මේක පහුගිය දිනයක මම එයත් එක්ක අපේ රාත්‍රී ආහාරය ගන්න පුංචි හෝටලයකට ගොඩ වැදුණු වෙලාවක වුණ වැඩක්. අපේ කෑම ඇණවුම දීලා අපි දෙන්නා හුලං වදින්නත් එක්ක එලියට ආවා. පාරෙ වාහන සහ අල්ලපු ඇඳුම් කඩේට ආපු නා නා ප්‍රකාර වාහන අපේ ඇස් වලට එලි එව්වා. මිනිස්සු කඩිමුඩියෙ දුවනවා ගෙවල් වලට. වෙලාව රෑ 8 විතර වෙලා තිබුණ. අපි යෝගට් එකක් අතට අරන් කතාවක් දාන්න සෙට් වුණා. (එයා හොඳට වියදම් කරනවා. ඒ නිසා එයා එක්ක ඉද්දි මට නොමිලේ රස මසවුළු ලැබෙනවා. :D :D)
හෝටලය ඉදිරියෙ පාරෙ හිටිය වයසක කාන්තාවක්. අම්ම කෙනෙක්. වැරහැලි නොවුණත් ඇඳුම් කිලුටුයි. ලොකු පොලිතින් මල්ලක එයාගෙ අඩුම කුඩුම හොයනවා. නමුත් හිඟාකන කෙනෙක්ට වඩා ටිකක් පෝසත් ගතියක් තිබුණා.
එයා ඉද්දි අපට යෝගට් කන්න මොනාද වගේ. මටත් අප්සෙට්. මම නොදැක්ක වගේ ඉන්න ගියාට ජයකොඩිට එහෙම ඉන්න බැරි වුණා. එයා අර අම්ම ගාවට ගියා.
"අම්ම කාලද ඉන්නේ?"
ඒ අම්ම ජයේ දිහා බලල මොනවද කිව්වා.. එයා රෑට කාපු බවක් තමයි ඇඟවුණේ. ඒත් ජයකොඩි තවත් මොනවද ඇහුවම එයා කිව්ව මොනව හරි බොන්න ඕන වගේ එකක්.
පස්සෙ එයාව කඩේ ඇතුලට එක්ක ගිහින් ශීතකරණය ඇරල එයාටම තෝරගන්න දුන්නම එයා තත්පර 15ක් විතර බීම වර්ග තෝරල (ඒ තත්පර 15 එයාට විනාඩි 15ක් වෙන්න ඇති කියල මට පස්සෙ හිතුණ.) අන්තිමේ තැඹිලි පාට බෝතලයක් ගත්ත. පස්සෙ මුල්ලක තිබුණ රවුම් මේසයක ඉඳන් එයා හෙමින් ඒක බොන්න ගත්තා. අපි වෙනම මේසෙක ඉඳන් ආයෙත් කතාවට සෙට් වුණා. විනාඩි දෙක තුනකට පස්සෙ මේ අම්මා තොල කට පිහිදමින් ඇවිත් ජයකොඩි ගාවට කිට්ටු වුණා.
"පුතා මාව දන්නවද?" එයා ඇහුවා.
"ඒ මොකෝ ඒ?"
"ඇයි මට බීම එකක් අරන් දුන්නේ?" ආයෙත් ගැටළුවක්.
"ආ .. ඔයා බඩගින්නෙ ඉන්නව කියල හිතලනෙ මම කතා කලේ." ජයේට මාර හිනාවක් ගියා. ඒ අම්මගෙ මූණෙත් හිනාවක් ඇඳුණා. මට මාර ආතල්.
"ඕකට ඉතිං දැනගන්නම ඕනද?" මමත් හිනාවෙලා කිව්වා.
ඒ අම්මා යන්න ගියා හෙමින්. මම තීරණය කලා මේක ලියන්න ඕන කියලා.
"ඔය ගෑණි ෂුවර් එකට අද අඬයි" මම කිව්වා.
"ඒ මොකෝ?"
"එයාව ජීවිතේටම ඒ වගේ අගය කරල නැතුව ඇති" මම කිව්වා.
ජයකොඩි හිනා වුණා විතරයි.
මේ ජයේ මම ඉද්දිම මේ දේවල් කරපු මුල් වතාව නෙවෙයි. එයා අතේ තියෙන ගානක් ඕන වෙලාවක දෙන්න සූදානම්. ඒ නිසාම එයා සතු වස්තුව මිනිස්සු සහ හිතේ සතුට විතරයි. වෙන ධනයක් නෑ. මම හිතුවා මම මේ වගේ අය එක්ක ඉන්න ලැබුණ මාර චාන්ස් කාරයෙක් කියලයි.
ඒ එක්කම මතක් වුණේ මට අපේ මහ ගෙදරදි Gadol කියන යාළුවා හොයල දුන්න මේ සින්දුවයි. මේක තිබුණෙ මෙතන. මම දන්නවා අපි හිනාවෙන විධිය. ඒ අපි විසින්ම හෝ වෙනත් කෙනෙක් විසින් කරන හොඳ දෙයක් නිසා දැනෙන සතුටට. ඒත් ඇත්තටම නම් අපට හිනාවෙන්න බෑ තමයි.
SKITZO - Oba Hinawenne Kohomada?(Acoustic Live)
මේකෙ අවසන් පද කීපයෙ කියන දේවල් මට හරියට ඇහෙන්නෙ නෑ. කවුරු හරි ඒක හරියට මට කිව්වොත් මේක වෙනස් කරල දාන්න පුළුවන්. ෴
සංශෝධනය - නිවැරදි පද මෙතන ඇත.
මීට තරමක් වෙනස් කතාවක් තිබුණ මගෙ යාලුවෙක්ව මට මතක් උනා. මිනිහට ඉස්සර මදුවිත නැතිවම බැහැ. ඒත් පස්සෙ කාලෙක මිනිහත් එක්ක සෙට් වෙන දවසක මිනිහ මට කිව්ව "මචන් අපි මේවට නාස්ති කරන සල්ලි වලින් බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට කෑමවේලක් අරන් දුන්නනම් ඒක මීට වඩා මාර සතුටක් සහ ලොකු දෙයක් බන්" කියල. බොරු කියන්නේ මොකටද මම ඒ වෙලාවෙ ෆන් කුඩු කරගන්නෙ මොකටැයි කියල ඒ ගැන හිතුවෙ නැහැ.
ReplyDeleteඅද ඒ යාලුවා මදුවිතෙන් සෑහෙන ඈත් වෙලා. ඔයා කියපු පුද්ගලයා වගේ තමයි. දුප්පත් අයට ගෙවල් දොරවල් හදන්න පවා උදවු කරනව.
මරු පොරවල්නෙ අයිය අදුරන්නෙ!
ReplyDeleteමෙ මනුස්ස ලොකයෙත් දෙවිවරු ඉන්නවයි කියන්නෙ බොරු නොවෙ නෙ!
ස්කිට් සො! මරු පොරවල් ටිකක් නෙ!
ස්තුති පෙන්නුවට අපූරු ගීතයක්!
වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද
ReplyDeleteදෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
එහෙම නේද?
යාළුවා මේ සටහන දැක්කද?
එහෙම දැක්කොත් එයාගේ ඇස් දෙකය කදුළු පිරෙයි !
අර හිස් තැනට එන්නේ "මාර දුවක " කියලා නේද
ReplyDeleteඒක ඇත්ත freed අද මේක ගැන රැකියා ස්ථනයේදි විවේකී වෙලාවක හිත හිත හිටිය...මෙන්න මේක ලිව්වෙ එතකොට තාම ps වත් කලේ නෑ...කමක් නෑ ඔන්න ඔහෙ දාන්නම් උඹේ blog එකේ දැම්මාම මොකෝ මගේ එකේ දැම්මාම මොකෝ ...
ReplyDeleteපැටිකිරිය සහිත බල්ලා vs අවජාතක දරුවා
මවක් පියෙක් නොමැති දරුවෙකුගේ
බලාපොරොත්තු සහගත
----සිනාව-------
ඉපිලී ගිය
--- සතුට----
ප්රොමධවත්
---ඇස්----
නෙම දත් අයෙක්
බළු පැටවුන්ට පොවයි
"Sustagen"
most of all freed what happens is we decide and give priority to some selected items ....Some times they might be giving us immense of pleasure..but just a matter of value or the meaning of that particular thing...
But we in the journey of life every thing accepted every thing enjoyed ..hikz hikz
skitzo ගැන නම් අපි කථා කරල තියෙනව නෙ නේද??? අරව සමාජ ගත කරන අයනේ...අරව ගැන කියද්දි මතක් උනේ freed..මම රුවන් වැලි සෑයෙ නෙළුම් මල් ගන්න අයිය අර කියන මල් විකුණනව කියල අවුරුද්දකට බදුල්ලෙ මොකද්දො බන්ධනාගාරෙකට අච්චු කරල..මර්වින් සිලවල කුඩු විකුණනව කිසි ගැටළුවක් නෑ...අහින්සක මිනිස්සුටමනෙ වෙන්නෙ නේද..මම ගෙදර ලිපිනය ඉල්ලගෙන ආව මොනා හරි කරන්න ඕනෙ...ෂිකේ බලන්නකො අවසාන දවමෙ අහන්න ලැබුන දේ...address එක ඉල්ලගෙන ලියමනක් හෙම දාන්නම් කියල ඉන්නකොටම...මොනා කරන්නද නේද ඉතින්...සාපේකෂ වරදක් නේ....
oyage yaaluwa harima sarala kenek wage. apita eyage langatawath yanna puluwan thathwayak thiyanawada manda:)
ReplyDeleteah me sinduwa nam ela.....studio record ekatath wada hodai :D habai vocals tikak hada gathtanam hodai neda? :)
මිනිස් ගුණ ඇති මිනිසුන් ගැන කියවන්ට ලැබීමත් සතුටකි හිතට ඉමහත්.අනෙකාගේ දුක, බඩගින්න, සා පිපාසාව දැනෙන, පිරිස් අප අතර ඉන්නවා, ඒත් ඒ ඉතා සුළු පිරිසක්. අවශ්‍යතා මගින් මිනිසාව අද වඩාත් ආත්මාර්ථකාමී කරලා කියලා මට හිතෙන්නේ. මට නැතත් කමක් නෑ ඔබට ලැබුනොත් හොඳයි කියලා හිතන පිරිස් අඩුයි.
ReplyDeleteබ්ලොග් සටහන් බොහෝමයක් කියෙව්වා. සිංහලෙන් ලියන පිරිස් වැඩි වීම ගැන ඇත්තෙන්ම සතුටුයි. තව තවත් නිර්මාණකරනයේ යෙදෙන්න. ජය ශ්‍රී
Me wage minissu inna eka gana sathutui... eka athakata "wana siwupawun wani minisun mada...devi dewathawun wani minisun atha..."
ReplyDeletemage as dekata kadulu awa meka kiyawala.... boru nemei aththatama.....
hehe........ ehenam maath sinduwak kiyanna ona :P
ReplyDeletep.s
araken pm ekak ewwa hambune nadda? :S
ya itin chords deka thunak allanna puluwan... eka gaththe nam pissuwa wadi wela..........dan nam samahara chords allana mataka naha......welawaka yanna ona igena gannna
ReplyDelete(eke nuts ehema dan malakada kaala.lol)