Thursday, 26 May 2011
පින්තූරේ...
ආරියපාල මහත්තය විසි අටවෙනිද පෙන්ෂන් ගන්නව. ඒ ගැන කාටත් තිබුණෙ පුංචි දුකක්. කාර්යාලෙ වැඩ කරපු බොහොම සුහදශීලී මනුස්සයෙක්. අපට වඩා ලොක්කෙක් වුණාට හිටියෙම පොඩි මිනිස්සු එක්ක. රාජකාරියට පණ ඇරලා. වැඩක් කරගන්න ආපු මනුස්සයෙක්ව වැඩේ කරල දෙන්න බැරි වුණත් පුළුවන් තරම් සතුටින් පිටත් කරන්න හැකියාව තිබුණ නිලධාරියෙක්.
පුද්ගලිකවම මට බොහොම දැනමුතුකම් දීපු ගුරුවරයෙක්. කාර්යාලයේ රාජකාරිවලදි වගේම මගේ පුද්ගලික සහ වෙනත් ආර්ථික ගැටළු වලදිත් හොඳ යාළුවෙක් වගේ උදව් කලේ ආරියපාල මහත්තයා.
සමහර විට ඒ මිතුරුකම ඇතිවුණේ එයාටත් මගේ වයසෙම වගේ පුතාල දෙන්නෙක් හිටපු නිසා වෙන්න පුළුවන්.
පෙන්ෂන් යද්දි එයාට මොනවද දෙන්නේ...? ඒක හැමෝටම තිබුණ ගැටළුවක්.
මට තදින්ම දැණුන ගැටළුවක්.
හිතල හිතල අන්තිමේ මම තීරණය කලේ සමරුවක් විධියට එයාගෙ පින්තූරයක් රාමු කරල දෙන්න.
කාර්යාලෙන් අවුරුදු දෙකකට කලින් ත්‍රිකුණාමලේ ට්‍රිප් එක ගිය වෙලේ ගත්තු පින්තූර වගයක් මගෙ ළඟ තිබුණා. ඒ අතර ආරියපාල මහත්තයව බොහොම සුන්දර කෝණ කීපයකින් අරගත්තු ලස්සන පින්තූරය කීපයක්ම තිබුණා.
මම ඉන් එකක් අරන් කොම්පියුටරෙන් කපලා කොටල ඇද හදල ලස්සන මතුකරල ගත්තා. ඒක පින්තූර ස්ටුඩියෝවකින් ප්‍රින්ට් කරලා පෙනුම තියෙන රාමුවකුත් දැම්මෙව්වා. අපරාදෙ කියන්න බෑ බැලූ බැල්මට නියම පින්තූරයක්. මම ඒක ආරියපාල මහත්තයට හොරෙන් කාර්යාලෙ අනිත් යාළුවන්ට පෙන්නුවා. කට්ටියම ඒක බැලුවෙ ලොකු පෙරේතකමකින්. උපරිම වර්ණනාවකින් මගේ හිතේ ආඩම්බරයක් ඇති කරමින්.
කට්ටිය බැලුවට පස්සෙ අදාල දවස වෙනකල් මම ඒක ඔතල අරන් තිබ්බා.
විසි අටවෙනිද උදා වුණා. දවසම ගෙවුණෙ ටිකක් පාළු මූසල බවක් එක්ක. බොහොම තදින් අපේ දුක සැප බෙදාගත්තු සහෝදරයෙක් වගේ වැඩිහිටියෙක් අදින් පස්සෙ අපෙන් සමුගන්නවා. ඒ ගැන තිබුණ දුක නොකිව්වට කාටත් තදින් දැණිල තිබුණා. ආරියපාල මහත්තයා සුපුරුදු හිනාවෙන් වෙනදටත් වඩා ලෙන්ගතුකමින් දවස ගෙවන්න ලොකු උත්සාහයක යෙදුණත් එයාගෙ හිතේ තිබුණ දුකත් හැමෝටම තේරුණා.
හවස තේ වෙලාවත් එක්ක පුංචි සාදයක් පිලියෙල වුණා. ගුණ කථන, ගුණ වැයුම්, සින්දු, කවි, කතා එක්ක බටර් පාරවල් කීපයක්ම අවකාශයට එකතු වුණා. සේරම ලොක්කොයි සොක්කොයි කතා කරල ඉවර වුණාම කවුරුත් තම තමන්ගෙ තෑගි ආරියපාල මහත්තයට දුන්නා. ඊට පස්සෙ තමයි එයාගෙ කතාව පටන්ගත්තේ...
සාම්ප්‍රදායික ස්තූතියකින් පටන් අරන් කාර්යාලෙ හැමෝගෙම හොඳ කියපු ආරියපාල මහත්තයා තමන්ගෙ ඉතිහාසය ගැනත් රාජකාරි ජීවිතය ගැනත් දිගට කතා කලා. රාජකාරියේ නොයෙක් දුක් විඳල කැපීම්, ඇදීම්, නොසැලකීම් ගොඩකට මූණ දීල හොඳ ස්ථාවරයකට ආපු ගමන්මග ගැන දැණෙන්න කියන්න එයාට පුළුවන් වුණා. රාජකාරියට තිබුණ ආදරයත් රාජකාරියෙන් තෘප්තිමත් වීමත් ඒක ජීවිතේටම විහිදුවීමත් වගේ දාර්ශණික දේවල් ගැනත් කතා කලා.
අපට තේරුණේ එයා රාජකාරියට තදින් ඇලිල හිටපු නිලධාරියෙක් කියලයි. ජීවිතේ අවුරුදු හතලිහක්ම රාජකාරියේ නියැලිලා හිටපු නිලධාරියෙක් විධියට එයාගෙ ජීවිතේම වෙලා තිබුණෙ රාජකාරිය. ඒකෙන් ගැලවීම ජීවිතේ නෙවෙයි වගේ කියල එයා හිතන බව අපට තේරුණා.
කතාව අවසානයේ එයාට ඇඬුම් ආවා. ලේන්සුවෙන් ඇස් දෙක පිහින ගමන් එයා කතාව නතර කරල ඉඳගත්තා. කාටත් තිබුණෙ දැඩි දුකක්. ඒත් වන්දනා කිරීම්, වැළඳගැනීම් ගොඩකට පස්සෙ එයාට සමුදෙන්න අපට සිද්ධ වුණා. වාහනේට තෑගි ටික පටවල දීපු කිට්ටුවෙන්ම හිටිය අපි කීප දෙනෙක්ව ආයෙත් වැළඳගෙන ආරියපාල මහත්තයා ගෙදර යන්න පිටත් වුණා.
********************
පහුවදා උදේ වැඩට යද්දි හැමෝම කලබල වෙලා හිටිය හේතුව දැනගත්තම මට උන් හිටි තැන් අමතක වුණා. විජිතවත් ඇදගෙන එවෙලෙම පිටත්වෙන්න මට උවමනා වුණත් කාර්යාලෙම පොදු වාහනයකින් කට්ටියක්ම පිටත් වෙන්න සූදානමින් හිටියා.
ආරියපාල මහත්තය දුක වැඩිකමටද කොහෙද කලින්දා හොඳටම බීල වාහනේ හප්පගෙන.
අපි යද්දි බොඩිය ගෙදරට ගෙනල්ලත් ඉවරයි. ගෙදරට යන පාරෙ දිගටම වාහන නතර කරල නිසා අපේ වාහනේ ඈතින් නතර කරල අපි පයින් ගේ දිහාවට පිටත් වුණා. ආරියපාල මහත්තයගෙ පොඩි පුතා ඇස් රතු කරගෙන අපිව පිළිගත්තා.
කලින්දා රාජකාරියෙන් සමුගත්තු ආරියපාල මහත්තය අද ජීවිතයෙනුත් සමු අරන් තිබුණා. එයාගෙ නිසල දේහය ගේ මැදක නිහඬව තිබුණා. අනතුරක් වුණ බවක් පේන්න නැහැ. මිය ගිහින් වුණත් තේජාන්විත මුහුණ ඒ වගේමයි.
මගේ ඇස් වලට සීරුවෙන් කඳුළු ගලාගෙන ආවා.
මට පේන දර්ශනය ටිකෙන් ටික බොඳ වුණා. ඒ අතරින් මට පෙණුනා...
මම දුන්නු පින්තූරෙ ආරියපාල මහත්තයගෙ ඉහ අද්දරින් තියලා....
ඒකට මල් මාලයකුත් දාලා...
පින්තූරයේ ඉන්නේ Wilfrid Brambell නම් අයර්ලන්ත ජාතික නළුවෙකි.
බැරි වෙලාවත් උඹ අපේ පින්තූර එහෙම හදලා රාමු කරලා අපිට තෑගි දෙන්න එහෙම එපා මචන් :-D
ReplyDeleteඒක තමයි කියන්නේ ,... ජීවිතයේ ගොඩක් දේවල් අහඹු දේවල් කියල හිතුවට , ඒව කලින් ප්ලෑන් කරලයි සිද්ධ වෙන්නෙ.
ReplyDeleteවෙලා තියෙන්නෙ අපි ඒ ප්ලෑන් එක ගැන දන්නෙ නැහැ.( පලෑන හදපු අය නෙව ඒක දන්නේ- ඒක කියන්නත් දෙයක් ද නේද ?)
උඹනම් කැමරාවක් අතේ තියාගෙන ඉන්න අහළකවත් ඉන්න හොඳ නෑ..
ReplyDeleteනොදන්නා සැලසුම් එක්ක අපි නොදැන ජීවත් වෙනව..
ඔහු ආදරය කල දෙයින් සමුගත් දිනම ජීවිතයෙනුත් සමුගැනීම එක අතකට හොඳයි. නමුත් ඔහුට විශ්‍රාමිකයෙක් විදිහටත් තව කාලයක් සේවයක් කරන්නා තිබුණා.
ReplyDeleteජීවිතේ හැටි ඔහොම තමයි.. නමුත් මොලේ කියන දේ පාවිච්චි කොලා නම් ඔය අන්කල්ට ඔය දේ නොවෙන්න තිබුනා.. සංවෙදී කථාවක්......
ReplyDeleteවිශ්‍රාම යාම දුකක් ..රස්සාව ජීවිතේ කර ගත් බොහොමයකට ව්ශ්රාම යාම මහා දුකක්. ..එක පැත්තකින් ආර්ථික වැටීම.. අනිත් පැත්තෙන් මානසික වැටීම. මේ නිසා අපි රස්සාවෙන් අයින් වෙන්න කල්තියාම මේ තත්වයට හුරු වෙන්න ඕන.. ජීවිතට වෙන කළහැකි දේ එකතු කරගන්න ඕන.. විශේසයෙන්ම අද්යාත්මික පැත්තට කිට්ටුවෙන්න ඕන ඒ මොකද විශ්‍රාම යනවා කියන්නේ වයසත් එක්කනේ.. මේ ලෝකේ හැම දේම අපි දාල යන්න ඕන කියන සත්‍යයට මුණ දෙන්න ටික ටික හෝ පුරුදු වෙන්න ඕන කියල තමයි මේකෙන් පෙනෙන්නේ. කියන්න හරිම ලේසියි කරන්න තමයි අමාරු..
ReplyDeleteමගේ පෞද්ගලික අත්දැකීම් කිහිපයකින්ම මට තේරුනු දෙයක් තමයි, රාජකාරියට ඇබ්බැහිවී දීර්ඝ කාලයක් සේවය කල අය, විශ්‍රාම ගිය පසු, හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතු වුවද, කිසිම වැඩක නිරත නොවී විශ්‍රාම සුවයෙන් ගත කිරීම ඉක්මන් මරණයකට හේතු වන බව.
ReplyDeleteආරියපාල මහත්මයා නම් එහෙම නෙවෙයි හදිසි අනතුරකින් නෙව සමු ගත්තෙ.
ම - උඹ මැරුණු එකෙක්නෙ බං. උඹට පින්තූර ඕන නෑනේ..
ReplyDeleteසො - හි හි... අනේමන්දා.. ප්ලෑන් නොප්ලෑන්... සිදුවීමක් වුණාට පස්සෙ අපි ඒකට එක එක විධියෙ අර්ථදැක්වීම් හදාගන්නව. ඒකෙන් අපට පහසුවක් දැණෙනව නේ... :D
සයිඩර් - මගේ ගාව තියෙන්නෙ සෝනි එරික්ගෙ කේ හත්සිය හැත්තෑවක්. ඒක කොයි වෙලෙත් මගෙ සාක්කුවෙ තියෙන නිසා මම මහ භයානක පුද්ගලයෙක්... ;-)
රොබින් - එක අතකට ජීවත් වුණානම් එයාට ඉන්න වෙන්නෙ ලොකු අවුලක් එක්ක. ඒත් ජීවිතේ හොයාගන්න මිනිහෙක් කොයි මොහොතෙවත් පරක්කු නෑනේ....
චතු - වයසට ගියාට හැමෝටම මොලේ පෑදෙන්නෙ නෑනේ අම්මපා... :D
සරත් - ඇත්ත. මේ ගැන බණ කතානම් ඕන තරම් කියන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න ගියාම අපට මොනව වෙයිද කියල අපිවත් දන්නෙ නෑ.... :D අර කිව්වත් වගේ ඕන දේකට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් ගොඩනගාගන්න පුළුවන් නම් කිසි දෙයක් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ...
රවි - ගොඩක් විශ්‍රාම යන්න කිට්ටු අයට මේ අවුල තියෙනවා. එයාල ජීවිතෙන් බාගයකට වඩා කාර්යාලයක ගෙවපු උදවිය නිසා ඒකෙන් බාහිර ජීවිතේකට හුරුවෙන්න අමාරුයි. ආරියපාල මහත්තයටත් බොන්න හේතුව වුණේ ඒ කම්පණය වෙන්න පුළුවන් :D
ඔහොම තමයි ජීවිතේ කොතන කොයි වෙලාවේ කොහොම කෙළවර ව්එයිද කියන්න බෑ. හැබැයි සමහර වෙලාවට අවසානය පුදුමාකාරයි
ReplyDeleteකතාව මුලින් කියවගෙන එද්දි අවසානය මේ වගේ එකක් වේවි කියලා මම හිතුවෙ නෑ.. හරිම දුක්බර කතාවක්..
ReplyDeleteපූසා සහ දිනේෂ් - ගොඩක් දේවල් වල අවසානය අපිට හරිම සාමාන්‍ය දෙයක් වෙලානෙ නේද ඒ කියන්නෙ හින්දි චිත්‍රපටියක් ගත්තම ඒක නොබල වුණත් ගොඩක් විට අපිට කතාව කියන්න පුළුවන් වගේ..
ReplyDeleteඒ අස්සෙ එහෙම නොවෙන එකක් වුණාම අපි කම්පණය වෙනවා...
මෙච්චර කල් උබව දැනගෙන හිටියත් අද තමයි බ්ලොග් එක පැත්තේ ආවේ !
ReplyDelete