Wednesday, 23 March 2011

අපිත් මමීකරණය වෙයිද?


ඥාතීන් කීප දෙනෙක්ගෙන් දුරස් වුණ මගේ ඥාති ආච්චි කෙනෙක් පහුගියදා මෙලොවින් සමුගත්තා. අපේ ගෙදරට ගෙවල් කීපයකට එපිටින් තමයි මළගෙදර තිබුණේ. දරුවන් හත් අට දෙනෙකුගෙ (මමවත් ගාණ දන්නෙ නෑ) අම්ම කෙනෙක් වුණ මේ ආච්චි ගමේ බොහොම ආදරයට පාත්‍රවුණ කාන්තාවක් වෙලා හිටියා.

මළ ගෙදර වැඩ කටයුතු එක්ක හතර වටේට ලයිට් දාන්න, වයර් අදින්න ටෙන්ට් ගහන්න වගේ වැඩ වලට උදව්වක් වෙන්න මම උදේ ඉඳන් එහෙ හිටියා. සුමනෙ අංකලුත් ඇල්බට් අංකලුත් කුමාර අයියත් එකතු වෙලා ගේ දෙපැත්තෙ ටෙන්ට් එල්ලුවා. ඊට පස්සෙ ඇල්බට් සහ කුමාර දෙන්න පුවක් කපද්දි සුමනෙ අංකලුත් මමත් පාර පැත්ත අඳුරු නිසා පාරට වෙන්න බල්බ් එකක් දාන්න වයර් එකක් අදින්න සූදානම් වුණා.

ඒත් පැය බාගෙකින් ඉවර වෙන්න තිබුණ ඒ වැඩේට අපට පැය තුනක් ගියා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ආච්චිව මමීකරණය කරන්න තිබුණ නිසා.

දේහයට අවසන් ගෞරව දක්වන්න ගෙදරට ආපු පන්සලේ හාමුදුරුවන්ගෙන් පටන්ගෙන, මරණාධාර සමිතියෙන්, දායක සභා අරමුදලෙන්, තරුණ ජවය සමිතියෙන්, ප්‍රජා සංවර්ධන කමිටුවෙන්, කුළඟන සමිතියෙන්, තිස්සපුර ගමේ වැඩිහිටි සමිතියෙන්, දහම් පාසල් ගුරු මණ්ඩලයෙන් වගේම..... ලොකු පුතා වැඩ කරපු විදුලි බල මණ්ඩලේ සුභ සාධක සමිතියෙන්, ඒකෙම ආරක්ෂක අංශයෙන්, කළමනාකරණ සහකාර නිලධාරි සමිතියෙන්..... ලොකු දුව උගන්වපු ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙන්, සමාජ සත්කාර්ය සමිතියෙන්.... මද්දු පුතා වැඩ කරපු කොම්පැණියෙ සුභසාධක සමිතියෙන් වගේම නාලිකා දුව වැඩ කරපු ක්‍රීඩා අමාත්‍යංශෙ කාර්යාල සමිතියෙන් වගේ නම් වලින් මතක තියාගන්න බැරි තරම් සමිති ගාණකින් මේ මමීකරණ කටයුත්තට ඕන කරන රෙදි කෑලි ගෙනාවා.

පරණ මමීකරණයෙයි මේ වතාවෙ මුහුණ දෙන්න වුණ මමීකරණයෙයි වෙනස්කම් නම් සෑහෙන්න තියෙනවා. එකක් තමයි මේ මමීකරණයෙදි කල් තබාගන්න උත්සාහ කරන්නෙ අදාල දේහය නොවීම. මේකෙදි කල් තබාගන්නෙ මේ රෙදි කෑල්ල ලබාදෙන පාර්ශවයයි. ඉතිං රෙදි කෑල්ල ලබා දුන්නෙ කවුද කියල අඳුනගන්න රෙද්ද පුරා අදාල පාර්ශවයෙ නම ගම එක්ක මොකක් හරි ශෝක ප්‍රකාශයක් ලියල තියෙනව. ‍



මේ රෙද්ද ලබාදුන් පාර්ශවය කියන එක බොහොම වැදගත්. ඒක මළගෙදරට එන උදවියට පේන්න තියෙන්න ඕන. ඒ නිසා දේහය වටේ ඖෂධ එක්ක එකතු කරල ඔතනව වෙනුවට මේ රෙදි කෑලි මළ ගෙදර වටේ එල්ලනව. එන අයට පේන තැනක හොඳට පේන්න.

මේ මමීකරණ වැ‍ඩේ කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් අපට අනිත් වැඩ නතර කරන්න වුණා. අනිත් එක ඒව ගහන්න ඉඩක් තිබුණෙත් නෑ. අන්තිමේ කලින්ම ඇවිත් ගිය, ආයෙත් ඒවිය කියල නොහිතන පාර්ශව කීපයක රෙදි උඩින් අළුත් ඒව එල්ලුව. මොනව කරන්නද?

ඉතිං... මේ තරම් වටේ රවුම් ගහමින් මම කියන්න යන කතාව දැන් ෂඛ්ෂුඩඛ් ෂේ පැහැදිලියි නේද? මේ කියන්න යන්නෙ මළ ගෙවල් වල බැනර් ගැහිල්ල ගැන...

ගෙනත් දෙන අය මේ බැනර් ගෙනත් දෙන්නෙ ඒකෙන් තමන් මේ ක්‍රියාවලිය පසුපස ඉන්නව කියන එක පෙන්නන්න. ඒක අදාල පාර්ශවයට සහ පවුලට සම්බන්ධ මනුස්සයටත් පොඩි කික් එකක්. උදාහරණයක් විධියට විදුලි බල මණ්ඩලේ වැඩ කරන පුතාට තමන්ගෙ ආයතනයේ බැනර් එකක් ගහල තියෙන එක පොඩි ආඩම්බරකාර කාරණයක් වෙනව ඇති. නමුත් බැනර් එක ගැහිල්ල හැර මළගෙදර කටයුතු වලට වෙනත් දායකත්වයක් බැනර් එක දෙන අය නොකරනව වෙන්නත් පුළුවන්.

මොනව වුණත් බැනර් දැමීම ගැන මටනම් හිතෙන්නෙ ඒක ලකුණු දාගැනීම සහ දමා දීම පිණිස හැදුණ එකක් කියලයි. ඒක නිකං ටැලි විෂ න් එකේ ක්‍රිකට් මැච් එකක්, ටෙලි නාට්‍යයක් වගේ ඔය එක එක ඒවයෙ තියෙන ඇඩ් දැමිල්ලට දෙවෙනි නෑ. මියගිය මනුස්සය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ මළගෙදර උදවියට අනවශ්‍ය කරදරයක් නොවී දේහයට අවසන් ගෞරව දක්වන එක. උදව්වක් කරන එක. (අඩු තරමෙ තමන් බැනර් එකක් ගෙනාවනම් ඒක එල්ලන්න සපෝට් එකක්වත් දෙන එක?)

ඒ විධියට ගත්තම මේකෙ තියෙන අවුල විධියට මට පේන්නෙ වෙන එකක්. ගොඩක් විට මේ බැනර් ගේන උදවිය බැනර් එක මළ ගෙදරට සම්බන්ධ කාට හරි දීල මාරු වෙනව. පස්සෙ ඒක එල්ලීම, බලාගැනීම, ගැලවීම, සේදීම සහ නැවත බාර දීම කියන කාරනා සේරම මළගෙදර උදවිය විසින් බලාගන්න වෙනව. කෙනෙක් මියගියාම කරන්න ඉතිරි වෙන නොයෙක් වැඩ අස්සෙ මේ බැනර් කෙරුවාව ඇත්තටම ලකුණු සඳහා ඇර වෙනත් කිසිම වැඩක් නැති අමතර වැඩක් විධියට ගෙදර උදවියගෙ කර උඩ වැටෙනව කියල තමයි මට නම් හිතෙන්නේ.

හැබැයි එකක්. මේක පටන් ගන්නෙ මළ ගෙයක් තියෙන ස්ථානය පැමිණෙන අමුත්තන්ට දන්වන්න සුදු කොඩියක් දැමීමේ චාරිත්‍රයෙන්. ගොඩක් ඉස්සර මම සහභාගි වුණ මළ ගෙදරකදි සෑහෙන්න වයසක සීය කෙනෙක් තමයි මට ඒ කතාව කිව්වෙ. ඉස්සර මළ ගෙදර ඉදිරියෙ සුදු කොඩියක් දාන එක හැර වෙන දෙයක් තිබිල නෑ. පස්සෙ පස්සෙ මේ සුදු කොඩියට අනුග්‍රාහකයො සෙට් වෙනව. ඉතිං නම ලොකුවට පේන්න ඕන නිසා කොඩිය බැනර් එකක් වෙනව. අනුග්‍රාහකයො වැඩි වෙනකොට මළ ගෙදරට එන පාර දිගේම තියෙන හන්දි වල බැනර් වැටෙනව. ඒක එක අතකට නොදන්න මළ ගෙයක් හොයාගෙන යද්දි සෑහෙන්න උදව්වක් වෙනව තමයි.

දැන් ඉතිං කාලෙ වෙනස් තාලෙ අළුත්. මදය කෙසේ වෙතත් පොත්ත ලස්සනට තියෙන්න ඕන නිසා හැම තැනකදිම වෙනව වගේ මළ ගෙවල් වලත් සෝබන වලට තමයි වැඩිම කාලයක් එක්ක වියදමත් වෙන්නේ.

ඒක ඉතිං කෑල්ලෙන් කෑල්ල කතා කරත් ඉවර කරන්න බැරි දෙයක් නිසා මම කියන්නම් නූතන විධියට මමීකරණය වෙන්න ඕන නම් කරන්න ඕන වැඩේ.

හරි ලේසියි... ඔය දන්න කියන හැම සමිතියකම සංගමේකම සාමාජිකත්වෙ ගන්න. වැඩ නොකලට කමක් නෑ. නමට පෙනී ඉන්න. මැරුණට පස්සෙ කට්ටියම ඇවිත් මමීකරණය කරයි....

ඉතිං මේ අපි යම් දවසක මරණයට පත්වුණාට පස්සෙ මෙන්න මෙහෙම මමි බැනර් තියෙයි නේ... :P



------------------------------------------------------------------------------------------------------

අනිච්ඡාවත සංඛාරා...
ඔබ ගිය පසු නොහඬා කුමක් කරන්නද?
ඩෙඩ් කැටගරියට දමනවා මිසක

සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය

------------------------------------------------------------------------------------------------------

වයධම්මා සංඛාරා...
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම ඔබ ගිහින්
නැවත ප්‍රතිසන්ධිය ලද වහා පටස් කරන්න

ශෝකී ලාංකීය සිතුවිලි

------------------------------------------------------------------------------------------------------

ජීවිතේ බස් රියකි. දිනෙක කැ‍ඩෙනවා සත්තයි
බෘම් බෘම් බෘම් ගාල හුචස් ගා නැවතුනේ ඇයි?

සිව්හෙලේ මහා සම්මත ගූ ගල් බස් සංගමය

------------------------------------------------------------------------------------------------------

System Failure.
කලින් බැකප් කලත් දැන් ‍ෆෝමැට් කලත් පලක් නම් නැත.

ටෙක් කතා.com

------------------------------------------------------------------------------------------------------

අයියෝ!

sindiya.com

------------------------------------------------------------------------------------------------------

සමුගත්තද ඔබ, මියෙන්නේ නැත
ඔබේ පොරත්වය
ඔබට නිවන, මෝක්ෂය හෝ නැවත මහ පොළොව

හත්மாளுwa

------------------------------------------------------------------------------------------------------

Have a nice time at Heaven!
Gods may read you then

kottu

------------------------------------------------------------------------------------------------------


තව ඕන තරම් කට්ටිය බැනර් නම් දායි... මට ඒව හිතන්න කම්මැලියි... ඔය ලොකුම බැනර් ටිකක් ගැන තමයි ලිව්වේ...

ඇත්තටම මමීකරණය ගැන දැනගන්න ඕනනම් සත්සමුදුර කියවන්න.

22 comments:

  1. අඩේ පට්ට බැනර් ටික බං.... ඔයින් එකක් දෙකක් මම මැරුණ දවසකත් ඔතාවි වටේට... හිහ්...

    ReplyDelete
  2. කෝ යකෝ අපේ බැනර් එක????

    උඹ නැතත් අපි සැමදා සෙට් වෙනවා
    මෙයට මළගෙදරින් ආතල් ගත්
    ෆිට් එකේ සෙට් එක

    ReplyDelete
  3. අඩේ පට්ට බැනර් ටික බං

    ReplyDelete
  4. හි හී මරු බැනර් ටික...

    ReplyDelete
  5. අන්තිමට තියන බැනර් ටිකනම් එළ
    කතාව ඇත්ත.බැනර් ගැහිල්ල ඔහොමම තමා

    ReplyDelete
  6. මදෑ කොලා කිව්වලු

    උඩ ඉඳින් කියවගෙන ගියා ..හරිම සාරගර්භයි ...

    යකෝ
    දැන්විම් ටික දැක්ක ගමන් සෝකය ඉගිල ගියා :D

    ReplyDelete
  7. මිනිහා මැරුනට පස්සෙ ඉතින් “මගෙ මල ගෙදර බැනර් ගහන්න එපා“ කියන්න යැ... =D
    ---
    මලගෙදර සංවිධායක කමිටුව හිස් බැනර් ටිකක් එල්ලලා "7200 x 4800 Ad Space" කියලා ගහලා තිබ්බා නම් හරි කලින්ම.. කවුරුත් එන එකක් නෑ බැනර් එල්ලන්න.. =D

    ReplyDelete
  8. නියම බැනර් ටික බන් ....

    නරකද බැනර් බිස්නස් එකක් පටන් ගත්තොත් ....

    ReplyDelete
  9. කන්නෙත් අපිය
    බොන්නෙත් අපිය

    ඉරිසියා කරලා මැරුනේ උඹය

    Fit එක!

    ReplyDelete
  10. ඇත්තටම නියමම ශෝක ප්‍රකාශන ටිකක් තමයි... මල ගෙදරට එන අය මලගිය කෙනා කෙසේ‍ වෙතත් බැනර් ටික නම් උවමනාවෙන්ම බලයි. අපේ බොහෝ සමිති සමාගම් වල අයත් බොරුවට මූන පෙන්නලා තමන්ගේ බැනර් එක එතන කොහේ හරි, වැටක හරි, තාප්පෙක එල්ලුව නම් වැඩේ ගොඩ කියල තමයි හිතන්නේ...

    ReplyDelete
  11. මතු උපදින සංසාරේ- හමුවෙමු අපි අම්පාරේ
    කියලයි මම නං ගහන්න හිතාගෙන ඉන්නෙ
    -චුටිමහත්තයා

    ReplyDelete
  12. *පණනම් තණ අග පිනිබිදු වැන්නෙ..*

    ඉන්න ටිකේ..හොර බොරු නැතිව හොදට ඉන්න..
    අදම හන්තාන ලිනක්ස් භාවිතයට ගන්න
    www.hanthana.org

    ReplyDelete
  13. බං හරේ ඔය බැනර් ටික එල්ලුවොත් මැරිච්ච එකත් නැගිටලා හිනාවෙලා හිනාවෙලා ආයෙ මැරෙනවා. උඹට හිතෙන ඒවා බං... හික් හික්

    ReplyDelete
  14. මුල ටික මම හියෙව්වෙ දුකින්.. ඒත් මෙ බැනර් ටික දැකලා මම පුදුම උනා..
    ඇත්ත කාලය වෙනස් වෙද්දි මෙහෙම දේවල් වෙන්න පුළුවන්...

    ReplyDelete
  15. සෝරෝ - ඒ කාලෙට තව මොනව තියෙයිද මන්දා... :D

    ම - තෝරු මෝරු අස්සෙ අපි වගේ හාල් මැස්සො පේන එකක් නෑ බං...

    ඩාර්ක් & හසී - තැංකූ තැංකූ... ඔයාලටත් චාන්ස් එක තිබේ... ;-)

    තීර්ථ - ඔයාටත් එහෙම හිතෙනව එහෙනම් :D

    වැප් - ඒකනේ කතන්දරේ... මෙහෙම බැනර් තිබුණ නම් මළ ගෙවල් වල කවුරුත් අඬන එකක් නෑනේ... ;-)

    ගයන්ත - මැරුණට පස්සෙ කරන වැඩ ටික අරහෙම මෙහෙම කරන්න කියල ලියල තියල මැරෙන කට්ටියත් ඉන්නව නේද?. අර කිව්වත් වගේ ලොකු වයිට් බෝඩ් එකක් ගහලා අඟල් 12x12 වෙන්කරල ගාණක් ගත්තනං දානෙ පිරිකර ටික ගොඩ.

    ශාමින්ද - ඉස්සර අවුට් ඩෝ කරන දවස් වල ඒක කලා.. දැන් ජොබ් එක ඉන් ඩෝ බං :D

    මුචා - නෙද්දකිං ඒකෙත් කෑම බීම :P මේක නම් තරහකාරයෙක්ගෙ මළ ගෙදරකදි ගහන්න පුළුවන්...

    ReplyDelete
  16. දිනේෂ් - ඒක තමයි තිත්ත ඇත්ත එක පැත්තකින්. අපේ කාර්යාලෙ අයගෙ මළ ගෙවල් වලදි ඕක මම සෑහෙන්න අත්විඳිනවා. මළ ගෙදරට සහභාගි නොවුණත් "කමක් නෑ බැනර් එක දාල තියෙනවනේ" කියන කට්ටියකුත් ඉන්නවා. එක අතකට මෙලෝ වගක් නැතිව මළ ගෙදර ගිහින් බිස්කටුයි බීමයි බොනවට වඩා බැනර් එක දාල ගෙදර ඉන්න එකත් හොඳයි...

    බුද්ධි - ඒ කියන්නෙ චූටි මහත්තය ආයෙ ප්‍රතිසන්ධිය ලබන්නෙ අම්පාර පැත්තෙද? හැබැයි ඒකත් මරු. මැරෙන්න කලින් තමන්ම බැනර් එකක් ගහල තියෙන එක.

    බනි - හි හි.. ඕපන් සෝස් අවමංගල බැනර් එකක්... :D

    පැතුම් - ඔව් බං.. අර අවමංගල සභාවෙ බයිල කතා අහල මල පැනල ඉන්න වෙලේක මැරිච්ච එකාටත් හිත කූල් වෙන්න චාන්ස් එකක්... :D

    සබා - එල! ;-)

    කතන්දර - ක්‍රියේටිව්??? අනේ මන්ද ඒකනං... නිදිමත වෙලේ ලියපු නිසාද කොහෙද... තැංකිව් කසූ...

    දිනේෂ් - තාම මළ ගෙවල් වලින් යැපෙන කර්මාන්ත දියුණු වෙලා නෑ. බලන්නකෝ ඉදිරියෙදි මළ ගෙදරට දායකත්වය දෙන අයගෙ නම් ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශණ පුවරුවක ප්‍රදර්ශණය කරනවා... ඒ වගේ තව වැඩ නම් ඕන තරම් තියෙයි...

    ගයාන් - තැංකිව්වා..... :D

    ReplyDelete
  17. නැනැ! මම කියන්න ගියෙ මේකයි
    .........................
    "මතු උපදින සංසාරේ-හමුවෙමු අපි අම්පාරේ"
    ශෝකයට පත් සයිබර් යායේ අධිපති කෙහෙල් කොටුවේ චූටි මහතා සහ බුද්ධි, ටිකිරි ඇතුලු සේවක පිරිස කියලා.
    ..........................

    ඒ ටික ටයිප් කොරද්දි වැරදිලා පබිලිස් උනානේ...

    ReplyDelete
  18. හික් හික් හික්!!! ඉල ඇදෙනවා... පට්ට බැනර් ටික.... උඹට මේ අයිඩියා කොහන් එනවද මන්දා.... :D

    ReplyDelete
  19. බුද්ධි - එල එල මචන්

    චානක - හි හි... හිනා ගියා නම් මරු! අයිඩියා එන්නෙ මේ ක්‍රිකට් මැච් අස්සෙ ඇඩ් බලද්දි... :D

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!