Sunday, 12 June 2011

කවියට හැඩයක්! | කිසිම හැඩයක් නැතිව

මුළු ලෝකයමත්
ඉන් එහා විශ්වයත්
බ්‍රෑන්ඩ් නේම් අස්සට ගේන්න
තතනන මොහොතක
හිතයි ඩිංගක්
මිදී ඒ වියවුලෙන්
එපිට ගොස් හැරී බලන්නට
ආයෙමත්

දුටු, විඳි, කල නිර්මාණ සියල්ලම
අච්චු අස්සට ගෙන
නාමකරණය කොට
කැටගරි කරවා
ඩේටා බේස් වලට දමා
ඒ ‍ඒ දේ වලට කැමති
ඒ ඒ අයට
ඕනැ ඕනැ හැටියට
මුදා හරියි එකින් එක
යටින් ඇඩ් එක්ක...
'හායි මෙයාලා...
ඔන්න මම ඔයාල ආසම සින්දුව ගෙනාවා...'

ඒ අස්සේ
දකින අමුතු යමක් ගැන
වෙර යොදා හොයා බලා
එය විංසයෝජනය කොට
කෑලි වලට කඩා
කෑලි ගානට ගෙවා
පෙර සැදූ අච්චු අස්සට ඔබයි
"අහා මෙය මේකකි
අර අරකකි
ඔය ඕකය
ඔය ඔක්කොම මේකය"

ජීවිතය ස්ටෑන්ඩඩ් කරවා
කන බොන දකින විඳින
සියළු විලාසයන්ට
සෑදූ ආකෘතියෙන් පිට
පවත්නට නොහැකි වන
එක බින්දුවේ සිස්ටම් හැදෙන
වර්තමානය මෙයයි
අතීතයේදීත් මතකයි
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම
කැටගරයිස් කර
නූතන ගිරවුන්ට ගණින්නට
ගණන් ගැන අන් උන්ට බනින්නට
නාහන උන් නසන්නට
මරා ඇනිවසරියෙදි මස් බුදින්නට
නොදෙඩූ මහා දාර්ශනිකයා
අද වගේම අපූරුයි

එවිට එක මොහොතක
ඔය කියන ආකෘති
තූ තූ කොටපියා හැර
අමුවෙන් ලොවට විවරව
ඵල දරන බිජුවට ගෙන
"මෙය ලෙඩක් මෙය ලෙඩක්
කලින් අපි දැකල නෑ"
වාද බයිලා ගයා
ඒ නවමු බිජුවටම
තූ තූ කොටපියන
පොලිස් ජීවිත

ඒ අස්සේ
කඳු ගල් හෙල් අතර
අනන්ත හැඩ මවා
ගලා යන ගංගාව ගැන...
නොගිණෙන නා නා විසිතුරෙන්
දෑස් අයස්කාන්ත කරවන
වලා පෙල ගැටෙන සිඳු තරඟ ගැන...
සෙකන්ඩ් මොහොතක සිනාසී
මිලි සෙකන්ඩුවෙන් පුෂ්පාග්නිතව
නැවත ප්‍රේමීව උරේ හිස තබන ඇය ගැන...
මතවාද අස්සට ඔබන්නට වෙර දරා
එක ලෙස තබන්නට වෙහෙසුනද
එක ලෙස නොම ගලන
අනන්ත ක්ෂුද්‍ර කම්පනැති ජීවිත ගැන...

ලියන්නට වෙන කවියට විතරක්
මොකටද එක විධියක හැඩයක්?


2011-06-12

10 comments:

  1. උඹ වගේ ඒවුන් තමයි ඕන... මොළේ ෆ්‍රේම් එකක් ඇතුලේ දාගෙන ලස්සනට එල්ලල තියන්නෙ නැතුව.. මොළේ උණ හැදුනත්... හැමතැනම විසිකරලා දාන්න ඕන... ඕන ........... කියල...

    වෙන දෙයක් වෙයි...
    ළෝකේ ළස්සන අළුත් විදියට හිතන මිනිස්සු නිසා...

    ReplyDelete
  2. නියමයි නියමයි. තාක්ෂණික වචන කවියටත් ඔබල.

    ReplyDelete
  3. මාර වදන් පෙලක් නෙ .....
    ඇත්තටම නියමෙට ගලපලා තියනවා ........

    ReplyDelete
  4. වෙනස්ම පැත්තකින් හිතලා ලිය උන අපූරු කවි පෙලක්.. මම මේ අයියා ලියපු කවියක් කියෙව්වමද කොහේද...

    ReplyDelete
  5. තලන් - උඹ නොන්ඩියක්ද දැම්මේ? ;-)

    අවුට් - හැමතැනකටම තාක්ෂණය රිංගන එකේ කවිය ඒකෙන් ගැලවෙයිද නේද :D

    කල්හාර - තැංකිව් වේවා අර තිත් ටිකටත් එක්කම :D

    දිනේෂ් - අන්තර්ජාලෙ ලියන්න පටන් ගත්තෙ කවි වලින්ම තමයි. අළුතින් ලියල දාන්න දෙයක් නැතිවෙනකොට ඒව එක එක දානව. ඒ නැතත් මේ බ්ලොග් එකේම කවි ලියල ඇති ඕන තරම්! :-)

    ReplyDelete
  6. මෙතුවක් කාලෙකට අහපු අමුතුම කවිය තමයි ඒක ..ඒකනම් අමුතු නිර්මාණයක් ..වන්සීරෝ පැටන් එකත් තියන හින්දා තවත් ලස්සනයි !

    සමහර වචන තේරුනෙත් නෑ ඒ උනාට මම කවියට ආසයි ..මාර ආසයි

    ReplyDelete
  7. පිස්සුද මහත්තයෝ... බොක්කටත් පහලින් කිව්වෙ...

    ඔය මහා ගත් කතුවරු කියන අය වෙන අයගේ නිර්මාන නොකියවපු අය...

    එතකොට තමයි අළුත් ඒව එන්නේ... නැත්තම් එන්නේ අනුකරණයක්...

    උඹ බය නැතුව ලියපන් හිතට එන එක... පස්සෙ හදාගන්න පුලුවන්.. ඔප මට්ටම් කොරල...

    ReplyDelete
  8. සඳ - වන්සීරෝ පැටන් එක? හි හී... ඒකත් මරු තමයි..

    මාව තලපං - ඒකත් හරි. ඔය හෙනට කියවද්දි වෙන කල්පනාවක් එන්නෙම නැතිව ඇතිනෙ පොත්වල තියෙන එව්ව හැර...

    ReplyDelete
  9. ටික කාලෙකට පස්සේ තමුන්ගේ කවියක් කියෙව්වේ හ්ම්..! නරක නෑ.. තව ලියපන් බං..!!! අයිස් කුට්ටිය වගේ ඉන්නනේ නැතුව!!!!!!!!!!!!!!!

    ReplyDelete
  10. siber awakasye chuti walawak gana liyannata hithuna kaviyak eth awe naha kisima hadayak hithata obe hadayak nathi wadan pela dunna nemara hadayak.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!