පිටුපුරා කඳුලු කල දුක නිවා
බ්ලොග් පුරා කෙටූ කවි වැල් මකා
සති පුරා බැලු කඳුළු රස නසා
සොයාගනු වහා මේ පෙම්වතා
දුටුමතින් පෙර ගෙවූ දිවි ගණන්
මතකයට පිරී තුටු වූවාද?
හැරගොසින් මොහොතකින් බිඳ වැටී
මතු භවෙක ලැබෙන්නට පැතුවේද?
ගෙවී යන මොහොතෙදී ඔද වැඩී
අනාගත පැතුමන්ද පැතුවේද?
එය බිඳෙයි සැක පහල වූ විටෙක
ගෙවෙන මොහොතත් සිඳා දැම්මේද?
අඳුරු අහු මුල්ලකට තනිවීද?
පොත් පුරා කඳුළුකුරු ඇන්දේද?
සිත් පුරා විරහ ගී ගැයුවේද?
ජීවිතෙන් මිදෙන්නට පැතුවේද?
ගැලවෙන්න දැන් එයින්...
සිත වියැලිලා ගොස්
ගල්ම ගල් වූ දිනෙක
සොයාගත හැක ඔබේ
එක් වරෙක පෙම්වතා
වරක් භාවිතා කර
හොඳින් ආදරය විඳ
ඉවත ලෑ හැක තොසින්
කුණු ඇබින්දක් ලෙසින්
2011-07-15
මම හිතුවේ මේ වගේ කෙනෙක් මටත් හොයා ගන්න.
ReplyDeleteඅර නොලියනවා කියලා කතාවක් දැකලා පට්ට අවුලෙන් හිටියේ... ලියන්න ගත්තට සතුටුයි හරේ. මට නම් ලියන්න දේවල් නැති වෙලා මාව හිස් වෙලා. අපේ උන්දා කොයි වෙලේත් බිසි වගේ දුක කියාගන්නත්... ඒමිත් ලංකාවේ. මල්ලිත් කොහෙදෝ ගිහින්....
මරු සංකල්පනාවක් නේ... පට්ට
ReplyDeleteමට ඉතින් කවි වලින් උත්තර දෙන්නත් බෑ නෙව .. හොඳයි කියනවා ඇරෙන්න මට මේ වර්ණනා කරන්නත් දැනුමක් නෑ නෙව ..රස විඳලා පලා යන්න පමනයි අපට පුලුවන්
ReplyDeleteසිරාවටම කීවොත් ..අදහස ..නියමයි ..
මටත් මේකට විවේචන ලියන්නනම් තේරෙන්නෙ නෑ. ඒත් රසවින්ද
ReplyDeleteහික් හික්...පට්ට
ReplyDeleteආයේ බොරු කියන්නේ මොකටද හතර පස් පාරක් කියෙව්වත් මේකේ අදහස සම්පූර්ණයෙන් ඔළුවට ගියේ නෑ.....
ReplyDeleteකට්ටියටම ස්තූතිය් ගඳ ගහන්නම මගේ වමනෙ ගොඩේ වමනෙ දැම්මට!
ReplyDeleteමේ ඩිස්පෝසබල් ප්‍රේමයේ අදහස කාලෙක ඉඳන් හිතේ තිබුණත් මේක නම් ක්ෂණිකව ලියවුණා වගේ එකක්. ඒ නිසාම වැඩිය සුමට නොකර අමුවෙන්ම ආපු ටිකයි මේ. අපරාදෙ වචන කියලත් හිතුණා පස්සෙ කියවද්දි.
මේ කියන්නෙ වද නොවිඳ ආදරය කරන්න ක්‍රමයක් ගැන.