Saturday, 16 April 2011

ත්‍රී



අවුරුදු සද්දෙත් එක්ක ගෙදරට වෙලා කියවන්නත් දේවල් නැතිව එහෙ මෙහෙ කැරකෙද්දි ලංකා කලා දිනපොතේ රන්වල බලකායෙ ත්‍රී ප්‍රසංගය ගැන තිබුණ සටහන දැක්කා. ඒ එක්කම ඒකෙ වීඩි‍යෝව. ඒක බලලා අවුරුදු පිස්සුව හොඳ වෙලා ආයෙ වෙනත් සංගීත පිස්සුවක් හැදුණෙ ත්‍රී ප්‍රසංගය කොහොම හරි බලන්න ඕන කියන උවමනාවත් එක්ක.

ලයනල් රන්වල මහත්මය ගැන පුංචි කාලෙ ඉඳන් මට තිබුණෙ ඒ තරම් ප්‍රියමනාප අදහසක් නෙවෙයි. රූකාන්ත, අතුල වගේ අය සංගීත වීරයො වුණ කාලෙ අමරදේව, රන්වල වගේ සාම්ප්‍රදායික සංගීතය ආශ්‍රිතව නිර්මාණයේ යෙදුණ අයව ගණන් ගත්තෙම නෑ. නමුත් පස්සෙ කාලෙක ඒ නිර්මාණකරුවන්ගෙ තිබුණ අසහාය බව තේරුම් යාමත් එක්ක ඒ නිර්මාණවල තිබුණ අමු බව, වෙන්වුණ බව පේන්න ගත්තා. ඒ කාලෙ ඉඳන්ම ලයනල් රන්වල මහත්මය මගේ වීරයෙක්. දන්නවනෙ ඔහු අපිට අවුරුදු කාලෙට විතරක් මතක් වෙන කෙනෙක් කියලා...

එක එක අයට ඒ ගැන එක එක කතා කියන්න පුළුවන් වුණාට මට දැණෙන විධියට ජන සංගීතය කියල වර්තමානයේ අපිට දැණෙන දේවල් ටිකකට තියෙන්නෙ එතුමා කරපු නිර්මාණ තමයි. නැත්තං හොයන්න තියෙන කම්මැලිකම නිසා අපි හොයන්නෙ නෑ. කොහොම වුණත් හැ‍මදේම වෙනස් වෙමින් තියෙන ලෝකයක නොනැසී පවතින්න නම් වෙනසත් එක්ක එකතු වෙන්න උවමනාය කියන මතයෙ එතුමා ඉන්න ඇති කියල මට හිතෙනව.

මට කියන්න උවමනා වුණේ රන්වල මහත්මය ගැන නෙවෙයි. සහන් රන්වල ඇතුළු රන්වල බලකායෙ අළුත් නිර්මාණය හෙවත් ත්‍රී ගැනයි. මේක දැන් පරණයි. ඒත් මට අළුත්. කොහොමත් යුද්දෙටත් ඇවිත් සහ ගම අවුලඥ්ඥං ප්‍රසංග දෙකේම තිබුණ නිර්මාණ රසවිඳපු කෙනෙක් විධියට මේ ප්‍රසංගයත් අපේම හැටි ස්වභාවයන් වලට හිනාවෙන්න හදපු නිර්මාණ වලින් පිරිල තියෙනව කියල වීඩියෝව බැලුවම පේනව.

ඉතිං මේක බලන්න. අන්තිම වෙනකල් බැලුවට පාඩුවක් වෙන්නෙ නම් නෑ... විශේෂයෙන්ම ලංකාවෙ ඩ්‍රම්ස් අහන්න ආසයි නම්...


ත‍්‍රීසිංහලයේ,
ත‍්‍රිවිධ සම්ප‍්‍රදායේ,
තුන්කල් යා කෙරුම උදෙසා,
රන්වල බලකාය ඉදිරිපත් කරන
‘ත‍්‍රී’ ප‍්‍රසංගය


මේකෙ තියෙනවා තියෙන සින්දු වලට සම්බන්ධ කට්ටියගෙ විස්තර... මුල් එක බලලම ඉන්න මේක බලනවනම්...


මෙතන තියෙනවා තවත් සින්දුවක්! අවුරුදු කීපෙකට කලින් හොඳට පට්ට ගහපු එකක්!



ත්‍රී ප්‍රසංගය සහ රන්වල මහත්මය ගැන ආශ්‍රිත ලිපි

දැන් කට්ටිය හිනා වෙන වෙලාව... මේක තිබුණෙ ජනවාරි 22. ඉතිං දැං මොකද මේ තදියම? මොනව කරන්නද නොදැනුවත් කමට.... මේක මම දැක්කෙත් කලා දිනපොතෙන්. ආයෙත් පෙන්නන වගක් ආරංචි වුණොත් බලන්න උවමනා අයට පොඩි තල්ලුවක් දෙන්න එපැයි... නැතුව මට ටිකට් අරන් දෙන්න විධියක් නෑනේ... ;-)

7 comments:

  1. මෙයට කමෙන්ට් අවශ්‍ය නැත. හැකියාවක් තිබේනම්, රසවින්දා නම් යූටියුබ් වීඩියෝ වලට කමෙන්ටුවක් ලබාදෙන්න.

    ReplyDelete
  2. කමෙන්ට් එපා කිව්ව්ට ආයෙ කියෙව්වට පස්සෙ "කියෙව්වා" කියලවත් කියන්නෙ නැතුව යන්නෙ කොහොමෙයි. මේ ඉතිං හොඳපුරුදු, චාරිත්‍ර මතක් වෙන කාලෙ නෙව.

    ReplyDelete
  3. ත්‍රී ආයෙත් තියෙනව... කට්ටියම එන්න එක බලන්න.. මැයි මාසේ 8 More Info - http://twitpic.com/4mr0oe

    ReplyDelete
  4. හරේ - නෙද්දකින් තෝ නම්...

    නවම් - එහෙමවත් චාරිත්තර කියල ජාතියක් රකින එක හොඳයි බං :D

    නවීන් - සුපිරි කොල්ලෙක්නෙ ඔයා... ඒ දවස වල මට අම්බාණක් ලෙස වැඩ වැඩි වෙනවා... ඒ වුණාට උපරිම ට්‍රයි කරමු බලමු.... :D පින්තූරෙ පෙන්ුවට ස්තූතියි...

    ReplyDelete
  5. මට නං ත්‍රී ප්‍රසංගය ඇල්ලුවේ නෑ. සල්ලි අපරාදෙ කියල හිතුන. :-/

    ReplyDelete
  6. සුපුන් - ඒකෙ ෂුවර් එකට ඉලව් ගැන මුකුත් තියෙන්න නැතිව ඇති.... අපිනං 8 වෙනිද බලන්නයි ඉන්නේ....

    ReplyDelete
  7. අඩේ අර උඩින්ම දාලා තියෙන්නෙ මගේ 3D එකක්.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!