Friday, 26 November 2010
ස්ත්‍රීන් නැති හෙටක්!
අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරල, පෙම්වතුන්ව පන්නල දාල, අම්මලට සාරි අන්දල, අක්කලට ඔසරි අන්දල, නංගිලට ළමා සාරි අන්දල, අබිසරුලියන් කූඩුවල දාල රටම සුද්ද කලත් කාන්තාවන්ට තිබුණ ලිංගික බලහත්කාරකමේ ප්‍රශ්ණ නැවතුණේ නෑ...
සංස්කෘතියයි, සභ්යත්වයයි, දේශීයත්වයයි, අපේකමයි, සිංහලකමයි, දෙමළකමයි, මුස්ලිම්කමයි, වෙස්ටන්කමයි අරවයි මේවයි මොකකවත් වෙනසක් වුණෙත් නෑ...
පත්තරවල හැමදාම ස්ත්රීන්ගේ පතිවෘත්තාව සිඳුණ කතා පල වුණා. සංස්කෘතිය, සභ්‍යත්වය වගේ ඉස්සෙල්ල කියපු සෙට් එකටම කෙලවගත්තු ප්රවෘත්ති හැමදාම පල වුණා.
දවසේ වැරැද්ද කොපි කරපු හැම ටීවී චැනල් එකේම දවසේ වැරද්ද කිය කිය පෙන්නන්න කාන්තා ප්‍රශ්ණයකුත් තිබුණා. අදාල නිව්ස් එකට මුල් වුණ කාන්තාවගේ හත්මුතු පරම්පරාවගේම අලගිය මුලගිය තැන් හොයමින් රබර් වෙවී නිව්ස් අයිටම් ගියා. ප්රවෘත්ති නිවේදකයො කම්මුල් වල අත් තියාගෙන දුක් වුණා. නිවේදිකාවො හොටු පෙර පෙර ඇඬුවා.
ඔහොම කාලයක් යද්දි කාන්තාවගේ ප්‍රශ්ණය කාන්තාවමයි කියල දොදොල් මූණක් තියෙන ලොක්කෙක් හොයාගත්ත.
ඉක්මනටම ඒක රටේ තියෙන ලොකුම ප්‍රශ්ණය වුණා. ටීවීවලින් ලොකු බඩවල් තිබුණ සුදු රෙද්දයි කෝට් එකයි ඇඳගත්තු පිරිමි හිටු කියලා කාන්තාවන්ට දෙහි කැපුවා. මනස්කාන්ත, අයස්කාන්ත, තරුණ, කඩවසම් නිවේදකවරු තම තමන්ගෙ ගැඹුරු, දාර්ශණික, විධග්ග වචන මාලාව දාල මේ සොයාගැනීමේ හිස්තැන් පිරෙව්වා. මේක ඊළඟ අවුරුද්දෙ නොබෙල් තෑග්ග දෙන්න වටින සොයාගැනීමක් කියල දේශපාලන විචාරකයො උදේ හවා ජප කලා.
අහා!චාර්යවරු, මහාචාර්යවරු, මනෝවිශ්ලේෂකවරු මේ නව සොයාගැනීම මනෝ විද්‍යාත්මකව, රසායන විද්‍යාත්මකව, අභ්‍යවකාශ විද්‍යාත්මකව සහ නිකං විද්‍යාත්මකව, විශ්ලේෂණාත්මකව, පච්චාත් පශ්චාත් නූතනවාදීව, ව්‍යවහාරික ගණිතමයව විග්රහ කලා. ජෝතීර්වේදීල කුජ, බුධ, ගුරු, එක්ක ශුක්‍රත් ගාවගෙන මදිපාඩුවට කුයිපර් පටියත් අස්සට දාගෙන මේ නව ප්‍රවණතාවයට ජෝතිර්වේදී පැහැදිලිකිරීම් කලා.
රේඩියෝවල හැමදාම පාන්දරට මලකඩ හඬවල් යටිගිරියෙන් බෙරිහන් දීල කාන්තාවන් සංකල්පීයව අතුගාල දැම්මා.
පත්තරවල කාන්තාවන්ගෙ පින්තූරයක්වත් පල වුණේ නෑ. රේඩියෝ වල කාන්තා හඬවල් යන්ත්‍රානුසාරයෙන් පිරිමි බවට පත්කරා.
ටීවී වල තිබුණෙම කොටු විතරයි.
ඇඟේ මස්රොදක් නැතිව ඇට ගැහුණු මිනිස්සු රොත්තක් කාන්තාවට එරෙහිව කොඩි, බෝඩ් උස්සන් පෙලපාලි ගියා.
බ්ලොග්කාරයො දෙපැත්තකට බෙදිලා පරම්පරාවල් සිහි කලා. සමාජ ජාල අඩවි වලට ගිහින් පොඩි කොල්ලො අළුත් කුණුහරුප ඉගෙනගත්තා.
කාන්තාව කොටස් වශයෙන් තහනම් වුණා. කාන්තාව අප්‍රසිද්ධ වස්තුවක් වුණා. ප්‍රසිද්ධියේ කාන්තාබව නිරූපණය කිරීම මත කාන්තාවො හත්අටදෙනෙක් ගෝනි වලින් වහල උසාවි ගෙනිච්චා.
කාන්තාව කැබලිකර වහල දැම්මා..
අන්තිමේ කාන්තාවො සර්වාංගෙම ලෝගු පුරවගත්තා.
දැන්වීම්වල, ටෙලිවල, චිත්තරපටිවල කාන්තාවන්ට රඟපාන්න වුණෙත් පිරිමින්ට!
දැන් පිරිමින්ට කාන්තා අවස්ථා ඇවිත්. පිරිමි තරගෙට කාන්තාවො වෙන්නයි උත්සාහෙ.
පිරිමින්ගෙ රුව වඩවන ආලේපන වැහි වැහැලා. කලින් තිබුණ ජාති සේරගෙම ‘වොමෙන්’ කියල තිබුණ තැන් වල ‘වො’ කපල ‘මෙන්’ ඉතිරි කලා.
දැන් කාන්තා විලාසය ඇති පිරිමින්ට රජ මගුල්!
----------------------------
පින්තූරෙට අනුග්‍රහය - http://www.imagesofceylon.com/
හරිම අපූරුයි.
ReplyDeleteඋපහාසය වගේම සැඟවුණු සත්‍යයක් තියෙනව. කෙළින්ම කියන්න බැරි ලොකු කතාවක් කියවෙනව.
මේකේ සම්බන්ධයක් තියෙනවද මන්දා ඒත් ඊයේ තමයි International Day for the Elimination of Violence against Women. සින්හලෙන් නම් කොයි නම කියනවද කියලා මම හරියටම දන්නේ නෑ.
ReplyDeletehare aiyage waag maalawa itha prabalai……”outsider” kiwwa dey thamai kiyanna thiyenne
ReplyDelete@Buru
ReplyDeleteතව ටික දවසකින් ඊයේ International Day for the Elimination of Violence against Women වෙයි.
මේක නියමයි!
මට හිතාගන්න බැරි ඇයි මෙහෙම එකක් ලිව්වේ කියලා.. මේ ගැන පෞද්ගලිකව කතා කරන්න ඕනි.. මගේ තියෙන ගැටළු ටික ලිහා ගන්න..!
ReplyDeleteකට්ටියටම තැංකූ හොඳේ…
ReplyDelete@ අවුට් – හි හී… කෙලින්ම කියන්න බෑනේ ඉතිං මේවා…
@ බු – අපෝ මම ඕව ගැන දන්නෙවත් නෑ…. ඒකට අදාල නැතෝ….
@ ධම්ස් – අප්පේ කොයි ලෝකෙද හිටියේ? කොහෙ හරි කමක් නෑ හොඳින් ඉන්නවනම් හොඳයි…
@ පිටස් – අන්න ඒකනං හරි!
@ මලී – පුද්ගලිකව කතා කරන්න එහෙනම්!
අන්න හරි . මේක බැලුවම සමහර අයට ටිකක් විතර රිදෙයි . ඒ උනාට මේ ලියල තියන දේ ඉදිරියේදී වෙන්න බැරි කමකුත් නෑ..
ReplyDeleteඑලටම ලියලා තියනවා
ජය වේවා !!
හරි බරට දැනුනා...
ReplyDeleteජය ! මෙහෙවු බරැති ලියවිලි වලින් හිතපිරෙන්නෙ බ්ලොග් අවකාශෙ බොහොම කීප දෙනෙක් ලියන දේවලින් විතරයි....
හරේ උඹ හැන්ගිච්ච ලොකු කතාවක් කියනවා. මට දැනෙන්නේ උඹ අනාගත anti-feminine ඩිස්තෝපියන් රාජ්‍යයක් ගැන ඉඟි කරනවා කියලා.
ReplyDeleteඅනෙක් අතට මේ කථාවේ තියෙන cyber punk ගතිය අයින් කලහම මේක ඉතිහාසයේත් දකින්න ලැබෙනවා. කතෝලික පල්ලිය දහස් ගණන් ස්ත්‍රීන් මරණයට පත්කලා මන්ත්රකාරියන් කියලා හණ ගහලා. බොහෝවිට මේ මන්ත්රකාරියන් කියලා හඳුනාගත්තේ ඥානවන්ත කාන්තාවන්ව.ඒක පල්ලියේ ආධිපත්‍යය රැකගන්න කළදෙයක්.
උඹේ කථාවත් වෙන්නම පුළුවන් කියලා හිතෙන දේවල් මේ වෙනකොටත් ඊනියා "සිංහල බෞද්ධයන්" පටන් අරගෙන මේ රටේ...
niyama rhythum 1k thiyanawa maru
ReplyDeleteමෙතනදී කාන්තාවකගේ කාන්තා බව සමාජයෙන් අහෝසි උනාම වෙන ඒ අඩුව මකවන්න ඇඳෙන කාන්තා බව උරුම කරගත්තු පිරිමි රූපේ ගැන මට විවේචනයක තියෙනවා හරේ අයියේ..! උඹ කියන්න හැදුවේ ඒක ගැන නම් උඹ සාර්ථකයි..!
ReplyDeleteයකෝ මේක මරුනේ........
ReplyDelete(අදයි දැක්කේ. රචියට තැන්කූ මේක බුකියේ ෂෙයාර් කලාට)
ගෑනුන්නට ගෑනු වීම නිසාම ප්‍රශ්න තියෙනවා වගේම පිරිමින්ටත් පිරිමි වීම නිසා ගෑනුන්ගෙන් ප්‍රශ්න තියෙනවා. ඒක සාපේක්ෂයි. අහේතුවකට ගෑනුන්ගෙ පැත්තට සාධනීය හේතු ගොඩක් තියෙනව.
ReplyDeleteඔච්චර ගෑනුන්ට කඩේ යන්න එපා බං. පිරිමින්ට කඩේ පලයං. ගෑනුන්ට කඩේ යන්න ඕනෙතරම් සංවිධාන තියෙනවා! :P
Supun Sudaraka 1+
ReplyDeleteපරණ කුණු ගොඩක් එලියට ඇදලා ඒක අස්සෙ තිබුණ කිසිම වැදගැම්මක් නැති ගඳ ගහන ජරාවක් අලියට ඇද්දට රචියට...
ReplyDeleteඒකෙ ගඳ උහුලගන්න බැරිව මෙතන ඔක්කාරෙට ආපු අයටත්...
මේක ඇත්තටම අවශ්‍යතාව, බලය, එය භාවිතා කිරීම සහ ලංකාව වගේ රටවල දේවල් සිද්ධ වෙන ක්‍රමය කියන දේවල් ගැන සටහනක්. යමක් කරන්න උවමනා කෙනෙක්ට බලය තියෙනව නම් ඒක කෙරෙන විධියයි මේ. උවමනාව ඇති වුණොත් බලය තියෙන කෙනෙක්ට කොහොම හරි ඒක කරන්න පුළුවන්. මේ තියෙන්නෙ ලංකාවෙ බලය සහිත අය අතින් වැඩ සිද්ධ වෙන විධිය.
කාන්තාව කියන්නෙ මේකෙ තියෙන උදාහරණෙ විතරයි. කාටහරි උවමනා වුණොත් කාන්තාව වගේ සංකල්පයකට වුණත් මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැතිව මේකට කාන්තාව කියන සාධකය වැඩක්ම නෑ.
@ සුදා - කාන්තාවන් සම්බන්ධ කේස් එක හරි යන්නෙ නෑ වගේ නම් පිරිමින්ටවත් කඩේ ගිහින් බලපං... මට එහෙම අවුලක් නැති නිසා මම කවදත් කඩේ යන්නෙ කාන්තාවට ;-)
අයිටම් ටෝක් එක හොදේ.........
ReplyDelete