Tuesday, 26 July 2011
වලා චිත්‍ර
මිනිස් චිත්තය කල එලි බහින මූලිකම අවස්ථාවක් චිත්‍රය ලෙස මම හඳුනමි. ඒ එසේ සිත පිලිබිඹු කල හැකි වෙනත් මූලික ආකාර ලෙස මා දන්නා වචනය සහ අභිනයට අමතරවය. කුරුටු චිත්‍ර වල සිට දැවැන්ත නිර්මාණකරුවන්ගේ සුවිසල් නිර්මාණ දක්වා වූ චිත්‍ර රාසියක් තුල අතරමං වීමෙන් මා ලද තෘප්තිය මා කෙරෙන් ගිලිහී බොහෝ කල්ය. එහෙත් මා ජීවිතයට බැඳී ඇති සාධක ගණනාවක් අතුරින් චිත්‍රය තවමත් දැවැන්ත භූමිකාවක හිඳියි.
වටපිටාව දෘෂ්යව ග්‍රහණය කරගැනීමේ දක්ෂයෙකු වූ මා මිතුරු සමන් මට සිහිවේ. ඔහුත් මමත් දුම් රොටු වල නැගී අවකාශය සිසාරා හැමූ කාලයේ චිත්‍ර පිළිබඳව අපි බොහෝ දේ කතා කර ඇත්තෙමු. එවක පින්තූර කඩය වෙත පැමිණෙන ඡායාරූප ශිල්පියෙකු සතු වූ කඩමාලු හැඳි වයස්ගත මහල්ලාගේ දුක්බර මුහුණේ ජනප්‍රිය ඡායාරූපය දෙස විනාඩි ගණන් බලා හිඳ එතුල වූ නොයෙක් කුඩා රූප පිළිබඳ අපි කතා කළෙමු. මා එම මහල්ලාගේ හැඟීම් අතර මංමුලාව ඇති විට සමන් දුටුවේ මහළු මුහුනේ වූ චන්ද්‍ර ආවාටයන්ය. බ්‍රහස්පතිගේ රතු පැල්ලමය.
ඉඳහිට වහලක් මුදුණේ කුලක වූ විට අහස දෙස බලා නාගරික එලියේ අවපැහැගැන්වී ඇති අහසේ ලා තරු පොකුරක් දෙකක් විසින් අඳිනු ලබන චිත්‍ර ගැන අපි කතා කර ඇත්තෙමු. අදුරු අහසේ ලා සඳැති මොහොතක වරින් වර සඳ මුවා කරන ගැබ්බර වලාවන් දෙස අපි බලා සිටියෙමු. ඒ විරාම අතර බොහෝ නිෂ්චල නිහඬ කාලයන් ගණනාවක් ගෙවී ගොස් ඇත.
ඉන් පසුවද විවිධ උච්ඡාවචනයන්ට ලක්වෙමින් මමත් ඔහුත් ඈත්වී ඇත්තෙමි. ජීවිතයේ හමුවූ මා මෙන්ම වූ මිතුරාත් මමත් සමීප ඇසුරින් මිදී දැන් බොහෝ කල්ය. දැන් ඔහු විවාහකව වෙසෙන අතර තමන්ගේම ආයතනයක මෘදුකාංග සහ දෘඩාංග සමග ඔට්ටු වී හිඳී. මා අදත් මෙලෝ රහක් නැති ජීවිතයක මෙලෝ රහක් නැති රසය විඳිමින් මෙලෝ රහක් නැති යථාර්ථයට මුහුණ දෙමින් හිඳිමි.
ඔබට අහස බලන්නට ඉස්පාසුවක් තිබේදැයි මම නොදනිමි. මටද බොහෝ විට ඇත්තේ අහස හෝ වටපිටාවද බැලීමට නොහැකි ඉස්පාසු රහිත වන අවස්ථාය. එහෙත් ඉඩ ලද හැම විටෙකම මිනිසුන් දෙස නොබලා වටපිටාව දෙස බැලීමට මම හුරු වී සිටිමි. ඉන් මට ලැබෙන්නේ ඒ මොහොතේ තෘප්තිය පමණක් වුවද එය මට මගෙන්ද උපරිමව මිදිය හැකි අවස්ථා උදා කර දෙයි. පැරණි මතකයන් තුලටද අතීතයත් අනාගතයත් තුලටද මාගේ මනස තුල කරක් ගැසීමේ අවස්ථා එය උදා කර දෙයි.
මම හිස් අවකාශයට කියමි. මා විඩා වැටී තෙහෙට්ටුව සිටින ඕනෑම මොහොතක පණ්ඩිතයන්ගේ වාක්‍යයකට වඩා ස්වභාවධර්මය මට උදව්කාරීය. ඉන්ද අහස නිරතුරුවම මා හට උදව් කිරීමට සූදානම්ය. අනන්තය තෙක් එලූ උඩු වියනක් ලෙස පැතිරී විවිධ රටා මවන වලා පෙල අතර මම මිනිසුන් දකිමි. සතුන් ගහ කොල ඇතුලු මා දන්නා සියල්ල හා මා නොදන්නා මවාගත් බොහෝ හැඩතලයන්ද එතුල අන්තර්ගතය. එක් මොහොතකදී මට එතුල අතරමං විය හැකිය.
වලා චිත්‍ර මධුවිතකි. විටෙක මනරම්ව රූබර වූ ස්ත්‍රියකි. විටෙක ආතක් පාතක් නැති සිතිවිලි ගොන්නකි.
මාගේ දිලිඳු දුරකථන කැමරාව සතුවූ කාලයේ පටන් යන යන අහුමුළු පික්සලගත කිරීමේ පුරුද්ද අතරට වලා චිත්‍රයද මුසුවී සෑහෙන කලක් ගොසින්ය.
එදා මෙදා තුර මවිසින් පික්සලගත කරන ලද වලා චිත්‍ර කීපයක් නැරඹීමට මම ඔබට ආරාධනා කරමි.
මමත් වල චිත්‍ර රස විඳින්නෙක්. ද්යනයකට සමවැදිලා වගේ බලන් ඉන්නකොට නොයෙකුත් රුප දකින්න පුළුවන්. පුංචි කාලෙත් මම ගේ ඉස්සරහ වෙල්යාය ඉස්මත්තේ ගල්තලාවේ නිදාගෙන අහස දිහා බලන් ඉන්නවා.. දැන් නම් ඉතින් මේ කොන්ක්‍රීට් වනාන්තරයේ පැහැදිලි අහසක් දකින්නේ හරිම කලාතුරකින්. මේ නගරයේ අහස හැම වෙලේම අපැහැදිලියි වායු දුෂණය නිසා.. අපුරු සටහනක්.. මටත් පොදු දෙයක් නිසා මම රසවින්දා විතරක් නෙවෙයි අතීතයටත් ගියා..
ReplyDeleteපොටෝ ටික මරු!
ReplyDeleteමමත් ගෙදර ඉන්නකොටනම් පැහැදිලි අහසක ලස්සන වළා රටා දකින්නේ බොහොම කලා තුරකින්. මේ කොළඹ බලාතේ අහස මෙච්චර කැත ඇයිද මන්දා. හැබැයි ලස්සන අහසක් තිබ්බ දවසක මමත් පොටෝ එකක් ගත්තා. ඈත පළාත් වලට ගියාම තියන ලස්සන අහස දිහා බලං ඉන්න මමත් හරිම ආසයි.
චිත්රවලට කැමැතියි. පුංචි කාලෙ නොපෙනෙන බලවේග වලින් නිතරම ඉල්ලුව හොඳට චිත්‍ර අඳින්න හැකියාව ලබාදෙන්න කියල. ඒකට උත්සාහ කලාට ඒ හැකියාව හැමදාම දුරස් තැනක තිබුණා. ලස්සන චිත්‍ර දකින හැම වෙලේම ඒව ඇඳපු අයට හිතින් ඊර්ෂ්‍යා කලා. ඉතින් කවදාවත් ඒ හැකියාව මා කරා ළඟා වුණේ නෑ. ඒත් කාලය එක්ක ලෝකය වෙනස් වෙලා අද තාක්ෂණික ලෝකයේ අසරණ වෙන්න තිබුණ ඒ හැකියාව එදා ලැබුණනම්.
ReplyDeleteපවතින හැම දෙයක්ම විචිත්‍ර ස්වභාවික චිත්‍රයක්.
පොටෝ ටික නම් හරිම ලස්සනයි අයියා. මාත් ඉතින් ඉඩ ලද හැම විටම සත්තු ගස් වැල් සහ අහස යන ඒවට තමා ප්‍රධාන තැනක් දෙන්නේ. ඇත්තටම පුදුම නිස්කලංක බවක් දැනෙනවා ඒවා දිහා බලන් ඉද්දි.
ReplyDeleteමාත් පුංචි සන්දියෙදි නම් වරු ගණන් අහස දිහා බලාගෙන වලාකුළු වලින් මැවෙන රටා දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා... දැන් නම් එහෙම කෙරෙනවා අඩුයි... ඒත් ඒ අපුර්වත්වය දැන් වුණත් අහස දිහා බලන මොහොතක සිහියට නගා ගන්න පුළුවන්...
ReplyDeleteඅපූරු සේයාරූ ටිකක් සහෝ....
ඔබට ජය!
මම දන්නේ නෑ / මට මතක නෑ හරියටම කවදා ඉඳන් අහස එක්ක හඳ එක්ක කතා කරන්න ජීවිතේ බෙදා ගන්න පටන් ගත්ත දවස. මට මාව මතක් වෙන හැම වෙලාවකම එහෙම නැත්නම් මට මාව හොයා ගන්න ඕන හැම වෙලාවකම මම අදටත් කරන්නේ අහස දිහා බලාගෙන ඉන්න එක. ඕක මුහුද අයිනක එහෙම නැත්නම් කන්දක් උඩ එහෙමත් නැත්නම් අපේ ගෙදර බැල්කනි එකේ ඉඳන් වෙන්න පුළුවන්...
ReplyDeleteමතකේ තියෙනවා උදේ පහට නැගිටලා කාගෙදෝ රූම් එකකට බලෙන් රින්ගලා ශ්‍රී පාදේ අහස බලපු කතාවක් නම්... හෙන දුකයි ඕයි ඒව මතක් වෙද්දි...
කට්ටියටම ස්තූතියි සද්දයක් දාල ගියාට... බලාගෙන යද්දි හැමෝම අහස දිහා බලන උදවිය නේද? :D
ReplyDeleteලස්සන ෆෝටෝ ටික... මම G+ වල දැක්කා. පෝස්ට් එක බැලුවේ අද. සමාවෙන්න මේ පැත්තේ එන්න ප්‍රමාද වුනාට... සොභාදහමේ අසිරිය පෙන්වන මේ වගේ ලාංකීය ඡායාරූප එකතුවක් හැදුවොත් හොඳ නැද්ද ? ෆෝටෝ සින්ඩියක් !!!:D
ReplyDeleteමරු! උඹත් ඉතින් දන්නවනේ ලොකු අයියේ මාත් වළාකුළු දිහා බලං ඉඳිල්ල කරන විත්තිය. සිද්ධි තියෙන්නෙ ඔය වළාකුළු, බලාගෙන ඉන්න එක එකාට කියන්නෙ එක එක කතා. කොටින්ම උන් උන්ගෙම කතා!
ReplyDeleteහිතට ආව දේ ලස්සනට ලියලා තියනවා, ඇත්තටම ඒ පින්තූර ටික නම් ලස්සනයි .......
ReplyDeleteලස්සනයි . මන් කවද හරි ලියන්න හිතන් හිටි දෙයක් . මමත් වලාකුළු රස විදින්නෙක් . කුඩා කල වගේම අදත් . හරියට මායා ලෝකයක් වගේ . මන් දවසක ඒ රසය අකුරු කරන්නම් . ඔයත් එන්න එතකොට අපි ඒ ගැන ආයි කතා කරමු. පින්තුර ටික හරි අගෙයි . නැෂනල් ජියෝග්රෆි සඟරාවට වුනත් යවන්න වටිනවා
ReplyDeleteචතුරංග, මුචලින්ද, පන්සල් සහ බ්න්දි හතර දෙනත් ඔන්න පට්ටම සූරයො හරි... වැඩි වැඩියෙන් අහසින් එන සිතුවිලි වලට ඉඩ ලැබේවා.....
ReplyDeleteඉදලා හිටලා මාත් ඔය එකක් දෙකක් පිංතූර කෙටුවට දැන් මම කැමරා වලින් නැතුව ඒ ඒ මොහොතට පියවි ඇහෙන් ලස්සන බලන්න වැඩියෙන් කැමතියි..!
ReplyDelete