස්සල දාල කියවන විධියට ඒව කරන උන් නිකංම ස්ටාර්ල වෙලා... ළඟදිම එකක් පටන්ගනියි එස්.එල්. පෝන් ස්ටාර් කියල. ඒ වෙනකොටනං ටී.වී. එක හදාගන්න වෙනව.

දැන් කාලෙ පොඩි කෙල්ලක් අපයෝජනය කරාම මාර පොරක් වෙන්න පුළුවන්. එහෙම කරපු උන් අල්ලල හිරේ දැම්මම උන් වෙනුවෙන් බැනර් උස්සන් පාරට බහින උන් ටිකකුත් ඉන්නවනේ.

එව්ව වැඩක් නෑ... ඔන්න අර මාලෙ කඩපු කෙල්ල අන්තර්ජාලෙ අස්සෙත් පොරක් වුණා. එයාගෙ කතාව ලෝකෙ පුරාම පැතිරුණා. ඒ එක්කම කවුදෝ කරපු යෝජනාවකින් කෙල්ල වෙනුවෙන් අරමුදලක් පටන්ගත්තා. ඒක ‍සෑහෙන්න නැගල ගියා. පරම්පරා ගාණකට හරියන්න කෙල්ලගෙ එකවුන්ට් එක පිරුණා.

මේක නිහඬව බලාගෙන හිටපු කීප දෙනෙක් වැඩේ අල්ලගත්තා. මේක මරු වැඩේ. හරියට අර බස් වලට නැගල තාත්ත පොල් ගහෙන් වැටුණ, කසාදෙ කැඩුණ අක්ක ළමයි දුසිමක් එක්ක ගෙදර ඇවිත් ඉන්න, ගෑණිට පිළිකාවක් හැදුණ, ළමයි හතර දෙනෙක් ඉස්කෝලෙ යන්න බැරිව ඉන්න, වගේ කතා කියල ලංකාවෙ දුගී දුප්පත් බස් මගීන්ගෙන්ම ගාණ කපාගන්න දුගී දුප්පත් අයියල කරනව වගේ වැඩක්.

ඔන්ලයින් හිඟමන් යැදීමක්. කොහොමද ඒක?

මේ කාලෙ හැම ඉලව්වක්ම ඔන්ලයින් නිසා හිඟමනට විතරක් එහෙම නොවී තියෙන්න බෑනෙ. අර ඉස්සෙල්ලාම සව්දි ගිහින් ආවම අපේ යාළුවෙක් කිව්ව වගේ 'උන්ගෙ බලු කූඩුවක් හැදුවත් ඒකත් ඒසී කරනව බං' වගේ වැඩක්. විශ්ව ගම්මානයට ලංකාව යද්දි හිඟන්නො ටික දාල යන්න බෑනෙ.

කට්ටිය වැඩේ පටන්ගත්තා. වැඩිය මතු වෙන්නෙ නැතිවෙන්න ගාණට වැඩේ ගියා. බො‍රුවට කරදරයට ලක්වුණ විධියට මිනිස්සුන්ව පෙන්නලා අරමුදල් හැදුවා.

වැඩේ නැගල ගියා.

මේක බලාගෙන හිටියෙ අන්තර්ජාලෙ හිටපු ආණ්ඩුවට සම්බන්ධ කට්ටියක්. අන්තර්ජාලය මාර්ගයෙන් සමාජ සේවය කියල සල්ලි හොයන එක හරි ලේසි වැඩක්. ඔය රට ඉඳන් වැඩ කරන උන් ලොකු ගණං දානවා. කම්පැණි වලින් ඇට්ටි හැලෙන්න ගරන්න පුළුවන්. එස් එම් එස් කැම්පේන් කරලත් බර ගාණක් හොයාගන්න පුළුවන්නේ....

උන්දල රැස්වීමකදි යොජනාවක් ගෙනාවා. අසරණ වුණ මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන අරමුදලක්. ඒකට ඔන්ලයින් දායක වෙන්න පුළුවන්. ලංකාවෙ යම් අසරණකමකට ලක්වෙන ඕන කෙනෙක්ට ඒකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේක මරු වැඩක්. රාජ්‍ය ආරස්සාවත් තියෙනවනේ...

කට්ටිය ඔය යෝජනාව සකස් කරලා ලොක්කන්ට ඉදිරිපත් කලා.

‍හප්පා.... තවත් අරමුදලක්....!!!

ලොක්කන්ගෙ කටවල්වල කොන් කන්වලට ඇදුණා...

11 comments:

  1. මරු ඕයි...
    මේ මටත් ලොකු අසනීපයක් තියෙනවා. කෝටි දහයක් විතර ගොඩ දාලා දෙනවා නම් එහා ලෝකෙටම ස්විප් එකක් අරන් මම යන්නම්...

    මේ ඔක්කොමලා මේ තරම් ආධාර දෙන්න බලන් ඉන්න වෙලේ අපි වෙනුවෙන් එක රුපියලක් දෙයිද එකෙක්වත් ... මට එහා ලෝකේ ටිකට් එක ගන්න විදියක් ලැබෙන එකක්ම නෑ. (මම පවූඌඌ...)
    මේ පිස්සු කියෙව්වට අර උඩ තියෙන කතාව දැක්කේ දැන්.
    (මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!)
    මම නම් ඔයාගේ හෝ කාගේ හරි බ්ලොග් එකක කොමන්ට් දාන්නේ කාවවත් සතුටු කරන්න නෙමෙයි. මට හිතෙන දේ කියන්න පුළුවන් නම් ඒ විදියටම. ඒ මොනවා කීවත් අනෙකාව තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන හින්දා. එහෙම නොවෙන තැනුත් නෑ නෙමෙයි. ඒත් ඒ බ්ලොග් වල මේ වගේ මට හිතෙන හැම මඟුලක්ම වචන වෙන්නේ නෑ.

    ReplyDelete
  2. මාර කතා තමා.. හ්ම්ම් හ්ම්ම්..

    ReplyDelete
  3. මාර කතා තමා.. හ්ම්ම් හ්ම්ම්.

    ReplyDelete
  4. රියැලිටි ෂෝ එහෙකුත් පටං ගත්තෑකි Begging Star කියල...තමන්ගෙ දුප්පත්කම ගැන අනුවේදනීයම කතාව කියන කෙනා තෝරනව ඇස් ඇම්මැස් ඔලිං....

    ReplyDelete
  5. ශ්‍රී ලාංකීය හිගනාවකාශයේ අනුවේදනීය මෞලි මංගල්ලය කියලා ටයිටල් එකක් දාවිද දන්නේ නෑ

    ReplyDelete
  6. මේ කාලෙ හැටියට 'දුක' තරම් හොඳ මාකටින් කොන්සෙප්ට් එකක් තව නෑ!

    ReplyDelete
  7. විකුණන්න පුළුවන් නම් දුකත් අවුලක් නෑ.. ඉතිං. මාකට් කරන්න බැරිනම් පැවැත්ම අවුල් යනවා. එහෙම බැරිනම් මේ ලෝකෙන්ම යන්න තමා වෙන්නේ. මේක සුන්දර රටක් බං. ඊළඟට වෙන දේ කාටවත් හිතන්න බෑ අර ජෝජ් ඕවල් 1985 ලිව්වේ ලංකාව ගැන වෙන්නැති බං.

    ReplyDelete
  8. පොන් ස්ටාර් පටන් ගන්න කොට ටීවී එක හදාගන්න එකනම් හොදා ....

    ReplyDelete
  9. මොනා කරන්නද බං සාමාන්‍ය මිනිස්සු එන්න එන්නම
    අගාධයට ඇද වැටෙමින් ඉන්නව. එහෙම වෙලා තියෙන්නෙ ලොකු එවුන් ඔක්කොම පොඩි මිනිහට යන්න තියෙන හැමදේම හොරාකෑම, උලාකෑම නිසයි. කරන්නම දෙයක් නැති වෙන කොට මිනිස්සු හිඟමනට හරි බහිනව. ඒත් වංචනිකයො කිහිප දෙනෙක් නිසා ඉදිරියේදී හිඟමනක්වත් මිනිස්සුන්ට නැති වෙන්න පුඵවන්. එදාට මොනා වෙයිද කියන්න අමාරුයි..

    ReplyDelete
  10. මෙහෙම කතාවක් ගැන දැනගෙනම හිටියේ නැහැ නොවැ

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!