Friday 10 March 2023

යුද්ධය අත්හල රණ විරුවෝ

 

යුධ ගින්නෙන් මියැදෙනවුන් ගණන් දෙමින්
ගෙවු අතීත මතකය යලි අවුළුවමින්
නැවතත් මිය යයි වැසියන් පවුල් ලෙසින්
ජීවත් වීමේ යුද්ධය දිග් ගැසෙමින්

තනි තනි ලෙසින් නොව සිය පවුලම එක්ව
බිළිඳුන් දරුවන් යොවුන්ද වෙන් නොමව
පවුලක් ලෙසින් දිවි නහගන්නට සිත්ව
කෙලෙසින් හිත හදාගන්නෙද වීලද මත්ව

ජීවිකාව ගෙන යන්නට හැකි නැත්තේ
වැටුපක් කුලියක් උපයන්නට නැත්තේ
දරුවන් හඬන හඬ රැව් දෙන කන් මත්තේ
ඉවසාගන්න බැරි සීමාව ඉස්මත්තේ


1 comment:

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!