Friday, 23 September 2011
හොඳ නොවන චිත්‍රපටි පිස්සුව | Love for movies!
ඊයෙ කියෙව්ව නෙව මෙතනට එනකල්... මේ ඉතිරි ටික...
-----------------------------------------------------------
චිත්‍රපටි බැලිල්ලෙ ඊළඟ අදියරට එන්නෙ මම අන්තර්ජාලයට එකතු වීමත් එක්ක. අවුරුදු ගාණක් ඊ-මේල් විතරක් හුවමාරු කරමින් ඉඳල 2008දි සයිබරයේ සත්ත්වයෙක් විධියට අමාරුවෙන් අඩිය තැබීමත් එක්කම චිත්‍රපටි බලන, ඒ ගැන කතාකරන, හුවමාරු කරන කීප දෙනෙක්ම මට හම්බවෙනව. ඒ අයත් එක්ක චිත්‍රපටි වලින් නැවතුනේ නැති සංවාද හරහා එයාල එක්ක ගැඹුරු මිතුරුකම් ගොඩක් ඇති වෙනව. ඔය අතරින් මුලින්ම මට ටොරන්ට් වලින් බාගත්තු චිත්‍රපටි එකතුව ලබාදෙන්නෙ සම්පත්. ඒක එයා අධ්‍යාපනය සඳහා රටෙන් පිටත් වෙන්න කලින් DVD එකක මට තැපැල් කරන චිත්‍රපටි එකතුවක්. ඒකෙ තියෙන්නෙ Across the Universe, Eternal Sunshine of the Spotless Mind, Into the Wild, Kite Runner සහ Once කියන චිත්‍රපටි කීපය. ඒ එක්කම වදයක් නැතිව ඒව බලන්න මට SM PLAYER මෘදුකාංගයත් එයා ඒකෙම එවනව. ඔය චිත්‍රපටිවලින් කීපයක් ගැනම අපි කලින් කතාකරල තිබුණ නිසා ඒව මට සෑහෙන්න වටින දේවල් වුණා ඒ දවස් වල. ඒ එක්කම තමයි අන්තර්ජාලයෙන් චිත්‍රපටි බෑම කියන ඒක ගැන මම හොයන්න යන්නේ. නමුත් මට ඒ වෙද්දිවත් මගේම කියල පරිගණකයක් හෝ අන්තර්ජාලයෙන් බාන්න තරම් හැකියාවක් නොතිබුණ නිසා ඒ වැඩේ ගැන නොහිත හිටියා. හැබැයි You've got mail කියන, ඒ දවස්වල හොඳටම වැදුණ චිත්‍රපටියක් මම youtube එකෙන් කෑලි විධියට බෑවා.
ඔය ඔබ නලයෙන් බාන එකත් රසවත් වැඩක් වුණා ඒ දවස් වල. ඇත්තම කිව්වොත් මෙලෝ රහක් නෑ ඒ බෑවිල්ල. ඒ කාලෙ ඔය ඩවුන්ලෝඩ් මැනේජර්, වීඩියෝ වඩුන්ලෝඩර් වගේ එව්ව ගැන හාංකවිසියක්වත් දැනගෙන නොහිටපු නිසා බාගන්න වෙන විධියක් තිබුණෙම නෑ. ඒත් youtube වීඩියෝවක් හාඩ් ඩිස්ක් එකේ කොහෙට හරි buffer වෙන්න ඕන කියල මම දැනගෙන හිටිය. ඔය ගැන පොඩ්ඩක් අවුස්සලා බැලුවම මෙන්න user folder එකේ Local Settings\Temp කියන පාත් එකට .tmp ෆයිල් එකක් එනවා වීඩියෝවක් බලද්දි. හැබැයි මේක වීඩියෝවෙන් අයින් වුණ ගමන් මැකෙනවා. ඒ වගේම කොපි කරන්නත් බෑ. නමුත් වැඩෙත් කෙරෙන්න ඕන නිසා මම කලේ වීඩියෝ 4ක් විතර play වෙන්න දාල සේරම සම්පූර්ණ වුණාට පස්සෙ මැෂින් එකේ තියෙන reset බොත්තම ඔබපු එකයි. යන්තරේ ආයෙ ඔන් වුණාම යස අගේට අර පාත් එකේ අදාල ෆයිල් ටික තිබුණා. මැෂින් එක reset වෙනකොටත් වීඩියෝ ටික බ්‍රවුසරේ ලෝඩ් වෙලා තිබුණ නිසා සිස්ටම් එකෙන් ඒව මකන්න වෙලාවක් නෑ. කොහොම හරි ඒවයෙ extension එක .flv කරගත්තම වැඩේ හරි.
නොදන්න කාලෙ ඔහොම කලාට දැන්නම් ඒ වැඩේට ඕන තරම් බඩු තියෙනවා. නමුත් ඒ දවස්වල මට චිත්‍රපටි බෑමේ පිස්සුව හැදුණනම් අපේ බොසාට අළුත් කොම්පියුටර් කීපයක්ම ගන්න සිද්ධ වෙන්න තිබුණා මගේ reset කිරිල්ල නිසා.
හරි... ඒ අතුරු කතාවක්...
චිත්‍රපටි බැලීමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම අළුත් වෙන්නෙ ඔයාල දන්න රේවන් හෙවත් අපේ බෝ නිසා. එයා කලින් ඉඳන්ම චිත්‍රපටි බාමින් බලපු කෙනෙක්. ඒ නිසාම අපේ හමුවීම් අතරෙදි එයාගෙ මුළු චිත්‍රපටි ගබඩාවම මට හම්බ වෙනවා. ඔය කාලෙදි මම මිලට ගන්න 80 GB IDE හාඩ් ඩිස්ක් එක (පෝටබල් නෙවෙයි. IDE කේබල් එකත් එක්ක උස්සන් යන්නේ :P) එයාගෙ යන්තරේට ගහල ඒකෙන් මගේ හාඩ් එකට කොපි කරල තමයි මම චිත්‍රපටි ගත්තේ. ඒ දවස්වල එයාට තිබුණ යන්තරේ එක පාරම ඔය හාඩ් එක detect නොකරපු නිසා අපි කාපු කටු නම් කියල වැඩක් නෑ. චිත්‍රපටි 100ක් විතර කොපි වෙනවට වඩා වෙලා යනව හාඩ් එක connect කරන්න. කොහොම හරි ඒ දවස්වල දවසට චිත්‍රපටි දෙකක් කොහොම හරි බලනවා. නැත්තං ඔය චිත්‍රපටි 100 ඉවර කරගන්නෙ කොහොමද? රේවනුත් දවසකට චිත්‍රපටි 2කට වඩා බෑව නෙව.
ඔය චිත්‍රපටි වලින් හොඳම ඒව මම DVD වලට දාගෙන ගනේගොඩ අයිය එක්ක බෙදාගන්නවා. එ්වත් එකතු කරන්න පටන්ගන්නවා.
2009 මුලදි ආයෙත් මම ගමට එනවා. ඔය කාලෙ බ්ලොග් හොඳටම ලියවුණ කාලෙ සහ අන්තර්ජාලය අස්සෙ එක එක සංගම් වල ක්‍රියාන්විතයේ හිටපු කාලෙ නිසා ගමට ආපුගමන් කරන මුල්ම කටයුත්තක් තමයි ගෙදරට ජාලෙ හදාගන්න එක. ඊට පස්සෙ චිත්‍රපටි බැලිල්ල සහ බෑම ගැන කවර කතාද? මුල් කාලෙ දවසකට චිත්‍රපටි දෙක හමාරක්වත් නොබල මිස නිදාගත්තෙනම් නෑ. හාඩ් ඩිස්ක් එකේ තිබුණ ඒවයි මම කැමති ඒවයි සේරම හවස හයේ ඉඳන් පාන්දර වෙනකල් බැලිල්ල තමයි කලේ. රස්සාවට යන්න උදේ 7.30 ට නැගිට්ටත් ෂේප් නිසා කිසි අවුලක් නැතිව චිත්‍රපටි වෙනුවෙන් නිශාචර වුණා.
ඒ එක්කම මට ඕන වෙනව අඩුගානෙ මම බාන ඒවවත් බැකප් කරගන්න. ඒ නිසා සුපුරුදු විධියට DVD අරගෙන ඒව පිරෙන ප්‍රමාණයට ඒවට චිත්‍රපටි wright කරනව. ඒ එක්කම ඒව හරියට maintain කරන්න ඕන නිසා CD bank කියන organizer එක පාවිච්චි කරල ඒව අංක කරගන්නවා. DVD වල අදාල චිත්රපටියෙ නමයි අංකයයි ලියනවා. ඔහොම එකතු කරපු DVD දැනට නම් තියෙන්නෙ 160ක් විතර. බලපුවයින් හොඳම කියල හිතෙන ඒව විතරක් ඔහොම තියාගන්න නිසා තාමත් ඒ ගාණෙන් ෂේප්.
2009 අගදි මට යාළුවෙක්ගෙන් තෑග්ගක් විධියට ගිගා බයිට් 300ක පෝටබල් හාඩ් එකක් ලැබෙනව. ඕක ලැබුණ එක නිකං රජ වුණා වගේ වැඩක්. දන්න කියන හැමෝගෙන්ම ගත්තුව ඕකෙ පුරවගත්ත. සැරින් සැරේ රේවන් හම්බවුණාමත් ඒකෙ බාගයක් පිරුණා. ඊට අමතරව ඔෆිස් එකේ වගේම වෙනත් යාළුවන්ගෙන් ලැබෙන ඒවත් දැන් මුලින්ම යන්නෙ ඒකට. ඒකෙ කාලයක් තිස්සෙ හොඳට තෙම්පරාදු වුණාට පස්සෙ තමයි චිත්‍රපටිය බැලෙන්නේ. මොකද දැන් තියෙන ඉඩකඩත් එක්ක ලැබෙන හැම චිත්‍රපටියක්ම බලන්නත් බෑ. ඒ නිසා බලන්න කලින් විනාඩි කීපයක් ඔය IMDB පැත්තෙ ගිහින් කමෙන්ට් එකක් දෙකක් කියවලා, එහෙම නැත්තං අධ්යක්ෂල ගැන හරි නළු නිලියො ගැන හරි සලකලා තමයි චිත්‍රපටිය බලන්න වෙන්නේ.
වර්තමානය වෙද්දි චිත්‍රපටි බැලීමත් සයිනාකාරයි. ඒ කියන්නෙ එක කාලෙකට හිටු කියලා චිත්‍රපටි බලනවා. අනිත් කාලෙට චිත්‍රපටි අතෑරලා ඔය ටියුටෝරියල් බලන එක හෝ ලිවීම වගේ වෙන වෙන අනංමනං. මේ කාලෙ ආයෙත් ගෙවෙන්නෙ චිත්‍රපටි සමයක්. මොකද තාම පිස්සුව හොඳ නෑ. ඒ නිසාමයි මේ ගැන ඔන්න ඔහේ ලියල දානව කියල හිතුණේ.
මම දන්නව මේකෙන් කාටවත් ඇති වැඩක් නෑ කියල. ඒත් වැඩක් ඇති වැඩම කරන්න ඕනත් නෑනේ... :D
උඹේ විදියම තමා හරේ මගෙත්. TV එකෙන් පටන් ගත්ත චිත්‍රපටි බැලිල්ල තාම හොඳට ක්‍රියාත්මකයි.... :D
ReplyDeleteහැබැයි මගෙනම් දැන් යන්නේ TV series කාලේ.. :D
දැනට මාස දෙකකට විතර කලින් පටන් ගත්ත බැලිල්ල තාම ඉවර නෑ... දවසකට එපිසෝඩ් 5ක් නම් අනිවා බලනවා කොහොම හරි...
ඔය පිස්සුවනම් හොඳ වෙන එකක් නෙවෙයි. ඒ දවස්වල එක දවසට ෆිල්ම් හෝල් තුනකින් 10.30,2.30,6.30 ෂෝ තුනම බලලත් තියෙනව. පස්සෙ කාලෙ සීඩි තාක්ෂණය එද්දි රුපියල් තිහට කුළියට ගෙනල්ලත් බැලුව. දැනුත් බලනව. ඒත් ඉස්සර තරම් බලන්න වෙලාවක් නැති නිසා එච්චරම පිස්සුවක් නෑ. හැබැයි ඉතින් දැනටත් ඉංග්‍රීසිනම් සිරා ස්ටෝරි බලන්න කැමැත්තක් නෑ. මොකද ඒව තේරුම් ගන්න අමාරු නිසා.
ReplyDeleteකාලෙන් කාලෙට හැදෙන පිස්සුව වෙනස් . මට කාලයක් හින්දි ෆිල්ම් බලන්න මේනියාවක් තිබුණා පස්සේ කාලෙක ඇනිමේසන් බලන්න . තව කාලෙක *** බලන්න . විටෙක ඒලියන්ස්ලා ඉන්න එවුවා . තව විටෙක .ෆයිට් එවුවා . ඔය සේරම බලලා බලලා අන්තිමේට මම ෆිල්ම් එකක් ආසාවට නොබලන තරාම් ඒවායින් දුරස් වෙලා ..
ReplyDeleteපරිගණක ක්‍රීඩා වලට මාරු වුණා . අදටත් මම මාර ආසයි අළුත්ම පරිගණක ක්‍රීඩා වලට .
මේ ලිපි දෙකම නියමයි. මතක පොතක්!
ReplyDeleteමම නම් ඔයා තරම් ෆිල්ම් පිස්සෙක් නොවුනට ඔයා වගේම ඩෙක් පීස් වලින්.. වී සි ඩි වලින්.. ඩිවිඩි වලින් හැම එකකින්ම ෆිල්ම් බලලා තියනවා. හැබැයි ඉතිං මම නම් ෆිල්ම් බලන්නේ මට හොඳයි කියලා හිතෙනවා නම් විතරයි. අනිමේශන් තමා මම කැමතිම.!!!
දැන් මට වෙලා තියෙන්නේ පොඩි එකා බලන කාටුන් බලන්නයි.. එහෙම නැත්නම් ඌ නිදාගත්තම බලන්නයි.. ඒ වැඩේ කරන්න ගියොත් වැඩට යන්න වෙන්නේ නිදි මතේ..
ReplyDeleteඑළ මචන්, මගේ චිත්තරපටි පිස්සුවටත් ඔය වගේම ඉතිහාසයක් තියනව. දැන් ඩවුන්ලෝඩ් කරන එකට අමතරව රෙන්ට් කරලත් බලනව. මෙහෙ රෙන්ට් කරන එක ලේසියි. ගානත් අඩුයි, වෙලාව ඉතිරියි, බඩු ශුවර්.
ReplyDeleteඅනික වීඩියෝ ශොප් එකට ගිහින් ෆිල්ම්ස් තෝරන එකෙත් අමුතුම ආතල් එකක් තියනවා. ඇඟට දැනෙනව....
මමත් ඔය ඩවුන්ලෝඩ් කරලා ෆිල්ම් බලන කණ්ඩායමේම තමා. පහුගිය දවස් ටිකේ නිවාඩු තිබ්බා නිසා ඩවුන්ලෝඩ් කරලා ෆිල්ම් 5 ක් 6 ක් බැලුවා. දැන් ආයි වැඩ..... ෆිල්ම් බැලිල්ලට කොමාවක් දාන්න වෙලා තියෙන්නේ
ReplyDelete