Wednesday, 8 August 2012
ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ!
අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම කුක්කු බබාලා වාගේ ඉන්නට උත්සාහ කරන්නවාය.
හෙළුවැල්ලෙන්ම කියල දැම්මොත් අපි සේරම දන්නවා වුනාට දන්නෙ නෑ වගේ ඉන්න ආසය. එහෙම ඉන්න එකට කියන තනි වචනය 'නරුමවාදය' කියා ශිෂ්ශත්තෙට පාඩං කරන අයියා කෙනෙක් කිව්වේය. බැරි වෙලාවත් අපිට දැන දැන බොරු කරන්න බැරි ඇත්ත කේස් එකකට මූන දෙන්න සිද්ද වුනොත් අපි එතනින් මාරු වෙනවාය. ඒකට කියන්නේ 'බබා හුකුං දානවා' කියලාද කියන එක මට ෂුවර් නැතිය.
මේ සේරම කියන්නේ එක තැනකට එන්නය.
ඊයෙ පෙරේදා ජනාදිපතිතුමා අපේ නගරෙට ආවේය. නගරේ පුරා කටවුට් ඇලවුනි. ලකුනු දමාගන්න ගමේ ජනතා නියෝජිත සියලුම අංකල්ලා උන්දලාගේ මූනත්තහඩුව අමුනා ජනාදිපතිතුමාගේ ලයිප් සයිස්ට වඩා සයිස් එකේ කටවුට් ගැසුවෝය. සමහර කටවුට් නිසා පාරවල්වල හන්දි ඇහිරිලාය. බස් ස්ටැන්ඩෙකේ පාර පුරා ගසා ඇති කටවුට් එකක් නිසා අද දවසේත් වාහන එහෙ මෙහේ යන එකේ අනතුරක් තිබුනේය. මොකද පාරේ බාගයක් ඒකට වැහිලාය. එහා පැත්තෙං එන වාහනේ පේන්නේ නැතිය.
නගරයේ හන්දියේ ලොකු රවුන්ඩබවුට්ටෙක වටේ සැනකෙලියක් වගේය. එක එක පාටින් කටවුට් පිරිලාය. වෙසක් තොරන් වගේය. එකම වෙනස ඒවා බලන්ඩ බැරි තරං අජූත මූනවල්වලින් පිරිල තියෙන එකය. සමහර කටවුට් ජනාදිපතිතුමාගෙන් රැස් විහිදෙන ආකාරය මනරම් ලෙස විදහා දැක්වෙන ආකාරයට සාදා තිබුනේය.
ගුගල් අර්ත් එකේ හරහට බලන්න පුළුවන්නං ඔයාලටත් ඒ මනරම් දර්සනේ බලන්න පුළුවන්ය. එහෙම පුළුවන් වුනානං අපේ ජනාදිපතිතුමා දැන් ඉන්නේ කොහේද කියලාත් හරියටම කියන්නත් පුළුවන්ය. මොකද උන්දෑ යන යන තැන අහස සිඹින කටවුට්ය. හතුරෙක් නැති එක හොඳට හිටියේය. නැත්තං ගුගලෙන් බලා ගේමක් දෙන්න පුළුවංය.
හතුරෝ මර්ධනේ කරාය කියලා එතුමා ඉන්නේ නිදහසේය කියා මට හිතෙන්නේ නැතිය. උන්නාන්සේ ඉන්නේ හරි බයෙන් වගේය. කොයිතරං බයෙන්ද කියනවානං නගරයේ මීටර් 10න් 10ට පොලිසි, ආමි මාමලා සිටියෝය. අනේ ඒ වෙනුවට පොලිස් නැන්දිලාවත් හිටියානං ඒ පොඩි වෙලාවට අපේ නගරය ලස්සන වෙන්න තිබුනාය. ඒ බව අජිත් කුමාරසිරි නැමැති ගල් මූසල සින්දුකාරයාද එයාගේ ත්‍රස්තවාදී සින්දුවක කියලා තියෙනවාය.
උන්නාන්සෙගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් නගරේ පාරවල් හේදුනේය. දූවිලි පොඩිත්තක්වත් නැති අළුතෙං තාර දාපු පාරවල් වගේ එදා දවසේ අපේ පාරවල් තිබුනේය. ඒ වුනාට අපට ඒවායේ යන්නට හම්බ වුනේ නැති තරංය. පාරේ වාහනයක්වත් නවත්තනවාට පොලිස් මාමලා ඉඩ දුන්නේ නැත. කොටිංම මගේ පුංචි බයිසිකලේ පාර අයිනේ නතර කරන්නේ නැතිව අතුරු පාරක අස්සකට ගොස් නතර කරන ලෙස පොලිස් මාමා කෙනෙක් මට කිව්වේය. සමහරවිට ජනාදිපතිතුමා මිනිස් පුළුටක් නැති වාහනයක් නැති දුමක්, දූවිල්ලක් නැති පොලිසිය විතරක් ඇති කාන්තාරයක් වගේ නගරයකට කැමතියි වෙන්නට පුළුවන්ය. එහෙමත් නැත්තං උන්දැටත් මට වගේ ස්වසන රෝගයක් තියෙන නිසා වාහන දුම පාලනය කරා වෙන්න පුළුවන්ය. මගේ ටිකිරි මොලේටත් ඔව්වා තේරෙනවාය.
ඒ අස්සේ අපේ චන්ද්‍රිකා අක්කලාගේ ගෙවල් පැත්තට ප්‍රාදේසීය සබාවෙං දවස් ගානක් වතුර එවන්නේ නැතිව මහ අලකලංචියක් වෙලාය. එයා ගමේ අයගෙං සල්ලි එකතු කරලා වතුර බවුසරයක්ම ගමට ගෙන ගියාය. බූලි තුන ගානේ ගමේ කට්ටිය වතුර බෙදාගෙන තිබුනාය. ගමම එකතු වුනොත් කරන්න බැරි වැඩක් නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවාය. ජනාදිපතිතුමා චන්ද්‍රිකා අක්කාගේ මේ වීර ක්‍රියාව දැනගත්තානං එයාට වීර පදක්කමක් දෙන එක ෂුවර්ය.
හැබැයි ඔන්න ආස්චර්යය නං උදා වුනේය. ඇත්තට ඒක මහම මහ ආස්චර්යයක්ය. ඒක උදා වුනේ අර කලිං කිව්ව රවුන්ඩබවුට් එකටය. සෑහෙන්න ඉස්සරනං ඒක මැද හිටියේ රන විරුවෙක්ය. හරියටම කිව්වොත් රන විරුවෙක්ගේ පිලිමයක්ය. රන විරුවෝ කිච වීගෙන එනකොට ඒක එතනින් ගැලවී නගරයේ මුල්ලක වෙන තැනකට ගියේය. ඊට පස්සේ ආතක් පාතක් නැතිව තිබුන රවුන්ඩබවුට් එකේ මැද ඊයෙ පෙරේදා හිටි අඩියේ රෝස මල් පිපුනේය. රැයක් ගෙවිලා පහුවදා උදේ වෙනකොට හොඳට පිපුනු ලස්සන රෝස මල් රොත්තක් රවුන්ඩබවුට් එක මැද දිලිසි දිලිසි නගරෙ ලස්සන කලේය. ඒවා නගර සභාවේ හෙන ආස්චර්යමත් වැඩය. ඒකෙ ඉන්න උන්දලා ජාතික ටීවී එකෙං බලා ගෙවතු වගා හෙම කරන ඈයො වෙන්න ඕනෑය.
උදේ හම්බවුන ත්‍රීවීල් අයියා කිව්වේ පැය දෙකකට රුපියල් කෝටි විස්සක්ම වියදං කොරලා කියලාය. පොලිස් මාමලාගේ ඩියුටි ගාස්තු එක්ක උන්දලාගේ වාහනවලට තෙල් ගහනකොටම බරගානක් යන්න ඇති කියලා ඒ අයියා කීවේය. කටවුට් හදන උන්ගේ රස්සා ගැනත් ලොක්කන් උනන්දු බවක් උන්දෑ කිව්වා මතකය. ඒවා ජනතා මුදල් කියලා ඒ අයියාට තරහා ගිහින් තිබුනාට උන්දෑ ඔය වැඩේට සතයක්වත් දීලා නැති බව මම දන්නවාය. ඒ නිසා උන්දා කිව්වේ ඇත්තද බොරුද කියා මම දන්නේ නැතිය. ලකුනු ටිකක් වැටෙන එක හැම එකටම වඩා වටිනවා වෙන්න ඕනෑය.
ඇත්තටම මේ කැටයං සේරම නිකං ලකුනු දාගන්න කොරන පුක් වැඩ බව මේ පුංචි මට යන්තං කිලෝමීටර වෙනවාය. ඔය සන්තෑසිය ජනාදිපතිතුමා සම්බන්දයෙං විතරක් නෙවේය. මුළු රාජ්‍ය අංසයේම ව්‍යාප්ත වෙලා අහවරය. පුද්ගලික අංසෙත් නෑ කියන්න බෑය. දැන් සේරම සිද්දවෙන්නේ ලොක්කාගෙන් ලකුනු දාගන්න එක උඩය. වැඩ නොකරාට කමක් නැත. වැඩ කරන උන් වැඩම කරන නිසා උන්ට ලකුනු ගැන හිතන්න වෙලා නැතිය. ඒ හින්දා උන් කරන වැඩ ටිකටද ලකුනු දාගන්න ඕන තරං කට්ටිය ඉන්නවාය.
අපේ ජනාදිපතිතුමා මට වඩා ගොඩ්ඩ්ඩාක් ලොකු ඇත්තෙක් හින්දා උන්දැටත් මේවා නොතේරෙනවා වෙන්න බැරිය. ඒත් උන්දෑත් මං වගේම කුක්කු බබෙකි. උන්දෑත් මේව සේරම දැන දැන දන්නේ නෑ වගේ ඉන්නවාය. ඉතිං රටේ ලොකුම ඇත්තාගෙන් පටං අරං පාතම ඉන්න මං වගේ එකෙක් වෙනකල් රටම කුක්කු බබාලා බව දැන් පැහැදිලිය. මෙච්චර අකුරු කොටලා තටමලා මට ඕන වුනේ ඒක කියන්නය.
පස්සෙ ලිව්වා...
ජනාදිපතිතුමා මගේ බ්ලොගය කියවනවා වෙන්න බැරිය. අඩුගානේ ලේකංතුමාවත් බලනවා වෙන්ඩ බැරිය.
ඒත් දැක්කොත් කරන්ඩ දෙයක් නැත. කරන්ඩ තියෙන එකම දේ නොදැක්කා වගේ ඉන්න එකය.
හිහ් හිහ් හී! මේ වමනෙං එන ඒ ගඳ-සුවඳ මගෙ ආත්මය හිල් කරන් ගියා සෑර්!
ReplyDeleteඑල පෝස්ට් එක.
Very convincing piece of writing.
ReplyDeleteapi owa kata kiyannada deiyangema pihitai
ReplyDeleteකුක්කු බබාලා වගේ ඉන්න ජනමනයම තමයි කතිර ගහල තොත්ත බබාලව පත් කොරගෙන එඋන් කරන "කක්ක" වැඩ බල බල තවමත් එඋන්ටම කතිරය ගහල නැවතත් පත් කොරන්නේ. සුපිරි ලෙසටම ලියා ඇත.
ReplyDeleteඅපෝ මම මේ පෝස්ට් එක දැක්කේ නෑ..
ReplyDeleteනගරෙට වෙච්ච සන්තෑසියි කටවුට් තොගෙයි රෝසමලුයි දැක්කම හරේෂ් ලොක්කගෙන් මේ වගේ පෝස්ට් එකක් මං අම්මපා බලාපොරොත්තු උනා. මං තාම මොන්ටිසෝරිවත් නොයන හින්දා මේ වගේ පෝස්ටුවක් ලියාගන්න තේලෙන්නෑ. කෝමද අම්මේ එක රැයෙන් පැළත් හැදිලා මළුත් හැදෙන්නෙ කියලා අම්මාගෙන් ඇහුවම අම්මි කීවා ඕවා සුරංගනාවියන්ගෙ වැඩලු. මං ආතම අර රජතුමා අත දික්කරලා ඈත පෙන්නද්දි එතට දුවන්න පොරකන නපුරු සිංහයන් ගොඩ ඉන්න කටවුට් එකට. ආච්චි කිව්වා එයාගේ කාලෙ එම් ජී ආර් කියන නළුවගේ ෆිල්ම් කටවුටුත් ඒ වගේ කියලා.
ReplyDeleteකාලෙං කාලෙට එක එක එව්වාය. ඒ යුගයෙං යුගේ මිනිස්සු ඉන්ට ඕන කෙරේම සහ විදි තියනවාය.ඒ විදිහට නොහිටියාම අවුල්ය. වැඩියක්ම එහෙම නොඉන්න එකාට නොව ඒ යකාගේ යාලු මිත්තර නෑ කස්ටියට අවුල්ය. ඒ නිසාම ලෙඩට දුකට ඉන්න එවුන්ට අවුල් නොහදා ඉන්ට ඕන පිළිගත්තු කෙරේමෙට ඉන්න එක දෙලොවටම හොඳය.
ReplyDeleteයුද්දෙ කාලෙ ඉන්ට නියම වෙලා තිබ්බෙ ජාත්‍යාල මෝඩ් එකෙන්ය.එහෙම නැතුව යුද්දෙ දිනන්ට බැරි බව හැමෝම කීවෝය. ඒ නිසා අපි එහෙම ඉඳල යුද්දෙ දිනුවෙමි.
යුද්දෙ දිනා දුන් එතුමාට උපහාර පිනිස දැන් අපිට ඉන්න නියම වෙලා තියෙන්නෙ බබා උකුං මෝඩ් එකෙන් බව ඇත්තය. ඉතිං අපි එහෙම ඉමුය.වෙන දෙයක් කරන්නට ඉතුරු වෙලා නම් නැත.
ජනාදිපති තුමා කොහොම වෙතත් එතුමාගේ ලේකං තුමා නං බොලොග් කියවන බවට විස්වාස දායක ආරංචියක් කලකට පෙර ලැබුනා වගේ මතකයක් ඇත.ඒ නිසා කලබල වෙන්ට උවමනා නැත. එතුමා ද ඔය සෑම බොලොග් එකක්ම කියවා බබා උකුං වෘතයට සමවැද ඉන්නවාට සැකයක් නැත.
බබා උකුං දේසයේ ගවුරවනීය පුරවැසි ඔබට මට අප සැමට ජයම වේවා!!!
නොදැක්කා සේ හිටීම හොඳයි වගේ.
ReplyDeleteමේක ඔයා වගේ චූටි බබාලට තේරුනාට චන්දේ දාන ලොකු ඈයොන්ට තේරෙන දවසක් ආවොත් වෙනස් වෙයි...
කොහොමත් අපි ආස්ච්රයයේ දේශය නේද?
පාලකයෝ අපෙන් බලා පොරොත්තු වෙන්නේ ඕන්න ඔච්චරයි බන් . .
ReplyDeleteමොන හුxxxxxx ක් (හුළුඅත්තක්) දැක්කත් දැක්ක නොදැක්ක ගානට ඉන්න ඕන කියන එක. . .
එහෙම ඉන්න බැරි නම් ඒකේ අජූව ගැන කතා නොකර ඒක මහා අපූරු එකක් විදිහට වර්ණනා කොරන එක . . .
පුක උඩ දාගෙන කඩේ යන උන්දැල ඔය ඒක කොරන්නේ බන් අපූරුවට මොකෑ උඹට බැරි ඉතිං . . .
ඊලඟ පෝස්ට් එක ලියපන් අර එක රැයින් පිපුනු මල් වල ලස්සන . . ඒවයින් විහිදුනු සුවඳ . . රොන් ගන්න ආපු බඹරු කියපු සින්ද් වල අපූර්වත්වය . .
ඔය මල මගුල් මහජන මුදල් කාබාසිනියා කිරීම ගැන නොකියා . . (ඒවා ඉතිං එයාලා ට කාබාසිනියා කරන්න නේ බන් අපි කතිරේ ගහලා චන්දේ දුන්නේ . .)
අනේ අම්මපා එදා දවස නං කතා කරන්නට නොඋවමනාය. මාත් කැලැනඩරෙන් ඒ දවස කැපුවාය. දවස් තුනෙන් හතරෙන් කරපු වින්නැහියක තරමක් හයියෝ... වෙනදා රෑ 7.30 වෙනකොට බලු බල්ලෙක් නැති පාරේ මෙදා රෑ 11ටත් මිනිස්සුය. උන් නා නා ප්‍රකාර වැඩකරති. කටවුට් දමති, කොඩි එල්ලති, මල්වවති, පාර සෝදති. මුලු නගරයම නිකං රජ දවස සැනකෙලියක් වැන්න. හයි පවර් ප්ලෑස් ලැයිට් හැම තැනමය. දවල් වාගේය.
ReplyDeleteඔක්කෝමත් හරිය. මමත් දැකපු අසික්කිතම කටවුට් එක, ජනාධිපති තුමා සිංහයන් තුන් දෙනෙක් බැඳගෙන එන දර්සනය ඇති එකයි. අම්මාපල්ල ජනාධිපති තුමා ඒක දැක්කනං ඒක ගහපු ඇමතියාව රටිනුත් පිටුවහල් කරනවාය. එච්චරකට කුජීතය. ලැජ්ජය. හිරිකිතය. වනචරය. තක්කෙටම සවුත් ඉන්දියන් ඇක්සන් පිල්ම් එකක මැර ඩයල් එකක් එනවා වාගේය. මට රැජිනි කානුත් මතක් වුනේය. ඌ එන හැටි හැබැයි මීට වඩා හොඳය. මෙතන් ජනාධිපතිතුමාව තනිකරම ගල් යුගයේ දඩයක්කාරයෙක් ගානට දමා ඇත.අම්මපා ඒ කටවුට් එකේ පොටෝ එකක් ගන්න බැරි වුන හැටි. නැත්තං කාටහරි දීලා සුපිරි සිරිලංකන් මෙම් එකක් හදවා ගන්ට තිබ්බාය.
ඒ කෙසේ වෙතත් ආස්චර්යට පිංසිද්ද වෙන්න කටවුට්, ට්‍රැෆික්, අතන මෙතන පොලිස් ඇරෙන්න, දවසකට ටවුම යහමින් තිබුනාය. අර වටරවුමේ එක පැයෙං, ආස්චරයමත්ව හටගත් මල් ගස් වලට ආපහු වතුර ඩිංගක් එයැයිලා දාන්නේ කවද්ද බලාගන්න මට මාර උවමනාය.
හැබැයි එකමෙක ඉල්ලීමක් ජානාධිපතු තුමාගෙන් ඉල්ලන්නට ඇත. එක දිගට අවුරුද්දක්, මාස තුනකට සැරයක් වත් එතුමා මෙහේ ඇවිදිං යන්න එන්න කියායා. එතකොටවත් අපේ ටවුම පිලිවෙලකට හැදෙයියා. අයේ කතා දෙකක් නැත, අපේ ටවුම ඇමරිකාව වෙනවා සුවර්ය.
හරේ, මේ පෝස්ට් එක උඹේ වචන වලිං ම ලියවිච්ච එක හොඳය... නැත්තං අපේ කටවල් මේ වගේ ඇරෙන්නේ නැත.
අගෙයි!
පස්ටය... :-D
ReplyDeleteමම මේ පෝස්ට් එක කියෙව්වා වගේ මතක නැහැනේ. මට මුකුත් මතක නැහැ :D
ReplyDeleteඉහල සිට පහලටම ඉන්නේ හුක්කුං බබාලාය.. එකෙකුටවත් ජාතිය රට ගැන හැගීමක් නැත. අපේ අප්පුච්චා නිතරම කියන කතාවක් සිහියට එන්නේ මේවා කියවන විටය. " දේශපාලනය වූ කලී තමන්ගේ බඩ වඩාගැනීම සදහා ගන්නාවූ ක්රියාමාර්ගයකි. "
ReplyDelete:) :)
ReplyDeleteහනේ මන්දා ළමයෝ! මං නම් කියන්නේ ඔයත් ඕවා දැකලා ආශ්චර්යෙන් මත් වෙලා කට පියන් ඉන්නයි තිබුනේ! මේවා නොලියා..! බබෙක් උනාම බබෙක් වගේ ඉන්න එපැයි පණ්ඩිත නොවී,....
ReplyDeleteඅයි කැන් සී සුදු වෑන් කමින් අවුට් :P
ReplyDeleteමම දැන් මොනාද කියෙව්වේ? මට මතක නෑ නේ
ReplyDeleteහරි කම්මැලිය් අප්පා... කට්ටියටම ස්තූතියි වමනෙ දාල ගියාට! :-)
ReplyDeleteඒක නේ මෙහෙට බබාලන්තය කියන්නේ!!
ReplyDeleteරත්ගමයාගේ බ්ලොග් එක ජනාධිපතිතුමා කියවන හින්දා මේක, ඒකෙ දැම්මා නම් හොඳා මයේ හිතේ!!
fine writing dude lesatama liyanawa macho ..............
ReplyDeletenicely writed........ all the best man.
ReplyDeleteකියෙව්වට, අදහස් දැක්කුවට සියළු දෙනාටම ස්තූති වේවා... :-)
ReplyDelete